එළ­ඹෙ­නුයේ මක­රා­ක්ෂ­යාගේ හෝරා­වද? | Page 2 | සිළුමිණ

එළ­ඹෙ­නුයේ මක­රා­ක්ෂ­යාගේ හෝරා­වද?

“ඔබ­තු­මාව හිට්ල­ර්ව­ර­යෙක් ලෙස හඳු­න්වන කෙනෙක්. අපි මතක් කර­නවා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝ­ර­ත්නය අව­සාන වශ­යෙන් මතක් කරන්නේ. ඔබ­තුමා මිලි­ටරි පාල­න­යක් හරි අර­ගෙන ගිහින් මේක හදන්න කියලා නැව­තත් මතක් කර­නවා.”

ඉහත ඉල්ලීම ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් කළේ අස්ගිරි පාර්ශ්වයේ අනු­නා­යක වෙඬ­රුවේ උපාලි හිමි­යන් විසිනි. ඒ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ 69 වැනි ජන්ම දිනය නිමි­ත්තෙන් සිදු කළ දාන­මය පින්ක­ම­කදී අනු­ශා­ස­නාව පව­ත්ව­මිනි.

ඇඩොල්ෆ් හිට්ලර් යනු මිනිස් ඉති­හා­සයේ බිහිවූ විශා­ල­තම සමූල ඝාත­කයා ය. ඔහුගේ අතින් ඝාත­නය වූ මුළු සිවිල් වැසි­යන් ප්‍රමා­ණ ය මිලි­යන 11 ක් (ලක්ෂ 110ක්) ලෙස ගණ­නය කොට තිබේ. හිට්ලර්ගේ මේ මිනී­මරු පාල­නය නිමා වූයේ ඔහු නාය­ක­ත්වය දුන් ජර්ම­නි­යට බර­ප­තළ යුද්ධ­මය පරා­ජ­යක් හා ජීවිත හා දේපළ විනා­ශ­යක් උරුම කර දෙමිනි. හිට්ලර් බල­යට ආවේ ජර්ම­නිය දුර්වල පාල­ක­ය­න්ගෙන් ගල­වා­ගෙන එය ශක්ති­මත් හා සමෘ­ද්ධි­මත් රාජ්‍ය­යක් බවට පත්ක­රන බවට පොරොන්දු වෙමිනි. ඔහුගේ 12 වස­රක පාල­නය නිමා වූයේ එරට විදේශ හමු­දා­වල අණ­ස­කට නතු වී බට­හිර හා නැගෙ­න­හිර ජර්ම­නිය ලෙස දෙකඩ වීමෙනි.

ශක්ති­මත් ඒකා­ධි­පති හිට්ලර් විසින් විනාශ මුඛ­යට යැවූ ජර්ම­නිය යළිත් බල­වත් හා එක්සත් රාජ්‍ය්‍යක් බවට පත් කළේ විවිධ පක්ෂ­ව­ලින් සම­න්විත වූ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පාලන විසිනි.

ඒකා­ධි­ප­ති­ත්වය සංව­ර්ධ­න­යට, සාම­යට හා සමෘ­ද්ධි­යට කෙටි මාව­තක් යන ජන­ප්‍රිය මිථ්‍යාව අළු දූලි බවට පත්ක­රන වැද­ගත් උදා­හ­ර­ණ­යකි හිට්ලර්.

දියුණු ශිෂ්ටා­චා­ර­ය­කට හා ශ්‍රේෂ්ඨ සංස්කෘ­ති­ය­කට උරු­ම­කම් කී ජර්ම­නිය මෙවැනි විනා­ශ­කාරි හා ස්වයං විනා­ශ­කාරි මාව­ත­කට ඇද වැටුණේ කෙසේද? හිට්ලර් බල­යට ආ විගස තමන්ට සහාය නොදෙන පක්ෂ හා සංවි­ධාන තහ­නම් කොට තම විරු­ද්ධ­වා­දින් සිර­ගත කොට හෝ මර දමා, කතා කිරීමේ, ලිවීමේ, විවේ­ච­නයේ නිද­හස වළලා, තමන්ට එකඟ නොවන තම පාක්ෂි­ක­යන් පවා දේශ­ද්‍රෝ­හින් ලෙස හංවඩු ගසා දරුණු ඒකා­ධි­පති පාල­න­යක් දියත් කළේය. නමුත් ජර්මන් ජාති­කයෝ බහු­ත­ර­යක් අව­සා­නය දක්වාම ඔහු තම ගැල­වු­ම්කා­රයා ය යන මිථ්‍යාව වැළ­ඳ­ගෙන ඔහුට සහාය දැක්වූවෝ ය. ඔවුන්ට ඇස් ඇරුණේ විනා­ශයේ ප්‍රපා­ත­යට ම ඇද වැටී­මෙන් පසුව ය.

හිට්ලර්ට මෙවැනි හාස්ක­මක් කිරී­මට හැකි­වූයේ ජන­තාව අන්ත­වා­දීන් බවට පත්කොට එ් අන්ත­වා­ද­යෙන් ප්‍රයෝ­ජන ගැනී­මෙන් බව භාෂා විශේ­ෂ­ඥ­යකු මෙන්ම හිට්ලර්ගේ පාල­නය අත්දු­ටු­වකු වූ මහා­චාර්ය වික්ටර් ක්ලෙමි­ප­රර් මහතා තම The Language of the Third Reich යන ග්‍රන්ථයේ සඳ­හන් කරයි. ඇතැම් වචන ආස­නික් බිංදු මෙන් විෂ සහ­ගත බවත් ජර්මානු ජන­තා­වට මේ විෂ - වචන පොවා ඔවුන් තමන්ගේ වස­ඟ­යට ගැනී­මට හිට්ලර් සමත්වූ බවත් ක්ලෙම්ප­රර් මහා­චා­ර්ය­ව­රයා පෙන්වා දෙයි.

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ජර්ම­නි­යට අකැප බවත් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය නිසා ජර්ම­නිය බෙල­හීන වන බවත් ජාත්‍ය­න්ත­රයේ සහාය ලැබූ ජර්මන් යුදෙ­ව්වරු (ජර්ම­නියේ එව­කට විසූ ප්‍රධාන වාර්ගික - ආග­මික සුළු­ත­රය) ජර්මන් පීතෘ­භූ­මිය විනාශ කිරී­මට කුම­න්ත්‍ර­ණය කරන බවත් හිට්ලර් හා ඔහුගේ නට්සි පක්ෂයේ මූලික තේමාව විය. ජර්ම­නිය බේරා ගත හැක්කේ එරටේ පාල­නය දුර්වල ප්‍රජා­ත­න්ත්‍ර­වාදි නාය­ක­ය­න්ගෙන් මුදා­ගෙන තමන්ට බාර­දී­මෙන් බව ඔවුහු තර්ක කළහ.

භීතිකා මැවීමේ දේශ­පා­ල­නය

ලංකාවේ වත්මන් ජන­ප­ති­ව­රණ වේදි­කාවේ ද මෙවැනි කතා අස­න්නට ලැබේ. “මේ පාර වැර­දු­ණොත් රට ඉව­රයි” යන්න ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ අනු­ගා­මි­ක­යන් නිතර දෙවේලේ ජප­ක­රන මන්ත්‍ර­යයි. රට ඉවර කරන්නේ කවු­රුන්ද කෙසේද යයි ඔවුන් නිය­ම­යට කියන්නේ නැත.

මෙයට මාස දෙක තුන­කට පෙර රට ඉවර කළේ, සිංහල ජාතිය ම වඳ කර­න්නට කට­යුතු කළේ වෛද්‍ය ෂාෆි සහ­බ්ඩීන් මහතා ය. ඒ දින­වල ගෝඨා­භය අනු­ගා­මි­ක­යන්ට ෂාෆි වෛද්‍ය­ව­රයා තරම් දුෂ්ඨ­යෙක්, භ්‍රෂ්ඨ­යෙක් සිටියේ නැත.

අද දොස්තර ෂාෆි මහ­තාගේ නම පවා ඔවුන්ට අම­ත­කව ඇත. සාෆි මහතා සිංහල බෞද්ධ මවු­ව­රුන් දස දහස් ගණ­නක් රහ­සි­ගත සැත්කම් හරහා වඳ කළ බවට විමල් වීර­වංශ වැනි දේශ­පා­ල­ක­යන් හා අතු­ර­ලියේ රතන හිමි වැනි දේශ­පා­ලන - භික්ෂූන් ගෙන ගිය දැවැන්ත ව්‍යාපා­රය බොරු­වක් බව පරී­ක්ෂණ වලින් හා අධි­ක­ර­ණ­යෙන් සනාථ වූ පසු සිංහල ජාති­යම වඳ කිරීමේ කුම­න්ත්‍රණ කතාව ඔවුහු අත්හැර දැමූහ. දැන් ඇත්තේ වෙනත් කතා ය.

ආස­නික් බිංදු වැනි වච­න­ව­ලින් ජන­තා­වගේ සිත් වලට අන්ත­වා­දි­ත්වයේ, වෛරයේ, ක්‍රෝධයේ විෂ පෙවීම පිළි­බඳ දොස්තර ෂාෆි මහ­තාගේ සිද්ධිය කදිම උදා­හ­ර­ණ­යකි.

දොස්තර ෂාෆි උන්මා­දය අසා­ර්ථක වූ පසු ගෝඨා­භය අනු­ගා­මි­කයෝ ACSA (Acqvisition Cross Servicing Agreemant) හා SOFA (Status of Forces Agreemant) නම් වූ ගිවි­සුම් දෙක අල්ලා ගත්තෝ ය. විමල් වීර­වංශ මහතා ප්‍රමුඛ පිරි­සක් මේ ගිවි­සුම් දෙක ‘පරා­ජය’ කිරී­මට STOP USA නම් සංවි­ධා­න­යක් ද පිහි­ටුවා ගත්හ. මේ ගිවි­සුම් දෙක අත්සන් කිරීමේ උත්සා­හය පරා­ජය නොක­ළ­හොත් යළිත් ආපසු හැරී­මක් නොමැති බව වීර­වංශ මහතා කීවේය. නිය­මිත කාලය ඉක්මවූ පසු ඇම­රි­කාව නොගි­ය­හොත් අපි කුමක් කර­මුද යැයි අස­මින් උදය ගම්ම­න්පිල මහතා පද­වැල ඇල්ලු­වේය.

ACSA ගිවි­සු­මට ඇම­රි­කාව හා ශ්‍රී ලංකාව මුලින්ම අත්සන් තැබුවේ 2007 මාර්තු 5 වෙනිදා ය. එසේ කළේ එව­කට ලංකාවේ ඇම­රි­කානු තානා­ප­ති­ව­රයා වූ රොබට් ටි. බ්ලේක් මහ­තාත් එව­කට ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ස්ථිර ලේක­ම්ව­රයා වූ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාත් ය. SOFA ගිවි­සුම මුලින්ම අත්සන් තැබුවේ 1995 ය. මේ අනුව ACSA ගිවි­සුම වසර 12කුත් SOFA ගිවි­සුම 24කුත් ක්‍රියා­ත්මක විය. ලංකාව ඇම­රි­කාවේ කොල­නි­යක් බවට පත්වූයේ හෝ ඇම­රි­කානු යුද කඳ­වුරු ලංකාවේ ස්ථාපිත වූයේ හෝ ඇම­රි­කානු යුද හමුදා ලංකාවේ මුල්බැස ගත්තේ හෝ නැත. මෙවැනි ගිවි­සුම් දෙකක් ක්‍රියා­ත්මක වන බව­වත් මෙරට ජන­තාව හෝ දේශ­පා­ල­ක­යන් අති බහු­ත­රක් දැන සිටි­යේ­වත් නැත.

ACSA හා SOFA භීති­කාව නිර්මා­ණය කෙ‍රුණේ ෂාෆි භීති­කාව අසා­ර්ථක වූ පසු ය.

ACSA හා SOFA සම්බ­න්ධ­යෙන් තමන් ජනා­ධි­පති වුව­හොත් ගන්නා පිය­වර කුම­ක්දැයි මාධ්‍ය­වේ­දි­නි­යක් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් ප්‍රශ්න කළේය. “අපි අත්සන් කළ එක­ඟ­තා­වය වසර 10ක් පැව­තුනා.” ඔහු පිළි­තුරු දුන්නේ සුපු­රුදු සිනා­වක් සමඟ ය. “ඒකෙන් මුකුත් ඇත්තට ම වුණේ නැහැ. ඒකෙ වාසිය අප­ටයි. ඔවුන්ට නොවෙයි.” ACSA හා SOFA ගිවි­සුම් ආරක්ෂා කර­මින් මෙලෙස ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පිළි­තුරු දෙනු වීර­වංශ හා ගම්ම­න්පිල මන්ත්‍රී දෙපොළ මුවින් නොබැණ අසා උන්හ.

ඉන්පසු ACSA බිල්ලා හා SOFA බිල්ලා ද පොහොට්ටු අනු­ගා­මි­ක­යන්ගේ මත­ක­යෙන් ඉවත් විය.

ඒ හිඩැස පිර­වී­මට ඔවුන් කර ඇති අලුත්ම තෝරා ගැනීම නම් MCC (Millennium challenge corporation) ගිවි­සු­මයි.

MCC ගිවි­සුම හරහා ඇම­රි­කානු ආධාර ලබා ගැනී­මට ලංකාව උත්සහ කළේ රාජ­පක්ෂ පාලන සමයේ සිට ය. මානව හිමි­කම් උල්ලං­ඝ­නය වීම් වැනි කාරණා නිසා මේ උත්සහ අසා­ර්ථක විය. 2015න් පසු හට­ගත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි වෙන­ස්කම් නිසා MCC ආධාර ලබා­ගැ­නීමේ උත්ස­හය සාර්ථක විය.

MCC ආධාර ලබා ගැනී­මට රාජ­පක්ෂ පාල­නය සිදු කළ අසා­ර්ථක උත්ස­හ­යන් යට ගසා එය තම නව­තම ගෝනි බිල්ලා බවට පත්කර ගැනීමේ ව්‍යායා­ම­යක මේ දින­වල ගෝඨා­භය - අනු­ගා­මි­කයෝ නිරත වෙති. මෙහි මුල් වෙඩි­මු­රය තැබුවේ සුව සැරිය ගිලන් රථ සේවය ඉන්දීය කුම­න්ත්‍ර­ණ­යක් යැයි කී විමල් වීර­වංශ මන්ත්‍රි­ව­ර­යාත් සුව සැරිය ගිලන් රථ­ය­කට ගොඩවූ රෝගීන් කරන්ට් වැදී මිය යන බවට අනා­වැකි පළ කළ රජයේ වෛද්‍ය නිල­ධා­රින්ගේ සංග­මයේ නාය­ක­ය­නුත් ය.

MCC ගිවි­සුම යටතේ ඇම­රි­කාව අක්කර මිලි­යන 1.2ක් ඉල්ලා ඇති බව වීර­වංශ ඇම­ති­ව­රයා කියයි. MCC ගිවි­සුම අත්සන් කළ­හොත් අනු­රා­ධ­පු­ර­යට යෑමට වීසා ලබා ගැනී­මට අපට සිදු­වන බව පාදෙ­ණිය වෛද්‍ය­ව­රයා කියයි. STOP USA සංවි­ධා­නය යළිත් ක්‍රියා­ත්මක වී තිබේ. උඩු­දු­ම්බර කාශ්‍යප නම් හිමි­න­මක් මේ ගිවි­සු­මට විරු­ද්ධව මාරා­න්තික උප­වා­ස­යක් අරඹා ඇත.

MCC ගිවි­සුම ගැන කියන්නේ කුම­ක්දැයි මාධ්‍ය­වේ­දි­යකු ඉංග්‍රීසි බසින් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් ඇසු­ව­හොත් එහි වර­දක් නැති බවත් එහි වාසිය අපට බවත් ඔහු ඉංග්‍රිසි බසින් ම පිළි­තුරු දෙනවා නොඅ­නු­මා­නය.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇම­රි­කානු විරෝ­ධය අවු­ළු­වන්නේ බළ­ලුන් ලවා කොස් ඇට බාවා­ගන්නා ක්‍රම­යට ය. ඔහු ඇම­රි­කා­වට එරෙ­හිව වච­න­ය­කුදු නොකි­යයි. ඇම­රි­කානු බිල්ලකු මවා පෑමේ ඔහුගේ කොන්ත්‍රා­ත්තුව ඉටු­ක­ර­නුයේ ඔහුගේ දේශ­පා­ලන අන්තේ­වා­සි­ක­යන් ය.

එවැනි අපේ­ක්ෂ­ක­ය­කුගේ අන්තේ­වා­සි­ක­යන් තම දේශ­පා­ලන ප්‍රති­වි­රු­ද්ධ­වා­දින්ට ඇම­රි­කානු ලේබ­ලය ඇල­වීම කෙත­රම් නම් විහි­ලු­වක්ද? ලංකාවේ සංව­ර්ධ­න­යට ජන­තා­වගේ ජීවන තත්ත්වය දියු­ණු­වට විශා­ල­තම බාධ­කය වූයේ කැරලි, කෝල­හාල හා අවි ගැටුම් ය. 1971 කැරැල්ල, 1983 කලු ජූලිය, 1987 - 89 දෙවැනි කැරැල්ල, වසර 25ක් පැවති ඊළාම් යුද්ධය යන මේ දේශ­පා­ලන අර්බුද රටේ හා ජන­තා­වගේ ආර්ථික වෘද්ධිය මන්ද­ගාමි කිරී­මට හේතු විය.

රටේ සංව­ර්ධ­නය පිළි­බඳ සැබෑ වුව­ම­නා­වක් ඇති නාය­ක­යකු නම් රටේ යළිත් ජන­වා­ර්ගික, ආග­මික, සමාජ - ආර්ථික ගැටුම් ඇති වීමට පාද­ක­වන ආකා­ර­යෙන් ක්‍රියා නොකළ යුතුය.

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ඡන්ද ව්‍යාපා­රය තුළ සුළු ජාති­ක­යන්ට හා ආග­මි­ක­යන්ට එරෙ­හිව වෛරය වැපි­රීම නිර­න්ත­ර­යෙන් ම දැකිය හැකිය. දෙමළ හා මුස්ලිම් ජන­තාව පම­ණක් නොව රාජ­පක්ෂ මහ­තාට සහාය නොදෙන සිංහල බෞද්ධ­යන් පවා දේශ­ද්‍රෝ­හීන් ලෙස හැඳි­න්වී­මට ඔහුගේ අනු­ගා­මි­කයෝ ක්‍රියා කරති. වරක් ජන­රාල් සරත් ෆොන්සේ­කාට කළාක් මෙන් මේ දින­වල හිටපු ‍හමුදා­පති ජෙන­රාල් මහේෂ් රත්නා­යක මහ­තාට ද දේශ­ද්‍රෝහි හංව­ඩුව ගැසී­මට ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ අනු­ගා­මි­කයෝ කට­යුතු කර­මින් සිටිති.

2015 බල පෙර­ළි­යන් පසු පැවැත්වූ මැති­ව­රණ දෙකම අතී­ත­යට සාපේක්ෂ වශ­යෙන් බැලූ කල බෙහෙ­වින් සාම­කාමි විය. මේවා තුළ මිනි මැරුණේ හෝ මහා පරි­මා­ණ­යෙන් ප්‍රච­ණ්ඩ­ත්වය දියත් වුණේ හෝ නැත. වත්මන් ජන­ප­ති­ව­රණ ව්‍යාපා­රය තුළ ද ජීවිත බිලි­ගන්නා දේපළ වන­සන ආකා­රයේ ප්‍රච­ණ්ඩ­ත්ව­යක් තව­මත් හට­ගෙන නැත. මේ සාම­කාමි තත්ත්වය දිගට ම (විශේ­ෂ­යෙන් ම පශ්චාත් මැති­ව­රණ සමය තුළ) පවත්වා ගැනී­මට නම් තමන්ගේ දේශ­පා­ලන පස මිතු­රන් දේශ­ද්‍රෝ­හින් ලෙස සැල­කීමේ ප්‍රව­ණ­තා­ව­යට තිත තැබිය යුතුය. මැති­ව­ර­ණ­යක් යුද පිටි­යක් වුව­හොත් කවුරු ජය­ග­ත්තත් පරා­ජය වනුයේ රටේ ජන­තාව ය.

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය හා කුස­ගින්න

මෙවර ජන­ප­ති­ව­ර­ණයේ එක් විශේ­ෂ­ත්ව­යක් නම් ඊට දින නියම කිරීම හා එය පව­ත්වා­ගෙන යෑම පිළි­බඳ වග­කීම මුළු­ම­නින් ම ස්වාධීන මැති­ව­රණ කොමි­සම විසින් දැරී­මයි.

ලංකාවේ එතෙක් මෙතෙක් පැවති මැති­ව­රණ සම්බ­න්ධ­යෙන් තීන්දු ගත්තේ බලයේ සිටින පක්ෂ­යයි. මැති­ව­ර­ණ­යට සම්බන්ධ දින තීන්දු වූයේ බලයේ සිටින නාය­ක­යන්ගේ ග්‍රහ­චා­රය මත ය. මේ තත්ත්වය 19 සංශෝ­ධ­නය සම්මත කිරී­මෙන් අන­තු­රුව මුළු­ම­නින්ම වෙනස් විය. සෙන­සු­රාදා දින­වල මැති­ව­රණ පැවැ­ත්වීම පාසල් විභාග සමඟ නොගැ­ටෙන අයු­රින් මැති­ව­රණ කාල සට­හන සකස් කිරීම, සාමාන්‍ය ජන ජීවි­ත­යට මැති­ව­ර­ණ­යෙන් වන බාධක අවම කිරීම වැනි හිත­කාමි වෙන­ස්කම් ගතවූ වසර 4 තුළ ක්‍රියා­ත්මක විය.

ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යෙන් බඩ නොපි­රෙන බව ඇත­මුන් කියයි. නමුත් ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් නැති තැන ජනතා වුව­මනා වග­කීම් වෙනු­වෙන් අවම හෝ අව­ධා­න­යක් යොමු කිරීම සඳහා පාල­ක­යන්ට අවශ්‍ය වන්නේ නැත. දේශ­පා­ල­න­ඥ­යන් මොන මිහිරි කතා කිව්වත් ඔවුන් බලය ඉල්ලන්නේ තමන් වෙනු­වෙන් විනා අනුන් වෙනු­වෙන් නොවේ. බල­යට පසු ඔවුන් යම් සාධ­නීය කට­යු­ත්තක නිරත වුව­හොත් ඊට ප්‍රධා­න­තම හේතුව ඊළඟ මැති­ව­ර­ණය ජය ගැනී­මට ඇති අව­ශ්‍ය­තා­වයි. එවැනි අව­ශ්‍ය­තා­වක් නැති නම් පක්ෂය, පාට, පවුල්, මත­වා­දය කවර වුවද දේශ­පා­ල­න­ඥයා කට­යුතු කරනු ඇත්තේ තම හිතු­ම­නා­ප­යට පමණි. ජර්මන් ජන­තාව මිලි­යන ගණ­න­කට මරු කැඳ­ව­මින් ජර්ම­නිය ප්‍රපා­තයේ පහ­ළ­ටම ඇද­ගෙන යෑමට ඇඩොල්ෆ් හිට්ලර් නම්වූ ශක්ති­මත් ආඥා­දා­ය­ක­යාට හැකි­වූයේ බල­යට පත්වූ පසු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වළ දම­න්නට ඔහු කට­යුතු කළ නිසා ය.

කතා කිරීමේ නිද­හස කන්න­දැයි ඇත­මුන් අසයි. නමුත් කතා කිරීමේ නිද­හස නැති තැන බඩ­ගින්න ගැන කතා කිරී­මට ද නිද­හ­සක් නැත. රතු­ප­ස්ව­ලදි සිදු වූයේ එයයි. පිරි­සිදු පානීය ජලය ඉල්ලූ ජන­තා­වට තුවක්කු හා පොලු­ව­ලින් ප්‍රති­චාර ලැබුණේ ඒ වන­විට නිද­හස යන්න වච­න­යට පම­ණක් සීමාවී තිබූ නිසා ය. කතා කිරීමේ නිද­හස අහිමි කළ රටක පිපා­සා­වෙන් කෑ ගැසී­මද දඬු­වම් ලැබිය යුතු වර­දකි. 2015 බල පෙර­ළි­යෙන් යළි ස්ථාපි­තවූ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය 2019 ජන­ප­ති­ව­ර­ණ­යෙන් රැක ගත යුත්තේ එබැ­විනි.

ඇම­රි­කාව සමඟ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ACSA නම් වූ යුද ගිවි­සු­මක් අත්සන් කළ බව හෝ එහි අන්ත­ර්ග­තය හෝ එකල කිසි­වෙක් දැන සිටියේ නැත. අද MCC ගිවි­සු­මට එරෙ­හිව කරන කියන දැයින් බාග­යක් රාජ­පක්ෂ සම­යේදි කළා නම් එසේ කළ­වුන්ට ලැබෙ­නුයේ රතු­ප­ස්වල සැල­කිල්ල ය. යම් හෙය­කින් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජන­ප­ති­ව­ර­ණ­යෙන් ජය­ග­ත­හොත් ඔහු MCC ගිවි­සුම අත්සන් කරනු නොඅ­නු­මා­නය. එදාට ඊට ‍එරෙහි වන්නන්ට (සුම­ධුර ධර්ම දේශක ස්වාමි­න්ව­හ­න්සේ­ලාද ඇතු­ළුව) උරුම වනු ඇත්තේ රතු­ප­ස්වල ජන­තා­වට, නිද­හස් වෙළඳ කලා­පයේ රොෂේන් චානක මහ­තාට හෝ මීග­මුවේ ඇන්තනි මහ­තාට අත්වූ ඉර­ණ­මම විය හැකිය.

එළ­ඹෙන ජන­ප­ති­ව­ර­ණ­යෙන් ජය­ගත හැක්කේ අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­න­කුට පමණි. එනම් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා හා සජිත් ප්‍රේම­දාස මහතා ය. සජිත් ප්‍රේම­දාස මහතා කවර ආකා­රයේ ජන­පති කෙනෙක් වෙත්දැයි අනු­මාන කිරීම අසීරු ය. නමුත් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා කවර වර්ගයේ ජන­ප­ති­ව­ර­යකු වෙත්දැයි උප­ක­ල්ප­නය කිරීම පහසු වනුයේ දශ­ක­යක් පුරා ඔහු රටේ (නොනිල වශ­යෙන්) දෙවන බල­වත් නාය­කයා ලෙස කට­යුතු කළ නිසාය.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එළැ­ඹෙන ජන­ප­ති­ව­ර­ණය ජය­ග­ත­හොත් විරු­ද්ධ­වා­දීන් ත්‍රස්ත­වා­දින් වන බවට, සාම­කාමි විරෝ­ධතා දේශ­ද්‍රෝහි ක්‍රියා වන බවට අනු­මාන කළ හැක්කේ ඔහුගේ අතීත ක්‍රියා කලා­පය දෙස බැලී­මෙනි. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ විසින් මුළු­ම­නින් ම ශ්‍රීල­නි­පය ගිල ගනු ඇති අතර එජා­පය අභ්‍ය­න්තර ගැටුම් නිසා කැබලි වී යනු ඇත. ජවිපෙ නව ජන­ප­ති­ව­ර­යාට එරෙහි වුව­හොත් ඊට ත්‍රස්ත­වාදි ලේබ­ලය අලවා එය තහ­නම් කරන දිනය ද වැඩි ඈතක නොවිය හැකිය.

Comments