පැහැපත් සමකට සහල් සත්කාරයක් | සිළුමිණ

පැහැපත් සමකට සහල් සත්කාරයක්

නිවෙසේ සිටින ඔබට ලෙහෙසියෙන් ම කළ හැකියි

පැහැපත්, සුමුදු සමකට කවුරුත් කැමතියි. සම අවපැහැ ගැන්වීම වගේම ගොරෝසු වීම කියන්නේත් විශේෂයෙන් කාන්තා පක්ෂයකට නම් දැවෙන ප්‍රශ්න. ඒකට විසඳුමක් විදිහට ඔය එක එක ක්‍රීම් ජාති ගාන්න ගත්තම ඒවා එක දිගටම ගාන්නට වෙනවා. ක්‍රීම් එක නැවැත්තුවාට පස්සේ ආයෙත් තිබුණට වඩා තමන්ව අවලස්සන වෙනවා. එහෙමත් නැත්නම් තිබූ තත්ත්වයට ම පත්වෙනවා.

ඒ විතරක් නෙමෙයි ලස්සන වෙන්නට දහස් ගණන් මුදල් වියදම් කරලා සැලොන්වලට යනවා. ඒත් හැම දෙනෙකුටම වගේ ඒ වැඩේ කරන්න හිතන තරම් ලෙහෙසි පහසු නෑ. එහෙව් එකේ අතේ මිටේ මුදලට තට්ටු වෙන්නෙත් නැතිව ගෙදර සිට අත්හදා බලන්නට පුළුවන් ලෙහෙසියෙන් කරගන්නට හැකි ස්වාභාවික සත්කාරක ක්‍රමයකට යොමුවෙන්න කවුරු වුණත් කැමතිවෙයි. ඉතිං මේ කියන්නට යන්නේ අතුරු ආබාධ නැති පොකට් එකටත් තට්ටු නොවන ස්වාභාවික සත්කාරක ක්‍රම කිහිපයක් ගැනයි. එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ මේ දේවල් කරලා ලස්සන වෙන්න.

හැබැයි ඒ මොන දේ කරන්නත් මුලින්ම තමන් තමන්ගේ පිරිසුදුකම ගැන සැලකිලිමත් වන්නට වෙනවා. ඒ වගේම තමයි ජලය කියන්නේ අපට ස්වාභාවිකව ලැබෙන දෙයක්. ඒ නිසා අපි අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීමත් ඉතාමත් වැදගත් දෙයක්.

ඔබට පුළුවන් නම් දිනපතා උදෑසන අවදි වූවිට මද උණුසුම් වතුර වීදුරුවකට දෙහි බිංදු කිහිපයක් දමා පානය කර දවස අරඹන්නට. ඔබේ ශරීරය නිරෝගිමත් වනවා සේම ඔබ නොදැනුවත්වම ඔබ සුන්දර වේවි.

ඒ වගේම ඕනෑම අයෙකුට උදෑසන ආහාර වේල ලබා ගැනීමට පෙර කැරට් අල දෙකක් පමණගෙන එයට දොඩම් ගෙඩියක ඉස්ම දමා එය ජූස් එකක් ලෙස පිළියෙල කරගෙන එය පෙරා ගන්නේ නැතිව සියුම් විදිහට සෑම උදෑසනකම පානය කළ හැකියි. අපි දන්නවා කාර්යබහුල ජීවන රටාවත් සමඟ කාන්තා ඔබේ සම රැලිවැටීම, අවපැහැගැන්වීම සාමාන්‍ය දෙයක්. ඒත් අපි ඔබට කියා දුන් කැරට් ජූස් පානය සතියකට දෙවරක් හෝ තුන්වරක්වත් පිළියෙල කර පානය කළ හැකි නම් ඔබේ සම අවපැහැගැන්වීම, ගොරෝසු වීම යන ගැටලුවලට ලෙහෙසියෙන්ම විසඳුම් ලැබේවි. විශේෂයෙන් පිළිකා රෝගයට ගොදුරුවීමේ අවධානමෙන් මිදීමට ද ඔබට හැකියාව ලැබේවි.

කෝමාරිකා තැඹිලි පානය:- කෝමාරිකා මදයක් ගෙන සිහින්ව කපාගෙන තැඹිලි වීදුරුවකට දමා උදෑසන හෝ දහවල් කෑමෙන් පසුව පානය කිරීමට ඔබට පුළුවන්. ඒ තුළින් ‘ගැස්ටික්’ හෙවත් අම්ල පිත්ත රෝගයට මේ පානය කදිම ඖෂධයක් වෙනවා සේම ඔබේ රුවේ ලස්සන වගේම කලක් මෙම පානය ලබා ගැනීමෙන් ඔබේ සමේ වියළි බවත් ඉබේම නැතිවී යාවි.

ස්වාභාවිකව ඔබට පහසුවෙන්ම පිළියෙල කරගත හැකි ඔබේ රුව, සම පැහැපත් කර ගන්නා තවත් රහසක් තියෙනවා. ඒ තමයි ඔබ එදිනෙදා පිළියෙල කරගන්නා බත් හොඳින් පොඩිකර එයට මීපැණි දමා එයට කිරි මිශ්‍ර කර ‘පැක්’ එකක් ලෙසට ඔබට භාවිත කිරීමට හැකියාව තිබෙනවා. මෙම තලපය මුහුණ සහ ඇ‍ඟේ ආලේප කිරීමෙන් මනා පැහැපත් බවක් ලැබෙයි.

අපි දන්නවා චීනය, කොරියාව වැනි රටවල මිනිසුන් අනෙක් අයට සාපේක්ෂව වයසට යන ප්‍රමාණය අඩුයි. එහි රහස තමයි ඔවුන් වැඩිපුර ප්‍රධාන වශයෙන් තම ආහාර වේලට එකතු කරගන්නේ සහල්.

ඉතිං ඔන්න ඔය කියපු පුංචි ක‍රුණු ටික හිතේ තියාගෙන මේ ප්‍රතිකාරවලින් පහසු ප්‍රතිකාරයක් තෝරා ගෙන එක දිගට සතියක් කරලා බලන්න. එහි වෙනස කොහොමද කියලා ඔයාලටම වැටහේවි.

සේයාරුව - ටෙනිසන් එදිරිසිංහ

Comments