මාස්ටර් ඩයි­වර්ස් නාවුක ක්ෂේත්‍රයේ වසර 40 සපු­රයි | සිළුමිණ

මාස්ටර් ඩයි­වර්ස් නාවුක ක්ෂේත්‍රයේ වසර 40 සපු­රයි

 සමුද්‍ර සේවා , නාවුක කට­යුතු සම්බ­න්ධ­යෙන් ලොව ප්‍රමු­ඛ­තම සමා­ගම් අතර ඉදි­රි­යෙන්ම සිටින ශ්‍රී ලාංකික සමා­ගමක් වන මාස්ටර් ඩයි­වර්ස් සමා­ගම නාවුක ක්ෂේත්‍රයේ දශක 4 සම්පූර්ණ කරයි. W A Tucker සමා­ගම සහ මාස්ටර් ඩයි­වර්ස් සමා­ගම වසර 40ක් තිස්සේ ලැබූ පළ­පු­රුද්ද සහ අත්දැ­කීම් පද­නම් කර­ග­නි­මින් සිය 40 වන සංව­ත්ස­රය වඩා හොඳම දේ එක්වීම (‘Better Together’) යන්න තේමා කර­ග­නි­මින් පැවැ­ත්වී­මට පසු­ගි­යදා කට­යුතු යොදා තිබුණි.

වරාය මූලික කර­ගත් නෞකා ක්‍රියා­කා­ර­කම්, සහ අක් වෙරළ කට­යුතු , නාවුක ඉදි­කි­රීම් ක්‍රියා­කා­ර­කම් ආදී ක්ෂේත්‍ර­වල ප්‍රමු­ඛ­යින් වන මාස්ටර් ඩයි­වර්ස් සමා­ගම තායි­ල­න්තය, මාල­දි­ව­යින, ඉන්දි­යාව, සිංග­ප්පූ­රුව, සහ සෞදි අරා­බිය ආදී රට­වල් සමඟ සම්බන්ධ වී කට­යුතු කරයි. නාවුක ක්‍රියා­කා­ර­කම් සම්බ­න්ධ­යෙන් අවශ්‍ය උප­ක­රණ, යන්ත්‍ර සූත්‍ර මෙන්ම යාත්‍රා සතු අසි­යානු කලා­පයේ එකම සමා­ගම වන්නේ මාස්ටර් ඩයි­වර්ස් සමා­ග­මයි.

ආසි­යානු කලා­පයේ විශා­ල­තම ටග් යාත්‍රාව මාස්ටර් ඩයි­වර්ස් සතු වන අතර නෞකා බඳ පිරි­සුදු කිරීම සඳහා වන ලොව විශා­ල­තම යන්ත්‍රය ද මාස්ටර් ඩයි­වර්ස් සමා­ගම සතු වෙයි.

වසර හත­ළි­හක ගමන සහ අඛණ්ඩ සේවා විශි­ෂ්ට­ත්වය පිළි­බ­ඳව අද­හස් දැක්වූ මාස්ටර් ඩයි­වර්ස් සහ ඩබ්. ඒ ටකර් හි නිර්මාතෘ සහ සභා­පති ආරි­ය­ශිල වික්‍ර­ම­නා­යක මහතා සද­හන් කළේ, නෞකා සහ සමු­ද්‍රිය කට­යුතු සම්බ­න්ධ­යෙන් පැරැ­ණි­තම මෙන්ම කිර්ති­මත් සමා­ග­මක් ලෙස සර්ව සම්පූර්ණ කඩි­නම් උසස් සේවා­වක් සැප­යීම තුළින් මෙම සාර්ථක පිය­ව­රට ළඟා වූ බවයි.

Comments