Kaspersky වෙතින් 2020 ට නව­තම ආර­ක්ෂණ විස­ඳුම් පෙළක් | සිළුමිණ

Kaspersky වෙතින් 2020 ට නව­තම ආර­ක්ෂණ විස­ඳුම් පෙළක්

සයි­බර් ආර­ක්ෂ­ණයේ දැවැ­න්තයා Kaspersky විසින් 2020 වසර උදෙසා හඳු­න්වා­දෙන සිය නව­තම ආර­ක්ෂණ මෘදු­කාංග පෙළ, Kaspersky හි ශ්‍රී ලාංකීය එකම බල­ය­ලත් ව්‍යාපා­රික සහ­කරු වන south Asian Technologies Private Limited (SATL) සමඟ එක්ව පසු­ගිය දා මෙරට වෙළෙ­ඳ­පො­ළට හඳුන්වා දෙන ලදී.

වෙන­ස්වෙන ලෝකයේ අභි­යෝ­ග­යන්ට ඉතා සාර්ථ­කව මුහුණ දිය හැකි බල­ස­ම්පන්න පරි­ග­ණක ආර­ක්ෂණ මෘදු­කාංග සැක­සී­මෙ­හිලා නිර­න්ත­ර­යෙන් වෙහෙ­සෙන Kaspersky, 2020 වෙනු­වෙන් හඳු­න්වා­දෙන මෙම රක්ෂණ විස­ඳුම් පෙළ හුදු යාව­ත්කාල කළ නව සංස්ක­ර­ණ­ය­කට වඩා නව විශේ­ෂාංග එක­මුතු කළ පරි­පූර්ණ මෘදු­කාංග පෙළකි.

මෑත කාලයේ පරි­ග­ණක දත්ත පද්ධති වෙත බල­පෑම් සිදු කළ හැකි විනා­ශ­කාරී වැඩ­ස­ට­හන් රැසක් අන්ත­ර්ජා­ලයේ සංස­ර­ණය වෙමින් පව­තින්නේ ශක්ති­මත් අන්ත­ර්ජාල ආර­ක්ෂණ මෘදු­කාං­ග­යක අව­ශ්‍ය­තාව වඩාත් තීව්‍ර කර­මිනි. WannaCry, SMBloris වැනි විනා­ශ­කාරී පරි­ග­ණක වැඩ­ස­ට­හන් සමඟ ක්‍රියා­ත්මක වන EternaIBIueවැනි මාරා­න්තික පරි­ග­ණක පද්ධති දත්ත සොරා­ගන්නා පරි­ග­ණක වැඩ­ස­ට­හ­න්ව­ලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි ප්‍රබල ආර­ක්ෂණ මෘදු­කාං­ග­යක් 2020 වෙනු­වෙන් Kaspersky හඳු­න්වා­දෙන්නේ එම කාලීන අව­ශ්‍ය­තාව මත පද­නම් වෙමිනි.

මාධ්‍ය හමුව ඇමතු දකුණු ආසි­යානු කලා­පීය Kaspersky නිත්‍ය විකු­ණුම් කළ­ම­නා­කාර ශිව­ශං­කර් ඛරාඩේ මහතා “අපගේ ප්‍රධාන නිෂ්පා­ද­න­යන් වන Kaspersky,Antivirus,windows,Android සහ mac මෙහෙ­යුම් පද්ධති වෙනු­වෙන් විශේ­ෂිත Kaspersky Internet, security සහ Kaspersky Total security, 2020 වසර සඳහා හඳුන්වා දෙනු ලැබුවේ තර­ග­කාරී කාර්ය­බ­හුල ලෝක­යට වඩාත් ගැළ­පෙන වේග­වත් හා වැඩි ආර­ක්ෂා­කා­රී­බ­ව­කින් යුක්ත ශක්ති­මත් ආර­ක්ෂණ විස­ඳුම් පෙළක් විදි­හ­ටයි.” යැයි පැව­සීය.

 

Comments