රටේ නාය­ක­ත්වය පිළි­බඳ ආත්ම විශ්වා­සය උප­රි­ම­යෙන්ම තිබෙ­නවා | සිළුමිණ

රටේ නාය­ක­ත්වය පිළි­බඳ ආත්ම විශ්වා­සය උප­රි­ම­යෙන්ම තිබෙ­නවා

 

ශ්‍රි ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ සත් වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත් කර­ගන්නා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තව අත්තේ සති­යක කාල­යකි. නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණෙන් හංසයා ලකුණ යටතේ තරග වදින අමාත්‍ය සජිත් ප්‍රේම­දාස මහතා සිළු­මිණ වෙනු­වෙන් ලබා­දුන් විශේෂ සාක­ච්ඡාව මෙසේ පළ කරමු.

 

ජන­ප­ති­ව­ර­ණ­යට තව ඇත්තේ දින කිහි­ප­යක් පම­ණයි. ජනා­ධි­ප­ති­ව­රණ ව්‍යාපා­රයේ වැඩිම පිරි­සක් හමු වුණු, වැඩිම රැස්වීම් ගණ­නක් ඇමතූ එකම අපේ­ක්ෂ­කයා ඔබයි. ඔබ ලබන ජනතා ප්‍රති­චා­රය ගැන මුලින්ම කතා කළොත්?

මගේ සිය­ලුම රැස්වීම් ප්‍රමා­ණය ගත­තොත් 150කට වැඩියි. පසු­ගිය කාල­යේදී රටේ සැම කොන­කම සෑම තරා­ති­ර­ම­කම ජන­තාව දහස් ගණ­නක් මා හමු­වෙලා තිබෙ­නවා. ඔවු­න්ගෙන් මම බලා­පො­රොත්තු නොවූ ආකා­රයේ උණු­සුම් පිළි­ගැ­නී­මක් ප්‍රති­චා­ර­යක් තිබෙ­නවා. විශේ­ෂ­යෙන්ම 2005ට පස්සේ එක්සත් ජාතික පක්ෂ­යෙන් එන අපේ­ක්ෂ­කයා ලෙස මා ගැන ලොකු බලා­පො­රො­ත්තු­වක් ඔවුන් තුළ තිබෙ­නවා. එක්සත් ජාතික පාක්ෂි­ක­යන්ට අම­ත­රව මේ රටේ මෙතෙක් පක්ෂ බදා­ගෙන නොසිටි තරුණ පිරිස, ඒ වගේම ඔවුන් විශ්වාස කළ දේශ­පා­ලන දර්ශ­නය ගැන තිබු විශ්වා­සය පලුදු කර­ගත් විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය­යන් වගේ අයත් මේ වන විට මගේ සහා­යට පැමිණ සිටි­නවා. සෑම රැස්වී­ම­ක­දීම මට ලැබෙන ප්‍රති­චා­රය ඉතාම ඉහ­ළයි. ඒ ප්‍රති­චා­රය කිසිදු විවේ­ක­යක් නැති මේ මැති­ව­රණ ව්‍යාපා­රයේ වෙහෙස පවා මොහො­ත­කින් නැතිව යන තරම් එකක්.

 

ඔබේ මේ මැති­ව­රණ ව්‍යාපා­රයේ සාර්ථ­ක­ත්ව­යට ප්‍රධා­න­තම වශ­යෙන් බල­පෑවේ කුමන කරු­ණුද?

රටට අලුත් නාය­ක­ත්ව­යක අව­ශ්‍ය­තාව තිබුණා. රටම එම අලුත් නාය­ක­ත්වය ඉල්ලුවා. මෙතැ­නදී එක්සත් ජාතික පාක්ෂි­ක­යන් ගැනත් විශේ­ෂ­යෙන්ම සඳ­හන් කළ යුතුයි. ඔවුන් තුළ මා ගැන යම් අපේ­ක්ෂා­වක් තිබුණා. ඔවුන් සජිත් ප්‍රේම­දාස ඉල්ලුවා. ඊළඟ ජනා­ධි­ප­ති­ව­රයා විය යුත්තේ එක්සත් ජාතික පක්ෂ­යෙන් සජිත් කියන එක ඔවුන් දිගින් දිග­ටම කිව්වා. ඒ බව පක්ෂ නාය­ක­ත්ව­යද පිළි­ගත්තා. කිසිදු අති­රේක ප්‍රති­ලා­භ­යක් නැතිව සම­හර විට අසී­රු­වෙන් තමන්ගේ දෛනික ආදා­යම් මාර්ග පවා අම­තක කරලා මගේ රැස්වී­ම්ව­ලට මිනිස්සු ආවා. වත්තේ රබර් කපන්නේ නැතිව, තේ දලු ටික කඩන්නේ නැතිව හේනට යන්නෙ නැතිව ඔවුන් මා වෙනු­වෙන් මගේ රැස්වී­ම්වල පෙළ ගැසුණා. ඒ පෙළ­ගැ­සී­මට නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ හැටි­යට මේ මැති­ව­රණ ව්‍යාපා­රය තුළ පෙළ ගැසී සිටින සිය­ලුම මැති­ඇ­මැ­ති­වරු, පළාත් සභා මන්ත්‍රී­ව­රුන් පළාත් පාලන ආය­තන නියෝ­ජි­ත­යන් ආදී සිය­ලුම මහ­ජන නියෝ­ජි­ත­යන් විශාල සහ­යෝ­ග­යක් ලබා දෙනවා. එයත් මේ සාර්ථ­ක­ත්ව­යට හේතු­වක්.

 

රට පුරා ගමන් කරද්දී හමු වුණු ප්‍රති­චාර අනුව රටේ ඊළඟ ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ජන­තාව මූලික වශ­යෙන් ඉල්ලා සිටින්නේ මොන­වාද?

මූලික වශ­යෙන් ඔවුන්ට නිද­හසේ කාලා ඇඳලා තම තමන්ගේ රැකියා ව්‍යාපාර කර­ගෙන බය නැතිව ඉන්න පුළු­වන් රටක්. පොඩි දේක­ටත් මැර හමුදා කඩා වදින්නේ නැති සුදු වෑන් එන්නේ නැති සිය­ලුම ජන­තා­වට නිද­හසේ එකට සිටිය හැකි රටක්. ඊට වඩා ලොකු දෙයක් ගැන ඉල්ලීම් නැහැ.

ඔවුන් විශ්වාස කරන්නේ එවැනි රටක් ලබා­දිය හැක්කේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂ­යෙන් පත් වෙන ජනා­ධි­ප­ති­ව­ර­යට විත­රයි කිය­ලයි.

 

2015 ජන­වා­රියේ සිට මේ රටේ ජන­තාව හිමි කර­ගත් ප්‍රජා­ත­න්ත්‍රීය අයි­තීන් සහ ඔවුන්ගේ නිද­හස තව­දු­ර­ටත් තහ­වුරු කිරී­මට ඔබ ජනා­ධි­පති ධුර­යට පත් වූ වහා ගන්නා කඩි­නම් පිය­වර මොන­වාද?

එකක් ජාතික ආර­ක්ෂාව, ආග­මික අන්ත­වා­දය, දූෂ­ණය , මත්ද්‍රව්‍ය උව­දුර වැනි මේ ජන ජීවි­ත­යට බල­පාන බර­ප­තළ ප්‍රශ්න විස­ඳීම සඳහා අප ඉක්ම­නින්ම පිය­වර ගන්නවා. සැබෑ යුද විරුවා වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහ­තාට රටේ ආර­ක්ෂාවේ වග­කීම මම බාර දුන්නා. ආර්ථික ප්‍රශ්නය විසඳා දූගි දුප්ප­ත්කම තුරන් කිරීම මගේ තවත් ප්‍රධාන කාර්යක්. ඒ සඳහා තිර­සාර වූ සැල­සුම් අප මේ වන විට සකස් කොට තිබෙ­නවා. ඒ සඳහා මගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය තුළත් අදාළ කරුණු සවි­ස්ත­රව ඇතු­ළත් කොට තිබෙ­නවා.

ඔබ කතා කරන්නේ ප්‍රජා­ත­න්ත්‍රීය අයි­තීන් ගැන නම් එහිදී අප පාර්ලි­මේන්තු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට කට­යුතු කර­නවා. මගේ නව කැබි­නට් මණ්ඩ­ලය තුළ කිසිදු ආකා­ර­යක දුෂණ චෝදනා ලක්වූ­ව­කුට ඉඩක් ලැබෙන්නේ නැති බව මම කිහිප වරක්ම ප්‍රකාශ කළා. ඒ දේවල් ඒ අාකා­ර­යෙන්ම සිදු­වෙ­නවා.

 

ඔබේ මැති­ව­රණ ප්‍රචා­ර­ණයේ ප්‍රධාන තේමාව වුණේ එක්ව ඉදි­රි­යට කිය­ලයි. එයින් අද­හස් වෙන්නේ අනෙක් ඔබේ ප්‍රධාන පෙළේ ප්‍රති­වා­දීන් තර­ග­යට එන්නේ එක්ව නෙවෙයි කිය­ලද?

මම වෙන අය විවේ­ච­නය කරන්න බලා­පො­රොත්තු වෙන්නේ නෑ. නමුත් අද පේන­වනේ කවුද මේ රටේ එකට ජීවත් වෙන එකට කන බොන සතු­ටින් සාම­යෙන් ඉන්න මිනිස්සු බෙදන්න යන්නේ කියල. මේ බෙදීම් තනි­ක­රම නිර්මා­ණය කරන්නේ දේශ­පා­ල­න­යයි. ඒක කරන්නේ කවුද කියල දැන් එළි­වෙ­මින් තිබෙ­න­වානේ. අන්ත­වා­දයේ නාම­යෙන් හෝ ත්‍රස්ත­වා­දයේ නාම­යෙන් ඔවුන් අතර භේද ඇති කරලා බෙදීමේ උත්සාහ පසු­පස තනි­ක­රම සිටින්නේ මේ දේශ­පා­ලන න්‍යාය පත්‍ර හසු­රු­වන අය . ඒවා දැන් ජන­තා­වට හංගන්න දෙයක් නෑ.

නමුත් එක්සත් ජාතික පක්ෂ­යත් අපේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ සිටින නාය­ක­යන් බැලු­වාම අප තුළ සිය­ලුම පාර්ශ්ව නියෝ­ජ­න­යක් තිබෙ­නවා. චම්පික රණ­වක ඇමැ­ති­තුමා ඉන්නේ අපිත් එක්ක. උඩ­රට දිග­ම්බ­රම් මහ­ත්මයා, රාවුෆ් හකීම් , මනෝ ගනේ­ෂන් ඉන්නේ අපිත් එක්ක. දැන් දෙමළ ජාතික සන්ධා­නයේ සිය­ලුම පාර්ශ්ව­ය­නුත් මට සහාය දෙන බව ප්‍රකාශ කළා. එහෙම කළේ කිසිම කොන්දේ­සි­යක් නැතිව. ඔවුන්ට බල­පෑවේ මේ එක්ව යන ගමන තුළ පව­තින බල­ගතු බව පම­ණයි.

කොහොම වුණත් මම විශ්වාස කරන්නේ මේ රට අනා­ගත ලෝක­යට ගැළ­පෙන ආකා­ර­යට දියුණු කරන්න නම් සංව­ර්ධ­නය කරන්න නම් මෙහෙම එකට නොගි­හින් බෑ. ඒ නිසයි අපේ තේමාව එක්ව ඉදි­රි­යට කියලා නම් වුණේ.

 

විප­ක්ෂය අද­ටත් මැති­ව­රණ වේදි­කා­වල කෑ ගහ­නවා ඔබ දෙමළ ජාතික සන්ධා­නයේ කොන්දේසි 13ට එකඟ වුණා කියලා.?

දෙමළ ජාතික සන්ධා­නය හෝ වෙනත් කිසිම පක්ෂ­යක කොන්දේ­සි­ව­ලට මම එකඟ වෙලා නැහැ. මුලින් කිහිප දෙනෙක් කෑගැ­හුවා තමයි. ඒත් දැන් ඒ හඬ බාල වෙලා. එය බොල් බොරු හඬක් කියල ජන­තාව තේරුම් ගත්තා. අපි ජන­තා­වට ඇත්ත කිව්වට පස්සේ ඔවුන්ට දැන් මට ගහන්න අලුත් චෝදනා හොයන්න වෙලා. මම හිතන්නෙ ඉදි­රි­ය­ටත් ඔවුන්ගේ පච මාධ්‍ය ෆැක්ට­රි­ව­ලින් එක එක බොරු නිෂ්පා­ද­නය කරයි. ඒ හැම එක­ක­ටම උත්තර දෙන්න මම සුදා­නම්. මොකද මට කිසිදු කෙන­කුට හංගන්න දෙයක් නෑ.

 

ඔබ ජනා­ධි­පති වුණත් ඒ පත් වන ජනා­ධි­ප­ති­ව­ර­යාට කිසිදු බල­යක් නැහැ කියන කරු­ණත් අද කතා­බ­හට ලක් වෙනවා. එහෙම වෙයිද?

ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව හරි­යට කියෙව්වා නම් ඒ ගැන දැන­ගන්න පුළු­වන්. ජනා­ධි­පති ධුර­යට තව­දු­ර­ටත් විශාල බල­යක් තිබෙ­නවා. විශේ­ෂ­යෙන් ත්‍රිවිධ හමු­දා­වට අණ දෙන්නේ ජනා­ධි­පති, ආර­ක්ෂක ඇම­ති­කම තියෙන්නේ ජනා­ධි­පති අතේ. ඇමැ­ති­ව­රුන් පත් කිරී­මේදී ජනා­ධි­ප­ති­ව­ර­යාට විශාල බල­පෑ­මක් කළ හැකියි. කොහොම වුණත් 19 වැනි සංශෝ­ධ­නය නිසා පාර්ලි­මේ­න්තු­වට වග කියන රටට හිත­කර ජනා­ධි­පති ධුර­යක් තවම තිබෙ­නවා. මම කිසිදු දව­සක අත්ත­නෝ­ම­තික ලෙස කට­යුතු කිරී­මට සුදා­න­මක් නැති නිසා රටට වැඩ කිරී­මට මේ රටට හොඳ තැන­කට ගේන්න මේ පව­තින බලය හොඳ­ටම ප්‍රමා­ණ­වත්.

 

සජිත් සමාජ විප්ල­වය කියන්නේ මොකක්ද?

මේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය හුදෙක් හිත­ලු­වක් නොවෙයි. අවු­රුදු 25ක මගේ දේශ­පා­ලන ගමනේ මම අත්දුටු අති­විඳි කාරණා බොහෝ­ම­ය­කට විසැ­ඳුම් එම ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ ඇතු­ළත් කරලා තිබෙ­නවා. මේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය සෑදී­මට මේ රටේ උග­තුන් බුද්ධි­ම­තුන් විශාල පිරි­සක් තම තමන්ගේ සම්පත් දාය­ක­ත්වය දැක්වූවා. විවිධ වයස් මට්ට­ම්වල ඔවුන්ගේ අව­ශ්‍යතා පිළි­බඳ සංවේ­දි­තා­වක් අති විවිධ ක්ෂේත්‍ර සම්බ­න්ධ­යෙන් පුළුල් දැනු­මක් කණ්ඩා­ය­මක් මා සමඟ එක්ව මේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය සකස් කළා. එය මගේ දැක්මට අනු­කූ­ලව සැකසු එකක්. මේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය වගේම මා තුළ මේ රට සහ රටේ ජන­තා­වගේ අනා­ග­තය සම්බ­න්ධ­යෙන් පව­තින දැක්ම තුළ සමාජ විප්ල­ව­ය­කට මුල පුරන දේ බොහෝම­යක් තිබෙන බව මේ රටේ විද්ව­තුන් මාධ්‍ය ඔස්සේ අද­හස් දක්වා තිබෙ­නවා. ඒ නිසා මේ රටේ බල­ගතු සමාජ පරි­ව­ර්ත­න­යක් කරන්න පුළු­වන් පසු­බි­මක් මේ තුළ අප නිර්මා­ණය කර­නවා.

 

මේ සමාජ විප්ලව වැඩ­ස­ට­හනේ මූලික දේ ගැන සැකෙ­වින් විස්තර කළොත්?

මා මුලින් ප්‍රශ්න­ය­කදී කිව්වා වගේ අද මේ රටේ සමාජ දේහය වටා වෙළා තිබෙන බර­ප­තළ ප්‍රශ්න කිහි­ප­ය­කට මේ තුළ විස­ඳුම් ලබා දෙනවා. විශේ­ෂ­යෙන් ජාතික ආර­ක්ෂාව. අද අපේ ප්‍රධාන ප්‍රති­වා­දියා සහ ඔහු වටේ සිටින අය කතා කර­න්නේම ජාතික ආර­ක්ෂාව ගැනනේ. ඉතින් අපි­ටත් ඒ වගේම ඒ සම්බ­න්ධ­යෙන් නිශ්චිත දැක්මක් ඇති වැඩ­පි­ළි­වෙ­ළක් තිබෙ­නවා. මේ සම්බ­න්ධ­යෙන් ක්‍රියා කිරී­මට වඩාත්ම සුදුසු පුද්ග­ල­යන් ඉන්නේත් අපිත් එක්ක.

අනෙක මේ රටේ ත්‍රස්ත­වා­ද­යෙන් මම පෞද්ග­ලි­කව පීඩා විඳි කෙනෙක්. මගේ පියා­ණන් මට නැති වුණේ මේ කුරිරු ත්‍රස්ත­වා­දය නිසා. ත්‍රස්ත­වා­දයේ බර­ප­ත­ළ­කම මම පෞද්ග­ලි­ක­වම අත්වින්ඳා.

මගේ මැති­ව­රණ ව්‍යාපා­රයේ මුල්ම රැලිය වෙනු­වෙන් ගාලු මුව­දොර මා දැක්වූ අද­හස ඒ කියන්නෙ තිස් වස­රක යුද්ධය නිමා කළ සටනේ ප්‍රධාන මෙහෙ­යු­ම්ක­රුවා හිටපු යුද හමු­දා­පති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහ­තාට දෙන වග­කීම් ගැන කළ ප්‍රකා­ශය මගේ මැති­රණ සට­නට ප්‍රාණ­යක් ලබා­දුන්නා. ජාතික ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් අප ඉතා ශක්ති­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ඇති කර­නවා.

ඊළ­ඟට තිබෙන ලොකුම ප්‍රශ්නය , මත්ද්‍රව්‍ය. ඒ සඳහා අපිට ප්‍රවේශ දෙකක් තිබෙ­නවා. එකක් කුඩු ජාවා­රම මැඬ­ලීම. ඒ සඳහා අප බල­වත් සේ නීතිය ක්‍රියා­ත්මක කර­නවා. අනෙක මතට ඇබ්බැහි වුණු විශාල තරුණ පිරි­සක් සිටි­නවා. ඔවුන් මේ ආර්ථි­ක­යට ඉතාම වැද­ගත්. ඔවුන්ට ඔවුන්ගේ ජීවි­ත­වල වටි­නා­කම අව­බෝධ කර දී ඔවු­නුත් පුන­රු­ත්ථා­ප­නය කර රටට ඵල­දායී ලෙස සමාජ ගත කිරී­මට අප වැඩ­පි­ළි­වෙළ සකස් කර තිබෙ­නවා.

මත්ද්‍රව්‍ය විරෝධි අධි­ක­ර­ණ­යක් වෙනම ස්ථාප­නය කිරී­මට අප යෝජනා කර තිබෙ­නවා. සුග­ත­දාස ගෘහස්ත ක්‍රීඩාං­ග­ණ­යේදී පසු­ගි­යදා පැවති කාන්තා සමු­ළු­වේදී ප්‍රති­ඥා­වක් දුන්නා. අලු­තින් කිසිදු මත්පැන් හල­කට බල­පත්‍ර දෙන්නේ නැහැ කියලා. එය ඒ ආකා­ර­යෙන්ම ඉටු වෙනවා.

ජන­තාව අතර පව­තින තවත් මත­යක් තමයි අල්ලස සහ දූෂ­ණය නතර කිරීම. එයත් වහා කළ යුත්තක්. ඒ සම්බ­න්ධ­යෙන් පව­තින ආය­තන සිය­ල්ලම සක්‍රීය ව ශක්ති­මත් කර­නවා.

ඊළඟ අව­ශ්‍ය­තාව රටේ ආර්ථි­කය. මේ රටේ ක්ෂුද්‍ර පරි­මාණ ව්‍යව­සා­ය­ක­යාගේ සිට මහා පරි­මාණ ව්‍යව­සා­ය­කයා දක්වා හැම කොට­ස­ක­ටම මේ රටේ ආර්ථික වර්ධ­නයේ අවස්ථා අත්පත් කර­දීම අපේ දැක්මයි . මහා පරි­මාණ සමා­ගම් , ව්‍යව­සා­ය­ක­යන් ඉල්ලන්නේ ඔවුන්ගේ ව්‍යාපාර කාර්ය­ක්ෂ­මව පව­ත්වා­ගෙන යෑමට අවශ්‍ය යටි­තල පහ­සු­කම් සකස් කර දෙන්න කිය­ලයි. එහිදී මහා­මා­ර්ග­වල සිට රේගු නිශ්කා­ෂණ ආදී පිය­ව­ර­වල තොර­තුරු තාක්ෂණ පද්ධති නිර්මා­ණය කිරීම ආදිය දක්වා මේ යටි­තල පහ­සු­කම් අවශ්‍ය වෙනවා. ඒවා අප සංව­ර්ධ­නය කර­නවා.

විශේ­ෂ­යෙන්ම අපි ආන­යන ආදේ­ශ­ක­ව­ලට මුල් තැන දෙනවා. එහි අර්ථය ආන­ය­න­ව­ලට වැය වන විදේශ විනි­මය ප්‍රමා­ණය අඩු කර එය රටේ අභ්‍ය­න්තර ආර්ථි­ක­යට අව­ශෝ­ෂ­ණය කිරීම. කුඩා පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන්ට ඒ වගේම විශේ­ෂ­යෙන් නව ව්‍යාපාර අද­හස් ඇති නව තරුණ ව්‍යව­සා­ය­ක­යන්ට ඔවුන්ගේ ව්‍යාපාර ජය­ගැ­නීම සඳහා ව්‍යව­සා­යක අර­මු­දල් ඇති කිරී­මට අප කට­යුතු කර­නවා.

රුපි­යල් මිලි­යන 4ට වඩා අඩු වාර්ෂික පිරි­වැ­ටු­මක් තිබෙන ව්‍යව­සා­ය­ක­ය­න්ගෙන් වැට් බද්ද අය කිරීම අහෝසි කිරීම, පොහොර සහ­නා­ධා­රය ලබා­දීම වගේ රටේ ඵල­දා­යි­තා­වට හේතු වන කරුණු ගණ­නා­වක් මේ සමාජ විප්ල­වය තුළ පව­ති­නවා. මේ සති අන්තයේ ඔබේ නිව­සට මේ සමාජ විප්ල­වයේ සම්පි­න්ඩ­න­යක් ලැබෙ­නවා. එය සෑම නිව­ස­ක­ටම බෙදා හැරෙ­නවා. ඔබට මෙය හොඳින් කිය­ව­න්නැයි මා ඉල්ලා සිටි­නවා.

 

මෙය සත්‍ය වශ­යෙන්ම සමාජ විප්ල­ව­යක් වන්නේ මේ ප්‍රති­ප­ත්මය කරුණු ඔබේ නව රජයේ අමා­ත්‍ය­ව­රුන් නිසි ලෙස ක්‍රියා­වට නැංවු­ව­හොත් පම­ණයි. ඒ් සඳහා ඔබ කොහො­මද මැදි­හත් වෙන්නේ?

ඒකට ඔය ප්‍රති­පත්ති ප්‍රකා­ශය තුළම උත්ත­ර­යත් තිබෙ­නවා. සුහුරු ජන­පති ඒ කියන්නේ ස්මාර්ට් ජනා­ධි­පති කෙනෙක් තමයි බිහි වෙන්නේ. ඔහුට නවීන තොර­තුරු තාක්ෂණ පද්ධති මාර්ග­යෙන් සියල්ල නිරී­ක්ෂ­ණය කිරී­මට හැකි පරිදි අප මේ තොර­තුරු යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කර­නවා. ඒ සම­ඟම රටේ සිදු වන සංව­ර්ධන ක්‍රියා­වලි ඉලක්ක ගත ආකා­ර­යට සිදු වෙන­වාද යන්න පිළි­බඳ නිරී­ක්ෂ­ණය කිරී­මට සෑම ප්‍රා‍දේශිය ලේකම් කොට්ඨා­ස­ය­කම විශේෂ ජනා­ධි­පති සම්බ­න්ධී­ක­රණ ඒක­ක­යක් ස්ථාප­නය එනවා. ඒ ඒක­කය ඔස්සේ ජනා­ධි­පති කාර්ය මණ්ඩ­ල­යට ඒ සියලු පසු­වි­ප­රම් කොට අවශ්‍ය තැන්ව­ලදී අවශ්‍ය පිය­වර ගත හැකියි.

 

 

ඔබ නව අග­මැ­ති­ව­ර­යකු පත් කිරීම ගැන කළ කතාව යම් ආන්දෝ­ල­න­යක් ඇති කළා නේද?

මම පැහැ­දි­ලිව කිව්වේ මම ජනා­ධි­පති වූ පසුව පාර්ලි­මේ­න්තුවේ බහු­ත­ර­ය­කගේ විශ්වා­සය දිනා­ගත් පුද්ග­ලයා අග­මැති ධුරයේ පත් කරන බවයි. මේ අග­මැ­ති­ව­රයා පළමු වරට අග­මැති ධුර­යට පත් වන්නෙක් වේවි. අනෙක කිසිදු දූෂණ චෝද­නා­ව­කට ලක් වුණු පුද්ග­ල­යකු මගේ කැබි­නට් මණ්ඩ­ලයේ සිටිය යුතු නැහැ. එය අපේ ප්‍රති­ප­ත්ති­යක්. රටේ ජන­තා­වට වුව­මනා කර­න්නෙත් ඒකයි. අද සම­හර අපේ­ක්ෂ­ක­යන් මේ රට බේරා­ගන්න අව­ස්ථා­වක් දෙන්න කියලා කිව්වට ඔවුන් පිටු­පස කොප­මණ දූෂිත පුද්ග­ල­යන් ඉන්න­වාද කියල මාධ්‍ය­ව­ලින් අපට පේනවා.

 

ඔබගේ ප්‍රධාන ප්‍රති­වා­දි­යාගේ පාර්ශ්ව­යට පවු­ල්වා­දය සම්බ­න්ධ­යෙන් චෝදනා එල්ල වෙද්දී ඔබත් හිටපු ජනා­ධි­ප­ති­ව­ර­ය­කුගේ පුත්‍රයා ලෙස පවුල් දේශ­පා­ල­නයේ එක් කොට­සක්ම බවට සම­හරු චෝදනා නඟ­නවා. ඒ චෝද­නාව ඔබ පිළි­ග­න්න­වාද?

පවු­ල්වා­දය කියන එක ඉංග්‍රි­සි­යෙන් කියන්නේ Nepotism කියලා. එහි අර්ථය යමකු බලයේ සිටින විට ඔහුගේ ඥාති හිත­මි­ත්‍රා­දීන්ට විශේෂ අනු­ග්‍රහ අවස්ථා තන­තුරු වර­දාන වර­ප්‍ර­සාද ලබා­දී­මයි. නමුත් මගේ පියා ජනා­ධි­පති ධුරයේ ඉන්න කාලේ­වත් අපිව දේශ­පා­ලන කට­යු­තු­ව­ලට සම්බන්ධ කර­ගත්තේ නැහැ. මට දේශ­පා­ල­නය කිරීමේ උන­න්දු­වක් තිබු­ණත් එතුමා මට ඔහුගේ ජනා­ධි­පති වර­ප්‍ර­සාද පාවිච්චි කරලා ඒ අව­ස්ථාව ගන්නට ඉඩ දුන්නේ නැහැ. ඒක එතුමා ඇදහූ දර්ශ­න­යක් . ඒ බව අද විප­ක්ෂයේ ඉන්න ඇතැම් ජ්‍යෙෂ්ඨ­යන් පවා දන්නවා.

මම දේශ­පා­ල­න­යට ආවේ පවුලේ බල­පෑ­මට නෙවෙයි. හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පුතා හැටි­යට මට මැද කොළ­ඹින් පහ­සු­වෙන් දේශ­පා­ල­න­යට එන්න තිබුණා. නමුත් මම දේශ­පා­ල­න­යට එන්නේ එතුමා මිය ගිහින් අවු­රු­ද්ද­කට විතර පස්සේ. ඒ සඳ­හාත් මම තෝරා ගත්තේ හම්බ­න්තාට දිස්ක්‍රි­ක්කය. හම්බ­න්තොට මේ කාලේ වෙන­කොට තිබුණේ කිසිදු සංව­ර්ධ­න­ය­කින් තොරව. ජන­තාව දරි­ද්‍ර­තා­වෙන්. විවිධ පිඩා­ව­ලින් හෙම්බත්වී සිටි කාල­ය­කයි මම හම්බ­න්තොට දේශ­පා­ල­න­යට ගියේ. එය ඉතා කටුක වෙහෙ­ස­කර අත්දැ­කී­මක්. ඒ ගැන ඕන නම් මට පොතක් වුණත් ලියන්න පුළු­වන්.

 

ඔබ දිගින් දිග­ටම අභි­යෝග කර­නවා ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්ත­යාට ප්‍රසි­ද්ධියේ විවා­ද­ය­කට එන්න කියලා. එය ලිඛි­ත­වත් දැන්වූවා. ඔබ මේ තරම් ඒ ගැන උනන්දු වෙන්නේ ඇයි?

එය මටත් ප්‍රශ්න­යක්. සෘජු විවා­ද­ය­කට තබා පොදු වේදි­කා­ව­ක­ට­වත් අපි ඉන්න වේලා­වට ඔහු එන්නේ නැහැනේ. ඒක මම හිතන්නේ මේ වන විට රටේ මහ­ජ­න­තා­වත් තේරුම් අරන් තිබෙන්නේ. පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා කොළඹ විද්ව­තුන් සහ­භාගී වන කති­කා­වක් තිබුණා. එයට ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්තයා හැර සෙසු අාරා­ධිත අපේ­ක්ෂ­ක­යන් සියල්ල එක් වුණා. ඔහු එසේ අවස්ථා කිහි­ප­යක් මඟ හැරියා. එය මහ­ජ­න­තා­වට හිත­නන්ට යමක් දෙනවා. මට කියන්න තියෙන්නේ ඕනෑම සභා­වක, අග­නු­වර හෝට­ල­යක වුණත්, අන්ත­ර්ජා­තික සමු­ළු­වක වුණත් එහෙම නැති නම් ගමේ කමතේ වුණත් මට ඕනැම කෙනකු ඉදි­රියේ අහන ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙන්න තරම් ආත්ම විශ්වා­ස­යක් මට තිබෙ­නවා. රට වෙනු­වෙන් කට­යුතු කිරීමේ ආත්ම විශ්වා­සය මට තිබෙ­නවා.

 

ඔබගේ පියා­ණන් වන දිවං­ගත රණ­සිංහ ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­තු­මා­ගෙන් ඔබ ලද වටි­නාම ජිවිත ආද­ර්ශය හෝ එතුමා ඔබට ලබා­දුන් වැද­ගත්ම උප­දේ­ශය පිළි­බඳ සිහි­පත් කළ හැකිද?

මගේ පියා නිත­රම කට­යුතු කළේ දුගී දුප්ප­ත්කම මෙර­ටින් තුරන් කිරී­ම­ටයි. දවසේ පැය 24න් පැය 15කට වඩා එතුමා කැප කළේ රටේ ජන­තා­වගේ සුබ­සි­ද්ධිය උදෙ­සායි. දුප්පත් දරු­වන්ට දිවා­ආ­හා­රය, නිල ඇදුම් කට්ටල ලබා­දුන්නේ දුප්පත් දරු­වන්ට අධ්‍යා­ප­නයේ ඉහළ අවස්ථා ලබා­දෙ­න්නයි. දුප්ප­ත්කම වහා සුව කළ යුතු රෝග­යක් ලෙස තමයි මගේ පියා දැක්කේ. මගේ අර­මු­ණත් දුගී දුප්ප­ත්කම තුරන් කිරී­මයි.

 

කාන්තා­වන්ගේ සනී­පා­ර­ක්ෂාව පිළි­බඳ ඇති කළ සංවා­දය අද ලෝක­යේම අව­ධා­න­යට ලක් වෙලා. මෙය සැල­සුම් සහ­ගත ප්‍රචා­රණ වැඩ­පි­ළි­වෙ­ළක්ද?

අද ලෝකය දියු­ණුයි. මේ රටේ කාන්තා­වන් වුණත් අද ඉන්නේ බොහෝ ඉදි­රි­යෙන්. ඔවුන් හිතන්නේ පතන්නේ ලෝකය දකින්නේ අලුත් විදි­හ­ය­කට . ඒ වගේ තත්ත්ව­යක් තුළ මට ඔවුන් රව­ට­න්නට හැකි­යා­වක් නැහැ. මම කතා තළේ පව­තින ඇත්ත ගැන. මේ ගැන ලෝකය ගැන අව­බෝ­ධ­යක් තිබෙ­නවා නම් තේරුම් ගන්න පුළු­වන්. ඔවුන්ට පව­තින ප්‍රශ්න­ය­කට රටේ නාය­කයා ලෙස මට ලබා දෙන්න පුළු­වන් විස­ඳු­මක් ගැනයි සඳ­හන් කළේ. මේක අල්ලා­ගෙන මට විප­ක්ෂය මඩ ගහන්න උත්සාහ කළත් අව­සා­නයේ ඔවුන්ට ඒ මඩ බාල්දිය අයින් කර­ගන්න වුණේ මේ රටේ තරුණ පර­පු­රෙන් කාන්තා­ව­න්ගෙන් ලැබුණු ඉහළ ප්‍රති­චා­රය නිසා. එය ඇත්ත­ටම මගේ අවංක කැප වීම විශේ­ෂ­යෙන් නාග­රික සමා­ජය වගේම තරුණ ජන­තාව ආක­ර්ෂ­ණය කළ පිය­ව­රක් ලෙස මම දකි­නවා, මට ලැබෙන ප්‍රති­චා­ර­ව­ලින් එය මට පේනවා.

 

ඔබ මැති­ව­රණ රැලි­ව­ලදී කී සම­හර කතා මේ රටේ සමාජ මාධ්‍ය ඔස්සේ අව­ඥා­වට ලක් වුණා. ඒ වගේම ඇතැම් පෞද්ග­ලික රූප­වා­හිනි නාලිකා ඔබේ කතා වෙනස් අරු­තක් එන ආකා­ර­යෙන් ප්‍රචා­රය කළා. ඒ ගැන යමක් ඔබට කිය­න්නට පුළු­වන්ද?

මාධ්‍ය නිද­හස ඉහ­ළින්ම අගය කරන කෙනෙක් මම. මේ සියල්ල මා නිහ­ත­මා­නිව උපේ­ක්ෂා­වෙන් විඳ දරා­ග­න්නවා රටේ සමස්ත මහ­ජ­න­තාව වෙනු­වෙන්. මා රැස්වී­ම්ව­ලට ගිහින් ජන­තා­වට කීවේ ඔවුන් ගැන සොයා බලන්න ඔවුන්ගේ දුක සැප බලන්න වෙනත් නාය­ක­යෙකු කළ නොකළ තරමේ කැප කිරී­මක් මම කර­නවා කියලා. ඒ සඳහා නූතන ලෝක­යට ගැළ­පෙන ආකා­ර­යට තාක්ෂ­ණය පාවිච්චි කරලා ඊට අදාළ පසු­බිම සකස් කර­ග­න්නවා කියලා. මේක සම­හර අයට නොතේ­රෙන්න පුළු­වන්. නමුත් මම හිතන්නේ මගේ ජන­ප්‍රි­ය­ත්වය බාල කරන්න ඔවුන් ඇත්ත දැන­ගෙන හිතා මතා කරන පහත් වැඩ. මේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නිද­හස යටතේ ඔවුන්ට ඒවා කරන්න පුළු­වන්. සුදු වෑන් එන්නේ නෑනේ.

 

ඔබට අග­මැති ධුරය ගන්න ලැබුණු අවස්ථා 70කට වඩා ප්‍රතික්ෂේ කළ බව කිය­වුණා. ඔබ අග­මැති ධුරය ගත්තා නම් මේ ගමන යන්න තවත් ලේසි වෙන්න තිබුණා නේද?

පිලි­තුර - නැහැ. මට ඒ වගෙ අව­ස්ථා­වාදී දේශ­පා­ල­න­යක් තිබුණේ නැහැ. සජිත් ප්‍රෙම­දාස යමක් කළා නම් ඒ කළේ හිතට එක­ඟව. අව­ස්ථා­වාදි වෙලා තන­තුරු ඩැහැ ගන්න­වාට වඩා මට හම්බ­න්තොට ජන­තාව එක්ක ජීවත් වෙලා රටේ නිවාස නැති ජන­තා­වට සෙව­ණක් හදලා ඔවුන් සතු­ටින් තියන එක වටි­නවා. මම සෑම විටෙ­කම පක්ෂ නාය­ක­ත්ව­යට ගරු කළා. පක්ෂයේ වින­යට යටත්ව කට­යුතු කළා. ඒ ගැන මට අද­ටත් නිහ­ත­මානී ආඩ­ම්බ­ර­යක් තිබෙ­නවා.

 

Comments