පොහොට්ටු රැස්වී­මට ගිය තරු­ණි­ය­ක් දුෂ­ණයට ලක් වෙයි | Page 2 | සිළුමිණ

පොහොට්ටු රැස්වී­මට ගිය තරු­ණි­ය­ක් දුෂ­ණයට ලක් වෙයි

 

කෑගල්ලේ පැවැති ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ දේශ­පා­ලන රැස්වී­ම­කට සහ­භා­ගිවී සිය මව සමග නිව­සට යමින් සිටි විසි හය හැවි­රිදි ආබා­ධිත තරු­ණි­යක් පසු­ගිය 7 වැනිසා රාත්‍රියේ පැහැ­ර­ගෙ­න­ගොස් දුෂ­ණය කළ පොදු­ජන පෙර­මුණු ආධා­ර­ක­රු­වෙකු හෙම්මා­ත­ගම පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඇය එසේ පැහැ­ර­ගෙන ගොස් අත­වර කර ඇත්තේ කෑගල්ලේ දේශ­පා­ලන රැස්වී­මට සහ­භා­ගි­වී­මට හෙම්මා­ත­ගම සිට ගිය එකම කණ්ඩා­ය­මක සිටි තරු­ණ­යෙක් විසින්ම බව පොලී­සි­ය­ප­ව­සයි. පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත්තේ රැළි­යට සහ­භාගි වී ආපසු නිවෙස් බලා ගමන් කර­මින් සිටි පිරිස රැගත් බස් රථය හෙම්මා­ත­ගම, අල්පි­ටිය, බල­ව­ත්ගම කැලෑ­බද ස්ථාන­ය­කදී නතර කර ආබා­ධිත තරු­ණිය බස් රථ­යෙන් පිට­තට රැගෙන ගොස් දූෂ­ණය කර ඇති බවය. ඇයව බස් රථ­යෙන් බස්ස­වා­ගෙන ඇත්තේ විවාහ වන බව සද­හන් කර­මින් බවද විම­ර්ශන වලින් අනා­ව­ර­ණය වී ඇත. ඇය එම රැස්වී­මට සහ­භා­ගි­වී­මට ගොස් ඇත්තේ මව සම­ගිනි. ඇයද මාන­සික ආබා­ධ­ය­කින් පෙලෙන තැනැ­ත්ති­යක් බව අනා­ව­ර­ණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී රුවන් ගුණ­සේ­කර පැව­සීය. දිය­ණිය නොමැ­තිව ඇගේ මව නිව­සට පැමි­ණිම හේතු­වෙන් කල­බල වන දිය­ණි­යගේ පියා ඒ ගැන 119 පොලිස් හදිසි ඇම­තුම් අංශ­ය­ටත් හෙම්මා­ත­ගම පොලිස් ස්ථාන­ය­ටත් පෙරේදා රාත්‍රී 10.30 ට පමණ පැමි­ණි­ළි­කර ඇතැ­යිද රුවන් ගුණ­සේ­කර මහතා පැවැ­සීය.

මේ සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පවතින බැවින් එහි සේවයේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු ඊයේ සවස වහා ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Comments