නාලන්දා 88 කණ්ඩා­ය­මෙන් තවත් සමාජ සත්කා­ර­යක් | සිළුමිණ

නාලන්දා 88 කණ්ඩා­ය­මෙන් තවත් සමාජ සත්කා­ර­යක්

කොළඹ නාලන්දා විද්‍යා­ලයේ 88 කණ්ඩා­යමේ සාමා­ජි­ක­යින් පිරි­සක් පසු­ගිය වසරේ කොළඹ ජාතික රෝහලේ හෘදය සත්කාර අංශ­යට ගියේ එහි අධ්‍ය­ක්ෂ­ව­ර­යකු වන නාලන්දා ආදි ශිෂ්‍ය වෛද්‍ය කුමාර වික්‍ර­ම­සිංහ මහතා හමු­වී­ම­ටය. එහිදී ඔවුන් දුටුවේ එහි 34 වන වාට්ටුව මුළු­ම­නින්ම ජරා­ජීර්ණ වී ඇති බවකි. බිත්ති ඉරි තළා තිබුණි. කප­රාරු ගැලවී බිම අඩිය තැබී­මට නොහැකි වන සේ කැඩී බිඳී ගොසිනි.

තම අව­ශ්‍ය­තාව ඉටුකර­ගත් පසුව ඔවුහු ඒ ගැන අධ්‍ය­ක්ෂ­ව­රයා සමඟ කතා කළහ. හෘදය රෝගීන් සාමාන්‍ය රෝගී­නට වඩා වෙනස් ආකා­ර­යක රෝගීන් වන හෙයින් ඔවුන්ගේ රෝගී තත්ත්වය නිසා දූවිලි වැඩි වශ­යෙන් ආශ්වාස ප්‍රාශ්වාස වීම නුසු­දුසු බවද ඔවුහු දුටු­වහ.

මේ තත්ත්වය නිසා හෘද රෝගී වාට්ටුව පිළිසකර කිරී­මට මේ පිරිස කතා කරගත්හ. ඔවුහු අධ්‍ය­ක්ෂ­ව­රයා සමඟ ඒ ගැන කතා කළහ.

පසුව නාලන්දා 88 කණ්ඩා­යමේ සියලු සාමා­ජි­ක­යෝ ඒ සම්බ­න්ධව දැනු­වත් කරන ලැබූහ. 88 කණ්ඩා­යමේ සාමා­ජි­ක­යින්ගේ 50 වන උපන් දිනය යෙදෙන 2019 වස­රේදී එවන් පුණ්‍ය කර්ම­යක් සිදු කිරී­මට ලැබීම ගැන සැවොම සතුටු වූහ. හැකි පම­ණින් ආධාර උප­කාර කිරී­මට ඒ අනුව සාමා­ජි­කයෝ කට­යුතු කළහ. ඒ අනුව වැඩ කට­යුතු ආරම්භ කරන ලදී. ඒ නාලන්දා 88 කණ්ඩා­යමේ මෙන්ම කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංග­මයේ ක්‍රියා­කාරී සාමා­ජි­ක­යකු වන රවි අහං­ගම, කණ්ඩා­යමේ එව­කට ලේකම් කුමුදු සිල්වා සහ සභා­පති ජානක පෙරි­ය­ප්පෙ­රුම, වත්මන් සභා­පති නිශාන්ත වික්‍ර­ම­සිංහ වෛද්‍ය අමිත් ගුණ­ව­ර්ධන ඇතුළු කණ්ඩා­යමේ වෛද්‍ය­ව­රු­න්ගේද මූලි­ක­ත්ව­යෙනි.

එහි වැඩ කට­යුතු අව­සන් කර රෝහ­ලට බාර­දීම සිදු කරන ලද්දේ පසු­ගිය 25 වැනිදා සිකු­රාදා වන අතර ඒ වෙනු­වෙන් පිරිත් සඣා­ය­නා­වක් පවත්වා දාන­මය පින්ක­මක්ද සිදු කරන ලදී. එක් වස­රක පාසල් කණ්ඩා­ය­මක් විසින් මේ අයු­රින් රෝහල් වාට්ටු­වක් සම්පූ­ර්ණ­යෙන්ම පිළි­ස­කර කර මෙසේ බාර දීම සිදු කරන ලද්දේ ප්‍රථම වතා­ව­ටය. ඒ සඳහා නාලන්දා 88 කණ්ඩා­ය­මට ඔවුන්ගේ හිත­ව­තුන්ගේ හා අනු­ග්‍රා­හ­ක­යන්ගේ සහා­යද ලැබී තිබුණි. 120ක පමණ ක්‍රියා­කාරී සාමා­ජි­ක­ය­න්ගෙන් යුත් නාලන්දා 88 කණ්ඩා­යම විසින් මේ වන විට සමාජ සත්කාර රැසක් සිදු කර ඇත.

තාරක වික්‍ර­ම­සේ­කර

Comments