AIA ඉන්ෂු­ව­රන්ස් ලංකා සමාගම ලෙස නම් කෙරේ | සිළුමිණ

AIA ඉන්ෂු­ව­රන්ස් ලංකා සමාගම ලෙස නම් කෙරේ

AIA ඉන්ෂු­ව­රන්ස් ලංකා පීඑල්සී සමා­ගම, කොළඹ කොටස් හුව­මා­රුව (CSE) විසින් යොමු කරන ලද 2019 ඔක්තෝ­බර් 02 දිනැති ලිපි­යක් මගින් එදින සිට ක්‍රියා­ත්මක වන පරිදි එහි නිල ලැයි­ස්තු­වෙන් ඉවත් කර ඇත. AIA රක්ෂණ සමා­ගමේ ප්‍රධාන නෛතික නිල­ධාරි සහ අධ්‍ය­ක්ෂිකා, චතුරි මුණ­වීර මෙසේ පැව­සීය ”‍කොළඹ කොටස් හුව­මා­රු­වෙන් ඉවත් වීමේ ක්‍රියා­ව­ලිය, හොංකොං හි කොටස් වෙළ­ඳ­පොළේ ප්‍රධාන මණ්ඩ­ලයේ ලැයි­ස්තු­ගත කර ඇති AIA හි කොටස් හිමි­කාර සමා­ගම වන AIA Group LTD හි ස්ථාව­ර­ත්වය පද­නම් කර ගනි­මින් සහ 2017 අංක 23 දරණ රක්ෂණ ක්ෂේත්‍ර නියා­මන (සංශෝ­ධන) පන­තට අනුව, 2018 ජුලි මස ශ්‍රී ලංකා රක්ෂණ නියා­මන කොමි­ෂන් සභාව (IRCSL) වෙතින් මේ සඳහා නිල අව­ස­රය ලැබුණු පසු ආරම්භ කරන ලදී. එබැ­වින් මින් ඉදි­රි­යට ලැයිස්තු ගත නොවූ පොදු ආය­ත­න­ය­කට අදාළ වන ව්‍යව­ස්ථා­පිත විධි­වි­ධා­න­ව­ලට අනු­කූ­ලව, සමා­ගම AIA ඉන්ෂු­ව­රන්ස් ලංකා සමා­ගම” ලෙස හඳු­න්වනු ඇති අතර එය ශ්‍රී ලංකා සමා­ගම් රෙජි­ස්ට්‍රාර් ජෙන­රාල් විසින් නිකුත් කරනු ලබන සහ­ති­කයේ දක්වා ඇති දින සිට බල­පැ­වැත්වේ. ”

Comments