ඉතිහාසයේ විශාලතම සන්ධානගත සහාය සජිත්ට | සිළුමිණ

ඉතිහාසයේ විශාලතම සන්ධානගත සහාය සජිත්ට

 

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජාතික පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාට සහය පළ කර­මින් පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ 32ක් සහ සංවි­ධාන 31ක් එම පක්ෂය සමඟ සමග අව­බෝ­ධතා ගිවි­සු­ම­කට එළැඹ තිබේ.

“රට රකින - දැය සුර­කින නව දේශ­යක්” යන තේමාව යටතේ මේ ඓති­හා­සික දේශ­පා­ලන අව­බෝ­ධතා ගිවි­සු­මට අත්සන් තැබීම පසු­ගිය 01 වැනිදා කොළඹ දී සිදු කෙරිණි.

මෙහිදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ අනු­ශා­සක හිටපු ජනා­ධි­ප­තිනී චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය “අපි ශ්‍රී ලංකා” ජනතා බල­වේ­ගය ගොඩ­න­ඟ­මින් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ බහු­තර ජන­ප­ද­නම සමග සජිත් ප්‍රේම­දාස මහ­තාට සිය පුර්ණ සහාය පළ කර­මින් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජාතික පෙර­මුණ සමඟ සන්ධා­න­ගත වීමද සිදුව ඇත.

මේ සන්ධා­නය දේශ­පා­ලන වශ­යෙන් එකම ගම­නක් යාමේ පද­නම මත අරඹා ඇති අතර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර එම පක්ෂ මොන­වා­දැයි යන්න හෙළි කරන බව සන්ධා­න­යට සම්බන්ධ වූ දේශ­පා­ලන පක්ෂ නියෝ­ජි­ත­යෙක් සිළු­මි­ණට කීය.

ඉදිරි මහ මැති­ව­ර­ණය දක්වා මේ සන්ධා­නය ගෙන යාමට සියලු පක්ෂ එක­ග­තා­ව­ය­කට පැමිණ ඇති අතර එයින් පසු­වද දේශ­පා­ල­නික අව­ශ්‍යතා මත එක්ම කට­යුතු කිරීම පිණිස ඔවුන් තීර­ණ­ය­කට එළැඹ තිබේ.

 

Comments