අනා­ග­තය ඇසීම | සිළුමිණ

අනා­ග­තය ඇසීම

 

 

සුම­න­දාස අබේ­ගු­ණ­ව­ර්ධන යනු වත්මන් ජන­ප­ති­ව­රණ ක්‍රියා­ව­ලිය තුළ කතා­බ­හට ලක් වන නමක් නොවේ. එහෙත් 2015 ජන­ප­ති­ව­ර­ණ­යේදී ඔහුට හිමි වූයේ කැබි­නට් ඇමැ­ති­ව­ර­ය­කු­ටත් වඩා වැද­ගත් වූ ප්‍රධාන චරි­ත­යකි. එව­කට ජන­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ නොනිල ‘රාජ­කීය දෛව­ඥයා’ ලෙස නිය­මිත කාල­යට ප්‍රථම ජන­ප­ති­ව­ර­ණ­යක් පව­ත්ව­න්නැයි උප­දෙස් දුන්නේද ඒ ජන­ප­ති­ව­ර­ණය සඳහා දින­යක් නියම කළේද ඔහුය.

නොනිල ‘රාජ­කීය දෛව­ඥයා’ ලෙස අබේ­ගු­ණ­ව­ර්ධන මහතා වසර ගණ­නා­වක් පුරාම රාජ­පක්ෂ පාල­න­යෙන් නොමඳ සැල­කුම් ලැබු­වේය. ‘දේශ­බන්ධු’ ගෞරව නාමය, නේෂන්ස් ට්‍රස්ට් බැංකු­වේත් ජාතික ඉති­රි­කි­රීමේ බැංකු­වේත් අධ්‍යක්ෂ ධුර ඔහුට රාජ­පක්ෂ පාල­න­යෙන් ලැබුණු තුටු­ප­ඬුරු අතර විය. 2007දී ඔහුට මහින්ද රාජ­පක්ෂ ජන­ප­ති­ව­ර­යා­ගෙන් ලැබුණු මිලි­යන 8.2ක් (ලක්ෂ 82ක්) වටිනා මෝටර් රථය සඳහා බදු මුදල් ගෙව්වේ රාජ­ප­ක්ෂ­ව­රුන්ම නිර්මා­ණය කළ මිහින් ලංකා සමා­ගම විසිනි.

2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට මහින්ද රාජ­පක්ෂ මහතා අව­තීර්ණ වූයේත් එහිදී ඔහු ක්‍රියා­ත්මක වූයේත් දෛවඥ උප­දෙස් සිය­යට සිය­යක් පිළි­ප­දි­මිනි. එහෙත් ඔහු ඒ ජන­ප­ති­ව­ර­ණ­යෙන් පරා­ජය ලැබීය. පරා­ජ­යෙන් පසු ජයික් හිල්ටන්හි පැවති මාධ්‍ය හමු­වේදී “ඔබ තව­මත් නක්ෂ­ත්‍රය විශ්වාස කර­න­වාද?” යි මාධ්‍ය­වේ­දි­යකු ඇසූ විට හිටපු ජන­ප­ති­ව­රයා පිළි­තුරු දුන්නේ “දැන් මම විශ්වාස කරන්නේ නැහැ” (Now, I don’t) යනු­වෙනි.

බුදුන් වහන්සේ සාම­ඤ්ඤ­ඵල සූත්‍රයේ නක්ෂ­ත්‍රය ප්‍රමුඛ සක­ලා­කාර අද්භූත විශ්වාස හඳු­න්ව­නුයේ ‘තිර­ශ්චීන කලා’ ලෙසය. මහින්ද රාජ­පක්ෂ මහතා තව­මත් මේ ‘තිර­ශ්චීන කලා­වල’ ඇලී-ගැලී සිටි­න­වාද නැද්ද යන්න කිව නොහැ­කිය. සහ­තික වශ­යෙන්ම කිව හැක්කේ ඔහුගේ බාල සොහො­යුරා හා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජන­පති අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නම් මෙම ‘තිර­ශ්චීන කලා’ හිස් මුදු­නින් පිළි­ගන්නා බවයි.

මෙය අනු­මා­න­යක් නොවේ; සාක්ෂි සහිත නිය­ත­යකි. අද්භූත විශ්වා­ස­ව­ලට තම මැති­ව­රණ ප්‍රකා­ශ­නයේ තැනක් දුන් ලංකාවේ (හා ඇතැ­ම්විට ලෝකයේ) එකම ජන­පති ධුර අපේ­ක්ෂ­කයා වීමේ (අ)ගෞර­වය හිමි වනුයේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ටය. ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ‘ඔබට රටක් - රටට හෙටක්’ ජන­ප­ති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ ‘ගුණ­ග­රුක වින­ය­ග­රුක නීති­ග­රුක සමා­ජ­යක්’ නම් වූ නව­වන පරි­ච්ඡේ­දයේ ‘සංස්කෘ­තිය කලාව හා සාහි­ත්‍යය’ යන උප-සිරස යටතේ මෙලෙස සඳ­හන් වේ:

“ශාන්ති­ක­ර්ම­වේ­දීන්: සංස්කෘ­තික අමා­ත්‍යාං­ශය යටතේ සාම්ප්‍ර­දා­යික බලි­තො­විල් ශිල්පීන් ඇතුළු ශාන්ති­ක­ර්ම­වේ­දීන්ගේ ගැටලු සොයා-බලා කට­යුතු කිරී­මට නියා­මන ඒක­ක­යක් ස්ථාප­නය කරන අතර, දේවාල ආශ්‍රිත හා ශාන්ති­කර්ම කට­යුතු සඳහා අවශ්‍ය සම­හර අමු­ද්‍රව්‍ය හා උප­ක­රණ ළඟ තබා­ගැ­නී­මට නීත්‍ය­නු­කූල අව­සර ගැනීමේ ක්‍රම­යක් සකස් කෙරේ.”

‘තොවිල් ශිල්පීන්’ ලෙස ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ජන­ප­ති­ව­රණ ප්‍රකා­ශ­නයේ හඳු­න්වනු ලබන්නෝ යකැ­දුරෝ හෙවත් කට්ට­ඩි­යෝය. ජන­තාව මෙවැනි විශ්වාස මත පද­නම්ව තම පෞද්ග­ලික ජීවි­තයේ කට­යුතු කිරීම ඔවුන්ගේ අයි­ති­යකි. හෙත් මෙවැනි ක්‍රියා මැති­ව­රණ දේශ­පා­ල­න­යට හා ඊටත් ඔබ්බට ගොස් රාජ්‍ය පාල­න­යට සම්බන්ධ කර­ගැ­නීම යනු රට ශත­වර්ෂ කිහි­ප­ය­කින් ආප­ස්සට ගෙන යෑමක් නොව­න්නේද?

යකැ­දු­රුන්ට හා දේවා­ල­වල කපු­වන්ට අවශ්‍ය ‘සම­හර අමු­ද්‍රව්‍ය හා උප­ක­රණ’ නීත්‍ය­නු­කූ­ලව ළඟ තබා­ගැ­නී­මට ඉඩ සැල­සී­මක් ගැන ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ සඳ­හන් වේ. මෙයින් රාජ­පක්ෂ මහතා අද­හස් කරන්නේ කුමක්ද? මේ ‘නීති­වි­රෝධි අමු­ද්‍රව්‍ය හා උප­ක­රණ’ මොන­වාද? ‘නීති­වි­රෝධි අමු­ද්‍රව්‍ය’ යනු මිනී­අළු, මිනී­ඔළු හා අනෙ­කුත් මිනිස් අව­ය­වද? ‘නීති­වි­රෝධි උප­ක­රණ’ යනු මේ අමු­ද්‍රව්‍ය ලබා­ගැ­නීම සඳහා අවශ්‍ය බඩු­බා­හි­රා­දි­යද? රාජ­පක්ෂ මහ­තාගේ සැලැස්ම, ‘තොවිල් ශිල්පීන්ට’ නීත්‍ය­නු­කූ­ලව මෘත­දේහ සැප­යිය හැකි ක්‍රම­වේ­ද­යක් නිර්මා­ණය කිරී­මද? නැත හොත් සුදු­වෑ­න්ව­ලින් තොවිල් බිමට යා හැකි මාර්ග­යක් හෙළි­පෙ­හෙළි කිරී­මද?

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජන­ප­ති­ව­ර­ණ­යට පෙර යළිත් මාධ්‍ය හමු­වක් පැවැ­ත්වුව හොත් මේ ‘අමු­ද්‍රව්‍ය’ හා ‘උප­ක­රණ’ මොන­වා­දැයි අසා තෝරා-බේරා­ගැ­නී­මට හැකි­යාව ලැබෙනු ඇත.

‘වූඩූ’ දේශ­පා­ල­නය හෙවත් යකැ­දුරු අවිය

කැරි­බි­යානු දූප­තක් වන හයිටි රාජ්‍යය වසර 29ක් පාල­නය කළේ ඩුවැ­ලි­යර් පිය-පුතු දෙපො­ළයි. පියා පපා ඩොක් ඩුවැ­ලි­යර් (Papa Doc Duvalier) යනු­වෙන්ද, ඔහුගේ පුතු බේබි ඩොක් ඩුවැ­ලි­යර් (Baby Doc Duvalier) යනු­වෙන්ද ජන­තාව අතර හැඳි­න්විණි.

ඩුවැ­ලි­යර් පිය-පුතුන් ගෙන-ගියේ ඒකා­ධි­පති පවුල් පාල­න­යකි. 1950 දශ­කයේ මැද වන විට හයිටි දේශය දේශ­පා­ලන වශ­යෙන් පැව­තුණේ අස්ථා­වර තත්ත්ව­ය­කය. ෆ්‍රන්සුවා ඩුවැ­ලි­යර් 1957 ජන­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූයේ ජාති­ක­වා­දය තම ප්‍රධාන දේශ­පා­ලන අවිය කොට­ගෙන ස්ථාවර රටක් බිහි කරන බව පොරොන්දු වෙමිනි. ජන­ප­ති­ව­ර­ණ­යෙන් ජය ගත් වහා ඔහු තම දේශ­පා­ලන විරු­ද්ධ­වා­දීන් මර්ද­නය කළේය; තමන්ට මියෙන තුරු බලයේ සිටී­මට ඉඩ සල­සන ව්‍යව­ස්ථා­වක් නිර්මා­ණය කළේය. 1959දී ඔහු රාජ්‍ය ආර­ක්ෂාවේ නාම­යෙන් විශේෂ සන්නද්ධ භට කණ්ඩා­ය­මක් ස්ථාපිත කළේය. මේ භට කණ්ඩා­යමේ නායක‍යෝ බොහෝ දෙනෙක් වූඩු පූජ­කයෝ (Voodoo priests) වූහ. ශ්‍රී ලංකාවේ යකැ­දු­රන්ට මේ වූඩු පූජ­ක­යන් සම කළ හැකිය. නව භට පිරිසේ කාර්ය­භා­රය වූයේ හයිටි සමා­ජය බිය ගන්වා ඩුවැ­ලි­යර් පාල­න­යට නතු කිරී­මයි.

මේ නව භට පිරිසේ සැබෑ ස්වභා­වය වට­හා­ගත් විගස හයිටි ජන­තාව ඔවුන්ට නමක් නිර්මා­ණය කළෝය. ඒ ‘Tonton Macoutes’ යන්නය. ප්‍රංස යෙදු­මක් වූ මෙහි තේරුම ‘ගෝණි මාමා’ යන්නය. තමාගේ අකී­කරු ඥාති පුත්‍ර­යන් ගෝණි­යක දමා­ගෙන ගොස් උදේ ආහා­රය ලෙස ගන්නා ‘මාමා’ කෙනකු පිළි­බඳ කථා­වක් හයිටි ජන­ප්‍ර­වා­දයේ අඩං­ගුය. හයිටි ජන­තා­ව­ගෙන් අති-බහු­ත­රය වූඩූ­වල අඩංගු භූත­යන්, පිල්ලි වැනි දේ විශ්වාස කරති. වූඩූ පූජ­ක­යන් දේශ­පා­ලන බල­වේ­ග­යක් බවට පත් කර­ගැ­නී­මෙන් ඩුවැ­ලි­යර් පිය-පුතුන් අර­මුණු කළේ හයිටි ජන­තා­වගේ මේ බිය­මුසු විශ්වා­සය තම බලය තහ­වුරු කර­ගැ­නී­ම­ටත් තම විරු­ද්ධ­වා­දීන් විනාශ කිරී­ම­ටත් වූ බව හයිටි ඉති­හා­සය සලකා බැලී­මෙන් පැහැ­දිලි වේ. ඩුවැ­ලි­ය­ර්ව­රුන්ගේ අණ­ස­කට යන්ත­මින් හෝ පිටු­පාන හයිටි වැසි­යන්ට එරෙ­හිව දරුණු ප්‍රච­ණ්ඩ­ත්ව­යක් Tonton Macoutes සංවි­ධා­නය ක්‍රියා­ත්මක කළේය. ඔවුන් දුන් දඬු­වම් අතර ගල් ගසා මරා­දැ­මීම හා පණ­පි­ටින් වැළ­ලී­මද අඩංගු විය. හයිටි ජන­තා­ව­ගෙන් බහු­ත­රය Tonton Macoutes සංවි­ධා­නය තම සතු­රන් ලෙස සැල­කූහ. එහෙත් ඊට විරු­ද්ධව කිසි­වක් කිරී­මට ඔවුහු බිය වූහ. හේතුව එකී නාය­ක­ත්වයේ සිටි වූඩූ පූජ­ක­යන් තමන්ට හා තම නෑ-හිත­ව­තුන්ට එරෙ­හිව යක්ෂ හා පිල්ලි යොද­ව­තැයි තිබූ බියයි. ඩුවැ­ලි­යර් පිය-පුතුන්ට වසර 29ක් තම පාල­නය ගෙන යෑම සඳහා අවි­බ­ලය හා ඇමෙ­රි­කානු සහාය තර­ම­ටම මේ වූඩූ දේශ­පා­ල­න­යද මහෝ­ප­කාරි විය. තම මාලි­ගය ආරක්ෂා කිරී­මට පිල්ලි හමු­දා­වක් සිටින බවට බොරු පුව­තක් ෆ්‍රන්සුවා ඩුවැ­ලි­යර් ජන­ප­ති­ව­රයා විසින් නිර්මා­ණය කොට ප්‍රචා­රය කරන ලද්දේ ජන­තාව භීති­යෙන් තැති ගන්වා තම බලය රැක­ගැ­නීමේ ක්‍රම­යක් ලෙසිනි.

මෙරට දේශ­පා­ල­කයෝ බලය අත් කර­ගැ­නී­මත් බලය රැක­ගැ­නී­මත් පිණිස එදා සිටම ජාතිය හා ආගම අවි­යක් කර­ගත්හ. මහින්ද රාජ­පක්ෂ ජන­ප­ති­ව­රයා මේ පොදු සම්ප්‍ර­දා­යෙන් ඔබ්බට යමින්, නක්ෂ­ත්‍ර­යද දේශ­පා­ල­නී­ක­ර­ණය කළේය. 2015 ජන­ප­ති­ව­රණ සමයේ රාජ්‍ය විද්යුත් මාධ්‍ය නක්ෂ­ත්‍ර­ක­රු­වන් බුරුතු පිටින් කැඳවා ඔවුන් සමඟ දේශ­පා­ලන කතිකා පැවැ­ත්වූයේ ඒ අනු­වය.

දැන් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සැර­සෙ­නුයේ තම දෙටු සොහො­යු­රා­ටත් වඩා අන්ත­යට ගොස් තොවිල්, හූනි­යම් හා කොඩි­වින තම දේශ­පා­ලන අවි බවට පත් කර­ගැ­නී­ම­ටද?

මහින්ද රාජ­පක්ෂ පාල­නය තුළ රාජ­පක්ෂ විරෝධි වීම දේශ­ද්‍රෝ­හි­ත්ව­යට සම විය. ඊළාම් යුද්ධය නිමා කිරී­මේදී ප්‍රමුඛ කාර්ය­යක් ඉටු කළ ජන­රාල් සරත් ෆොන්සේකා දේශ­ප්‍රේ­මයේ හිණි­පෙත්තේ සිට දේශ­ද්‍රෝ­හි­ත්වයේ පතු­ල­ටම ඇද-දැම්මේ එලෙ­සය. ඔහු රාජ­ප­ක්ෂ­ව­රුන්ට දේශ­පා­ල­නි­කව එදිරි වූ දා සිටම රටට ද්‍රෝහි වූවකු ලෙස හංවඩු ගැසිණි. රටේ පව­තින නීති­යට අනුව 2010 ජන­ප­ති­ව­රණ ව්‍යාපා­රය තුළ ෆොන්සේකා මහ­තාට නිල වශ­යෙන් ආර­ක්ෂාව සැපයූ හමුදා භට­ය­න්ගෙන් පවා රාජ­ප­ක්ෂ­වරු පලි ගත්හ. ජන­ප­ති­ව­රණ ප්‍රති­ඵල නිකුත් කිරී­මෙන් පසු මේ හමුදා භට­යන් කොළඹ සින­මන් ලේක්ස­යිඩ් හෝට­ලය ඉදි­රි­පිට දණ­ගස්වා තබා ඉන් පසු ඔවුන් අත්පා යද­ම්ව­ලින් බැඳ රැගෙන යෑමට අණ දුන්නෝ රණ විරු­වන් ගැන කථා කරන රාජ­ප­ක්ෂ­ව­රු­මය.

රාජ­පක්ෂ විරෝ­ධය එදා දේශ­ද්‍රෝ­හි­ත්ව­යට සම කළාක් මෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සැර­සෙ­නුයේ තමාට විරුද්ධ වන්න­වුන්ට එරෙ­හිව කොඩි­වින, හදි­හූ­නි­යම් කර­වී­ම­ටද?

බුදුන් වහන්සේ වදාළ ධර්ම­යට අනුව නම් මෙවැනි දේ මිථ්‍යා ඇද­හි­ලිය. එහෙත් අපේ සමා­ජයේ විශාල පිරි­සක් මේවා බුදු­බ­ණ­ටත් වඩා භක්ති­යෙන් අද­හන බව පිළි­ගත යුතුය. යකැ­දු­රන්ගේ හා ශාන්ති­ක­ර්ම­වේ­දීන්ගේ ගුප්ත පිළි­යම් ක්‍රියා­ත්මක කිරී­මට ගිය රෝගීන් මිය ගිය අවස්ථා රැසක් ගත වූ වසර ගණ­නා­වේම වාර්තා විය. එවන් මිථ්‍යා මත අද­හන ජන­කො­ටස් යට­හත්-පහත් ලෙස තබා­ගැ­නී­මට කොඩි­වින හා හූනි­යම් වැනි දෑ වෑන් තරම්ම සාර්ථක වනු ඇතැයි අනු­මාන කළ නොහැ­කිද? යකැ­දු­රන් දේශ­පා­ල­න­යට හා රාජ්‍ය පාල­න­යට ගෙන ඒමෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා උත්සාහ කරන්නේ ඩුවැ­ලි­යර් පිය-පුතුන්ගේ වූඩූ දේශ­පා­ල­න­යට සමාන හදි­හූ­නි­යම් දේශ­පා­ල­න­යක් ලංකාවේ ක්‍රියා­ත්මක කිරී­ම­ටද?

මෙවැනි දෙයක් 21 වැනි සිය­වසේ ලංකාවේ නොවිය හැකි බව ඇතැ­මුන් කිව හැකිය. එවැ­න්න­වුන් කල්ප­නා­වට ලක් කළ යුතු කාර­ණ­යක් තිබේ. ප්‍රධාන ජන­පති අපේ­ක්ෂ­ක­යකු තම නිල ජන­ප­ති­ව­රණ ප්‍රකා­ශ­නයේ කට්ට­ඩි­යන්ට තැනක් දෙතැයි ඔවුහු සිතූ­හුද? ඒ අරුම-පුදුම පිය­වර දේශ­පා­ල­නය හා ගුප්ත විශ්වාස බද්ධ කිරීමේ පුළුල් සැලැ­ස්මක ආර­ම්භය විය නොහැ­කිද?

පෙර කිසිදු ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කට වඩා මෙවර ජන­ප­ති­ව­ර­ණය හාස්‍ය (නො)දන­ව­න­සුලු විහිළු නිර්මා­ණය කිරීමේ තෝතැ­න්නක් බවට පත්ව ඇත.

GMOA බළල් අත

රාජ­පක්ෂ පාල­නයේ දුර­ග­න්ධ­තම කුණු­ක­න්දල් ලෙස සැල­කිය හැකි මර්වින් සිල්වා හා සජින් වාස් ගුණ­ව­ර්ධන වැන්න­වුන්ගේ සහාය ගැනී­මට සජිත් ප්‍රේම­දාස මහතා එකඟ වීම මෙයට කදිම උදා­හ­ර­ණ­යකි. මෙවැ­න්න­වුන් ළඟ තබා­ගෙන අලුත් ගම­නක් ගැන කතා කිරීම ඛේද­ජ­නක විහි­ළු­වකි!

ඊටත් වඩා ඛේද­ජ­නක විහි­ළු­වක් වනුයේ රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ප්‍රධා­නියා වූ වෛද්‍ය අනු­රුද්ධ පාදෙ­ණිය ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය එළි­දැ­ක්වීමේ උලෙළේ අති­වි­ශේෂ අමු­ත්තකු ලෙස සහ­භාගි වීමේ පුව­තය. රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය (GMOA) පිළි­බඳ අමුතු හැඳි­න්වීම් අවශ්‍ය නොවේ. මෙරටේ ජන­තා­වගේ බදු මුද­ලින් වෛද්‍ය වෘත්ති­ක­යන් බවට පත්ව, ඒ ජන­තා­ව­ටම එරෙ­හිව වැඩ­ව­ර්ජන අවිය අමෝ­ර­න්නන් ලෙස GMOA හැඳි­න්වීමේ වර­දක් නැත. වරක් ඔවුන් සේවාව වර්ජ­නය කළේ තම දරු­වන්ට සුපිරි පාසල් දෙන ලෙස ඉල්ල­මිනි. තවත් වතා­වක් ඔවුන්ගේ ඉල්ලීම වූයේ තීරු­බදු රහිත වාහ­නය. සුව සැරිය ගිලන් රථ සේවය ඉන්දීය කුම­න්ත්‍ර­ණ­යක් බවත්, ඒ ගිලන් රථ­වල ගිය හොත් කරන්ට් වැදී මැරෙන්න ඉඩ ඇති බවත් කිය­මින් එය ස්ථාපිත වීම වැළැ­ක්වී­මට GMOA උත්සාහ කළේය. පෞද්ග­ලික රෝහ­ල­කට යෑමට වත්ක­මක් නැති අහිං­සක රෝගීන් ප්‍රාණ ඇප­යට ගැනීම GMOA පුරු­ද්දය. හිපො­ක්‍ර­ටීස් ප්‍රති­ඥාව දෙන වෛද්‍ය­ව­ර­යකු කුඩා දරු­වන්, විය­පත් මවු­පි­යන් ඇතුළු අහිං­සක රෝගීන්ට ප්‍රති­කාර අහිමි කරන වැඩ­ව­ර්ජන ක්‍රියා­ත්මක කරන්නේ කෙසේද යන්න සිතා­ගැ­නී­ම­ටත් අසී­රුය.

2015න් පසු වැඩි­පු­රම වැඩ­ව­ර්ජ­නයේ යෙදුණේ GMOA සංවි­ධා­න­යයි. 2015ට පෙර මාලඹේ පෞද්ග­ලික වෛද්‍ය විද්‍යා­ලය පිළි­බඳ කිසිත් නොකළ GMOA නාය­කයෝ 2015න් පසු එය දඩ­මීමා කර­ගෙන රජයේ රෝහ­ල්වල රෝගීන් තළා-පෙළන වර්ජන මාලා­වක් දියත් කළහ. අද රටේ වින­යක් නැති බව රාජ­පක්ෂ විප­ක්ෂය නඟන චෝද­නා­වකි. ගෞර­ව­නීය වෛද්‍ය වෘත්තිය පාර්ලි­මේ­න්තු­ව­ටත් වඩා අවි­නීත තැනක් බවට පත් කළේ GMOA සංවි­ධා­න­යයි.

දැන් එහි නාය­කයා ගෝඨා­භය රාජ­පක්ෂ ජන­පති අපේ­ක්ෂ­ක­යාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය එළි­දැ­ක්වීමේ උලෙ­ළේදී ඔහු අස­ලම අසුන් ගෙන සිටී. GMOA නාය­ක­යන්ගේ දේශ­පා­ල­නය මෙන්ම 2015 සිට මේ දක්වා ඔවුන් පෙන්නුම් කළ වැඩ­ව­ර්ජන උන්මා­දය පිටු­පස වූ යටි අර­මු­ණද මෙයින් හෙළි නොවේද? ‘පුහුල් හොරා කරෙන් දැනේ’ කිය­න්නාක් මෙන් පාදෙ­ණිය - රාජ­පක්ෂ හවු­ලින් හෙළි­ද­රවු වනුයේ රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ බල ව්‍යාපෘ­තියේ අවි­යක් ලෙස වෛද්‍ය වැඩ­ව­ර්ජන යොදා­ගත් බව නොවේද?

රජයේ රෝහ­ල්වල රෝගීන්ට ප්‍රති­කාර කිරීම වර්ජ­නය කර, ඒ රෝගීන් හව්හ­ර­ණක් නැතිව සිටි­යදී මුද­ලට චැනල් ප්‍රති­කාර කළ GMOA නාය­ක­යන් සමඟ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නිර්මා­ණය කිරී­මට සූදා­නම් වනුයේ කවර නම් රටක්ද? GMOA සාමා­ජි­ක­ත්වය දරන වෛද්‍ය­ව­රුන් 18,000ටම මස­කට රු. ලක්ෂ­යක ප්‍රවා­හන දීම­නා­වක් ඉල්ලා වැඩ­ව­ර්ජ­න­යක් සංවි­ධා­නය කළ පාදෙ­ණිය වෛද්‍ය­ව­රයා වැන්න­වුන් සමඟ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නිර්මා­ණය කිරී­මට සැර­සෙ­නුයේ කවර නම් හෙටක්ද?

හූවේ දේශ­පා­ල­නය හා ශ්‍රීල­නි­පය

යකැ­දු­ර­න්ගේත්, මාෆියා සංවි­ධා­න­යට සම කළ හැකි GMOA නාය­ක­ය­න්ගේත් තේරීම ගෝඨා­භය රාජ­පක්ෂ මහතා බව පැහැ­දි­ලිය. එහෙත් ජන­ප­ති­ව­ර­ණය ජය ගැනී­මට නම් ඔහු ශ්‍රීල­නිප සාමා­ජි­ක­ය­න්ගේද තෝරා­ගැ­නීම විය යුතුය.

ශ්‍රීල­නි­පය නිල වශ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට සහාය දීමට තීර­ණය කළද ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සමඟ ශ්‍රීල­නි­ප­යට අනා­ග­ත­යක් නැති බව මේ සතියේ යළිත් වරක් තහ­වුරු විය. මෙවර පොහොට්ටු සාමා­ජි­ක­යන්ගේ හූ හඬට ලක් වූයේ ත්‍රිකු­ණා­ම­ලයේ ශ්‍රීල­නිප සංවි­ධා­ය­ක­ව­රිය වූ ආරි­ය­වතී ගල­ප්පත්ති මහ­ත්මි­යයි. ඇයට තම කථාව කර­ගෙන යෑමට පවා ජන රැලි­යට පැමිණ සිටි පොහොට්ටු සාමා­ජි­ක­යන් ඉඩ දුන්නේ නැත. අව­සා­නයේ කතාව අර­ත­මඟ නතර කිරී­මට ඇයට සිදු විය.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා තව මත් ජන­ප­ති­ව­ර­ණය ජය ගෙන නැත. 2018 පළාත් පාලන ඡන්ද­යේදී ශ්‍රීල­නි­ප­යට සහාය පළ කළ 12%ක් වූ ඡන්ද දාය­ක­යන්ගේ බහු­තර මනා­ප­යෙන් තොරව රාජ­පක්ෂ මහ­තාට ජන­ප­ති­ව­ර­ණය ජය ගත නොහැ­කිය. මෙලෙස රාජ­ප­ක්ෂ­ව­රුන්ට ශ්‍රීල­නිප සහාය අත්‍ය­වශ්‍ය මේ මොහොතේ පවා පොහොට්ටු සාමා­ජි­ක­යන් ශ්‍රීල­නිප නාය­ක­යන්ට සල­කන්නේ මෙත­රම් නින්දිත ලෙස නම් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජන­පති තන­තු­රට පත් වුව හොත් ඔවුන් ශ්‍රීල­නිප සාමා­ජි­ක­යන්ට කෙසේ නම් සල­ක­යිද? එවන් තත්ත්ව­යක් යටතේ පශ්චාත් මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා­වල මුල්ම ගොදුර බවට පත් වනුයේ ශ්‍රීල­නිප සාමා­ජි­ක­යන් බව පැහැ­දි­ලිය.

වින­ය­ග­රුක රටක් බිහි කිරී­මට තමා බල­යට පත් කර­න්නැයි ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පව­සයි. තමාගේ ජන­රැ­ලි­වල පවා විනය රැකිය නොහැකි අපේ­ක්ෂ­ක­යකු රටේ විනය රකින්නේ කෙලෙ­සද? පොහොට්ටු පාක්ෂි­ක­යන් හූ කියන්නේ තමන්ගේ අපේ­ක්ෂ­ක­යාට සහාය දීම සඳහා තමන්ගේ තැනට පැමි­ණෙන ශ්‍රීල­නිප නාය­ක­ය­න්ටය. ශ්‍රීල­නිප නාය­ක­යන් පොහො­ට්ටුවේ රැස්වී­ම්ව­ලට එන්නේද පොහොට්ටු නාය­ක­යන්ගේ ආරා­ධ­න­යෙනි. තමන්ගේ ආරා­ධ­න­යෙන් තමන්ගේ නිවෙ­සට පැමි­ණෙ­න­වුන්ට නින්දා අප­හාස කිරීම අපේ සංස්කෘ­ති­යට සභ්‍ය­ත්ව­යට මුළු­ම­නින්ම විරුද්ධ ක්‍රියා­වකි. පොහොට්ටු සාමා­ජි­ක­යන් රාජ්‍ය බලය නැතිව හැසි­රෙන්නේ මෙලෙස නම්, රාජ්‍ය බලය ලද හොත් ඔවුන් මොනවා නොක­රනු ඇතිද?

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට සහා­යට එන ශ්‍රීල­නිප නාය­ක­යන්ට ඔහුගේ අනු­ගා­මි­ක­යන් හූ තැබී­මෙන් හෙළි වනුයේ කුමක්ද? එක්කෝ අනු­ගා­මි­ක­යන් හූ තබ­නුයේ නාය­ක­යන්ගේ නියෝග නොත­කාය. තම අනු­ගා­මි­ක­යන් පාල­නය කළ නොහැකි නාය­ක­ය­කුට රටක් පාල­නය කළ හැකිද? එසේත් නැති නම් අනු­ගා­මි­ක­යන් හූ තබ­නුයේ නාය­ක­යන්ගේ අනු­දැ­නුම සහි­ත­වය. එසේ නම් රාජ­ප­ක්ෂ­ව­රුන් සැර­සෙ­නුයේ ශ්‍රීල­නි­පයේ සහා­යෙන් බල­යට විත් ශ්‍රීල­නි­පය විනාශ කිරී­මට නොව­න්නේද?

හූ කත­න්ද­ර­යෙන් හෙළි වන ජාතික වශ­යෙන් වැද­ගත් තවත් කාර­ණා­වක් තිබේ. එනම් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජන­පති ධුර­යට පත් වුව හොත් නිර්මා­ණය වන රටේ ස්වභා­ව­යයි. වින­යක් සංය­ම­යක් හැදි­යා­වක් නැති, තමාගේ උද­වු­වට එන­වුන්ට පවා (කාන්තා­වන්ට වුවද) නින්දා පරි­භව කරන රටක් අපට හිමි වනු ඇත. පොහොට්ටු සාමා­ජි­ක­යන්ගේ හූ හඬ යනු ඒ හෙට පුරෝ­ක­ථ­නය කරන කාහල නාද­යයි.

Comments