රාජ­පක්ෂ දේශ­පා­ල­නයේ පද­නම ජුල­ම්පි­ටියේ අම­රේයි | සිළුමිණ

රාජ­පක්ෂ දේශ­පා­ල­නයේ පද­නම ජුල­ම්පි­ටියේ අම­රේයි

2012 වර්ෂයේ දී කටු­වන දී පැවැති ජනතා විමුක්ති පෙර­මුණේ රැස්වී­ම­කට කඩා පැන විවෘත වෙඩි තැබී­ම­කින් පුද්ග­ල­යන් දෙදෙ­නකු ඝාත­නය කළ සැක­ක­රු­වකු වූ ජුල­ම්පි­ටියේ අම­රේට තංගල්ල මහා­ධි­ක­ර­ණය විසින් මරණ දඩු­වම නියම කරන ලදි. ජුල­ම්පි­ටියේ අමරේ යනු රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ සුර­ත­ලෙකි. වරක් තංගල්ල බන්ධ­නා­ගා­රයේ රැදී සිටින අත­ර­තුර ඔහු විසින් මහත් ගාල­ගෝ­ට්ටි­යක් ඇති කළ විට එය සන්සි­ඳු­ව­න්නට ගියේ එව­කට විපක්ෂ නාය­ක­ව­රයා වූ මහින්ද රාජ­පක්ෂ ය. ඔහු මහත් වූ ළෙන්ගතු ස්වර­යෙන් කතා කර ජුල­ම්පි­ටියේ අම­රේව ආණ්ඩු මට්ටු කළේ එව­කට අග්‍ර­මා­ත්‍ය­ව­රයා වූ රනිල් වික්‍ර­ම­සිං­හට කරන උද­ව්වක් වශ­යෙනි. එහෙත් ජුල­ම්පි­ටියේ අම­රේලා නියෝ­ජ­නය කළ මැර බල­වේ­ගය රාජ­ප­ක්ෂ­ලාගේ දේශ­පා­ලන පද­නම බව කවු­රුත් දන්නා කරු­ණකි.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉති­හා­සයේ කව­දා­වත් නොවූ තරම් සමා­කාමී ලෙස පව­ත්වා­ගෙන එන ලද්දකි. අවම වශ­යෙන් ප්‍රධාන මාර්ග­යක පෝස්ටර් හෝ කට­වුට් පවා නොමැති මැති­ව­ර­ණ­යකි. මේ ලක්ෂණ මේ රටේ මහ ජන­තාව විසින් ජය­ග්‍ර­හ­ණය කර­න්නට මිනිස් රුධි­ර­යෙන් හා මාංශ වලින් පාඩම් ඉගෙන ගෙන ඇත. එහෙත් ඒ උතුම් ලක්ෂණ පර­දු­වට තබ­මින් තුව­ක්කුවේ හඬ යළි ශබ්ද නඟ­න්නට උත්සාහ දරන්නේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණයි. සාමා­න්‍ය­යෙන් ආණ්ඩු බලය දර­න්නන් යුද අවි පරි­හ­ර­ණ­යට මුල් වුවත් මෙවර මැති­ව­ර­ණයේ දී ආණ්ඩු පක්ෂ­යෙන් එවැනි ක්‍රියා­වක් මෙතෙක් වාර්තා නොවීම ප්‍රශස්ථ ය. නමුත් විප­ක්ෂයේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ අවි පරි­හ­ර­ණ­යට හා මරණ තර්ජ­න­යට යොමු­වීම අති භයා­නක කරු­ණකි.

ජනා­ධි­ප­ති­ව­ර­ණය සාම­කා­මීව නොප­වත්වා ප්‍රච­ණ්ඩ­ත්ව­යෙන් භීෂ­ණය වපු­ර­න්නට උත්සාහ දැරීම අනා­ග­තයේ තමන් පිහි­ටු­ව­නවා යැයි පව­සන පාලන යුග­යක අත්හදා බැලීම් වන්නට පුළු­වන. පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ ඉති­හා­සය කෘර­ත්වය හා මිලේ­ඡ­ත්ව­යෙන් පිරි චරිත ලක්ෂණ වලින් යුක්ත ය. ආර­ක්ෂක අමා­ත්‍යං­ශයේ ලේකම් ධූරයේ රාජ­කාරී කළ දස වස­ර­කට ආසන්න කාලය තුළ ඔහු කිසිම සිවිල් හෝ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ලක්ෂණ වලින් යුතු චරි­ත­යක් නොවීය. ඔහු නිර­ත්ත­ර­යෙන් සිවිල් පාල­නය සඳහා යොදා ගත්තේ මිලි­ට­රි­මය ක්‍රම­වේ­ද­යන් ය. පුර­වැ­සි­යන් සමග ගනු­දෙනු කළේ මිලි­ට­රි­මය උපාය උප­ක්‍රම අනුව යග එනි­සාම ඔහුගේ ජීවන භාවි­තය වූයේ මිලි­ට­රි­මය ක්‍රම­වේ­ද­යන් ය.

යම් මිලි­ට­රි­මය භාවි­තා­වක කට­යුතු කළ පුද්ග­ල­ය­කුට සිවිල් හා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී භාවි­තා­වක කට­යුතු කළ නොහැකි යැයි මේ නිසා නොකි­යවේ. එහෙත් රටේ පව­තින හා අලු­තෙන් ඇති කළ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශය තුළ ශක්ති­මත්ව ක්‍රියා­කා­රී­වී­මට එ් පුද්ග­ලයා මහන්සි ගත යුතු ය. නමුත් පොදු ජන පෙර­මුණේ ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ක්‍රම­වේ­දය තුළ ශක්ති­මත් නාය­ක­යකු නොවන බව හොඳින්ම පැහැ­දිලි කරු­ණකි.

මහ­ජ­නයා හා ඉව­සි­මත්ව සංවාද කර­න්න­ටල ප්‍රසිද්ධ වේදි­කා­ව­කට ගොඩවී තම අද­හස් සියුම් ලෙස සන්නි­වේ­ද­නය කර­මින් මහ­ජ­න­තාව හා අද­හස් බෙදා හදා ගන්නට ඔහු අපො­හො­සත් බව පසු­ගිය දින­වල දී ප්‍රායෝ­ගි­කව ඔප්පු කළේ ය. එහෙත් චණ්ඩ හා සැඩ පරුස ලක්ෂණ මතු කර ගනි­මින් මිලි­ට­රි­මය පාල­ක­යකු ලෙස කට­යුතු කර­න්නට ඔහු අති­ශය නිපුන ය. එසේම රටේ දීර්ඝ කාල­යක් තිස්සේ සංස්කෘ­ති­කව පව­තින ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සාර­යට හෝ 2015න් පසුව ස්ථාපිත කළ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හර පද්ධ­ති­යට හෝ එකඟ ව කට­යුතු කර­න්නට හැකි බවක් ගෝඨා­භය රාජ­ප­ක්ෂ­ගෙන් පෙන්නුම් කරන්නේ නැත.

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සම්බ­න්ධ­යෙන් උනන්දු නාය­ක­යකු නම් ඔහු පළ­මුව කළ යුතුව තිබුණේ ඒ සම්බ­න්ධ­යෙන් වූ කඩා වැටීම හෝ තමන් විසින් කර­න්නට බලා­පො­රු­ත්තු­වෙන් සිටින ප්‍රති­සං­ස්ක­ර­ණ­යන් ගැන හෝ සමා­ජය දැනු­වත් කර සහාය අයැද සිටීම යග නමුත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී යාන්ත්‍ර­ණය ශක්ති­මත් කිරීම සඳහා ඔහු කිසිම හඩක් නංවන්නේ නැත. ඔහුට අවශ්‍ය කරන්නේ මිලි­ට­රි­මය වට­පි­ටා­වක් හා සංස්කෘ­ති­යක් වීම ඊට හේතුව විය හැකිය. ඒ සදහා බල­පාන්නේ ඔහුගේ මිලි­ට­රි­මය භාවි­තාව හා පසු­බි­මයි.

එවැනි නාය­ක­ය­කුගේ මූලි­ක­ත්ව­යෙන් ඇති­වන දේශ­පා­ලන අව­කා­ශ­යක ශක්ති­මත් ක්‍රියා­කා­රීන් ලෙස හිටපු අමාත්‍ය එස් බී දිසා­නා­යක හා ලොහාන් රත්වත්තේ වැන්නන් කට­යුතු කර­න්නට පෙල­ඹීම තාර්කික යග ඔවුන් සූදා­නම් වන්නේ අනා­ගත පාල­න­යක දී තමන් ශක්ති­මත් ගෝල­යන් බව ගෝඨා­භය රාජ­ප­ක්ෂට ඒත්තු ගන්ව­න්නට ය; මිලි­ට­රි­මය සංස්කෘ­ති­කට තමන් හරි­ය­ටම ගැළ­පෙන අන්තේ­වා­සි­ක­යන් බව ප්‍රායෝ­ගි­කව ඔප්පු කර­න්නට ය. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වෙනු­වෙන් කැප­වෙන ක්‍රියා­කා­රී­ත්ව­යක් පෙන්නුම් කර­න­වාට වඩා මිලි­ට­රි­මය ලක්ෂ­ණ­යන්ට තමන්ගේ ඇති කැමැත්ත පෙන්වීම මිලි­ට­රි­මය නාය­ක­යකු වන ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ හිත­දිනා ගැනී­මට සුදුසු බව එස්බීලා ලොහාන්ලා තීර­ණ­ය­කට එළැඹ ඇත.

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ලන අව­කා­ශ­ය­කට හුරු වෙන්නට නොහැකි මිලි­ට­රි­මය නාය­ක­යකු රාජ්‍ය බලය ලබා ගත­හොත් ඔහු ශක්ති­මත්ව ක්‍රියා­ශීලී වන්නේ මිලි­ට­රි­මය අව­කා­ශක ය. ඒ අනුව අනා­ග­තයේ ඔවුන් බලය ලබා­ග­ත­හොත් ඇති විය හැක්කේ, ජුල­ම්පි­ටියේ අම­රේලා එස්බී දිසා­නා­ය­කලා හා ලොහාන් රත්ව­ත්තේලා විසින් ඇති කළ ත්‍රාස­ජ­නක හා භීෂණ සහ­ගත වාතා­ව­ර­ණ­යයි. එවිට 2015 දී මහ­ජන අභි­ලා­ස­යන් විසින් ශක්ති­මත් කළ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පරි­ස­රය විනාශ වෙන බව ස්ථිර ය. එවිට මේ රටේ ජන­තාව බියක් සැකක් නොමැ­තිව හුස්ම ගනි­මින් ශක්ති­මත් කර ගත් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය යළි ෆැසි­ස්ට්වා­ද­ය­කට ඇද­ගෙන යෑම සිදු­විය හැකිය. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ මූලික නිමිත්ත වන්නේ අන්න ඒ ෆැසි­ස්ට්වාදී තර්ජ­නය හා භීතිය පරා­ජය කිරී­මයි.

ජනතා විමුක්ති පෙර­මුණ මූලික වෙමින් නිර්මා­ණය කර ගත් දේශ­පා­ලන ව්‍යාපා­රය මහත් බලා­පො­රොත්තු තබා ගනි­මින් පව­සන්නේ ආඥා­දා­ය­ක­ත්වය පරා­ජය කර­න්නට තමන්ට ඡන්දය දෙන ලෙසයි. එහෙත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කින් ජය ගන්නට තරම් ජනතා විමුක්ති පෙර­මුණ ශක්ති­මත් නොවන බව කුඩා දරු­ව­කුට වුවද පැහැ­දිලි කරු­ණකි. එවැනි වාතා­ව­ර­ණ­යක දී ගෝඨා­භය රාජ­පක්ෂ පරා­ජය කර­න්නට බලා­පො­රොත්තු වන්නකු ජනතා විමුක්ති පෙර­මුණු සංධා­න­යට ඡන්දය ලබා­දීම අර්ථ­වි­ර­හිත ක්‍රියා­වකි. යමෙ­කුට සම්පූර්ණ කර­න්නට නොහැකි කාර්ය­භා­ර­යක් සදහා සහා­ය­වීම හිස් කූඩෙන් වතුර ඇදී­මක් බව ඉතා පැහැ­දිලි කරු­ණකි.

මෑතක දී මහ­ජන හමු­වක් අම­ත­මින් ජනතා විමුක්ති පෙර­මුණේ දේශ­පා­ලන මණ්ඩල සභික ලාල්කාන්ත සහෝ­ද­රයා පවසා තිබුණේ ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ ආඥා­දා­ය­ක­ත්ව­යට මුහුණ දෙන්නට තමන් සූදා­නම් බවකි. එහෙත් 2012 දී කටු­වන පැවැති එම පක්ෂයේ රැලි­ය­කට කඩා පැන මනුෂ්‍ය ඝාත­න­යක් සිදු කළ ජුල­ම්පි­ටියේ අමරේ සම්බ­න්ධ­යෙන් ධන­පති අධි­ක­ර­ණය තීන්දු­වක් දෙන තුරු ඔවුන්ට කළ හැකි කිසි­වක් නොවීය. එසේම මේ ඊයේ පෙරේදා නික­වැ­ර­ටිය ප්‍රාදේ­ශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී­ව­ර­යාට පොදු­ජන පෙර­මු­ණෙන් අමා­නු­ෂික ප්‍රභා­ර­යක් එල්ල විය. ඊට දේශ­පා­ල­නි­කව හා ජන­බ­ල­යෙන් යුතුව මුහුණ දෙන්නට පවා ජවිපෙ අස­මත් විය. මෙවැනි අක්‍රීය පක්ෂ­යක් ආඥා­දා­ය­ක­ය­කුගේ රාජ්‍ය පාල­න­යක දී ඊට මුහු­ණ­දෙ­න්නට සූදා­නම් යැයි කීම හාස්‍ය­ජ­නක ය. එවැනි ආඥා­දා­යක පාල­න­යක දී ජවි­පෙට කෙදි­රිලි හඩක් හෝ නඟ­න්නට ඉඩ අහිමි වන බව දේශ­පා­ල­නය සම්බ­න්ධ­යෙන් අ යනු ආ යනු දන්නා ඕනෑම කෙනෙ­කුට පැහැ­දිලි ය.

ආඥා­දා­ය­ක­ය­කුගේ පාල­න­යක් නිර්මා­ණය වීම කෙසේ හෝ වැළැ­ක්වීම මේ ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ඉල­ක්ක­යයි. ඒ සඳහා ශක්ති­මත් හැකි­යා­වක් මෙන්ම ප්‍රායෝ­ගික ප්‍රජා­ත­න්ත්‍ර­වාදී භාවි­ත­යක් ද ඇත්තේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ නියෝ­ජ­නය කරන බල­වේ­ග­ය­ටයි. වත්මන් ආණ්ඩුව කොතෙක් දේශ­පා­ලන අම­න­කම් කළ ද 2015න් පසුව ස්ථාපිත කළ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ලන රාමුව ඒ සදහා බල­වත් ශක්ති­යක් සප­යයි. එනිසා ආඥා­ද­ය­ක­ත්ව­යට මුහුණ දෙන්නට මෝඩ ගොන්කම් කර­නවා වෙනු­වට ඒ ආඥා­දා­ය­කයා ලත් තැනම ලොප් කිරීම වඩා ප්‍රඥා­ගෝ­චර උප­ක්‍ර­ම­යයි. ඊට ශක්‍ය­තාව හා හැකි­යාව ඇති මහ­ජන බල­වේ­ගය ගොනු වී ඇත්තේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ වටා බව රහ­සක් නොවේ.

Comments