රාජපක්ෂ පවුලේ වුණත් දිනන්න වෙන්නේ මහජන ඡන්දයෙන් | Page 2 | සිළුමිණ

රාජපක්ෂ පවුලේ වුණත් දිනන්න වෙන්නේ මහජන ඡන්දයෙන්

අප ලබා­ගෙන තිබෙන ණය කන්ද­රාව එක්ක රටේ ආර්ථි­කය ගොඩ­න­ඟන්න පොදු­ජන එක්සත් පෙර­මු­ණට තිබෙන ආර්ථික උපාය මාර්ග මොන­වාද?

ලෝකයේ ඕනෑම රටක් සංව­ර්ධ­නය සඳහා ණය ලබා­ග­න්නවා. ඒ ණය එන්න එන්න වැඩි වෙනවා නම් ඒ රට තුළ ආර්ථික අර්බු­ද­යක් ඇති වීම සාමා­න්‍ය­යයි. ඇම­රි­කාව චීනය වගේ රට­වල් වුණත් තම ප්‍රාග්ධන අව­ශ්‍යතා සපු­රා­ගැ­නීම සඳහා ණය ගන්නවා. එහෙම ණය ගත්තත් ඒ ණය රටට බරක් නොවන ආකා­ර­යට ඔවුන් ඒවා විධි­මත්ව කළ­ම­නා­ක­ර­ණය කර­නවා. එහෙම කළ­ම­නා­ක­ර­ණය නොක­ළොත් ඒ ලබා­ගත් ණය නිසා විශාල ආර්ථික අර්බු­ද­යක් ඇති වෙනවා.

මහින්ද රාජ­පක්ෂ මහතා 2005 බල­යට පත් වන විට ලංකාවේ ණය බර දේශීය නිෂ්පා­දි­ත­යට අනුව 102%ක්. නමුත් 2014 වන විට එය 70%ට අඩු වුණා. ඒ නිසා අප ගමන් කර­මින් සිටියේ ස්ථාවර ආර්ථික තත්ත්ව­ය­ක­ටයි. එහිදී අප අනු­ග­ම­නය කළ ක්‍රියා පිළි­වෙ­තක් තිබුණා. දේශීය නිෂ්පා­ද­නය වැඩි කරන ක්‍රියා මාර්ග ගෙන තිබුණා. ඉදි­රි­යේ­දිත් අපට ඒ තත්ත්වය වර්ධ­නය කර මේ අර්බු­ද­යෙන් ගොඩ එන්න පුළු­වන්. අපට මේ ණය ගැට­ලු­වක් නෙමෙයි.

නමුත් රාජ­පක්ෂ රජය ගත්ත ණය පිය­වන්න වුණේ වර්ත­මාන රජ­යට. එනිසා මේ රජය වර්ත­මාන ආර්ථික අර්බු­ද­යට මුහුණ දී ඇති බව ඔවුන් පව­ස­නවා?

ඔය කියන්නේ හම්බ­න්තොට වරාය ගැනනේ. ඒක මිථ්‍යා­වක්. හම්බ­න්තොට වරාය හදන්න බිලි­යන 1.6ක ණය මුද­ලක් ගත්තා. වරාය හදලා ඩොලර් මිලි­යන 498ක් රාජ­පක්ෂ රජය ගෙව­ලයි තිබුණේ. ඒ නිසා ණය ගෙවන්න පට­න්ගත්තේ 2015 ඉඳන් කියන කතාව පද­න­මක් නැති කතා­වක්.

නමුත් ඒ වෙද්දි ආර්ථික විශේ­ෂ­ඥ­යන් පවා පවසා තිබුණා ඉදි­රි­යේදී ආර්ථික අර්බු­ද­යක් ඇති වන බව. ඊට මුහුණ දීමට නොහැකි නිසා වසර දෙක­කට කලින් ඡන්ද­යට ගිය බවට රාජ­පක්ෂ ආණ්ඩු­වට චෝදනා එල්ල වුණා?

කිසිම ආණ්ඩු­වක් පරා­ජය වීමේ අර­මු­ණින් ඡන්ද­ය­කට යන්නේ නැහැ. බලය නැවත ලබා­ගැ­නී­මට තමයි උත්සාහ කරන්නේ. ඒ වෙද්දි ආර්ථික අර්බු­ද­යක් එනවා කියලා ලෝක බැංකු­ව­වත්, ආසි­යානු සංව­ර්ධන බැංකු­ව­වත්, කිසි­යම් පිළි­ගත් මූල්‍ය ආය­ත­න­ය­ක්වත් පවසා තිබුණේ නැහැ. ඒක ඒ කාලේ තිබුණු මත­යක් විත­රයි. මේ රටේ ආර්ථි­කය ගොඩ­න­ඟන්න ස්ථාවර රජ­යක් ඕනෑ. අස්ථා­වර දේශ­පා­ලන වාතා­ව­ර­ණ­යක් තුළ ආයෝ­ජ­ක­යන් රට­කට එන්නේ නැහැ. ඒ නිසා තමයි කොටස් වෙළෙ­ඳ­පොළේ ආයෝ­ජ­නය කර තිබූ මුදල් පවා ඒ ආයෝ­ජ­ක­යන් ඉවත් කර­ගත්තේ.

ඔබ ඔහොම කිව්වට අපි දැක්කා රාජ­පක්ෂ ආණ්ඩුව නිසා අපට ජී.එස්.පී. ප්ලස් සහ­නය අහිමි වුණා. මත්ස්‍ය තහ­න­මක් පැන­වුණා. මේ නිසා අපේ ඇඟ­ලුම් කෝටා එක බංග­ලා­දේ­ශය, විය­ට්නා­මය වගේ රට­ව­ල්ව­ලට ලැබුණා. නැවත ජී.එස්.පී. සහාය ලැබු­ණත් ඒවා අප රටට ලැබුණේ නැහැ.

ජී.එස්.පී. ප්ලස් බදු සහ­නය අහිමි වීම මහින්ද රාජ­පක්ෂ ආණ්ඩුව අභි­යෝ­ග­යක් විදි­ය­ටයි භාර­ගත්තේ. ජී.එස්.පී. ප්ලස් කියන්නේ වෙළෙඳ සහ­න­යක් නෙවෙයි. දේශ­පා­ලන සහ­න­යක්. ඒක ඔවුන් අපට අහිමි කළේ ඉතාම අසා­ධා­රණ විදි­යට. ඒ ඔවුන් අපට දාපු කොන්දේසි පිළි­නො­ගත් නිසයි. ඒ නිසා අප එය අභි­යෝ­ග­යක් විදි­යට භාර­ගෙන ඊට මුහුණ දුන්නා.

ඒ අහිමි වුණු ආදා­යම ලබා­ගන්න ක්‍රම­යක් එදා ආණ්ඩු­වට තිබුණේ නැහැ නේද?

ඇත්ත­ටම ඉන් විශාල ආදා­ය­මක් අපට අහිමි වුණේ නැහැ. ඒ වෙනු­වට අප අපේ නිෂ්පා­දන අප­න­ය­නය කරන්න වෙනත් වෙළෙඳ පොළ සොයා­ගත්තා. ඇඟ­ලුම් ක්ෂේත්‍රයේ නිරත වූ පිරිස් වෙනත් වෙළෙ­ඳ­පොළ සොයා යෑමට පට­න්ගත්තා. විශේ­ෂ­යෙන් ම අපේ ඇඟ­ලුම් මිලදී ගත්ත යුරෝ­පයේ ඒජ­න්ත­යන් මේ නිසා විශාල අප­හ­සු­තා­වට පත් වුණා. අපට එම­ඟින් අහිමි වුණ ආදා­යම අප වෙනත් ක්‍රම­ව­ලින් ලබා­ගත්තා. එහෙම නොවුණා නම් ආර්ථික වර්ධන වේගය 6.5%ට ගේන්න අපට හැකි­වන්නේ නැහැ.

මේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යත් එක්ක ඔබ පාර්ශ්ව­යට එල්ල වන චෝද­නා­වක් තමයි ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වෙනු­වට මිලි­ටරි පාල­න­ය­කට රට රැගෙන යනවා කියන එක. ඔබේ පාර්ශ්වය ජය­ග්‍ර­හ­ණය කළොත් එවැනි තත්ත්වක් රට තුළ ඇති වේවිද?

ඒක ඇතැම් අය ගොඩ නඟා­ගත් ව්‍යාජ විඥා­න­යක්. ගයන්ත කරු­ණා­ති­ලක මහතා ජන­මාධ්‍ය අමා­ත්‍ය­ව­රයා වී සිටි­යදී පාර්ලි­මේ­න්තු­වේදී කිව්වා යුද්ධ කාලයේ සිදු වූ ඇතැම් දේවල් තිබු­ණත් 2010න් පසුව සුදු වෑන් සම්බ­න්ධ­යෙන් කිසිදු චෝද­නා­වක් හෝ පැමි­ණි­ල්ලක් වාර්තා වි නැති බව. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ කියලා කියන්නේ 2005 සිට 2015 දක්වා පැවති ආණ්ඩු­ව­ලට හාත්ප­සින්ම වෙනස් ප්‍රති­පත්ති සහිත දේශ­පා­ලන පක්ෂ­යක්. දැන් කාට හරි ඒ විදි­යට හැසි­රෙන්න ඕන වුණත් මේ පක්ෂයේ ප්‍රති­පත්ති තුළ ඒකට ඉඩ ලැබෙන්නේ නැහැ. අද මිලි­ටරි පාල­න­ය­කට නතු කළ හැකි ජන සමා­ජ­යක් නෙමෙයි තියෙන්නේ. එදා තත්ත්ව­යට වඩා හාත්ප­සින් ම වෙනස් සමාජ තත්ත්ව­යක් අද තියෙන්නේ. ඒ නිසා කාට වුව­මනා වුණත් එවැනි ඒකා­ධි­පති පාල­න­ය­කට යන්න පක්ෂයේ ප්‍රති­පත්ති අබි­බවා ඒ දේ කරන්න කාට­වත් හැකි­යා­වක් නැහැ.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති වුණොත් ඊළ­ඟට අග­මැති වෙන්නේ මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා. මුදල් ඇමති බැසිල් රාජ­පක්ෂ මහ­ත්තයා. ඔය විදි­යට මුළු රටේම පාලන බලය එක පවු­ලක් අතට ගියාම ඔබ ඔය කියන ප්‍රති­පත්ති ආරක්ෂා වේවිද?

රාජ­පක්ෂ පවුල පිළි­බඳ ඔය නඟන චෝද­නාව අසා­ධා­ර­ණයි. මොකද මේ අය හැමෝම ඡන්ද­ය­කට ඉදි­රි­පත් වෙලා මහ­ජන කැමැත්ත ඇතිව පාලන බල­යට යොමු වූ අය. ඔවුන්ට දේශ­පා­ල­නය කරන්න වර­මක් ජන­තාව විසින් ලබාදී තිබෙ­නවා. ඉතින් ඔවුන් එවැනි තන­තුරු දැරීමේ වැරැද්ද මොකක්ද?

* නමුත් නාම යෝජනා බාර දීමේදි මේ තත්ත්වය සලකා බලන්න පුළු­වන් නේද?

අප කුමන අයෙ­කුට නාම යෝජනා දුන්නත් පත් වෙන්න ඕන කවුද කියන එක තීර­ණය කරන්නේ මේ රටේ මහ­ජ­න­තාව. ඔවුන් ඒ අය පිළි­ග­න්නවා නම් ඒකේ වැරැ­ද්දක් නැහැ නේද?

* ඉදි­රි­යේදි ඔබ­ලාගේ ආණ්ඩු­වක් බල­යට පත් වුණොත් අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය මේ තිබෙන ආකා­ර­යට සුර­ක්ෂිත වේවිද?

මහින්ද රාජ­පක්ෂ මහ­ත්ත­යගේ ආණ්ඩුවේ අධි­ක­රණ ස්වාධී­න­ත්වය පිළි­බඳ ගැටලු තිබුණේ නැහැ. නමුත් ශිරානි බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය දෝෂා­භි­යෝ­ග­ය­කින් ඉවත් කිරී­මත් සමඟ ‍යම් ගැට­ලු­කාරි තත්ත්ව­යක් ඇති වුණා. නමුත් දෝෂා­භි­යෝ­ග­යක් ගෙන එන්න ව්‍යව­ස්ථා­වෙන් පාර්ලි­මේ­න්තු­වට අව­සර ලබා දී තිබෙ­නවා.

 

 

Comments