සිළුමිණ ලග්න පලාපල‍ ( නොවැම්බර් 03 සිට 09 තෙක්) | Page 3 | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ ( නොවැම්බර් 03 සිට 09 තෙක්)

නොවැම්බර්් 03 සිට  නොවැම්බර්් 09 තෙක්

මේෂ

සිතේ සතුට

ලග්නා­ධි­පති කුජ 6 සිට ලග්නය දකී. රාහු 3, ශනි, කේතු 9, සඳු 10, බුධ, සිකුරු, ගුරු 8 ද ගමන් කරයි. එම පිහි­ටීම් අනුව වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී මිත්‍ර­යන්ගේ ආධා­රය උප­කා­රය ලැබේ. ඥාතීන්ගේ සැල­කිලි, කරු­ණාව ද ලබයි. ආදා­යම් යහ­පත්ය. ආර්ථික වශ­යෙන් ශුභ­දා­යක වේ.

විවිධ අංශ­යන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ද යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි.

ඉගෙ­නීමේ කට­යු­තු­වල දී සිය උත්සා­හ­යෙන් සහ කැප­වී­මෙන් සාර්ථක වේ. තමාගේ ශරීර සෙඛ්‍යය ගැන තර­මක් ප්‍රවේ­සම් විය යුතුයි. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ බලපෑ හැකිය. බෝවන රෝග, වෛරස් රෝගා­දි­යට ඉඩ පවතී.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා

වෘෂභ

විය­ද­මට සරි­ලන ආදා­යම්

ලග්නා­ධි­පති සිකුරු 7, බුධ, කුජ සම­ඟයි. ශනි, කේතු 8 ද චන්ද්‍රයා 9 ද රාහු 2 ද කුජ 5 ද ගමන් කරයි. එම ග්‍රහ චලි­තය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍ර­ව­ලදී යම් යම් බාධා අව­හි­රතා මධ්‍යයේ තම කට­යු­තු­වල යෙදී­මට සිදු වේ. අන්‍ය­යන්ගේ සහ­යෝගය ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක නොවේ. එම නිසා බුද්ධි­මත්ව ද විම­සි­ලි­ම­ත්වද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් අය­හ­පත් නොවේ. ඔබගේ විය­ද­මට සරි­ලන ආදා­යම් ලබා­ගනී.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු යහ­පත් වේ. ඔවුන්ගේ දියු­ණු­වක් ලබයි. අධා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට ශුභ­දා­ය­කයි. උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. උෂ්ණා­ධික රෝග, බඩ­වැල් ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යා­බාධ යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

මිථුන

ශරීර විඩාව වෙහෙස ගති

ලග්නා­ධි­පති බුධ 6, ගුරු, සිකුරු සම­ඟයි. රාහු ලග්නයේ ද, ශනි, කේතු 7 ද, කුජ 4 ද, රවි 5 ද, සඳු 8 ද ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය තුළ සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී විටෙක ශරීර විඩාව හා ශරී­ර­යට වෙහෙස ගති ඇති වේ.

තමාට නොගැ­ළ­පෙන අය සමඟ ආශ්‍ර­යට යෑමෙන් වළ­කින්න. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­යක වේ. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් වාසි ලබා­ගනී. ගෙද­ර­දොර කට­යු­තු­වල දී යහ­පත් බවක් පෙනී ගියත් විටෙක බාධා අව­හි­රතා ඉස්මතු වේ. යුග­දි­විය සම්බ­න්ධ­යෙන් තර­මක් ඉව­සි­ලි­මත් විය යුතුයි. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් පෙන්වයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට යහ­පත් වේ. එහෙත් විටන් විට බාධා සහ අව­හි­රතා මතු කළ හැකිය. පපුව, පෙණ­හැල්ල ආශ්‍රිත පීඩා, උද­රා­බාධ ඇති කළ හැකිය.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

 ගෙදර-දොර, මිල-මුදල් කට­යුතු කල්ප­නා­වෙන්

ලග්නා­ධි­පති සඳු 7 ය. ශනි, කේතු 6 ද, රාහු 12 ද, කුජ 3 ද, රවි 4 ද, බුධ, ගුරු, සිකුරු 5 ද ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී විටින් විට බාධා අව­හි­රතා ගැට­ලු­කාරී තත්ත්ව­යන්ට ඉඩ පව­තින බැවින් කල්ප­නා­කා­රීව ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික වශ­යෙන් ද විටෙක ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල උදා නොවේ. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ඉව­සී­මෙන් ක්‍රියා කරන්න. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උද­ර­ගත රෝග, ලේ දූෂ්‍යා­බාධ, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

ලාභ ප්‍රයෝ­ජන

ලග්නා­ධි­පති රවි 3 ද, කුජ 2, රාහු අය­ස්ථා­නයේ, ශනි, කේතු 5, බුධ, ගුරු, සිකුරු කේන්ද්‍ර­ග­තව සිටී.

එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී උසස් අයගේ ආධාර උප­කා­රය ලැබීම තුළ ලාභ ප්‍රයෝ­ජන ලැබෙනු ඇත.

වෘත්තීය සහ රැකියා අංශ­වල දී ශුභයි. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද විටෙක මුදල් විය­දම් අධික වීමට ඉඩ පවති. ගෙද­ර­දොර කට­යු­තු­වල දී සැල­කි­ලි­මත් වන්න. නොඑසේ නම් ආකූ­ලතා ඉස්මතු කළ හැකිය.

දරු­වන්ගේ කට­යුතු කෙරහි අව­ධා­නය අව­ශ්‍යයි. ඉගෙ­නීමේ යෙදී සිටින අයට පර්යේ­ෂණ කට­යුතු මෙන්ම ගුප්ත විද්‍යා ක්ෂේත්‍ර වැනි අංශ­යන්ට ශුභයි. උෂ්ණා­ධික රෝග, ස්නායු දුර්ව­ලතා යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

 

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

 

 මුදල් ලැබීම අතින් යහ­පත්

ලග්නා­ධි­පති බුධ, ගුරු, සිකරු 3 , කුජ ලග්නයේ, රවි 2, ශනි, කේතු 4, රාහු 10, සඳු 8 ගෝච­රය වේ. එම කරුණු සැල­කී­මේදී අන්‍ය­ය­න්ගෙන් භාර­ගෙන කරන කට­යු­තු­ව­ලින් කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි.

වෘත්තීය සහ රැකියා අංශ­වල දී විටෙක ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක නොවේ. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය.

විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී තර­මක් කල්ප­නා­කාරී විය යුතුයි. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලැබේ. අධ්‍යා­පන ක්ෂේත්‍ර­වල දී උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබේ. උෂ්ණා­ධික රෝග, පපුව හා පෙණ­හැල්ල අශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බාධ යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

කල්ප­නා­කාරී වන්න

ලග්නා­ධි­පති සිකුරු, ගුරු, බුධ 2, රවි ලග්නයේ, ශනි, කේතු 3, රාහු 9, සඳු 4 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා කට­යුතු කර­ගෙන යෑමේ දී විටින් විට බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකි බැවින් ඉතා­මත් බුද්ධි­මත්ව ද කල්ප­නා­කා­රීව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා ඉස්මතු කළ හැකිය.

ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් අය­හ­පත් නොවේ. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි.

අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උද­රා­ශ්‍රිත රෝග, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

 දරු­වන්ගේ කට­යුතු උදෙසා වෙහෙ­සෙයි

ලග්නා­ධි­පති කුජ අය­ස්ථා­න­යේය. රවි 12, ගුරු, බුධ, සිකුරු ලග්නයේ, ශනි, කේතු 2, රාහු 8 ගෝච­රය වේ.

එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා අංශ­වල දී යම් යම් බාධා අව­හි­රතා ඇති වේ. තමා යටතේ සිටින සේව­ක­යන් සමග සිත් නොහො­ඳතා ඇති වේ. ඉව­සී­මෙන් ක්‍රියා කළ යුතු වේ. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් අය­හ­පත් නොවුව ද මුදල් ඉතිරි කර­ගැ­නීම තර­මක් අප­හසු වේ. විය­දම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­ව­ලදී ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ඉව­සී­මෙන් ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා වෙහෙ­සෙයි.

අධ්‍යා­පන අංශ­වල දී ඉගෙ­නී­මට පරි­බා­හිර දේව­ලට හිත ඇදී යයි. උන­න්දුව සහ කැප­වීම අව­ශ්‍යයි. උගුර, බෙල්ල ආශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බාධ යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ධනු

 තාක්ෂ­ණික කාර්මික  අංශ­ව­ල­ ඉ­ගෙ­න­ගන්නා අයටයහ­පත්

ලග්නා­ධි­පති ගුරු, සිකුරු, බුධ 12, ශනි, කේතු ලග්නයේ, රාහු 7, සඳු 2, කුජ 10 ගෝච­රය වේ. රවි අය­ස්ථා­න­යේය. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා අංශයේ දී තම කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා සහ අව­හි­රතා ඉස්මතු වේ. උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල උදා වනු ඇත. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් මිශ්‍ර­ප­ලයි. ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී සාමාන්‍ය වේ. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා අව­ධා­න­යෙන් සිටිය යුතුයි. ඉගෙ­නීම් කරන අයට තාක්ෂ­ණික කාර්මික අංශ­ව­ලට යහ­පත්ය. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ ඇති කළ හැකිය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර

රැකියා අංශ­වල සුළු බාධා අව­හි­රතා

ලග්නා­ධි­පති ශනි, කේතු 12, රාහු 6, ගුරු 11, බුධ, සිකුරු සමඟ ද සිටී. රවි 10ය. මෙම ග්‍රහ චලි­ත­යන් ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා අංශ­වල දී සුළු සුළු බාධා අව­හි­රතා ඉස්මතු කළත් ඒවා මැඬ­ප­ව­ත්වා­ගෙන ක්‍රියා කිරී­මෙන් සාර්ථක පල ලැබිය හැකිය. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් යහ­පත්ය.

විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථි­කය යහ­පත්ය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය වේ. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ.

දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලැබේ. ඉගෙ­නීම් කරන අයට සිය උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. රුධිර පීඩ­නය, පපුව ආශ්‍රිත රෝග­ව­ලට ඉඩ පවතී.

 

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

කුම්භ

සම­පල සහිත සති­යක්

 

ලග්නා­ධි­පති ශනි, කේතු අය­ස්ථා­න­යේය.

රාහු 5, රවි 9, ගුරු, බුධ, සිකුරු 10 ගම­න්ගනී. කුජ 8 ය.

එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍ර ගැන බැලීමේ දී සුළු බාධා ඇතත් සිය උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­ඵල ලබනු ඇත. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් සාමාන්‍ය වේ. ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය වේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා වෙහෙස මහන්සි වීමට සිදු වේ. ඉගෙ­නී­මට අවශ්‍ය ඉඩ­කඩ යහ­පත්ය. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ බලපෑ හැකිය.

 

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

මීන

 අධ්‍යා­පන කට­යුතු සාර්ථ­කයි

ලග්නා­ධි­පති ගුරු භාග්‍ය­ස්ථා­නයේ බුධ, සිකුරු සමඟ සිටි. ශනි, කේතු 10, රාහු 4, කුජ 7 ගෝච­රය වේ.

එම ග්‍රහ පිහි­ටීම් තුළ වෘත්තීය සහ රැකියා අංශ­වල කිසි­යම් සාර්ථක ප්‍රත­ඵල ලැබුණ ද විටින් විට බාධා අව­හි­රතා එල්ල වේ.

ආර්ථික වශ­යෙන් යහ­පත් වුව ද විය­දම් අධි­කයි. තමාට නොගැ­ළ­පෙන අය සමඟ ආශ්‍ර­යට යෑමෙන් වළ­කින්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ඉව­සී­මෙන් බුද්ධි­මත්ව ක්‍රියා කිරී­මෙන් සම­ඟිය සාමය සුර­ක්ෂිත කර­ගත හැකිය. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නීම් කරන අයට යහ­පත්ය.

අධ්‍යා­පන කට­යුතු සාර්ථක වේ. රුධිර පීඩ­නය, පපුව, පෙණ­හැල්ල අශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

Comments