ලොත­රැයි ඉති­හා­සයේ ලොකුම ජය­මල්ල කෝටි 14.5 දිනා­ගනී | Page 2 | සිළුමිණ

ලොත­රැයි ඉති­හා­සයේ ලොකුම ජය­මල්ල කෝටි 14.5 දිනා­ගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොත­රැයි ඉති­හා­සයේ වැඩිම සුපිරි ජය­මල්ල වෙනු­වෙන් ජය­ග්‍රා­හ­ක­යෙක් බිහි කිරී­මට සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ කෝටි­පති කප්රුක ලොත­රැ­යි­යට හැකි­යාව ලැබී ඇති බව සතු­ටින් දන්වා සිටිමු.

සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ වැඩිම ආර­ම්භක සුපිරි ජය­මල්ල වන කෝටි 7.5 ක ජය­ම­ල්ලක් සහිත කෝටි­පති කප්රුක ලොත­රැ­යියේ 513 වන වාරයේ සුපිරි ජය­මල්ල වූ රු.14 50 29 213ක අති දැවැන්ත ජය­මල්ල දිනා ගැනී­මට පසු­ගිය 2019.10.27 වන ඉරිදා දින රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ ගොඩ­ක­වෙල ප්‍රදේ­ශයේ වාස­නා­ව­න්ත­යෙක් හෝ වාස­නා­ව­න්ති­යක් සමත්ව ඇත. එම ජය­ග්‍රාහී ලොත­රැ­යි­පත අලෙවි කර ඇත්තේ සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ ගොඩ­ක­වෙල අලෙවි නියෝ­ජිත ආර්.පී. සෝමා ප්‍රියන්ති මහ­ත්මි­යයි.

2016 වස­රේදී වෙළ­ද­ප­ලට නිකුත් කරන ලද කෝටි­පති ශනිදා ලොත­රැ­යිය කෝටි­පති කප්රුක නමින් වඩාත් ආක­ර්ෂ­ණීය ලෙස ඉදි­රි­පත් කිරීම පසු­ගිය අගෝස්තු මස සිදුවූ අතර වසර තුනක් වැනි ඉතා­මත් කෙටි කාල­ය­කදී මෙවන් සුපිරි ජය­ම­ල්ල­කට හිමි­ක­රු­වෙක් බිහි කීරීම ඉතා­මත් සතු­ටු­දා­යක කරු­ණකි.

මේ වන විට කෝටි­පති (ශනිදා) දැන් කෝටි­පති කප්රුක ලොත­රැ­යිය මගින් 2016 සිට මේ දක්වා සුපිරි ජය­ග්‍රා­හ­ක­යින් 08 දෙනෙක් බිහි­කර ඇති අතර ඔවුන් වෙත ලබා­දුන් සමස්ත ත්‍යාග මුදල් වල වටි­නා­කම රුපි­යල් මිලි­යන 751 කි. නැත­හොත් කෝටි 75.1 කි.

Comments