AIA රක්ෂණ සමා­ගම ඉහ­ළින්ම ඇග­යු­මට | සිළුමිණ

AIA රක්ෂණ සමා­ගම ඉහ­ළින්ම ඇග­යු­මට

AIA රක්ෂණ සමා­ගම, 2018 වසරේ දී ශ්‍රී ලංකා රක්ෂණ ආය­ත­නය මගින් පව­ත්වන ලද රක්ෂණ තරග වලින් ජය­ග්‍ර­හ­ණය ලැබූ සිය වෙලත් ප්ලාන­ර්ව­රුන් සමා­ග­මට ලබා දුන් අභි­මා­නය පිළි­බ­ඳව සතුට පළ­කර සිටියි. නොබෝදා පැවති 10 වන ජාතික ජීවිත රක්ෂණ උප­දේ­ශ­ක­යන්ගේ සැසියේ දී NAFLIA ඔවන් සම්මා­න­යෙන් පිදුම් ලැබූහ. ජාතික මට්ටමේ සහ විශාල කාණ්ඩයේ සමා­ගම් තරඟ සඳහා ස්වර්ණ සම්මාන අත්පත් කර­ගැ­නී­මට සමත් වීමෙන්, AIA රක්ෂණ සමා­ගමේ, අලෙවි බලකා සාමා­ජි­ක­යින් වෘත්තී­ය­ම­ය­භා­වය මෙන්ම ගුණා­ත්මක බව පිලි­බඳ දක්වන කැප­වීම මනාව පිළි­බිඹු වේ.

AIA රක්ෂණ සමා­ගමේ එන්. ඩබ්. එන්. සේනා­රත්න බණ්ඩාර, ජාතික තලයේ මෙන්ම විශාල සමා­ගම් කාණ්ඩයේ හොඳම කණ්ඩා­යම් නාය­ක­යාට හිමි ස්වර්ණ සම්මා­න­ය­න්ගෙන් පිදුම් ලැබූ අතර AIA හි චන්න දුනු­සිංහ ද හොඳම ශාඛා කළ­ම­නා­ක­රුට හිමි ජාතික තලයේ සහ විශාල සමා­ගම් කාණ්ඩයේ ස්වර්ණ සම්මාන දෙකම අත්පත් කර­ගැ­නී­මට සමත් විය. “ජීවිත රක්ෂණ කේෂේත්‍ර අලෙවි සම්මාන” රක්ෂණ අලෙවි කරු­වන් 2018 වසර පුරා­වට සිදු­කල ව්‍යාපා­ර­යන් හී කාර්ය­සා­ධ­නය ඇග­යු­මට ලක්ක­රන ලදී.

Comments