‘මහ­පොළ’ දුන්නේ කවු­රුන් දැයි අද එය ලබන අයවත් දන්නේ නෑ! | Page 3 | සිළුමිණ

‘මහ­පොළ’ දුන්නේ කවු­රුන් දැයි අද එය ලබන අයවත් දන්නේ නෑ!

හ­පොළ උපා­ධි­ධා­රීන්ගේ සුහද හමුව නොවැ­ම්බර් 7 සවස 5.00ට කොළඹ, ශ්‍රී ලංකා පද­නම් ආය­ත­න­යේදී පැවැත්වේ. මේ, එය නිමිති කර­ගෙන ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­ප­තිනි, ශ්‍යාමිලා පෙරේරා මහ­ත්මිය සමඟ සිදු කළ සාක­ච්ඡා­වකි.

මහ­පොළ ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ වූ පසු­බිම පිළි­බඳ තොර­තු­රු­ව­ලින්ම මේ සංවා­දය අර­ඹමු...

අසූව දශ­ක­යේදී තමයි මෙහි ආර­ම්භය සිදු වුණේ. ජේ.ආර්. ජය­ව­ර්ධන මහ­තාගේ රජය යටතේ නව ආර්ථික ප්‍රති­ප­ත්තිය ජන­තාව වෙත රැගෙන යෑමේ වග­කීම පැව­රුණේ ඒ වන විට වෙළෙඳ හා නාවික ඇමැ­තිව සිටි ලලිත් ඇතු­ළ­ත්මු­දලි මහ­තා­ටයි. මේ කාලය වන විට නව අභි­යෝ­ග­යක් පැමිණ තිබුණා. ඒ වෙළෙඳ සංක­ල්පය විවෘත ආර්ථි­ක­යත් එක්ක ගමන් කරන්නේ කොහො­මද කියලා. මොකද: එතෙක් පැව­තුණේ අවශ්‍ය බඩු ලබා­ගැ­නී­මට කූපන් ලබා දීමේ ක්‍රම­ය­කුයි. හැත්තෑ­හත තෙක් පැව­තුණේ ආහාර ද්‍රව්‍ය බොහෝ හිඟ කාල­යක්. සෑම දේටම සීමා පන­වලා තිබුණා.

1977දී විවෘත ආර්ථි­ක­යත් සමඟ මේ තත්ත්වය ලිහිල් කෙරුණා. අන­තු­රුව පාරි­භෝ­ගික භාණ්ඩ මලට ගැනීම සඳහා පොළ­වල් දමනු ලැබුවා. මේ පොළ­වල් ‘මහ­පොළ’ යන නමි­නුයි ක්‍රියා­ත්මක වුණේ. ලාභ­දායි ආකා­ර­යට ග්‍රාමීය පාස­ල්ව­ලින් ද්‍රව්‍ය ලබා­ගත හැකි වන පරිදි ප්‍රද­ර්ශන සහ වෙළෙඳ කුටි ආරම්භ කෙරුණා. පාස­ලට අවශ්‍ය ගොඩ­නැ­ගිලි ආදි අව­ශ්‍යතා සපුරා දෙන වැඩ­පි­ළි­වෙ­ළක්ද ඒ සමඟ ක්‍රියා­ත්මක වුණා.

එක් අව­ස්ථා­වක මොන­රා­ගල බිබිල ආස­නයේ පොළක් ආශ්‍රි­තව පැවැ­ත්වුණු උත්ස­ව­යක් සඳහා ලලිත් ඇතු­ළ­ත්මු­දලි මහ­තාට ආරා­ධ­න­යක් ලැබුණා. එහිදී ගමේ මිනි­සුන්ගේ දුප්ප­ත්කම පිළි­බඳ ලලිත් ඇතු­ළ­ත්මු­දලි මහ­තාට වැට­හුණා. ගමේ දරු­දැ­රි­යන්ට අධ්‍යා­ප­න­යෙන් ඉහ­ළට යන්න බැරි ආර්ථික අප­හ­සුතා නිසා බව ‍තේරුම් ගෙන, විශ්ව­වි­ද්‍යා­ල­යට යෑම සඳහා ශිෂ්‍යත්ව ක්‍රම­යක් ආරම්භ කිරී­මට ඔහු ගත් තීර­ණය නිසා තමා ‘ම‍හපොළ ශිෂ්‍යත්ව’ ක්‍රමය බිහි වුණේ.

පළ­මු­වන මහ­පොළ ශිෂ්‍ය­ත්වය හිමි වුණේ කාටද?

1981 නොවැ­ම්බර් 11 දා තමයි ශිෂ්‍යත්ව අර­මු­දල බිහි වන්නේ. ඒ ‘මහ­පොළ ලොත­රැ­යිය’ හඳුන්වා දීමෙන්. එහි වටි­නා­කම රුපි­යල් දෙකක්. මූලික ඉල­ක්කය වුණේ රු. ලක්ෂ 10ක් එකතු කරලා, ඒ පොලි­යෙන් රු. 300ක ශිෂ්‍යා­ධා­ර­යක් හා ඉහළ කුස­ලතා සහිත අයට රු. 350ක ශිෂ්‍යා­ධා­ර­යක් ලබා දීමයි. ලලිත් ඇතු­ළ­ත්මු­දලි මහ­තාගේ පෞද්ග­ලික ධන පරි­ත්‍යා­ග­යෙන් තමා මුල්ම මහ­පොළ ලබාදී තිබෙන්නේ. තෝරා­ගත් ළම­යින් අතු­රින් මුල්ම ශිෂ්‍යත්ව ලාභියා බවට පත් වූයේ යූ.ඩී. ජය­රත්න නම් දරු­වායි. දෙනෙත නොපෙ­නෙන ඒ සිසුවා කුලි­යා­පි­ටිය ප්‍රදේ­ශයේ දරු­වෙක්.

ඉක්බි­තිව මහ­පොළ ශිෂ්‍ය­ත්වයේ විකා­ශ­නය සිදු වූ අන්දම පැව­සු­වොත්...

මහ­පොළ අර­මු­ද­ලට මුදල් ලැබුණේ මහ­පොළ ලොත­රැ­යිය පව­ත්වා­ගෙන යෑමෙන් පම­ණයි. ආර­ම්භයේ වසර 05ක් පුරා එය අඛ­ණ්ඩව සිදු කර­ගෙන පැමිණ තිබෙ­නවා. පස්වැනි අවු­රුද්ද වෙන­කොට අර­මු­දල පව­ත්වා­ගෙන යෑමට අප­හ­සුතා ඇති වෙලා. අව­සා­නයේ ඇතු­ළ­ත්මු­දලි මහතා ජනා­ධි­පති අර­මු­ද­ලින් 50%කුත් තමා විසින් 50%කුත් යොද­වලා එහි ආදා­යම බෙදා­ගමු යැයි පව­ස­නවා.

මහ­පොළ අර­මු­දලේ මුදල් පාල­නය සිදු වන්නේ කොහො­මද?

පන­තට අනු­කූ­ලව මහ­පොළ අර­මු­දලේ මුදල් පාල­නය කිරී­මට පාලක මණ්ඩ­ල­යක් සිටි­නවා. මේ පාලක මඬුල්ල දේශ­පා­ලන පත් කිරීම් අනුව සිදු කෙරෙ­න්නක් නොවේ. අග්‍ර­වි­නි­ශ්ච­ය­කා­ර­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් තමා එය පත් කෙරෙන්නේ. ලේකම් උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ පුද්ග­ල­යකු වන අතර, මණ්ඩ­ලය මඟින් එක් බාහිර පුද්ග­ල­යකු පත් කර තිබුණා.

අර­මු­දලේ මුදල් භාවි­තය ගැන සඳ­හන් කළ ‍හොත්...

ශිෂ්‍යත්ව සඳහා භාවිත කළ හැකි වන්නේ තැන්පත් මුද­ලින් ලැබෙන පොලිය පම­ණයි. රුපි­යල් 100ක් යොදවා රු. 600ක් ලැබු­ණොත් පාවිච්චි කළ හැක්කේ රු. 500ක් පම­ණයි. ඉතිරි මුදල අර­මු­දල වෙත යා යුතුයි. මේ වන විට රු. බිලි­යන 12ක තැන්පත් ආදා­ය­මක් තිබෙ­නවා. ආදා­යම අනුව කී දෙන­කුට ශිෂ්‍යත්ව පිරි­න­මන්න පුළු­වන්ද යන්න විමසා බල­නවා.

මහ­පොළ ශිෂ්‍ය­ත්වය පිරි­නැ­මී­මේදී සලකා බලන නිර්ණා­යක මොන­වාද?

අඩු ආදා­යම් ලාභී මවු­පි­යන්ගේ දූද­රු­වන් තමා සුදු­සු­කම් ලබන්නේ. ප්‍රදේ­ශයේ ග්‍රාම නිල­ධාරි ඒ බව සහ­තික කරන්න ඕනෑ. මුල් කාලයේ ශිෂ්‍යත්ව ගැනී­මට පෞද්ග­ලි­ක­වම පැමි­ණිය යුතුය. එහෙත් වර්ත­මා­නය වන විට බැංකු ගිණු­මක් ‍මඟින් තමයි මුදල් දෙන්නේ. බොහෝ සිසුන් මේ නිසා තමාට ශිෂ්‍යා­ධා­ර­යක් හිමි වන්නේ කුමන හේතු­වක් නිසාද යන්න හෝ නොදැන, එයට ගෞර­ව­නීය බවක් ලබා දෙන්නේ නැහැ. බහු­ත­ර­යක් මහ­පොළ ශිෂ්‍යා­ධාර හිමි සිසුන් එහි ආර­ම්භක පුද්ග­ලයා වත් දන්නේ නැහැ!

‍වර්ෂය­කට මාස 10ක් සඳහා මෙහිදී මුදල් හිමි වනවා. එහිදී දේශ­න­ව­ලට සිසුන්ගේ පැමි­ණීම පිළි­බඳ අව­ධා­නය යොමු කර­නවා. විභා­ග­යක් අස­මත් වුව හොත් එය නැවත සමත් වන තුරු මුදල් ලැබෙන්නේ නැහැ.

මහ­පොළ ශිෂ්‍යා­ධා­රයේ සමා­ජීය අපේ­ක්ෂාව මොන වගේද?

‘උග­ත්ක­මින් දුප්ප­ත්කම තුරන් කළ හැකි’ බව ලලිත් ඇතු­ළ­ත්මු­දලි මහතා තර­යේම විශ්වාස කළා. ඒ මඟින් සමා­ජ­යට පිවි­සී­මට මඟ විවර කර­නවා වගේම එක් උග­තකු බිහි කරන විට පවු­ල­ක­ටම සමා­ජ­ය­ක­ටම නැඟී සිටී­මට අවශ්‍ය පරි­ස­රය ගොඩ­නැ­ගෙන බව ඔහු පැව­සුවා.

වර්ත­මා­නය වන විට ඒ අර­මුණු ඒ ආකා­ර­යෙන්ම ඉටු වන­වාද?

ඒ මඟින් බලා­පො­රොත්තු වූ ඉල­ක්කය ඉතා ඈතයි තිබෙන්නේ. වර්ත­මා­නය වන විට සාධ­නීය ලක්ෂණ දකින්න නැහැ. විශ්ව­වි­ද්‍යාල සිසුන්ට මේ පිළි­බඳ ඍණා­ත්මක ආකල්ප තිබෙන්නේ. ඒවා නැති කරන්න විධි­මත් ක්‍රම­වේ­ද­යක් විශ්ව­වි­ද්‍යාල තුළ සැක­සිය යුතුයි. මහ­පොළ ලබා දීමට පෙර සිසුන්ට ඒ පිළි­බඳ අව­බෝ­ධ­යක් දිය යුතුයි. ඔවුන් මේ ශිෂ්‍යා­ධා­රය ඵල­දායි ලෙස තම අධ්‍ය­යන කට­යුතු සඳහා යොදා­ගෙන සමා­ජ­යට වැඩ­දායි පුද්ග­ල­යකු වී සමා­ජ­යට තම යුතු­කම් කොටස ඉටු කළ යුතුයි. විශේ­ෂ­යෙන් ඔවුන් කඩා­ක­ප්ප­ල්කාරි ආකා­ර­යට කට­යුතු නොකළ යුතුයි.

මේ නොදැ­නු­ම්ව­ත්භා­වය දුරු කිරී­මට ගෙන ඇති ක්‍රියා­මාර්ග මොන­වාද?

දේශ­පා­ලන අර­මු­ණු­ව­ලින් ‍තොරව අවු­රුදු 35ක් වගේ දිගු කලක් පව­ත්වා­ගෙන යනු ලබන මේ සත්ක්‍රි­යාව ඉතා වැද­ගත් කට­යු­ත්තක්. මේ වැඩ­ස­ට­හන යටතේ ‘ඥාන දර්ශන’ යනු­වෙන් ආර්ථික විද්‍යාව සම්බ­න්ධ­යෙන් දරු­වන්ට සම්ම­න්ත්‍රණ, මහ­පොළ ඉංග්‍රීසි ඉගැ­න්වීමේ වැඩ­ස­ට­හන් මෙන්ම ද්විතී­යික ශිෂ්‍යත්ව වැඩ­ස­ට­හන් ඇතු­ළත් ක්‍රියා පිළි­වෙ­ළක් සකසා තිබෙ­නවා.

ලලිත් ඇතු­ළ­ත්මු­දලි මහතා ජීවත්ව සිටි කාලයේ ‘මහ­පොළ උපා­ධි­ධාරි පද­නම’ යනු­වෙන් ආය­ත­න­යක් හැදුවා. එහි සාමා­ජි­ක­යන් කිහිප දෙනකු තව­මත් ජීවත්ව සිටි­නවා. අපේ බලා­පො­රො­ත්තුව මෙය නැවත ක්‍රියා­ත්මක කිරී­මයි. මෙහි ප්‍රධාන අර­මුණු කිහි­ප­යක් තිබෙ­නවා. විද්‍යා­ත්මක ක්‍රම­වේද මඟින් උපා­ධී­ධා­රීන් සමා­ජ­ගත කිරීම, පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව සැක­සීම, විදේශ ශිෂ්‍යත්ව සැක­සීම, වෘත්තීය තාක්ෂණ ක්ෂේත්‍ර වෙත යොමු කිරීම යනු­වෙන්.

මහ­පොළ ශිෂ්‍යත්ව වැඩ­ස­ට­හන මඟින් තම ජීවි­තය ජය ගත් ශ්‍රී ලංකාව පුරා විසිර සිටින මහ­පොළ ශිෂ්‍ය­ත්ව­ලාභී උපා­ධි­ධා­රීන්ට අප මීට සහ­භාගි වන ලෙස ආරා­ධනා කර­නවා. වැඩ­ස­ට­හන පව­ත්වන්නේ 2019 නොවැ­ම්බර් මස 07 දින සවස 5.00ට ශ්‍රී ලංකා පද­නම් ආය­ත­න­යේ­දීයි.

සංවා­දය-ටිෂානි ශෂී කුමාරි/සාවිත්‍රි විජේ­ව­ර්ධන

Comments