ගෝලීය දේශ­ගුණ විප­ර්යා­සයේ ගොදුරු බිමක් වන ලංකාව | සිළුමිණ

ගෝලීය දේශ­ගුණ විප­ර්යා­සයේ ගොදුරු බිමක් වන ලංකාව

සු­ගිය දින කීපය පුරා­වට ශ්‍රී ලංකා­වට බලපෑ අය­හ­පත් කාල­ගු­ණය හමුවේ පැවති වර්ෂා­ප­ත­නය නිසා දිව­යිනේ පළාත් අටක පමණ ජන­තාව පීඩා­වට පත්වූ බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය නිවේ­ද­නය කළේය. එහිදී දිව­යිනේ පවුල් 5242 ක පුද්ග­යින් 20275 දෙනෙකු බල­පෑ­මට ලක්වූ බව අප­දා­ක­ළ­ම­නා­ක­රන මධ්‍ය­ස්ථා­නය තහ­වුරු කර තිබිණි .

දකුණු පළාත තුළ පම­ණක් පවුල් 1465 ක පුද්ග­ල­යින් 5278 දෙනෙකු බල­පෑ­මට ලක් වූයේය. එක් පුද්ග­ල­යෙකු මිය ගියේය. නිවාස 23 කට පුර්ණ හානි සිදු­වූ­යේය. ඉන් වැඩි­පු­රම හානි සිදු­වුණේ දකුණු පළා­තට ය. දකුණු පළාත තුළ පම­ණක් නිවාස 15කට පූර්ණ හානි සිදු විය. එමෙන්ම දිව­යින තුළ අර්ධ­හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 625 ක් ලෙස දක්වා තිබිණි. ඉන් 341 ක් ම දකුණු පළාතේ ය.

අප ඉගෙන ගෙන තිබුණේ ලංකාව පිහිටා ඇත්තේ ස්වභාව ධර්ම­යේත් ආශී­ර්වාද සහිත ස්වභා­වික විපත් අවම කලා­ප­යක බවය. එහෙත් වර්ෂ 2019 වසරේ ගෝලීය දේශ­ගුණ අව­දා­නම් දර්ශ­කය අනුව රට­වල් විශේෂ ලයි­ස්තු­ගත කිරී­මක් කළේය. එම ලැයි­ස්තු­ගත කිරී­මට අනුව අප පසු­වන්නේ දේශ­ගුණ අව­දා­නම් දර්ශ­කයේ දෙවන ස්ථාන­යේය. එම වාර්තාව ප්‍රකා­රව වර්ෂ 2017 දී වැඩි­පු­රම පීඩා­වට පත් වූ රට­වල් ලැයි­ස්තුවේ පුව­ර්ටෝ­රිකෝ, ශ්‍රී ලංකාව සහ ඩොමි­නිකා ඉහ­ළින්ම ලයි­තු­ග­තව තිබිණි.

වර්ෂ 1998 සහ 2017 අතර කාලය තුළ පුව­ර්ටෝ­රිකෝ, හොන්ඩු­රාස් සහ මිය­න්මා­රය ආන්තික කාල­ගු­ණික විප­ර්යා­ස­ය­න්ගෙන් වැඩි­පු­රම පීඩා­වට පත් වූ රට­වල් විය. මෙම රට­වල් තුළ සම­ස්ත­යක් ලෙස ගත් කල, කාල­ගු­ණික විප­ර්යාස 11 500කට වැඩි සංඛ්‍යා­වක ප්‍රති­පල ලෙස 526 000කට වැඩි පිරි­සක් මිය ගියේය.

ගෝලීය දේශ­ගු­ණික විප­ර්යා­ස­යට සූර්යයා, පෘථි­විය සහ සාගර, සුළඟ, වැසි සහ හිම, වනා­න්තර, කාන්තාර සහ සැවානා මෙන්ම මානව ක්‍රියා­කා­ර­කම්හි ස්වරූ­පයේ ප්‍රකා­ශ­න­යකි ආන්තික කාල­ගු­ණික සිදු­වීම් හේතු­වෙන් ශ්‍රී ලංකාව දෙවන ස්ථාන­යට පත්ව ඇත්තේ මේ විච­ල­න­යන් තුළය. විශේ­ෂ­යෙන් නිරි­ත­දිග ප්‍රදේ­ශ­වල අධික වර්ෂා­ප­ත­න­යක් ඇති කළ ප්‍රබල කුණාටු මෙන්ම ගංව­තුර හා නාය­යෑම් ද, අනෙක් අතට, අඛ­ණ්ඩව වසර හත­රක් පුරා රටේ උතුරු හා උතුරු මැද ප්‍රදේ­ශ­වල හට­ගත් නිය­ඟය ද ලංකාව පත්වී ඇති මේ තත්ව­යට බල­පෑ­වේය.

වර්ෂ 2014 ඔක්තෝ­ම්බර් මාසයේ දී රටේ විශාල නායෙ යෑමක් සිදු­විය. එමෙන්ම වර්ෂ 2014 දෙසැ­ම්බර් මාස­යේදී රට ගංව­තු­රට ගොදුරු විය. වර්ෂ 2016 දී දශක හත­රක් තුළ පැවති දරු­ණු­තම නිය­ඟ­ය­කට ලංකාව මුහුණ දුන්නේය. එම දරුණු නියඟ තත්වය වර්ෂ 2017 දක්වා ව්‍යාප්ත වූයේය. එම නිය­ඟය රටට සැල­කිය යුතු ආර්ථික හා සමා­ජීය බල­පෑම් ඇති කළේ ය. වගා විනාශ විය. විශේ­ෂ­යෙන් ග්‍රාමීය ගොවීන් සඳහා ජාතික දරි­ද්‍රතා මට්ටම ඉහළ යෑමට නිය­ඟය හේතු විය. දිස්ත්‍රික්ක 20 ක නිය­ඟය හේතු­වෙන් පවුල් 500,000කට අධික සංඛ්‍යා­වක් පීඩා­වට පත්විනි. වර්ෂ 2016 මැයි මාස­යේදී ශ්‍රී ලංකාව නිව­ර්තන කුණා­ටු­ව­කට හසු වූයේය. එය පුළුල් ගංව­තුර හා නායෙ යෑම් මාලා­ව­කට හේතු විය. වස­ර­කට පසුව, 2017 මැයි මාස­යේදී, අඛ­ණ්ඩව ඇද හැලෙන වර්ෂාව හේතු­වෙන් හදිසි ගංව­තුර හා සමග රටට දැවැන්ත ආර්ථික විනා­ශ­යක් සිදු­විය.

මෑත කාලය තුළ ද සුළි කුණාටු, සුළි සුළං සහ අධික වර්ෂා­ප­ත­නය වැනි දරුණු කාල­ගු­ණික සිදු­වී­ම්ව­ලට අප මුහුණ දුන්නේ අන­පේ­ක්ෂි­ත­වය. එමෙන්ම ඇති වූ දැඩි සුළං තත්ව­යන් තුළ දී නිවැ­රදි තොර­තුරු නිය­මිත කාල­යට නොලැ­බීම නිසා මුහුදු ගිය ධීවර ප්‍රජා­වට ධීවර බෝට්ටු මෙන්ම ජිවිත ද අහිමි විය.

මේ පසු­බිමේ වර්ෂා­වෙන් සිදු­වන බල­පෑම වැඩි වී ඇත්තේ කෙසේද යන්න විම­සීම වැද­ගත්ය. ආපදා කළ­ම­නා­ක­රණ දෙපා­ර්ත­මේ­න්තු­වට අනුව අධික වර්ෂා පත­න­යත් සමඟ ඇතිවී ඇති ගංව­තුර තත්ව­යන් වැඩි වී ඇත්තේ කානු පද්ධති ඇහි­රීම ය. නිසි ආකා­ර­යෙන් ජලය බැස­යා­මට හැකි ස්ථාන නොමැති වීමය. ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ සහ­කාර අධ්‍ය­ක්ෂක ප්‍රදීප් කොඩි­ප්පිලි මහතා ඒ බව සනාථ කළේය. මේ ව්‍යස­න­යන් අප බල­හ­ත්කා­ර­යෙන් ගෙන්වා ගන්නා ඒවාය. එකක් අව­ධි­මත් සංව­ර්ධ­නය ය. ස්වභා­වික ජලය බැස යන මාර්ග අව­හිර කර­මින් කරන මේ අසං­වි­ධිත කට­යුතු අව­ස­නායේ නිර්මා­ණය කරන්නේ ඛේද­වා­ච­ක­යකි.

ලෝකයේ දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට හේතුව ගෝලීය උණු­සුම ඉහළ යෑම බව සනාථ වී තිබේ. වර්ෂ 2014 ජාතික දේශ­ගු­ණික තක්සේ­රු­වෙහි මෙසේ දැක්වේ. “ගෝලීය දේශ­ගු­ණය වෙනස් වෙමින් පව­තින අතර පුළුල් පරා­ස­යක නිරී­ක්ෂණ හරහා මෙය පැහැ­දි­ලිව පෙනේ. පසු­ගිය වසර 50 තුළ ගෝලීය උෂ්ණ­ත්වය ඉහළ යෑමට මූලික වශ­යෙන් හේතු වී ඇත්තේ මානව ක්‍රියා බව පෙනේ."

මානව ක්‍රියා­කා­ර­කම්, විශේ­ෂ­යෙන් ෆොසිල ඉන්ධන දහ­නය කිරීම, වායු­ගෝ­ලයේ කාබන් ඩයො­ක්ස­යිඩ් සහ අනෙ­කුත් හරි­තා­ගාර වායූන් වැඩි කිරී­මට හේතු වන බවට විද්‍යා­ත්මක තහ­වුරු කිරීම ඇත. මේ යථා­ර්ථය විද්‍යා­ගාර පරී­ක්ෂ­ණ­ය­කින් තහ­වුරු වන්නේ වර්ෂ 1850 මැද භාගයේ දීය. ඒ ශ්‍රීමත් ජෝන් ටින්ඩෝල් විසිනි. අන­තුරු හැඟ­වීම සිය­ව­ස­කට පසු එහි අත්දැ­කීම් අපි විඳි­මින් හිඳිමු. ගත­වුණු සතියේ දකු­ණේදී යළිත් පෙනුනේ සිය­ව­ස­කට එපිට කියූ කතාවේ ප්‍රායෝ­ගික ඇත්තය. පාසල් වැසී ගියේය. ගං වතුර බිය යළිත් දකුණ වෙලා ගත්තේය. ස්වභා­වික ආප­දා­ව­කින් පසු අප හැම­දාම ලියන්නේ කැඩුණු ගෙවල් ගණ­නය. අර්ධ හානි වුණු පියැසි ගණ­නය. ගංව­තු­රෙන් අව­තැන්වූ මිනි­සුන් ගැනය. ඔවුන්ට ලැබෙන වියලි සලාක ගැනය. සම­හ­ර­විට ඒ සලා­ක­යත් කොල්ල කන අලු­ගු­ත්තේරු මිනි­සුන් ගැනය. එහෙත් ඇත්ත ඒ තරම් සරල නැත. රටම අව­දා­න­ම­කය. ලෝකයේ ආන්තික දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලින් වැඩිම බල­පෑ­මට ලක්වන දෙවන රට ලංකාව වී ඇත. අවි­නීත හා ආත්මා­ර්ථ­කාමී ලෝක­යක මිනි­සුන් සාමු­හික වශ­යෙන් කළ කඩ­ප්පු­ලි­ක­ම්ව­ලට දැන් රටක් ලෙස අපට වන්දි­ගෙ­වී­මට සිදුවී තිබේ. මේ ලැබෙන්නේ ඒ විනා­ශයේ අපේ කොට­සය. වින­ය­කින් සැල­සු­ම­කින් යුතුව කට­යුතු කර එළ­ඹෙන ආප­දා­වට මුහුණ දීමේ වික­ල්පය පම­ණක් රට හමුවේ ඉති­රිව තිබේ. ඒ සඳහා අව­බෝ­ධ­ය­කින් යුතුව එක­තු­වීමේ වග­කීම සමා­ජ­යට තිබේ.

Comments