අපේ තරුණ පරපුරට විවර වන ලෝක සෞඛ්‍ය සේවයේ රන් දොරටුව | Page 3 | සිළුමිණ

අපේ තරුණ පරපුරට විවර වන ලෝක සෞඛ්‍ය සේවයේ රන් දොරටුව

සෞඛ්‍ය ක්ෂේත්‍ර­යට හැදෙන ලෙඩක් ගැන ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය 2016 වසරේ සිට දිගින් දිග­ටම විශේෂ නිවේ­ද­න­යක් ලෝක­යට නිකුත් කර­මින් සිටී. ඒ බෝවන රෝග­යක් හෝ එවැනි අන් කිසි­වක් ගැන නොවේ. 2030 වස­රේදී ඇති වීමට නිය­මිත දැවැන්ත සෞඛ්‍ය සේවක හිඟ­යක් සම්බ­න්ධ­යෙනි.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ එම නිවේ­ද­න­යට අනුව 2030 වන විට ලෝකය පුරා මිලි­යන 18ක සෞඛ්‍ය සේවක හිඟ­යක් ඇති වීමට නිය­මි­තය. එහි තර්ජ­නය වඩාත් එල්ල වීමට නිය­මි­තව ඇත්තේ අඩු සහ මධ්‍ය ආදා­යම් ලබන රට­වල්ය. මේ සේවක හිඟය හේතු­වෙන් අනා­ග­තයේ රට­වල් රැසක ජන­තා­වට ප්‍රමා­ණ­වත් සෞඛ්‍ය පහ­සු­කම් ලබා­දී­මට අසීරු වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ අද­හ­සයි.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය යටතේ ක්‍රියා­ත්මක ලෝක සෞඛ්‍ය සේවක සහ ආර්ථික වර්ධන කොමි­සම මඟින් මේ විශේෂ නිවේ­ද­නය නිකුත් කර තිබේ. එම සංවි­ධා­නයේ අර­මුණ වී ඇත්තේ කල් තබා හඳු­නා­ගත් මේ ගැට­ලුව විස­ඳා­ගැ­නී­මට ලෝකයේ රට­වල් දැනු­වත් සහ දිරි­මත් කිරී­මය. එබැ­වින් ඒ සඳහා අනු­ග­ම­නය කළ යුතු නිර්දේ­ශද මේ නිවේ­ද­නයේ ඇතු­ළත් කර තිබේ.

ඒ අනුව අනා­ගත සේවක හිඟය පිටු දැකීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍ර­වල ආයෝ­ජ­නය කළ යුතු යැයි නිර්දේශ කර තිබේ. මේ වන විට ලෝකයේ අඩු සහ මධ්‍ය ආදා­යම් ලබන රට­වල් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු කරන ආයෝ­ජන ප්‍රමා­ණ­වත් නොවන බව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ අද­හ­සයි. එමෙන්ම බොහෝ රට­වල සෞඛ්‍ය සේව­ක­යන් විය­පත් වීම හේතු­වෙන් විශ්‍රාම ගැනීම සහ වෘත්තී­ය­මය රෝග­ව­ලින් පීඩා විඳීම හේතු­වෙන්ද සේවක පුර­ප්පාඩු ඇති වේ.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය 2016 වසරේ සිට වරින් වර ලබා­දෙන තොර­තුරු අනුව 2030 වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා මිලි­යන 40ක් බිහි කිරී­මට නිය­මිත අතර ඒ අත­රින් බහු­ත­රය බිහි වනු ඇත්තේ දුගී රට­වල් ආශ්‍රි­ත­වය. මේ අත­රින් රැකියා මිලි­යන 18ක හිඟ­යක් ඇති විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ අනු­මා­න­යයි. රට­වල් වැඩි­වැ­ඩි­යෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝ­ජ­නය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ නිර්දේ­ශය වන්නේ ඒ අනු­වය. එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියු­ණුව, ගෝලීය සෞඛ්‍ය ආර­ක්ෂාව සහ තිර­සාර සංව­ර්ධ­නය යන ඉලක්ක අතර පැව­තිය යුතු­යැයි නිර්දේශ වී තිබේ.

මේ තත්ත්වය අපේ රටට බල­පාන අන්දම සම්බ­න්ධ­යෙන් කරුණු දක්ව­මින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ අප රටට සෞඛ්‍ය සේවක හිඟය එත­රම් දරුණු අන්ද­මින් බල­පෑම් නොක­රනු ඇති බවයි.

“ දැන­ට­මත් අපේ රටේ වෛද්‍ය­ව­රුන්ගේ විශාල හිඟ­යක් නැහැ. එය සාපේ­ක්ෂ­වයි පව­තින්නේ. හිග­යක් පව­ති­නවා නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මැද­පෙළ ආශ්‍රිත සේව­ක­යන් සම්බ­න්ධ­යෙන් තමයි. සෞඛ්‍ය සේව­ක­යන් වෛද්‍ය­ව­රුන්, මැද­පෙළ සේව­ක­යන් සහ සුළු සේව­ක­යන් යනු­වෙන් වර්ගී­ක­ර­ණය කර දැක්විය හැකියි. එහිදී වෛද්‍ය­ව­රුන් සහ සුළු සේව­ක­යන් යන අංශ දෙකේම හිඟ­යක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒත් මැද පෙළ වශ­යෙන් හැඳි­න්විය හැකි රසා­ය­නා­ගාර සේව­ක­යන්, භෞත චිකි­ත්ස­ක­යන්, රේඩි­යෝ­ග්‍රැ­ෆ­ර්ව­රුන් යනාදී අංශ­වල සේව­ක­යන්ගේ කිසි­යම් හිඟ­යක් හඳු­නා­ගත හැකියි.

ඒත් ඇත්ත­ටම දැනට පෙනී යන කරුණු අනුව ඉදි­රි­යේදී මේ අංශ­වල සේව­ක­ය­න්ගේද හිඟ­යක් ඇති නොවන බව තමයි පෙනී යන්නේ. එයට හේතුව අපේ රටේ අධ්‍යා­ප­න­යට වැඩි වැද­ග­ත්ක­මක් ලබා­දී­මයි. දැන­ට­මත් අපේ රටේ වෛද්‍ය විද්‍යාල කිහි­ප­යක්ම තිබෙ­නවා. ඒ විත­රක් නෙමෙයි මැද පෙළ සේව­ක­යන් සඳහා විවිධ පාඨ­මාලා ක්‍රියා­ත්මක වනවා. අමා­ත්‍යං­ශ­යට අනු­බද්ධ විශ්ව­වි­ද්‍යාල මඟින් වාර්ෂි­කව මේ අංශ­ව­ලට අදාළ සෞඛ්‍ය සේව­ක­යන්ට අධ්‍යා­ප­නය ලබා­දීම සිදු කර­නවා. හෙදි විදු­හ­ලත් අයත් වන්නේ මේ අත­රට තමයි. ඒ අනුව අනා­ග­ත­යේදී අපේ රටේ සේවක හිඟ­යක් ඇති­වී­මට විශාල ඉඩක් නැති බවයි මගේ අද­හස.“

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ ඉදි­රි­යේදී අප රටේ සෞඛ්‍ය සේවක හිඟ­යක් ඇති වීමට ඉඩක් නැති බවයි.

නව­ලෝක රෝහලේ ප්‍රධාන වෛද්‍ය තිස්ස පෙරේරා මහතා අද­හස් දක්ව­මින් පවසා සිටි­යේද එවැ­නිම අද­හ­සකි.

“ අපේ රටේ දැනට වෛද්‍ය විද්‍යාල 10ක් පමණ තිබෙ­නවා. ඒවා­යින් වස­ර­කට වෛද්‍ය­ව­රුන් දහ­සක් පමණ බිහි කර­නවා. දැනට ආසන්න වශ­යෙන් ජන­ග­හ­න­යෙන් 1000කට එක වෛද්‍ය­ව­ර­යෙකු බැගින් සිටි­නවා. එහෙත් වෛද්‍ය­ව­රුන් බිහි වන වේග­යට සාපේ­ක්ෂව රෝහල් බිහි නොවීම ගැට­ලු­වක්. සහාය ක්ෂේත්‍රවල සේව­ක­යන්ගේ කිසි­යම් අඩු­වක් තිබෙ­නවා. ඒත් ඒ ක්ෂේත්‍ර­වල සේව­ක­යන් පවා දැනට විශ්ව­වි­ද්‍යා­ල­වල පුහුණු කිරීම, අධ්‍යා­ප­නය ලබා­දීම මේ වන විටත් ආරම්භ කර තිබෙ­නවා. ජය­ව­ර්ධ­න­පුර, වයඹ, පේරා­දෙ­ණිය වගේ විශ්ව­වි­ද්‍යා­ල­වල එවැනි සෞඛ්‍ය සේව­ක­යන් සඳහා උපාධි පාඨ­මාලා ආරම්භ කර තිබෙ­නවා. එම නිසා ඉදි­රි­යේදී එම අංශ­වල සේව­ක­ය­න්ගේද අඩු­වක් ඇති නොවනු ඇතැයි සිතිය හැකියි.

හෙද සේවය සැල­කු­වොත් එයට එක් වන පිරිසේ කිසි­යම් අඩු­වක් දැකිය හැකියි. තරුණ පිරිස මේ සේව­යට එත­රම් කැමැ­ත්තක් නොද­ක්වන බවක් තමයි දැන් දැන් පෙනෙ­න්නට තිබෙන්නේ. එහෙත් හෙද සේවයේ පවා දැන් අධ්‍යා­ප­නය ලැබීමේ ක්ෂේත්‍ර රාශි­යක් තිබෙ­නවා. අනා­ග­ත­යේදී සෞඛ්‍ය සේවක අර්බු­ද­යක් ඇති වීම වළ­ක්වන්න අධ්‍යා­පන ක්ෂේත්‍ර වර්ධ­නය කළ යුතු නම් අපේ රටේ එය මේ වන විටත් සිදු වෙමින් පව­ති­නවා. එබැ­වින් ඔය තත්ත්වය අපේ රටට සාධා­රණ වේ යැයි අනු­මාන කිරී­මට අප­හ­සුයි.“ වෛද්‍ය තිස්ස පෙරේරා පව­සන්නේ එවන් අද­හ­සකි.

ඒ අනුව පැව­සිය හැකි වන්නේ 2030 වන විට සෞඛ්‍ය සේවක හිඟය ජය­ගැ­නී­මට ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ නිර්දේ­ශය වන්නේ සෞඛ්‍ය අධ්‍යා­පන ක්ෂේත්‍රයේ ආයෝ­ජ­නය කිරීම නම් ශ්‍රී ලංකාව එම ඉල­ක්කය 2020 වන විටම සම්පූර්ණ කර ඇති බවයි.

ඒ අනුව ලෝකයේ සෙසු රට­වල ඇති වීමට නිය­මිත සෞඛ්‍ය සේවක හිඟය ආව­ර­ණය කිරීම සඳහා අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යා­ප­නය ලබන බොහෝ දෙනාට උදා­වනු ඇත්තේ මන­රම් අව­ස්ථා­වකි. 2030 වන විට ලොව පුරා මිලි­යන 18ක සෞඛ්‍ය සේවක හිඟ­යක් ඇති වීමට නිය­මිත නම් එම හිඟය පුර­ව­මින් ඔවුන්ට රැකියා අවස්ථා ලබා ගැනී­මට හැකි වනු නොඅ­නු­මා­නය.

Comments