ලංකාවේ විශ්ව­වි­ද්‍යාල තරු­ණ­යන් කියන්නේ, තරුණ දේශ­පා­ල­න­යම නොවෙයි | සිළුමිණ

ලංකාවේ විශ්ව­වි­ද්‍යාල තරු­ණ­යන් කියන්නේ, තරුණ දේශ­පා­ල­න­යම නොවෙයි

 

 

ඉදිරි දින කිහි­පය මේ ර‍ටේ දේශ­පා­ලන කර­ලිය ඉතා උණු­සුම් සහ තීර­ණා­ත්ම­කයි. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඔබේ නියෝ­ජ­නය කරන දේශ­පා­ලන කඳ­වුරේ අපේ­ක්ෂ­ක­යාගේ මැති­ව­රණ ප්‍රචා­රණ කට­යුතු කෙබඳු ද?

 

මේ වන විට ප්‍රධාන වශ­යෙන් කඳ­වුරු දෙකක් බෙදිලා තියෙ­නවා. එකක් මේ රටේ සවෛ­රී­ත්වය ‍භෞමික අඛ­ණ්ඩ­තාව ආරක්ෂා කළ යුතු, විජා­තික බල­වේග වලට අව­නත නොවන, දේශ­ප්‍රේමී ජාතික බල­වේ­ගය එකක්. ඒවගේ ම ජාතික අභි­ලා­ස­යන්ට පට­හැනි විජා­තික හා වෙනත් පෞද්ග­ලික වුව­මනා මත පෙනී සිටින බලය සඳහා පම­ණක් වන කඳ­වුර අනික් කඳ­වුර. මේ කඳ­වුරු දෙක නියෝ­ජ­නය කරන අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා අතර පම­ණයි බහු­ජ­න­තා­වගේ සටන තියෙන්නේ. මෙහිදි සියලු ම අපේ­ක්ෂ­කයො සුළු ජන්ද ප්‍රමා­ණ­යක් ලබා­ග­න්නවා. අව­සා­නයේ ගෝඨා­භය සහ සජිත් කියන සාධක දෙක මතයි මේ කඳ­වුරු දෙකේ මූල­සා­ධක තියෙන්නේ. ඒ අනුව අපි විස්වාස කර­නවා; ඇති­වෙලා තියන විශාල ප්‍රබෝ­ධය සහ ජනතා කැප­වීම සහ වුව­ම­නාව මත ලංකා ඉති­හා­සයේ වැඩි ම මනා­ප­යෙන් ගෝඨා­භය මහතා පත්වෙන්න පුළු­වන් කියලා.

 

මේ කඳ­වුරු දෙකේ කිනම් අපේ­ක්ෂ­ක­යකු ජය­ග්‍ර­හ­ණය කළත් අව­සා­න­යේදී මේ බල­වත් වෙන්නේ අග­මැ­ති­ව­රයා බව බොහෝ දේශ­පා­ලන විචා­ර­ක­යන් ගේ අද­හස වී ‍තියෙනවා.

 

එහෙම වුණේ නැහැ නේද ඉති­හා­සය පුරා. සංශෝ­ධන මොනවා තිබු­ණත් එහෙම පූර්වා­ද­ර්ශ­යක් අපි දැකලා නැහැ නේද? ජනා­ධි­පති මැති­ව­ර­ණ­ය­කින් පත්වෙන්නේ ජනා­ධි­ප­ති­ව­ර­යෙක්. පාර්ලි­මේ­න්තුව සහ අග­මැ­ති­ව­ර­යායි, කැබි­නට් මණ්ඩ­ල­යයි එලෙ­සින්ම තියෙ­නවා. නමුත් පසු­ගිය ජනා­ධි­පති මැති­ව­ර­ණ­යෙන් පසු ජනා­ධි­ප­ති­ව­රයා දිවු­රුම් දෙන­කො­ටම අග­මැ­ති­ව­ර­යෙක් පත් කළා. මේ දේශ­පා­ලන ඉති­හා­සයේ වැරදි පළමු පූර්වා­ද­ර්ශය දුන්නේ යහ­පා­ලන රජ­යයි. යහ­පා­ල­න­යට ගැළ­පෙන්නේ එය නම් අපිත් එවැනි යහ­පා­ල­න­යක් ඇති කිරී­මයි සුදුසු.

 

ඔබ එයින් අද­හස් කරන්නේ ජනා­ධි­ප­ති­ව­ර­යෙක් පත් වූ වහාම පසු­ගිය යහ­පා­ලන රජයේ දී සිදුවූ පරිදි මෙව­රත් අග­මැ­ති­ව­ර­යෙක් පත්වෙ­නවා කියන කාර­ණා­වද?

 

නැහැ. පූර්වා­ද­ර්ශය එයයි කියලා අපි කියන්නෙ වෙන නොවෙන කාර­ණාව නොවෙයි. අද වන­විට බොහෝ වේග­වත් කතා පව­ත්වලා අව­වාද අප­ලාද කරන මහ­ත්වරු මට දැනෙන විදි­යට දාහ­ත්වෙ­නිදා වෙන විට කොහෙද ගියේ කියලා හිතන්න බැරි විදි­හට හැංගෙයි කියලා තමයි හිතන්නේ.

 

ගෝඨා­භය මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය කළ­හොත් මිලි­ටරි පාල­න­යක්, අධි­කා­රී­වාදි ආණ්ඩු­වක් තමයි ඇති­වෙන්නෙ කියලා ඇතැම් පාර්ශ්ව­යක් සද­හන් කර­නවා.

 

මිලි­ටරි ආණ්ඩු ඇති කරන්න නම් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ආකා­ර­යට ඡන්දය ඉල්ලන්නේ නැහැ. මේ වන විට ර‍ට පත්වෙලා තියෙන තත්ත්ව­යෙන් සහ පොලිස් රාජ්‍ය සංක­ල්ප­යෙන් බැහැ­රව ප්‍රජා­ත­න්ත්‍ර­වාදි ජනතා පර­මා­ධි­ප­ත්‍ය­යෙන් යුතු ආණ්ඩු­වක් සම්බ­න්ධ­යෙන් තමයි ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ප්‍රතිඥා දීලා තියෙන්නේ.

පසු­ගිය කාලයේ ඔප්පු කරලා තියෙ­නවා; දිල්රුක්ෂි ඩයස් බණ්ඩා­ර­නා­යක සොලි­ස්ටර් ජෙන­රා­ල්තු­මි­යගේ ප්‍රකා­ශන සහ පොලි­ස්ටර් ජෙන­රාල් සුහද ගම්ලත් මහ­තාගේ ප්‍රකාශ අනුව නිතීය නමලා පොලිස් රාජ්‍ය සංක­ල්පය ක්‍රියා­ත්මක කරලා නිවැ­රදි කරු­වන්ට වැර­දි­ක­රු­වන් කියලා නඩු දාන ප්‍රති­ප­ත්ති­යක් රජය අනු­ග­ම­නය කළා කියලා . ඒකා­ධි­පති දළ­දඩු පාල­න­යක් මේ රජය ගෙන­ගිය බවට එය හොඳ සාක්ෂි­යක්.

 

උතුරු න‍ැගෙ­න­හිර ජන­තාව වෙනු­වෙන් කිසිදු ජනා­ධි­පති අපෙ­ක්ෂ­ක­ය­කුගේ පැහැ­දිලි වැඩ­පි­ළි­වෙ­ලක් නැති බවත්, ඒ පළා­ත්වල භෞතික සංව­ර්ධ­න­යට වඩා විය යුතු වන්නේ ඔවුන්ගේ ප්‍රශ්න වලට දේශ­පා­ල­නික විස­ඳු­මක් බවත් ඇතැ­මුන් තර්ක කර­නවා.

 

අන්ත­වාදි එල්ටීටි ඩය­ස් ‍පෝ­රාව අනුව පෙඩ­රල් රාජ්‍ය­යක් බිහි කිරීම දේශ­පා­ලන විස­දු­මක් කියලා අපි හිතන්නේ නැහැ. රට කඩන්නේ නැතුව සිංහල දෙමළ මුස්ලිම් ජන­තාව රටේ ඕනෑම පළා­තක ජීවත් වෙන වතා­ව­ර­ණ­යක් සහ ජීවන උපාය සලසා ගන්න වතා­ව­ර­ණ­යක් ඇති­ක­ර­ගන්න තමයි අපි ට අවශ්‍ය වෙන්නේ. එයට ජාති­වා­දීන්ගේ විස­ඳුම පෙඩ­රල් රාජ්‍ය සංක­ල්ප­යයි. ඒ විස­ඳුම අපි පිළි­ගන්නේ නැහැ. ද්‍රවිඩ, සිංහල, මුස්ලිම් ජන­තා­වගේ ඒකීය රජ­යක් තුළ විස­ඳුම් සෙවී­මයි රජ­යක වග­කීම සහ යුතු­කම. මේ කියන ගැටලු ම තමයි දකුණේ ජන­තා­වට තියෙන්නේ. බඩ­ගින්න, දරි­ද්‍ර­තාව, මන්ද­පෝ­ෂ­ණය, රස්සා­වල් නැති­වීම පොදු ගැටලු ලෙසයි අපි දකින්නේ. මේ සියල්ල සම­තු­ලිත ලෙස හැම ‍ප්‍රදේශ­ය­ක­ටම බෙදා හැරී­මෙන් සියලු ජන­තා­වගේ ජීවන තත්ත්වය නඟා සිටු­වී­මට වේග­වත් ආර්ථික සංව­ර්ධ­න­යක් ඇති කිරී­මයි කළ යුතු. ඒ සඳහා කඩා­ක­ප්පල් ලෙස ක්‍රියා කරන ජාති­වාදී බල­වේ­ග­ව­ලට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කළ­යු­තුයි.

 

මෙවර තරුණ ජන්ද තීර­ණා­ත්ම­කයි. උතුරේ තරු­ණ­යන්ගේ දේශ­පා­ල­නික වශ­යෙන් පිබි­දී­මක් ඇති­වෙලා තිය­නවා.

 

නැහැ. එය උතුරේ තරු­ණ­යන් නොවෙයි; විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍යන්ගේ ක්‍රියා. විශ්ව­වි­ද්‍යල ශිෂ්‍ය­යන් කියන්නේ ඉතා සීමිත පිරි­සක්. එය සමස්ත තරුණ පර­පුර වෙන්නේ නැහැ. අපි ට ඉති­හා­සය පුරා වැර­දුන තැන ඔත­නයි. ලංකාවේ තරුණ පර­පුරේ දේශ­පා­ල­නය කියලා නිර්ණා­යක කරන්නේ විශ්ව­වි­ද්‍යල ශිෂ්‍ය­ය­න්ගෙන්. විශ්ව විද්‍යා­ල­ව­ලට ඇතුළු වෙන්නේ සිය­යට පහ­ක­ටත් අඩු කොට­සක්. ඒ අත­රි­නුත් ඒ අයගේ ආකල්ප සහ සිතුම් පැතුම් අනුව දෙශ­පා­ලන තීන්දු තීරණ ගත්ත එකයි; අපිට ඉති­හා­සය පුරා වැර­දුණ තැන.

ලංකාවේ තරුණ ව්‍යාපා­රය කියන්නේ ලංකාවේ තරුණ දේශ­පා­ල­නය නොවෙයි. ‍විශ්වවි­ද්‍යා­ල­වල තරු­ණ­යන් තමයි ජාති­වාදී අද­හස් නිකුත් කරලා තියෙන්නේ. ඒ ප්‍රති­ශ­තය මුළු තරු­ණ­ය­න්ගෙන් කීදෙනා ද කියලා බල­න්නට ඕන. අැතැම් පක්ෂ මේ රටේ කර­න්නෙත් ශිෂ්‍ය දේශ­පා­ල­න­යක මෝරපු වැඩි­හිටි දේශ­පා­ල­න­යක්. නැත්නම් ජනතා විමුක්ති පෙර­මුණ මේ තත්ත්ව­යට පත්වෙන්නේ නැහැ.

 

මිලේ­නි­යම් චැලේන්ජ් කෝප­රේ­ෂන් ගිවි­සුම සම්බ­න්ධ­යෙන් රටේ ආන්දෝ­ල­න­යක් ඇති වෙලා තියෙ­නවා නේද? මේ ගැන ඔබේ අද­හස කුමක්ද?

 

මිලේ­නි­යම් ගිවි­සුම සම්බ­න්ධ­යෙන් සිංහ­ල­යෙන් පොතක් ලියා පළ කරලා තියෙ­නවා මම. ‍මේ ගිවි­සුම් සැම වග­න්ති­යක්ම සම්බ­න්ධ­යෙන් මා සඳ­හන් කරලා තියෙ­නවා. ඇම­රි­කන් ආක්‍ර­ම­ණයේ එම්සීසී ගිවි­සුම සම්බ­න්යෙන් අපි කතා කරලා තියෙ­නවා. කන්ද උඩ­රට ගිවි­සු­මෙන් මුඩු­බිම් පනත ගෙනත් බ්‍රිතා­න්‍ය­යන් විසින් ස්වජා­තික ඉඩම් කොල්ල කෑවා වගේම ඇම­රිකා එක්සත් ජන­ප­ද­යට ‍මේ රට සොච්චං මුද­ල­කට කොල්ල කෑම­කට තමයි උත්සාහ කරන්නේ. ත්‍රිකු­ණා­ම­ලය සිට කොළඹ තෙක් ඉඩම් කොරි­ඩෝ­වක් හදා­ගෙන එහි විජා­ති­ක­ර­ණය කිරීම තමයි කරන්නේ. තැනින් තැන අල්ල­ගෙන කතා කර­න්නට නර­කයි. මෙවැනි ගිවි­සුම් සහ මෙයට සම්බන්ධ වෙනත් ‍ගිවිසුම් ජාති­යට රටට අහි­ත­කර නම් ජනතා අභි­ලා­ස­යන්ට පට­හැනි නම් මෙවැනි ගිවි­සු­ම්ව­ලට ඇයි අත්සන් කරන්නේ. ගෝඨා­භය මහතා මේ වැනි ගිවි­සුම් සඳහා එකඟ නැති බවට ලිඛි­තව ප්‍රති­ඥා­වක් දීලා තියෙ­නවා. ‍

 

ගෝඨා­භය මහතා බල­යට පත්වී­මෙන් පසුව මේ ගිවි­සුම ක්‍රියා­ත්මක කර­න්නට කට­යුතු කර­යිද; නොඑසේ නම් අහෝසි කර­යිද?

 

ඉතා පැහැ­දි­ලි­වම ජනතා අභි­ලා­ස­යන්ට පට­හැනි ගිවි­සුම් අත්සන් කරන්නේ නැති බව ලිඛි­තිව ප්‍රති­ඥා­වක් දිලා තියෙ­නවා.

 

දේශ­පා­ලන රැඳ­වු­ම්ක­රු­වන් සම්බ­න්ධ‍යෙන් පැහැ­දිලි පිළි­තු­රක් කිසිම අපේ­ක්ෂ­ක­යකු විසින් දීලා නැහැ කියලා ඇතැ­මුන් සඳ­හන් කර­නවා.?

 

දේශ­ප්‍රේමි ත්‍රස්ත­වා­දි­න්ගෙන් රට ‍බේර ගත්ත සට­න්ක­රු­වන්, ත්‍රස්ත­වා­දීන් කියලා සිර­ගත කරලා තියන ආණ්ඩු­වක් තමයි මේ ආණ්ඩුව. දේශ­පාන සිර­ක­රු­වන් කියලා මේ අය මේ හඳු­න්වන්නේ බුද්ධි අංශ සහ ත්‍රස්ත­වා­දය මර්ධ­නය කිරී­මට සහය දුන්න අය­ටයි‍. අපේ හමුදා සොල්දා­දු­වන්ට දේශ­පා­ලන සිර­ක­රුවෝ කියලා ත්‍රස්ත­වා­දීන් කිය­නවා. එය වැර­දියි; දේශ­පා­ලන සිර­ක­රුවෝ නැහැ. දේශ­පා­ලන සිර­ක­රු­වන් ලෙස හඳු­න්වන්නේ ත්‍රස්ත­වා­දීන් හෝ ත්‍රස්ත­වාදී ක්‍රියා­වන්ට සිර­ග­තවී සිටින අය ජාත්‍ය­න්ත­රය හමුවේ කිය­නවා දේශ­පා­ලන සිර­ක­රුවෝ කියලා. ලංකාව දේශ­පා­ලන සිර­ක­රු­වන් ඉන්න රටක් නොවෙයි

 

අතු­රු­දන් වූවන් සම්බ­න්ධ­යෙන් ‍ඔබ නියෝ­ජ­නය කරන පිලේ අපේ­ක්ෂ­කයා වන ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට පැහැ­දිලි තීන්දු­වක් නැහැ කියලා ඇතැ­මුන් චෝදනා නඟ­නවා.?,

 

අතු­රු­දන් වූවන් සම්බ­න්ධ­යෙන් කිසිඳු ආණ්ඩු­වක් පිය­වර අරන් නැහැ. අපි ප්‍රමු­ඛ­තාව අනුව ඉදි­රි­යේදී පිය­වර ගන්නවා. ඒව­ගේම 1988 , 1989 වැනි වර්ෂ වල තමයි මේ භීෂ­ණය වගේම සුදු වෑන් සංස්කෘ­තිය පටන් ගත්තේ . එහි පිය­වරු ලෙස හඳු­න්වන්නේ 1988 ,1989 වැනි කාල­ව­ක­වා­නු­වයි; සුදු­වෑන් සංස්කෘ­තියේ කූටා­ප්‍රා­ප්තිය ඇති­වෙලා තියෙන්නේ ඒ කාල­ව­ක­වා­නුවේ ම යි.

Comments