HNBA තම නව්‍ය සම්බ­න්ධතා මධ්‍ය­ස්ථා­නය විවෘත කරයි | සිළුමිණ

HNBA තම නව්‍ය සම්බ­න්ධතා මධ්‍ය­ස්ථා­නය විවෘත කරයි

HNB ඇෂු­ව­රන්ස් PLC (HNBA), අංක 131, ශාන්ත මයි­කල් පාර, කොළඹ 03 හි පිහිටා ඇති සිය පාරි­භෝ­ගික සම්බ­න්ධතා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය මෑතක දී විවෘත කරන ලදී. නවීන පහ­සු­කම් රැස­කින් පූර්ණ මෙම විශිෂ්ට පාරි­භෝ­ගික සේවා මධ්‍ය­ස්ථා­නය තම සේවා­ලා­භීන් හට අස­ම­සම සේවා කළ­ඹක් සල­සනු ඇත. මෙහි සමා­ර­ම්භක උත්ස­වය සඳහා HNBA හා එහි පූර්ණ හිමි­කා­රි­ත්වය සහිත අනු­බ­ද්ධිත සමා­ග­මක් වන HNB ජෙන­රල් ඉන්ෂු­ව­රන්ස් ලිමි­ටඩ් (HNBGI) හි සභා­ප­ති­නිය, රෝස් කුරේ මහ­ත්මිය සහ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධා­යක නිල­ධාරි වන දීප්ති ලොකු­ආ­රච්චි මහතා මෙන්ම HNBA හා HNBGI හි ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­කා­රි­ත්වය සහ­භාගී විය.

Comments