මිනි­සුන් ලෙස ජීවත් වෙනවා ද? අඳුරේ වැළ­ලෙ­නවා ද? තීර­ණය කළ යුත්තේ ඔබයි | සිළුමිණ

මිනි­සුන් ලෙස ජීවත් වෙනවා ද? අඳුරේ වැළ­ලෙ­නවා ද? තීර­ණය කළ යුත්තේ ඔබයි

ජනා­ධි­ප­ති­ව­රණසටනේ ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා අතර තියුණු සට­නක් ඇති වී තිබු­ණත් මීටපෙර මෙන් මේ කාලය තුළ ප්‍රච­ණ්ඩ­කාරී වාතා­ව­ර­ණ­යක් උදා වී නැහැ. මීට හේතුවකුමක් ද?

 

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී නිවාස ගිනි තැබීම්, පහ­ර­දීම්, ඝාතන දකින්න නැහැ. ආණ්ඩු පක්‍ෂයේ අය­ටත් විප­ක්‍ෂයේ අය­ටත් අද බය සැක නැතිව තම මැති­ව­රණ ව්‍යාපා­රයේ නියැ­ළිලා ඉන්න පුළු­වන් වාතා­ව­ර­ණ­යක් උදා වී තිබෙ­නවා. මැති­ව­රණ කට­යුතු ඉතා සාම­කා­මීයි. මැති­ව­ර­ණය සාම­කා­මීව පැවැ­ත්වී­මට හැකි වී තිබෙන්නේ අප ගෙන ගිය ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පාල­නය නිසයි. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය රට තුළ ස්ථාපිත වී ඇති බවට මෙය හොඳ නිද­ර්ශ­න­යක්.

 

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශය පුළුල් කරන්න යහ­පා­ලන රජය ගත් පිය­වර මොන­වද?

 

අපට ලැබුණේ සුළු­තර ආණ්ඩු­වක්. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 19 වැනි සංශෝ­ධ­නය සම්මත කර­ග­නි­මින් එවැනි තත්ත්ව­යක් යටතේ වුවත් ස්වාධීන මැති­ව­රණ කොමි­සම ස්ථාපිත කරන්න අපට හැකි වුණා. මේ නිසා අද මැති­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ට කිසිදු බාධා­ව­කින් තොරව, ඇඟිලි ගැසී­ම්ව­ලින් තොරව තම රාජ­කා­රිය ඉටු කිරී­මට හැකි වී තිබෙ­නවා. ඒ වගේම ස්වාධීන පොලිස් කොමි­සම, ස්වාධීන රාජ්‍ය සේවා කොමි­සම, ස්වාධීන අධි­ක­රණ කොමි­සම ආදී කොමි­ෂන් සභා බලා­ත්මක කර­මින් හැමෝ­ටම ස්වාධී­නව කට­යුතු කරන්න පුළු­වන් පරි­ස­ර­යක් අප නිර්මා­ණය කළා.

අපි හැමෝම දන්නවා 2015ට පෙර මෙවැනි වාතා­ව­ර­ණ­යක් මේ රට තුළ තිබුණේ නෑ. ඔබට මතක නම් මාධ්‍ය­වේ­දීන් මහ­ද­වල් මහ­පාරේ ඝාත­නය වුණා. සුදු­වෑ­න්ව­ලින් පැහැ­ර­ගෙන කන­ත්තට ගෙන ගිය යුගය එදා තිබුණේ. අප ඒ වෙනු­වට මේ රටේ දුක් විඳින ජන­තා­වට පම­ණක් නෙමෙයි මේ රටේ ඕනෑම පුර­වැ­සි­ය­කුට සේවය සැල­සිය හැකි සුව සැරිය ගිල­න්රථ සේවය හඳුන්වා දුන්නා. ඒක සංකේ­තා­ත්මක වෙන­සක්. ඒ නිසා අප සුදු වෑන් යොදවා ගෙදර සිට රෝහ­ලට ගෙන ගොස් ජිවිත ආරක්‍ෂා කර­ගත හැකි ක්‍රම­වේ­ද­යක් රටට හඳුන්වා දුන්නා. ජිවි­තය ගැනීම වෙනු­වට ජන­තා­වට අප ජීවි­තය දුන්නා. අපෙයි ඔවු­න්ගෙයි වෙනස ඒකයි.

එදා ඔවුන් ජන­තා­වගේ මුදල් ගසා­කන කොට, සදා­චාර විරෝධි දේවල් කරන කොට, ඒ වැරදි ජන­තා­වට ගෙන­ගිය මාධ්‍ය ආය­තන ගිනි තිබ්බා. අද කොප­මණ අපව විවේ­ච­නය කළත් පැහැ­ර­ගෙන යෑම, ගිනි තැබීම්, ඝාත­නය කිරීම් සිදු වන්නේ නැහැ. බැඳු­ම්කර සිද්ධිය වුණත් අරන් බලන්න. එයට මා පවා විවේ­ච­න­යට සැක­යට භාජ­නය කළා. නමුත් අප අපේ බලය අනිසි ආකා­ර­යෙන් යොදවා ඒ පුවත් වාර­ණය කිරී­මට උත්සාහ කළේ නැහැ. රාජ­පක්ෂ යුගයේ වැරදි ඒ වගේ මාධ්‍ය­ය­කින් ප්‍රකාශ කරන්න ඉඩක් තියේ­විද?. සමාජ ජාලා­වල වුණත් එහෙ­මයි. අප එවැනි නිද­හස් සමා­ජ­යක් බිහි කර තිබෙ­නවා. ජනා­ධි­පති අපේ­ක්‍ෂක සජිත් ප්‍රේදාස මහ­තාට ඡන්දය දී අප ඇති කළ මේ නිද­හස ආරක්‍ෂා කර­ග­නි­මින් ඉදි­රි­යට යන­වද එසේත් නැති නම් ගෝඨා­භ­යට ඡන්දය දී නැවැ­තත් ඒ අඳුරු යුග­යට ම යන­වද කියන එක 16 වැනිදා මේ රටේ ජන­තාව තීර­ණය කළ යුතුයි.

 

ගතවූ වසර හත­රා­මා­රක කාලය තුළ ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට හෝ ජන­තා­වට සහන ලබා­දී­මට ආණ්ඩු­වට නොහැකි වූ බව විප­ක්‍ෂය චෝදනා කර­නවා.

 

ඕනෑම කෙනෙ­කුට චෝදනා කරන්න පුළු­වන්. නමුත් ඒ කාලේ වගේ අඬ­බෙර ගහන්න නොගි­යාට නිහ­ඬව ඉතා විශාල වැඩ­කො­ට­සක් කළා. එම­ඟින් ජන­තා­වට සහන සැල­සී­ම­ටත්, ආර්ථි­කය ශක්ති­මත් කිරී­ම­ටත් හැකි වුණා. ගෑස්, ඩීසල්, පෙට්‍රල් හා අත්‍යා­වශ්‍ය ආහා­ර­වල මිල අඩු කරන ගමන් ගම්පෙ­ර­ළිය, එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා වැනි වැඩ­ස­ට­හන් හඳු­න්වා­දෙ­මින් ගමත්, නග­ර­යේත් දියුණු කිරී­මට ක්‍රියා කළා. කර්මාන්ත කලාප, අධි­වේගී මාර්ග, වරාය, ගුවන් තොටු­පොළ ආදිය ඉදි කළා. ග්‍රාමීය මට්ටමේ සිට යටි­තල පහ­සු­කම් දියුණු කළා. ළඟම පාසල හොඳම පාසල වැඩ­ස­ට­හන යටතේ රට­පුරා සියලු පාසල් දියුණු කළා. වසර 13 ක පාසල් අධ්‍යා­ප­නය අනි­වාර්ය කළා. සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමය හඳුන්වා දුන්නා. පාසල් දරු­වන්ට ටැබ් පරි­ග­ණක ලබා­දී­මට පිය­වර ගත්තා. මහ­පොළ ශිෂ්‍යා­ධාර රුපි­යල් 5000 කින් වැඩි කළා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනු­වෙන් විශාල වැඩ­කො­ට­සක් සිදු කළා. සියලු රෝහ­ල්ව­ලට අවශ්‍ය ගොඩ­නැ­ගිලි හා අනෙ­කුත් පහ­සු­කම් ලබා­දුන්නා. ඖෂධ 48 ක මිල අඩු කළා. ගැබිනි මවු­ව­රුන්ට රුපි­යල් 20,000ක පෝෂණ මල්ලක් ලබා­දුන්නා. පැය 24 පුරා­ව­ටම ක්‍රියා­ත්මක සුව­සැ­රිය ගිල­න්රථ සේවාව නොමි­ලයේ ලබා­දුන්නා. වකු­ගඩු රෝගීන්ට රුපි­යල් 5000ක දීම­නා­වක් ලබා­දුන්නා. හෘද රෝගීන් සඳහා ස්ටෙන්ට් නොමිලේ ලබා­දුන්නා. අක්‍ෂි කාච ලබා­දුන්නා. පිළිකා රෝගීන් සඳහා රුපි­යල් ලක්‍ෂ 500,000 දක්වා සීමා කර තිබූ ප්‍රති­කාර ජීවි­තා­න්තය දක්වා ලබා­දුන්නා. මාර්ග පද්ධ­තිය පුළුල් කළා, නව මංමා­වත් ඉදි කළා, ජී.එස්.පී. ප්ලස් සහ­නය ලබා­ගත්තා, එමෙන්ම පවුල් ලක්‍ෂ 6ක් සඳහා සමෘද්ධි හිමි­කම් ලබා­දුන්නා, වතු­ක­ම්ක­රු­වන්ගේ ඉඩම් අයි­තිය තහ­වුරු කළා. මෙලෙස රටේ විවිධ ක්ෂේත්‍ර­වල යෝධ සංව­ර්ධ­න­යක් අපේ ආණ්ඩුව සිදු කළා. මේ දේවල් තමන්ගේ ජීවි­තය පහසු කර­ගන්න කොයි තරම් දායක වුණාද කියල ඒ අයගේ හෘද සාක්ෂිය දන්නවා.

 

එක්සත් ජාතික පක්‍ෂය බල­යට පැමි­ණෙන හැම අව­ස්ථා­ව­කම රාජ්‍ය සේව­යට කුඩ­ම්මාගේ සැල­කිල්ල දැක්වූ බව ඇතැම් වෘත්තීය සමිති චෝදනා කර­නවා.

 

රාජ්‍ය සේව­ක­යන් සඳහා වසර 10යක රාජ­පක්‍ෂ පාල­නය කාලය තුළ කුඩ­ම්මගේ සැලැ­කි­ල්ල­වත් නොතිබූ බව කිව යුතුයි. ඔවුන් එත­රම්ම රාජ්‍ය සේව­ක­යන් නොස­ලකා හැර තිබුණා. නමුත් අපි එහෙම කළේ නැහැ. 2015 අපේ ආණ්ඩුව බල­යට පත් වන විට රාජ්‍ය සේව­ක­යන් අන්ත අස­රණ තත්ත්ව­යට පත්ව සිටියා. අප හැම විටම රාජ්‍ය සේවය ස්වාධීන කර­මින් ඒ සේව­ක­යන්ගේ ජීවන මට්ටම උසස් කළා. රාජ්‍ය සේව­ක­යින්ගේ ස්ථාන මාරු හා උස­ස්වීම් දේශ­පා­ල­ක­යන්ට උව­මනා ආකා­ර­යට සිදු කළ හැකි ක්‍රම­වේ­දය අප වෙනස් කළා. වත්මන් රජය කොප­මණ ආර්ථික අප­හ­සුතා යටතේ වුවත් රාජ්‍ය සේවක වැටුප 107%කින් වැඩි කළා. ඒ කියන්නේ රුපි­යල් 10,000 කින් වැටුප වැඩි කළා. ඉති­හා­සයේ බල­යට පැමිණි කිසිම ආණ්ඩු­වක් මෙවැනි දෙයක් සිදු කර නැහැ.

එදා කාර්යාල කාර්ය සහා­ය­ක­ය­කුගේ මාසික වැටුප රුපි­යල් 11,730 යි. අද එය 24,250 දක්වා වැඩි වී තිබෙ­නවා. හෙද සේවයේ එදා රු. 15,620 යි. අද 32,525 යි. උපා­ධි­ධාරී ගුරු­ව­ර­යෙ­කුගේ එදා වැටුප 16,100 යි. අද 33,300 යි. මේ විදි­යට වැටුප් වැඩි කර­මින් රාජ්‍ය සේව­ක­යන්ගේ ගෞර­වය ආරක්‍ෂා කර තිබෙ­නවා. ඇත්තෙන්ම රාජ්‍ය සේව­ක­යන්ගේ විත­රක් නෙමෙයි රටේ සෙසු අංශ­වල සේව­ක­යන්ගේ ආදා­යම් මාර්ග ඉහළ දැමී­මට අප කට­යුතු කළා.

 

නමුත් අග­මැ­ති­තු­මනි බඩු මිල පහළ නොයෑම තුළ අද රටේ ජන­තාව දැවැන්ත ජීවන සට­නක පැටලී සිටි­නවා. වැටුප් වැඩි කළා නම් ආදා­යම් මාර්ග වැඩි කළා නම් මෙහෙම වුණේ කොහො­මද?

 

ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවට ඔබ නඟන චෝද­නාව මට පිළි­ගන්න බැහැ. මම කැමැ­තියි 2015 වන විට පැවැති බඩු­මිල සහ අද තිබෙන බඩු මිල ගැන සුළු­වෙන් ඔබට මතක් කර දීමට. 2015 අපේ ආණ්ඩුව බල­යට පත් වන විට පෙට්‍රල් ලීට­ර­යක මිල රු. 162 යි. අද 137 යි. එදා ඩීසල් ලීට­රය 118 යි. අද 104 යි. එදා භූමි­තෙල් 110 යි. අද 90 යි. ගෘහස්ථ ගෑස් සිලි­න්ඩ­ර­යක මිල එදා 2650 යි. අද 1493 යි. පරිප්පු කිලෝ­වක් එදා 240 අද 120.50 යි. කිරි­පිටි ග්‍රෑම් 400 පැක­ට්ටු­වක් එදා 410 යි. අද 345 යි. සීනි කිලෝ­වක් එදා 120 යි. අද 100 යි. සැමන් ටින් එකක් එදා 275 යි. අද 190 යි. එලෙස බඩු මිල අඩු කළ ආණ්ඩු­වක් ඉති­හා­සයේ තිබුණ ද කියා ඔබට කිව හැකිද? 2015 පැවැති බඩු මිල අපට අඩු කිරී­මට හැකි වුවත් රාජ­පක්‍ෂ පාල­නය මෙතෙක් තිබුණා නම් එදා පැවැති බඩු මිල අද වන විට කිහිප ගුණ­ය­කින් ඔවුන් ඉහළ දම­නවා.

 

රටේ නිද­හස ස්ථාපිත කර­මින් බඩු මිල අඩු කර­මින් යහ­පත් වාතා­ව­ර­ණ­යක් ගොඩ­නැඟූ බව ඔබ­තුමා ප්‍රකාශ කළත් තව­මත් රටේ උද්ඝෝ­ෂණ හා විරෝ­ධතා වැඩ­ව­ර්ජ­න­වල අඩු­වක් දකි­න්නට නැහැ නේද?

 

ඔබ කියන ආකා­රයේ උද්ඝෝ­ෂණ, පෙළ­පාළි, වැඩ­ව­ර්ජන නිර­තු­රු­වම දකි­න්නට අප ඇති කළ නිද­හස් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශය නිසයි. එදා උද්ඝෝ­ෂණ හා විරෝ­ධතා දැක්වූ අයට මුහු­ණ­දී­මට සිදුවූ ඉර­ණම අද බොහෝ අයට අම­තක වෙලා. රාජ­පක්‍ෂ පාල­නය සමයේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටි ජන­තා­වට වෙඩි තැබුවා. රතු­ප­ස්වල ජලය ඉල්ලා උද්ඝෝ­ෂ­ණය කළ ජන­තා­වට වෙඩි තබා ඝාත­නය කළා. ඉන්ධන මිල අඩු කරන ලෙස ඉල්ලා සිටි ජන­තා­වට වෙඩි තැබුවා. ඝාත­නය කළා. වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යට ගොස් එහි සිටි යම් යම් ක්‍රියා­ව­න්ව­ලට සම්බන්ධ රැඳ­වි­යන්ට වෙඩි තබා ඝාත­නය කළා. නමුත් ගතවු වසර හතර හමා­රක කාලය තුළ එවැනි කිසිදු අව­නී­ති­ය­කට රජ­යන්න අප ඉඩ­දුන්නේ නැහැ. තව­දු­ර­ටත් දිනූ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නිද­හස රැක­ග­න්න­වාද? නැති නම් නැවත කිසි­යම් පිරි­ස­කගේ හිර­කා­ර­යන් බවට පත්ව ඒ ලැබූ නිද­හස අහිමි කර­ග­න්නවා ද කියලා ජන­තාව කල්ප­නා­ක­රීව බැලිය යුතුයි.

මෙවර මැති­ව­රණ, වේදි­කාවේ ප්‍රධාන මාතෘ­කා­වල් බවට ජාතික ආර­ක්‍ෂාව පත් වී තිබෙ­නවා. වත්මන් ආණ්ඩු­වට රටේ ජාතික ආර­ක්‍ෂාව තහ­වුරු කළ නොහැකි බව ප්‍රති­වාදී අපේ­ක්ෂ­කයා වන ගෝඨා­භය රාජ­පක්‍ෂ මහතා චෝදනා කර­නවා.

මේ වන විට රටේ ජාතික ආර­ක්‍ෂාව තාහ­වුරු වී තිබෙ­නවා. ජනා­ධි­පති ධූර­යට පත්වී­මෙන් පසු එය තව­දු­ර­ටත් ශක්ති­මත්ව ගෙනි­යන්නේ කොහො­මද කියල අපේ අපේ­ක්ෂ­කයා සජිත් ප්‍රේම­දාස මැති­තුමා ප්‍රසි­ද්ධි­යේම ප්‍රකාශ කර තිබෙ­නවා. නමුත් පොහො­ට්ටුවේ ජනා­ධි­පති අපේ­ක්‍ෂක ගෝඨා­භය රාජ­පක්‍ෂ ජාතික ආර­ක්‍ෂාව සම්බ­න්ධ­යෙන් තමන්ගේ වැඩ­පි­ළි­වෙළ රටට හෙළි කර නැහැ. එය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර ඔහු රටට හෙළි කළ යුතුයි.

 

ඔබ ඔය කියන ආර­ක්‍ෂාව තහ­වුරු වී තිබුණ නම් පසු­ගිය අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහා­රය වළ­කා­ගැ­නී­මට නොහැකි වුණේ ඇයි?

 

පාස්කු බෝම්බ ප්‍රහා­රය අන්ත­වාදී නොමඟ ගිය කිහිප දෙනෙක් එල්ල කළත් අපි ඔවුන්ට ත්‍රස්ත­වාදී ලෙස හඳුන්වා ඔවුන්ට එරෙ­හිව ක්‍රියා කළා. සති­යක් ගත වීමට පෙර ප්‍රහා­ර­යට සම්බන්ධ සෑම කෙනෙ­කුම අනා­ව­ර­ණය කර­ගැ­නී­මට අපට හැකි වුණා. මින් රටට වූ අඩු­පාඩු අප ජන­තා­ව­ගෙන් වසන් කරන්න ගියේ නැහැ. නමුත් මේ සිද්ධිය ඇති වීමත් සමඟ ඊට පාදක වූ හේතු සොයා බල­මින් එවැ­න්නක් මින් මතු­වට සිදු නොවී­මට අදාළ පිය­වර ගත්තා. ඒ නිසා තමයි අදත් අප ආර­ක්ෂා­කා­රීව දෛනික කට­යුතු කරන්නේ. අද හැමෝම රට වටේ දේශ­පා­ලන කට­යුතු කරන්නේ.

නමුත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත­වා­ද­යට සම්බන්ධ පුද්ග­ල­යන් පාස්කු ප්‍රහා­රය සිදු කළ අව­ස්ථාවේ එවැනි ප්‍රහාර හුදෙ­ක­ලාව මැඬ පැවැ­ත්විය නොහැකි බවත්, ගෝලීය ත්‍රස්ත­වා­දය මැඬ­ලීම උදෙසා ජාත්‍ය­න්ත­රය සමග එක්ව කට­යුතු කළ යුතු බවත් අප පෙන්වා දුන්නා. ඒ අනුව මම අමෙ­රි­කානු ජනා­ධි­පති ට්‍රම්ප් ඇතුළු විදේ­ශීය රාජ්‍ය නාය­ක­යන්ට පෞද්ග­ලි­ක­වම කතා කොට සහය ඉල්ලා සිටියා. ඒ අව­ස්ථාවේ රාජ­පක්‍ෂ කඳ­වුර මොකද කළේ?. අප ජාත්‍ය­න්ත­ර­යට රට පාවා දෙන බව කිය­මින් සම­ච්චල් කිරී­මයි. ගෝලීය ත්‍රස්ත­වා­දය යන වච­නය පවා ඔවුන් පාච්චල් කළා.

පාස්කු ඉරිදා ප්‍රහා­රය සම්බන්ධ සොයා බැලී­මට පත් කරන ලද තේරීම් කාරක සභාව වැද­ගත් කාරණා ගණ­නා­වක් ඉදි­රි­පත් කර තිබෙ­නවා. එම වාර්තාව පවා පොහොට්ටු පක්‍ෂය ප්‍රති­ක්ෂේප කර තිබෙ­නවා. මේ විදි­යට ජාතික ආර­ක්‍ෂාව පිළි­බඳ නව නීති ගෙන එන­වාට ගෝඨා­භය රාජ­ප­ක්‍ෂලා විරුද්ධ වන්නේ කුමන හේතු­වක් මත ද කියා රටට හෙළි කළ යුතුයි.

 

මැති­ව­රණ ප්‍රති­ප­ත්ති­වල කාන්තා හා තරුණ ගැටලු කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කර නැති බවට ඇතැ­මුන් චෝදනා නඟ­නවා?

 

කාන්තා හා තරුණ අයි­ති­වා­සි­කම් ආරක්‍ෂා කර ඔවුන්ට නිසි අනා­ග­ත­යක් ගොඩ­නැ­ඟීම වෙනු­වෙන් හැම­දාම කට­යුතු කළේ එක්සත් ජාතික පක්‍ෂය රජ­යයි. ඒ පිළි­බඳ ඉති­හා­ස­යක් අපට තිබෙ­නවා. මෙවර අපේ ජනා­ධි­පති අපේ­ක්‍ෂක තරුණ තරු­ණි­යන් වෙනු­වෙන් මෙන්ම කාන්තා­වන් වෙනු­වෙන් වෙනම ප්‍රඥ­ප්ති­යක් හඳුන්වා දී ක්‍රම­වත් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර තිබෙ­නවා. ඒවා එතු­මාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යට ඇතු­ළත් කර තිබෙ­නවා. නමුත් ප්‍රති­වාදි අපේ­ක්‍ෂක ගෝඨා­භය රාජ­ප­ක්‍ෂට නම් එහෙම නිසි වැඩ­පි­ළි­වෙ­ළක් තිබෙන බව පෙනෙ­න්නට නැහැ.

 

දෙමළ ජාතික සන්ධා­නයේ සහ­යෝ­ගය සජිත් ප්‍රේම­දාස මහ­තාට ලබා ගැනීම සඳහා ඔවුන් සමඟ කොන්දේසි ඇති කර­ගෙන තිබෙන බවට චෝදනා නැඟෙ­නවා

 

දෙමළ ජාතික සන්ධා­නය සහ අප අතර උතුරේ ජන­තාව වෙනු­වෙන් සිදු­විය යුතු කරුණු කාරණා හා ඒ ප්‍රදේශ දියුණු කර­මින් දේශ­පා­ලන විස­ඳු­මක් ගෙන ඒම පිළි­බඳ දිගු­ක­ලක සිට සාකච්ඡා පැව­තුණා. ඒක රහ­ස­ක්වත් අමුතු දෙය­ක්වත් නෙමෙයි. අපේ අර­මුණ උතු­රත්, දකු­ණත් එක සේ දියුණු කර මේ රටට යහ­පත් අනා­ග­ත­යක් උදා කර දී රටේ සියලු ජන­තාව එක රටක් තුළ එකට බැඳී ජීවත් වන පසු­බි­මක් ඇති කිරී­මයි. කවුරු මොන දේ කිව්වත් චෝදනා කළත් අප ඒ දේ කර­නවා.

ඒ සඳහා ගත වූ කාල පරි­ච්ජේ­දය තුළ තහ­වුරු වූ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­ති­වා­සි­කම් අප තව­දු­ර­ටත් ආරක්‍ෂා කර­ගත යුතුයි. ලබා­දුන් නිද­හස නැවැත යට­පත් වීමට ඉඩ නොදී රැක­ගත යුතුයි. ඒ සියලු අයි­තීන් ආරක්‍ෂා කර රටේ ආර්ථි­කය ශක්ති­මත් කළ හැක්කේ ලබන 16 වැනිදා හංසයා ඉදි­රියේ කති­රය ගසා සජිත් ප්‍රේම­දාස මැති­තුමා ජනා­ධි­පති ධුර­යට පත් කිරී­මෙන් විත­රයි

Comments