රට රකින්න ආර්ථි­කය ගොඩ­ගන්න පක්ෂ 17ක් අප සමඟ එක් වුණා | සිළුමිණ

රට රකින්න ආර්ථි­කය ගොඩ­ගන්න පක්ෂ 17ක් අප සමඟ එක් වුණා

 

මේ රටේ ස්වෛරී­ත්වය, ඒකීය බව මෙන් ම ආර­ක්ෂාව, බිඳ වැටී ඇති ආර්ථි­කය ගොඩ­නැ­ගීම, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කර ගැනී­මට පක්ෂ 17ක් එකට එක්වූ බව ජනා­ධි­පති අපේ­ක්ෂක ගෝඨා­භය මහතා පැව­සීය.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ හා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ඇතුළු දේශ­පා­ලන පක්ෂ 17ක් එක්ව පිහිටු වූ ‘ශ්‍රී ලංකා නිද­හස් පොදු­ජන සන්ධා­නය’ සඳහා වූ ගිවි­සු­මට අත්සන් තැබීම පසු­ගි­යදා එම පක්ෂ­වල ලේක­ම්ව­රුන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් කොළඹ නිද­හස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පද­නම් ආය­ත­න­යේදී සිදු­කෙ­රුණු අතර එහිදී රැස්ව සිටි පිරිස අම­ත­මින් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේය.

එහිදී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය.

මවු­බිම රැක­ගැ­නීම සඳහා බිහි කර­ගත් ශ්‍රී ලංකා නිද­හස් පොදු­ජන සන්ධා­න­යට මම මුලින්ම ජය ප්‍රාර්ථනා කර­නවා. අද මෙලෙස පක්ෂ 17ක් එක්ව පිහි­ටු­වා­ගත් සන්ධා­නය උතුර, දකුණ, නැගෙ­න­හිර වගේම කඳු­කර යන සියලු ප්‍රදේශ, පළාත් නියෝ­ජ­නය වන පරිදි ලංකාවේ පිහිටු විශා­ල­තම සන්ධා­නය ලෙසයි මා මෙය දකින්නේ. මේ පක්ෂ අතර විවිධ මත තිබෙන්න පුළු­වන්. නමුත් මේ පක්ෂ සිය­ල්ලම එකතු වුණේ එක් පොදු අර­මු­ණක් වෙනු­වෙන්. ඒ අපේ මවු­බි­මට ආද­රය කරන පක්ෂ ලෙසයි.

මේ රටේ ස්වෛරී­ත්වය, ඒකීය බව, ආර­ක්ෂාව, බිඳ­වැටී තිබෙන ආර්ථි­කය ගොඩ නැඟීම, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කර ගැනීම, නීතියේ ආධි­පත්‍ය තහ­වුරු කිරීම, විශේ­ෂ­යෙන්ම ජන­තාව ජීවත් කර­වීම සහ ඇති නැති පර­ත­රය නැති කර සෞභා­ග්‍ය­මත් රටක් බිහි කිරීමේ අභි­යෝ­ගය වෙනු­වෙන් තමයි අපි අද එකතු වෙලා සිටින්නේ. මේ අභි­යෝ­ගය අපිට ජය­ගන්න පුළු­වන්. අපි කව­දත් අභි­යෝග බාර­ගෙන එම අභි­යෝග ජය­ගත්ත පිරි­සක්. ඒ නිසා අපේ මවු­බිම වෙනු­වෙන්, අපේ ජන­තාව වෙනු­වෙන් මේ අභි­යෝ­ගත් නියත වශ­යෙන්ම ජය­ග­න්නවා.

රටේ තරුණ පර­පුර අපේ රජ­යෙන් ඉටු කර­ගන්න විශාල බලා­පො­රොත්තු ගොන්නක් තියා­ගෙන ඉන්නවා. ඒ බලා­පො­රොත්තු සිය­ල්ලක් ම ඉටු කරන්න අපි අනි­වා­ර්යෙන්ම සැදී පැහැදී සිටි­නවා. ඒ වගේම අද අපි සමඟ සන්ධා­න­ගත වූ පක්ෂ සියල්ල එකතු වෙලා ඉන්නේ පසු­ගි­යදා ඉදි­රි­පත් කළ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ක්‍රියා­ත්මක කර­න්නයි. අපි ඉදි­රි­පත් කළ මේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ සිය­ල්ලක්ම ඉටු කරන්න පුළු­වන් ප්‍රායෝ­ගික සැල­සුම් තමයි ඉදි­රි­පත් කරලා තිබෙන්නේ. මේ රටේ ඉන්න බුද්ධි­ම­තුන්, විද්ව­තුන්, ව්‍යව­සා­ය­ක­යන්, ඒ ව‍ෙග්ම ගම­ස­මඟ පිළි­ස­ඳ­රක් හරහා තමන් කැමැති යෝජනා, ප්‍රශ්න අර­ගෙන ඒ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් තමයි අපි අපේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යෙන් ඉදි­රි­පත් කරලා තිබෙන්නේ. ඒ විස­ඳුම් සිය­ල්ලක්ම ප්‍රායෝ­ගි­කව ඉටු කළ හැකියි. ඒ නිසා අපේ ජය­ග්‍ර­හ­ණ­යෙන් පස්සේ සියලු ජන­තා­වගේ බලා­පො­රොත්තු ඉටු කර­ගැ­නී­මට මේ සෑම පක්ෂ­ය­කම සහ­යෝ­ගය මම බලා­පො­රොත්තු වෙනවා.

අපි දන්නවා පාර්ලි­මේ­න්තුව තුළ සහාය ඉතාම වැද­ගත් වෙනවා. ඒ වගේම ප්‍රාදේ­ශීය සභා, පළාත් සභා ආය­ත­න­වල සහා­යත් ඉතාම අව­ශ්‍යයි. මේ අවශ්‍ය වන ශක්තිය අපිට ලබා­ගැ­නීම සඳ­හායි සන්ධා­න­යක් ලෙස එකතු වුණේ. මේ මඟින් ඉදි­රි­යේදී තිබෙන සිය­ලුම මැති­ව­ර­ණ­ව­ලට මුහුණ දීමට අපිට හැකි­යාව තිබෙ­නවා. එම­ඟින් අපට ශක්ති­මත් ප්‍රා‍ෙද්ශීය සභා, පළාත් සභා වගේම පාර්ලි­මේ­න්තුව තුළත් ශක්ති­මත් රජ­යක් බිහි කර­න්නට අපිට මේ මඟින් පුළු­ව­න්කම ලැබෙ­නවා. ඒ නිසා සියලු දෙනාගේ එක­ඟ­ත්වය තුළ අපි මේ ඉදි­රි­ප­ත්කර තිබෙන වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන­යාම සඳහා සහය අව­ශ්‍යයි. මොන මොන වෙන­ස්කම් පක්ෂ තුළ තිබු­ණත්, අද අපි පෙළ ගැසී සිටින්නේ එක අර­මු­ණක් වෙනු­වෙන්.

 

Comments