දියවැඩියා සම්මේලනයේ සභාපති දියවැඩියා සහ හෝර්මෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය ගේ අධීක්ෂණය යටතේ ‘ආරෝග්‍යා’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ දීප්ති ෆොන්සේකා විසින් සංස්කරණය කරන ලද ශ්‍රී ලංකා අන්තරාසර්ග විද්‍යාවේදීන්ගේ විද්‍යායතනය හා ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ ප්‍රකාශනයක් වූ දියවැඩියාවෙන් තොර ශ්‍රී ලංකාවක් ග්‍රන්ථය පසුගිය දා එළි දැක්විය. මෙතෙක් දියවැඩියාව පිළිබඳ කිසිදු ග්‍රන්ථයක පළ නොවු කරුණු රාශියකින් සමන්විත මෙම ග්‍රන්ථය දියවැඩියාව හා හොමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් තිස් දෙනෙකුගෙන් ලබාගත් දත්තයන් අනුව සැකසිනි.
දියවැඩියාවෙන් ආරක්ෂා වීම, වළක්වා ගැනීම, පරීක්ෂණ, ප්‍රතිකාර, අහාර හා ව්‍යායාම් රටාව, මෙන්ම දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු ආබාධ, මානසික ආතතිය, හෘර්දයාබාධ, ලිංගික දුබලතා, පාදය ඉවත් කිරීමට සිදුවීම්, ස්නායු ආබාධ ආදී සංකූලතාවලින් ආරක්ෂාවීමට ගත යුතු ක්‍රියා මාර්ග සියල්ල ඇතුළත් මෙම ග්‍රන්ථය වෛද්‍ය විද්‍යාත්මකව සංස්කරණය කළේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය මෞලි අරඹවෙලයි.
දියවැඩියා රෝගීන්ට, සමස්ත ප්‍රජාවට මෙන්ම පාසල් දරුවන්ට ද කියවිය යුතු ග්‍රන්ථයක් ලෙස මෙය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.