පාල­ක­යන් වෙනස් නොකර ඔබ වෙනස් වන්න | සිළුමිණ

පාල­ක­යන් වෙනස් නොකර ඔබ වෙනස් වන්න

ශක කිහි­ප­ය­කට පසුව ජනතා විමුක්ති පෙර­මුණ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කර තිබේ. ඒ ජනතා විමුක්ති පෙර­මුණ මූලික කර­ගත් ජාතික ජන බල­වේ­ගය හර­හාය. ජාතික ජන බල­වේ­ගයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත්ව ඇති ජනතා විමුක්ති පෙර­මුණේ නායක අනුර කුමාර දිසා­නා­යක මහතා අද සිළු­මිණ සමඟ දේශ­පා­ලන සංවා­ද­යට එක් වේ.

• ඔබ ජනා­ධි­පති අපේ­ක්ෂක ධුර­යට තරග කරන මාලි­මා­වට, නැත්නම් ජාතික ජන බල­වේ­ග­යට තවත් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නෙක් එක­තුව සහාය දෙන බවට වාර්තා වනවා...

එවැනි එකතු වීමක් සිදු වන්නේ නැහැ, අපි උත්සා­හ­යක් දැරුවා පවත්නා විකල්ප දේශ­පා­ලන කඳ­වුරු එක් තැන් කරන්න නමුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී එවැ­න්නක් සිදු වන්නේ නැහැ, ඉදි­රි­යේදී ඒ කියන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසුව අපි උත්සා­හ­යක් දර­ණවා මේ විකල්ප එක් තැන් කරන්න.

• ඒ කියන්නේ ඒ අය සමඟ සාකච්ඡා කර තිබෙ­න­වාද ඉදි­රි­යේදී යළි එක්වී­මක් සම්බ­න්ධව...

අපි හැම­දාම මේ රට වෙනස් කිරී­මට උත්සාහ දරණ, රටේ ගමන් මඟ වෙනස් කර­මින් ජනතා හිත­වාදී රටක් බිහි කරන්න උත්සාහ දරණ ප්‍රග­ති­ශීලි, වාමාං­ශික දේශ­පා­ලන සංවි­ධාන හා පුද්ග­ල­යින් සමඟ එක්ව කට­යුතු කරන්න සාකච්ඡා කළා. ඉදි­රි­යේ­දීත් අපි උත්සාහ කර­නවා ඒ විකල්ප දේශ­පා­ලන කඳ­වුරු එක් තැන් කරන්න.

• ප්‍රධාන පක්ෂ දෙකේ අපේ­ක්ෂ­ක­යින් බල­යට පත් වීම සම්බ­න්ධව මේ වන විට විවිධ මත සමී­ක්ෂණ පළ වෙනවා, ජාතික ජන බල­වේ­ගය සම්බ­න්ධව එවන් මත සමී­ක්ෂ­ණ­යක් සිදු කර නැත්ද?

මම හිතන්නෙ අපි ලෙහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න අවශ්‍ය නැහැ, එම නිසා මුදල් විනාශ කර­මින්, කලු සල්ලි යොදවා විවිධ සමී­ක්ෂණ ඕනෑ තරම් කරන්න පුළු­වන්. නමුත් අපි ඒ අව­ස්ථාව ජන­තාව දැනු­වත් කරන්න යොදා ගන්නවා.

• ඔබ පසු­ගිය දිනක ප්‍රචා­රක රැලි­ය­කදී පැව­සුවා දුප්ප­ත්කම නැති කිරී­මට හැකි බව, කොහො­මද දුප්ප­ත්කම නැති කරන්නේ....

විශේ­ෂ­යෙන්ම අපි හිත­නවා ජන­තා­වට තිබෙන ආර්ථික ප්‍රභ­ව­යන් පළ­මුව සංව­ර්ධ­නය කළ යුතුයි කියා, උදා­හ­ර­ණ­යක් ලෙස දක්ව­නවා නම් ධීවර ජන­තාව නඟා සිටු­වන්න බැහැ ධීවර ක්ෂේත්‍රය සංව­ර්ධ­නය කරන්නේ නැතිව, ඒ ඒ ආර්ථික ප්‍රභ­ව­යන් සංව­ර්ධ­නය නොකර දුප්ප­ත්කම නැති කරන්න බැහැ. ඒ නිසා පළ­මුව අපි ගන්නා ක්‍රියා මාර්ගය තමයි ඒ ඒ ජන­තා­වගේ ආර්ථික ප්‍රභ­ව­යන් සංව­ර්ධ­නය කිරීම. දෙවැන්න සාම්ප්‍ර­දා­යික ආර්ථික ක්‍රම වෙනු­වට නව තාක්ෂ­ණික ආර්ථික ක්‍රම හඳුන්වා දීම. උදා­හ­ර­ණ­යක් ලෙස කෘෂි­කා­ර්මික ජන­තා­වට, ඒ හා සම්බන්ධ ග්‍රාමීය ජනතා ආර්ථික අවස්ථා නිර්මා­ණය කළ යුතු වෙනවා. සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් බවට පරි­ව­ර්ත­නය කළ යුතු වෙනවා. ඔවුන්ගේ දරු­වන් ලෝකයේ බිහි වන නව තාක්ෂ­ණය හා එක් කළ යුතු වෙනවා. මෘදු­කාංග ඇතුළු තාක්ෂ­ණය කරා ඔවුන් යොමු කළ යුතු වෙනවා. එවන් ක්ෂේත්‍ර ගණ­නා­වක් කෙරෙහි අව­ධා­නය නිසි අයු­රින් යොමු කළ­හොත් දුප්ප­ත්කම දුරැ­ලීම අප­හසු නැහැ.

• විදෙස් ගතව ඉන්න අයත් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට ඡන්දය දෙන්න ඇවිත් කියල දැන ගන්නට තිබෙ­නවා, ඒක පොහො­ට්ටු­වට ලොකු ප්‍රව­ණ­තා­වක් නේද?

මම ගුවන් තොටු­පොළ පැමි­ණීම් පරී­ක්ෂා­වට භාජ­නය කළේ නැහැ. නමුත් මම විශ්වාස කර­නවා, විදෙස් ගතව ඉන්න අයද, විදේ­ශයේ ඉදල එන අයද දේශීය අයද කියා වෙන­සක් නැහැ, අන්ත­යක් කරා ගමන් ගන්නා මේ කඳ­වුරු දෙකම පරා­ජ­යට පත් කළ යුතුයි කියා, තව දුර­ටත් මේ විනා­ශ­කාරී කඳ­වුරු දෙක බල­යට පත් කිරී­මෙන් ජන­තා­වට හෝ රටට වන සෙතක් නැහැ.

• හදි­සි­යේම ආණ්ඩුව කර­ළි­යට ගෙන ආ මිලේ­නි­යම් චැලෙන්ඡ් ගැන ඔබ දරණ අද­හස...

විශේ­ෂ­යෙන්ම මේකට ප්‍රධාන විවේ­චන දෙකක් තිබෙ­නවා. එක් පිරි­සක් එහි වාසිය ජනතා සෙත ගැන කතා කර­නවා. අනෙක් අය කිය­නවා මේක ඉතාම භයා­න­කයි රට විනාශ වෙනවා කියා, අපි දේශ­පා­ලන වාසි තකා ඒ තැන් දෙකේම නැහැ. විශේ­ෂ­යෙන්ම අපි හිත­නවා ඉඩම් නීති සංශෝ­ධ­නය කිරීමේ යෝජ­නාව විශාල අර්බුද මතු කර­ව­න්නක් බව. මේ රටේ ඉඩම් අයි­තිය රැදී ඇත්තේ සංකීර්ණ ඉඩම් අයිති ක්‍රම­වේද නිසයි. එම නිසා ඉඩම් අයි­තිය සම්බ­න්ධව ගෙන එන සංශෝ­ධන වලට අපි කිසි­සේත්ම එකඟ වන්නේ නැහැ.

• හදි­ස්සි­යේම මැති­ව­ර­ණ­යක් අස්සේ ආණ්ඩුව මේ යෝජ­නාව ගෙනාවා, එය දකින්නේ කුම­නා­කා­ර­යෙන්ද? ඡන්ද ගුණ්ඩු­වක්ද?

ඒක ඇත්ත­ටම අහන්න ඕන ගෙනාපු අය­ගෙන්, මං හිතන්නෙ ඒ හරහා ලැබෙන මුදල් පෙන්නලා ආණ්ඩුව උත්සාහ කරන්න ඇති ග්‍රාමීය ජන­තා­වගේ ඡන්දය ගන්න, ඒ වගේම අනෙක් පක්ෂයේ අය උත්සාහ කර­නවා ඒ හරහා බිල්ලෙක් මවා­පාලා ඒ අයගේ ඡන්ද වැඩි කර ගන්න.

• දෙමළ ජාතික සන්ධා­නය සජිත් ප්‍රේම­දාස මහ­තාට සහාය දෙන බව පැව­සුවා, තවත් දෙමළ දේශ­පා­ලන පක්ෂ රැසක් දැන් දැන් එකතු වුණා, ඔහුට වාසි වැඩියි වගේ පේන්නෙ නැත්ද?

ඒ පක්ෂ එකතු වීම විශේ­ෂ­ය­ක්වත් අලුත් දෙය­ක්වත් නෙමෙයි, ඒ සිය­ලුම දෙනා එකම කද­වු­රක අය. දේශ­පා­ල­නයේ අලුත් බවක් අපි නම් දකින්නේ නැහැ,

• නමුත් ඔවුන් කලින් කොන්දේසි 13ක් ඉදි­රි­පත් කළා. ඒක අතු­ළා­ගෙ­නද නැත්නම් ඒවා වෙනත් මාර්ග­ව­ලින් ලබා ගැනීමේ ක්‍රියා­ව­ලි­යක් මෙහි පිටු­පස තිබෙ­නවා කියා ඔබ සිත­න­වාද?

තමන්ගේ ප්‍රශ්න අර­ඹයා යම් ආන්තික විස­ඳු­මක් ගන්න හැම­දාම මේ පක්ෂ ක්‍රියා කළා, අපි බලමු මොකද වෙන්නේ කියලා,

• ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වටා විශාල ජන­තා­වක් එකතු වන බව පේන්නෙ නැත්ද?

ඇත්තෙන්ම ඒ දේශ­පා­ලන කඳ­වු­රෙන් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන දුර්ව­ලම අපේ­ක්ෂ­කයා ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තායි, එම කඳ­වුරේ වරක් චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය ඉදි­රි­පත් වුණා, පසුව මහින්ද රාජ­පක්ෂ මහතා ඉදි­රි­පත් වුණා, ඒ දෙදෙනා එක්ක සංස­න්ද­නය කරන විට ඉදි­රි­පත් වූ දුර්ව­ලම අපේ­ක්ෂ­කයා ලෙස ගෝඨා­භය රාජ­පක්ෂ පෙන්වා දෙන්න පුළු­වන්. එම නිසා ඔහුට සමස්ත ජනා­ධි­පති මැති­ව­රණ ක්‍රියා­ව­ලි­යම කර­න්නට සිදුව ඇත්තේ මහින්ද රාජ­පක්ෂ නැමැති කිහි­ලි­ක­රුවේ ආධා­ර­යෙන්. ඒ නිසා සමස්ත ඡන්ද ව්‍යාපා­රය තුළම ඔහු පෙන්නුම් කර තිබෙ­නවා තනි­වම ප්‍රශ්න­ව­ලට විස­ඳුම් සොයන්න බැරි බව, තනි­වම රටක් පාල­නය කරන්න බැහැ කියන බව. ඒ නිසා රට ගැන, ජන­තාව ගැන අව­බෝ­ධ­යක් නැති අපේ­ක්ෂ­ක­යෙක් ලෙස ඔහු පෙන්වා දෙන්න පුළු­වන්.

• සජිත් ප්‍රේම­දාස හා ගෝඨා­භය රාජ­පක්ෂ යන මේ දෙදෙ­නා­ගෙන් ඔබ හිතන්නේ වඩාත් ජන­තා­වට ළං වී ඇති පුද්ග­ලයා කවු­රුන් කියාද?

අපෝ ,අපිට නම් දෙන්නම එකයි.

• සමාජ මාධ්‍ය හරහා ප්‍රධාන පක්ෂ දෙකම තම ප්‍රචා­රක කට­යුතු කළත් ජාතික ජන බල­වේ­ගයේ එවන් ප්‍රචා­ර­ණ­යක් පෙනෙ­න්නට නැහැනෙ.

මා හිත­නවා සමාජ මාධ්‍ය ප්‍රචා­රක ජාල­යත් මූල්‍ය­මය හැකි­යා­වන් මත රඳා පව­තින බව. කෙසේ වෙතත් විකල්ප මාධ්‍ය­යක් ලෙස සමාජ මාධ්‍යය අපි උප­රි­ම­යෙන් භාවිත කර තිබෙ­නවා. ඒ වගේම ඒ ව්‍යායා­ම­යත් අප ප්‍රශස්ත මට්ට­මක සිටි­නවා කියා අපට හැඟෙ­නවා.

• අපි ඇත්ත කතා කළොත් සජිත් ප්‍රේම­දාස මහතා හෝ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා හෝ දෙන්න­ගෙන් එක් කෙනෙක් නේද බල­යට එන්නේ...

අපි කල­බල විය යුතු නැහැ විනි­ශ්ච­ය­කට යන්න. ලෝකයේ බොහෝ දේශ­පා­ලන පෙරලි සිදුව තිබෙ­නවා. එම නිසා අපි එවැනි පූර්ව නිග­මන වලට නොයා යුතුයි කියා මම හිත­නවා.

• ඇයි ජන­තාව මේ ප්‍රධාන පක්ෂ දෙක වටාම කැර­කෙන්නේ...

සාම්ප්‍ර­දා­යික විදි­හට ජන­තාව පෙළ ගැස්මක් තිබෙ­නවා. නමුත් අලු­තින් හිතන ජන­තාව, විශේ­ෂ­යෙන් තරුණ පර­ම්ප­රාව විශාල වෙන­සක් කරා ගමන් කර­නවා. ජන­තා­වත් වෙන­දා­ටත් වඩා පෙරට එන බවක් අපට පේනවා.

• ඔබ පක්ෂ­යට බලය හිමි වූ කාලයේ පවා ජන­තාව රදා පවත්වා ගන්න බැරි වුණේ ඇයි?

දේශ­පා­ල­නය ඊ ගසක් මෙන් ඉදි­රි­යට යාමක් නැහැ. නිර­න්ත­ර­යෙන් ඉහළ පහළ යනවා. අපේ දේශ­පා­ලන ජය­ග්‍ර­හ­ණ­ව­ලදී මෙන්ම පසු­බෑ­ම්ව­ලදී පවා අපි ඒ සියල්ල මත ඉදිරි දේශ­පා­ලන ගමන් මග සකස් කර ගන්නවා. එම පසු­බෑම් අභි­භවා යාම­ටයි අපි කට­යුතු කරන්නේ. අපි විශ්වාස කර­නවා එම පසු­බෑම් දුර­ල­මින් අපි වේග­යෙන් ඉදි­රි­යට ගමන් කරන බවක්.

• නමුත් ජන­තාව දුරස් වී ඇත්තේ ප්‍රති­පත්ති ගැට­ලු­වක් කියා ඔබ හිතන්නේ නැත්ද?

කිසි­සේත්ම නැහැ, අනෙක් සෑම දේශ­පා­ලන ව්‍යාපා­ර­ය­ක­ටම වඩා ජන­තා­වට හිත­කර ජන­තා­වට සමීප, ඒ වගේම මේ රට ගොඩ ගන්න පුළු­වන් ප්‍රති­පත්ති මාලා­වක් ඉදි­රි­පත් කළේ අපි. ඒ නිසා ජන­තාව අපගේ ප්‍රති­පත්ති කිසි­සේත්ම ප්‍රති­ක්ෂේප කර නැහැ.

• නමුත් ජාතික ජන බල­වේ­ගයේ ක්‍රියා­කා­රීව කට­යුතු කළ වෛද්‍ය­ව­ර­යෙක් ඉල්ලා අස් වුණා? ඔහු ප්‍රසි­ද්ධි­යේම ජාතික ජන බල­වේ­ගය විවේ­ච­නය කළා.....

ඔහු අපේ පක්ෂයේ හිටපු මන්ත්‍රී­ව­ර­යෙක් ඔහු පක්ෂ­යට ලිපි­යක් බාර දී තිබෙ­නවා පෞද්ග­ලික හේතු මත ඉල්ලා අස් වනවා කියා.

• නමුත් ඔහු පැව­සුවේ මේ බල­වේ­ගය ගැන කල­කිරී ඉවත් වුණු බවක්.....

ඔව් එසේ වෙන්න පුළු­වන්, කල­කි­රී­මත් පෞද්ග­ලික හේතු­වක්නෙ.

• ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය ගන්න බැරි වුණොත් ඊ ළග දේශ­පා­ලන අර­මුණ කුමක්ද?

අපේ අපේ­ක්ෂාව ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කිරී­මයි. ඒ නිසා අපි මේ අව­ස්ථාවේ බාහිර කරුණු ගැන සොයා බලන්නේ නැහැ. අපි මේ අව­ස්ථාවේ අර­මුණ කරා යන ගමන මුදුන් පත් කර ගැනී­මට අවශ්‍ය ක්‍රියා මාර්ග ගනි­මින් ඉන්නවා.

• ජන බල­වේ­ගයේ රටේ සංව­ර්ධ­නය සම්බ­න්ධ­යෙන් හා ණය ප්‍රති­ප­ත්තිය කුමක්ද

අපි හොදින් ඉදි­රිපත් කරන තිබෙ­නවා ජාතික ණය කළ­ම­නා­ක­රන සැල­ස්මක් ක්‍රියා­ත්මක කළ යුතු බවට, ඒ වගේම දුප්පත් රටක් බවට පෙරළා ඇති මේ රට පොහො­සත් රටක් බවට පත් කරන ක්‍රම­වේද අපි ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඒ නිසා මං හිත­නවා ණය අර්බුද­යෙන් ගොඩ ඒමත් අපේ රට දුප්ප­ත්භා­ව­යෙන් ගොඩ ඒමත් යන දෙකම නිසි පරිදි ක්‍රියා­ත්මක කිරී­මට ඇති තිර­සාර පැවැ­ත්මත් ඉදි­රි­පත් කර තිබෙන එකම දේශ­පා­ලන ව්‍යාපා­රය ජාතික ජන­බ­ල­වේ­ගය කියා. ඒ හරහා ණය අර්බු­ද­යෙන් ගොඩ එන්නත් පුළු­වන්. ඒ වගේම සංව­ර්ධ­නය කරා යන්නත් පුළු­වන්.

• අධ්‍යා­ප­නය මුද­ලට විකි­ණෙ­නවා කියා ඔබම කිය­නවා, මොකක්ද ඔබගේ අධ්‍යා­පන ප්‍රති­ප­ත්තිය...

පළ­මු­වෙන් මේ රටේ දරු­වන්ට මේ ව්‍යස­න­කාරී පීඩ­න­යෙන් මුද­වා­ගෙන ළමා කාල­යක් දිය යුතු වෙනවා. අධ්‍යා­පන දොර­ටු­වෙන් ඇතුළු වන හැම දරු­වෙක්ම උපා­ධි­යක් සහි­තව හෝ ඩිප්ලෝ­මා­වක් සහි­තව අධ්‍යා­පන දොර­ටු­වෙන් එළි­යට ගැනීමේ ක්‍රම­වේ­ද­යක් නිර්මා­ණය කළ යුතු වෙනවා. ඒ වගේම දරු­වන්ගේ මවු­පි­යන්ට මුදල් තිබෙ­න­වාද නැද්ද යන සාධ­කය අධ්‍යා­ප­නය ලබා දීමට බාධා­වක් නොවිය යුතු තත්ත්ව­යට අධ්‍යා­ප­නය පත් කළ යුතු වෙනවා.

• නමුත් අද පාසල් අධ්‍යා­ප­නය මෙන්ම ටියු­ෂන් අධ්‍යා­ප­න­ය­ටත් මුල් තැන දෙන පිළි­වෙ­තක් තිබෙන්නේ, ඔබ දේශ­පා­ලන ව්‍යාපා­රය යටතේ ටියු­ෂන් අධ්‍යා­ප­න­යට ගන්නා පිය­වර කුමක්ද? අවම වශ­යෙන් ප්‍රමි­ති­යක් හෝ ලබා දෙන­වාද?

නිසි අධ­්‍යා­ප­න­යක් ලබා දෙන පාසල් පද්ධ­ති­යක් සකස් කරන්නේ නම් ටියු­ෂන් අව­ශ්‍ය­තා­වක් පැන නඟින්නේ නැහැ. ඒ නිසා ටියු­ෂන් පංති තහ­නම් කිරීම හෝ ඒවා ප්‍රව­ර්ධ­නය කිරීම හෝ නොව රාජ්‍ය අධ්‍යා­ප­නය නිසි පරිදි දරු­වන්ට ලබා දීමයි අපේ අර­මුණ වන්නේ. එසේ කට­යුතු කිරී­මට හැකි­යාව ලැබු‍ණොත් තව දුර­ටත් පෞද්ග­ලික පංති පව­ත්වා­ගෙන යාමේ අව­ශ්‍ය­තා­ව­යක් නැති වේවි.

• මොකක්ද ප්‍රවා­හන ප්‍රති­ප­ත්තිය.. දිනෙන් දින වැඩි­වන රථ වාහන තද­බ­දය මාකද කරන්නේ..

මේ රටේ පොදු ප්‍රවා­හන පද්ධ­තිය දියුණු කළ යුතුයි. අද පොදු ප්‍රවා­හ­නය භාවිත කරන්නේ 52% පමණ පිරි­සක් පම­ණයි. ඒ කියන්නේ ප්‍රවා­හ­නය භාවිත කරන අය­ගෙන් භාග­ය­කට ආසන්න පිරි­සක් පෞද්ග­ලික ප්‍රවා­හ­න­යට හුරු වෙලා. අප ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි. පොදු ප්‍රවා­හ­නයේ භාවි­තය 80%ක් දක්වා ඉහළ නැංවිය යුතු වනවා. ඒ සඳහා ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කළ හැකි පොදු ප්‍රවා­හන සැලැ­ස්මක් අපි ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඒ හරහා ප්‍රවා­හ­නය ජන­තා­වට හිත­කර සේවා­වක් වන්නා සේම අධික වාහන තද­බ­ද­යත් නව­ති­නවා.

• අධික බදු බර ඉවත් කරන ප්‍රායෝ­ගික ක්‍රම­යක් තියෙ­න­වද?

අනි­වා­ර්යෙන්ම, මේ ආර්ථි­කය පළල් කිරී­මෙන් පම­ණයි බදු බර ඉවත් කළ හැක්කේ අපේ රටේ ආදා­යම් බදු ලිපි ගොනු 270000ක් තියෙ­නවා. සමස්ත බදු බර ඒ ආදා­යම් ලිපි ගොනු හරහා සොයා ගන්නට උත්සාහ ගන්නේ. ඒ ආදා­යම් බදු ලිපි ගොනු සංඛ්‍යාව තවත් 100000කින් වැඩි කළ හැකියි. සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර ජනතා හිත­වා­දීව මෙන් ආර්ථි­ක­යට වැඩි දාය­ක­ත්ව­යක් ලබා ගත හැකි ලෙසින් වර්ධ­නය කළ යුතුයි. ඒ හරහා සකස් කරනු ලබන නව ක්‍රම­වේ­ද­යක් මත පම­ණයි ජන­තාව පිට පටවා ඇති මේ බදු බර ඉවත් කළ හැක්කේ.

• මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඔබට ඡන්දය ලබා දීම හැර ජන­තා­ව­ගෙන් ඉල්ලන ඉල්ලීම කුමක්ද?

අවස්ථා ගණ­නා­ව­කදී ඔබ රටේ පාල­ක­යින් වෙනස් කළා. නමුත් අවු­රුදු 71ක්ම මේ රටේ වෙන­සක් ජනතා දැනුණේ නැහැ. එම නිසා පාල­ක­යින් වෙනස් කිරී­මට නොගොස් ඔබ වෙනස් වන්න.

 

Comments