‘කලම්බෝ මෝටර් ෂෝ‘ මෙව­රත් සෙලාන් බැංකුවේ අනු­ග්‍රහ­යෙන් | සිළුමිණ

‘කලම්බෝ මෝටර් ෂෝ‘ මෙව­රත් සෙලාන් බැංකුවේ අනු­ග්‍රහ­යෙන්

මෙරට ප්‍රමු­ඛ­තම මෝටර් රථ ප්‍රද­ර්ශ­නය වන ’සෙලාන් කලම්බෝ මෝටර් ෂෝ’එන මස 08 වන දින සිට නොවැ­ම්බර් 10 වන දින දක්වා කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පැවැ­ත්වී­මට නිමි­තයි. එය සංවි­ධා­නය කරනු ලබන්නේ ඒෂියා එක්සි­බි­ෂන් ඇන්ඩ් කන්වෙ­න්ෂන්ස් සමා­ග­මයි.

අඛ­ණ්ඩව 6 වන වර­ටත් පැවැ­ත්වෙන ප්‍රද­ර්ශ­නයේ ප්‍රධාන අනු­ග්‍රා­හ­කයා සහ නිල බැංකුව ලෙස සෙලාන් බැංකුව ඉදි­රි­පත්ව සිටියි. ප්‍රද­ර්ශ­නය නැර­ඹී­මට පැමි­ණෙන අයගේ වාහන සිහි­නය සැබෑ කර­ගැ­නී­මට අවශ්‍ය උප­දෙස් ලබා­දී­මට මෙන්ම නිසි සුදු­සු­කම් සපුරා ඇති අයට එම ස්ථාන­යේ­දීම ලීසිං පහ­සු­කම් පිරි­නැ­මී­මට සෙලාන් බැංකුව පහ­සු­කම් සලසා ඇත.

එහිදී සුඛෝ­ප­භෝගී රථ, SUV වර්ගයේ රථ, sports වර්ගයේ රථ සහ පැරණි මෝටර් රථ ඇතුළු වර්ග රැස­කට අයත් වාහන ප්‍රද­ර්ශ­නය කිරී­මට නිය­මි­තයි.

Comments