ඡන්ද­යක් ළං වන කොට මරණ බියෙන් තැති­ගන්න රතු­ප­ස්වල මිනිස්සු | Page 2 | සිළුමිණ

ඡන්ද­යක් ළං වන කොට මරණ බියෙන් තැති­ගන්න රතු­ප­ස්වල මිනිස්සු

 

මීට වසර හය­කට පෙර රජයේ තුව­ක්කු­ක­රු­වන් රතු­ප­ස්වල, වැලි­වේ­රිය ආසන්න ප්‍රදේශ මුල් කර­ග­නි­මින් සිදු කළ එම අවා­ස­නා­වන්ත සිදු වීම පිළි­බඳ කතා­බහ තව­මත් අව­සන් ව නැත. මේ වන විටත් නීතිය ඉදි­රියේ විභාග වන එම ආන්දෝ­ල­නා­ත්මක වෙඩි­තැ­බීම ලාංකේය දේශ­පා­ල­නයේ කුරි­රු­කම හා ම්ලේච්ඡ­ත්වය පිළි­බඳ කියා­පාන තවත් එක් උදා­හ­ර­ණ­යකි. එය එසේ­යැයි පව­ස­න්නට එක් කරු­ණක් පම­ණක් ප්‍රමා­ණ­වත්ය. එය නම් තම ගෙවත්තේ කපා­ගත් ළිඳ­කින් ලබා­ගන්නා ජලය පානය කිරී­මට ඇති අයි­ති­යත් අද දවස වන විට මේ ගමේ මිනි­සුන්ට අහිමි වී තිබී­මය. ප්‍රශ්නය එතැ­නම ය.

 

වෙඩි­තැ­බීම සිදු වන්නේ මහ­ජන මුද­ල්ව­ලින් රජය මිලදී ගත් වෙඩි උණ්ඩ සහ තුවක්කු උප­යෝගී කර­ග­නි­මිනි. ඒ මිනී­මැ­රීම සිදු කරනු ලැබුවේ පාතාල සාමා­ජි­කයෝ හෝ නාඳු­නන තුව­ක්කු­ක­රුවෝ නොවෙති. චෝදනා එල්ල වී ඇත්තේ ජනතා බදු මුද­ලින් පඩි ලබන රජයේ ආර­ක්ෂක හමුදා වෙතය. වෙඩි තැබීම හේතු­වෙන් තිදෙ­නෙක් මිය ගියේය. මර­ණය උදෙසා මුදා­හළ ගිනි­යම් වූ වෙඩි උණ්ඩ ශරීර ගතවූ තිස් දෙනෙ­කුට වැඩි පිරි­සක් නොමැරී ජීවත් වන්නට වාස­නා­වන්ත වූහ.

ඒ රතු­ප­ස්වල අද තත්ත්වය කුමක්ද? ඒ පිළි­බඳ සොයා­බැ­ලීම සඳහා අප මුලින්ම පැමි­ණියේ එව­කට “වෙනිග්‍රෝ” යන නමින් රතු­ප­ස්වල නැදුං­ග­මුව ප්‍රදේශයේ පිහි­ටුවා තිබූ කර්මාන්ත ශාලාව වෙතයි. සිද්ධිය වී වසර හයක් ගෙවී ගියද වීදුරු කඩා බිඳ දමන ලද මුර කුටිය, තළා පෙළා ඇද කර දමා ඇති යකඩ ගේට්ටුව ඇතුළු හානි කරන ලද කර්මාන්ත ශාලා­වට අයත් නිශ්චල දේපළ කිසි­වක් තව­මත් පිළි­ස­කර කර නැත.

අක්කර පහ­ළො­වක පමණ බිමක ඉදි කොට තිබූ එම කර්මාන්ත ශාලා ගොඩ­නැ­ගිල්ල ඉහත සමා­ගම් ජාල­යට අයත් කර්මාන්ත ආය­ත­නය භාණ්ඩ ගබඩා කර තබන ගබ­ඩා­වක් බවට පත් වී ඇත. එම ස්ථාන­යට ඇතුළු වන තැන ඉදි කොට තිබූ මුල් ආය­ත­නයේ නම සඳ­හන් ශක්ති­මත් පුව­රුවේ පැවති නම ඉව­ත්කොට තාව­කා­ලික නාම­පු­ව­රු­වක් සවි කොට ඇති අයුරු දක්නට ලැබිණි.

එතැන් පටන් අප උත්සාහ කළේ ඉහත සිදු වීමෙන් මිය ගිය අය පදිංචි නිව­සක් සොයා යෑම­ටය. මිය­ගොස් තිබූ තිදෙ­නා­ගෙන් එක් අයෙකු එම ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙක් නොවේ. බිය­ගම වෙළෙඳ කලා­පයේ රැකි­යා­ව­කට පැමිණ තිබූ එම තැනැත්තා ප්‍රදේ­ශයේ තාව­කා­ලික නේවා­සි­කා­ගා­ර­යක රැඳී සිටි විවා­හක තරු­ණ­යෙකි. අනෙක් දෙදෙනා ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රුවෝ ය. ඔවුන් දෙදෙ­නාම 2013 වසරේ අගෝස්තු මස පැවැ­ත්වී­මට නිය­මිත උස­ස්පෙළ විභා­ග­යට පෙනී­සි­ටී­මට සූදා­න­මින් සිටි සිසු­හුය. මිනි­සුන් මරා­දැ­මීමේ අර­මු­ණෙන් පම­ණක්ම නිෂ්පා­ද­නය කරනු ලබන තුව­ක්කු­ව­ලින් විහි­දුණු වෙඩි උණ්ඩ මේ තරුණ සිසුන් දෙදෙ­නාගේ ජීවන සිහින ගිනි තබා අළු­කොට සුනු විසුනු කොට අව­සන්ය.

“ඒ සිදු වීම වෙලා මාස තුන­ක්වත් මේ අය ගමේ හිටියෙ නෑ. පවු­ල්පි­ටින්ම ප්‍රදේ­ශය අත­ඇ­රල වෙනත් පළා­ත්වල පදිං­චි­යට ගියා. ගමේ සෙනඟ මේ තුන්දෙනා වෙනු­වෙන් දාන මාන පින්කම් රැසක් පැවැ­ත්තුවා. ඒ එක­ක­ට­වත් පවු­ල්වල කිසි කෙනෙක් ආවේ නෑ. ගමේ උද­විය ඒ අයට හැම පැත්තෙන්ම උදව් උප­කාර කළා. විවිධ තැන්ව­ලින් ඒ උද­වි­යට වන්දි මුද­ලුත් ලැබුණා. ඊට පස්සෙ ඒ පවු­ල්වල කිසි­කෙ­නෙකු ගමට එන්නෙ නෑ.”

එලෙස පව­සන්නේ සියනෑ පරි­ස­රය සුරැ­කීමේ සංවි­ධා­නයේ කාරක සභාවේ සාමා­ජික මහ­තෙකි. නම සඳ­හන් කිරී­මට අක­මැති එම තැනැත්තා රතු­ප­ස්වල ජනතා අර­ග­ල­යට ක‍්‍රියා­කා­රීව දාය­ක­ත්වය සැපයූ අයෙකි.

“සිද්ධිය වුණේ අගෝස්තු පළමු වැනිදා. එදා උදේ අපට නොමිලේ බස් එකක් එව්වා ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යට එන්න කියලා. ඒ සාක­ච්ඡා­වට අපි විසි පස්දෙ­නෙක් ගියා. පල්ලියෙ ෆාදර් සමඟ ගමේ පන්සලේ නායක හාමු­දු­රු­වන් වහන්සෙ නම­කුත් ඒ සාක­ච්ඡා­වට වැඩම කළා. දීර්ඝ සාක­ච්ඡා­ව­කින් පසුව ආර­ක්ෂක ලේකම් කාර්යා­ල­යෙන් අපට පොරො­න්දු­වක් දුන්න වහාම ක්‍රියා­ත්මක වන පරිදි මේ ආය­ත­නය වසා දමන බවට. සැන­සුම් සුසු­මක් හෙළලා අපි ආපහු ආණ්ඩු­වෙන් නොමිලේ දුන්නු බස් එකෙන්ම ගමට ආවා. මඟදී තමයි අපට ආරංචි වුණේ ගමේ මිනි­ස්සුන්ට හමු­දා­වෙන් වෙඩි තිය­නවා කියලා. අපිත් එක්ක සාකච්ඡා කරන අත­ර­තුර තමයි මේ වෙඩි­තැ­බීම සිදු වෙලා තියෙන්නෙ.”

ජලය පානය කරන විට පපුවේ ඇති වන දැවිල්ල ස්නානය කිරී­මේදී හා ඇඟ­පත සේදී­මේදී සමේ දැවිල්ල කැසිල්ල හා සම මතු­පිට යම් යම් ආසා­දන තත්ව­යන් ඇති වීම වැනි එක සමාන රෝගී තත්ව­යක් රතු­ප­ස්වල අවට ගම්මාන පුරා පැති­ර­ය­න්නට පට­න්ගෙන තිබිණි. රබර් ආශ‍්‍රි­තව අත්ප­ල­ඳනා (ග්ලවුස්) නිෂ්පා­ද­නය කරන ‘වෙනිග්‍රෝ” නැමති ආය­ත­න­යට අයත් කර්මාන්ත ශාලාව ආරම්භ කර වසර ගණ­නා­ව­කට පසුව එම තත්ත්වය ඇති වු බව ගම්වැ­සි­යන්ගේ නිග­ම­නය විය. එසේ වන්නේ කුමන හේතු­වක් නිසා දැයි සෞඛ්‍ය බල­ධා­රීන් ඇතුළු අදාළ වග­කි­ව­යුතු පිරිස ගෙන් ගම්වා­සීහු විම­ස­න්නට වූහ. පරී­ක්ෂණ සඳහා කඩි­න­මින් පැමි­ණෙන බල­ධා­රීන් පරී­ක්ෂණ අත­ර­මඟ නත­ර­කර දමා නිහඬ වීම පම­ණක් දිගින් දිග­ටම සිදු විය. ඇති වී තිබූ ඒ අවා­ස­නා­වන්ත තත්ත්ව­යට මුහුණ දුන් පරි­සර කමි­ටුවේ සාමා­ජි­ක­යන් ඒ ගැන පැව­සූවේ මෙවැ­න්නකි.

“බත්ත­ර­මුල්ලෙ තියෙන රජයේ රස පරී­ක්ෂණ කාර්යා­ලය ඇතුළු ආය­තන ගණ­නා­ව­කට අපි අපේ විය­ද­මින් වාහන ගෙනත් ඒ නිල­ධා­රීන් කියන කියන විදි­හට ජලය සාම්පල් පරී­ක්ෂණ සඳහා ලබා­දුන්න. ඒත් ඒ පරී­ක්ෂණ වාර්තා කිසිම ආය­ත­න­ය­කින් අපට ලබා දුන්නෙ නෑ. නිල­ධාරි මහ­ත්තු­රුන් ඇඟ බේර­ගන්න කිව්වේ මේ ගම්වල අන්නාසි වගා­වට යොදන පොහො­ර­ව­ලින් භූගත ජල­යට රසා­ය­නික එකතු වෙනවා කියලා. ගම්පහ සෞඛ්‍ය අධි­කාරී තුමා සමඟ සාකච්ඡා ගණ­නා­වක් පැවැ­ත්තුවා. ඒ හැම ආය­ත­න­යක්ම පරී­ක්ෂණ අත­ර­මඟ නතර කර­නවා. කොටින්ම කිය­නවා නම් රතු­ප­ස්වල වතුර චෙක් කරන එක රජයේ ආය­තන නතර කර­ලයි තිබුණේ.

ඊට පස්සෙ තමයි සියනෑ පරි­සර සංවි­ධා­නය මූලික වෙලා විෂ රසා­ය­නික මඟින් නිෂ්පා­දන කට­යුතු කර­ගෙන යන කර්මාන්ත ශාලාව ඉවත් කරන්න කියන අර­ග­ලය අපි පටන් ගත්තෙ.”

ඉන් පසුව ගම්වා­සීහු විශාල පිරි­සක් දින ගණ­නා­වක් තිස්සේ කර්මාන්ත ශාලාවේ සේව­ක­යන්ට සේව­යට යෑමට බාධා කර­මින් මාර්ගය අව­හිර කර­මින් අඛණ්ඩ උද්ඝෝ­ෂ­ණ­යක් අැර­ඹූහ. ජන­තා­වගේ හඬට කන්දෙ­නවා වෙනු­වට බල­ධා­රින් සිදු කළේ යුද ටැංකි ඇතුළු හමුදා පොලිස් භට­යන් ආය­ත­නයේ ආර­ක්ෂාව සඳහා කැඳ­වී­මය.

“පොලි­සියේ හමු­දාවේ විශාල පිරි­සක් හතර පැත්තෙන් අපිව වට කර­ගත්තා. යුද්ධ ටැංකි කුළු පොලු හමු­දාව ගමට අර­ගෙන ආවේ හරි­යට අපි ආණ්ඩු­වට එරෙහි කැරු­ල්ලක් කළා වගෙයි. අපි ඉල්ලුවේ අපේ වතුර අපි­රි­සුදු කරන්න එපා කියන එක විත­රයි. රජ­යට උව­මනා වුණේ ජන­තා­වගේ ප්‍රශ්නෙට පිළි­තු­රක් දෙනවා වෙනු­වට කොම්පැනි අයි­ති­කා­ර­යන්ගේ දේපළ ආරක්ෂා කරන්න.”

ඒ අයු­රින් අද­හස් දැක්වූ විශාල පිරි­සක් හමු වන්නට හැකි වූ නමුදු ඒ කිසි­වෙක් සිය අන­න්‍ය­තාව ප්‍රකාශ කර­න්නට අක­මැති වූහ. ඒ අතර අර­ග­ල­යට දායක වූවන් මෙන්ම වෙඩි වැදී තුවාල වූ පිරි­සක් ද වූහ. වැලි­වේ­රිය ගල්ලො­ළුව, සම්බුද්ධ ජයන්ති විහා­රා­ධි­පති තෙරි­පැහැ සිරි­ධම්ම හිමි­යන් එම සිදු වීමට ඉතා සක්‍රීයව දායක වූ හිමි නමකි. මෙත­රම් කලක් ගෙවී­ගොස් ඇති නමුදු ඒ සිදු වීම පිළි­බද ප්‍රසි­ද්ධියේ කතා කර­න්නට බොහෝ පිරිස් අක­මැති වන්නේ ඇයි දැයි උන්ව­හ­න්සේ­ගෙන් විම­සු­වෙමු.

“ඒකට බල­පාපු හේතු ගොඩක් තියෙ­නවා. වෙඩි වැදිලා මිය ගිය පවු­ල්වල හැමෝම මේ ගමේ පදිං­චිය අත­හැ­රල යන්න ගියා. ඔවුන්ට ඒ කාලේ වන්දි ලැබුණා තමයි. ඒ වන්දි මුද­ලුත් එක්ක ගමෙන් පිට­වෙන්න කියල අව­වා­දත් ලැබුණා කියන එක රහ­සක් නෙවෙයි. ඒ අව­වාද මොන තරම් බල­වත් ද කියල කිය­නවා නම් අඩුම තරමේ ඒ අයට පින් පිණිස පව­ත්වන පින්ක­ම­ක­ට­වත් එන්න බයයි. ඒ වගේම තමයි හුඟ­දෙ­නෙක් බයේ ඉන්නවා වැර­දිලා හරි මේ වැඩේ පිටි­පස්සෙ හිටපු අය නැවත වතා­වක් බල­යට එයිද කියලා. මැති­ව­ර­ණ­යක් ළං වෙද්දි ඒ බය වැඩි වෙනවා.

වැර­දිලා හරි එහෙම දෙයක් වුණොත් මේ අහිං­සක මිනි­ස්සුන්ට ප්‍රශ්න ඇති වෙයි කියන බයට තමයි සද්ද නොකර ඉන්න හදන්නෙ. මේ සිදු වීම ඇති වුණු දව­ස්වල මහ­ජ­න­තාව, පොලී­සිය විත­රක් නෙවෙයි සම­හර අවට පන්ස­ල්වල හාමු­දු­රු­ව­රුන් පවා කොම්පැ­නි­කා­ර­යන්ගේ සල්ලි­ව­ලට යට වුණා. සම­හරු ඒ තිබුණු දේශ­පා­ලන බල­යට බය වුණා. ජන­තාව පීඩා­වට පත් වුණු ඒ සිදු­වී­මේදී කැමැ­ත්තෙන් හරි අක­මැ­ත්තෙන් හරි ජනතා විරෝධී තීන්දු තීරණ ගන්න පම­ණක් අයට සිද්ධ වුණා. ඒ තර්ජන ගර්ජ­න­වල පීඩ­න­යට මටත් මුහුණ දෙන්න සිදු වුණා.”

කවු­රුන් කෙසේ පැව­සුව ද වෙඩි තැබී­මක් ඉබේ සිදු වන්නේ නැත. අයුතු ජන­රා­ශි­යක් ලෙසින් නීති විරෝ­ධිව හැසි­රුණු ජන­තාව ආර­ක්ෂක අංශ වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කර ගැටු­මක් නිර්මා­ණය කළ බව ජන­මාධ්‍ය මඟින් කියැ­විණි. ඒ පිළි­බඳ උන්ව­හ­න්සේ­ගෙන් විම­සු­වෙමු.

“ඒ කතාව වැර­දියි. මේ සාධා­රණ උද්ඝෝ­ෂ­ණ­යට ගමේ අයට හිත­ව­ත්කම් තියෙන ආර­ක්ෂක අංශ­වල පිරිස් මැදි­හ­ත්වෙලා හිටියා. ඔවුන්ට ඉහළ තැන්ව­ලින් ආරංචි ලැබිල තිබුණ උද්ඝෝ­ෂණ කරු­වන්ට වෙඩි තියන්න අණ දීලා තියෙ­නවා කියලා. අපි මෙතැ­නදි ආර­ක්ෂක අංශ­ව­ලට කිසිම විදි­හ­කට දොස් පව­රන්නෙ නෑ. මොකද ඔවුන් පිළි­පැද්දෙ ඉහ­ළින් ලැබුණු අණ. එහෙම අණ­දී­මක් නැතුව හමු­දා­ව­කින් හරි පොලී­සි­යෙන් හරි වෙඩි තියන්නෙ නෑ. එහෙම නම් බල­න්නකො අර පහු­ගිය දව­සක පාර්ලි­මේ­න්තු­වේදී පොලී­සි­යට පුටු­ව­ලින් ගැහුවා. මිරිස් කුඩු ගැහුවා. කෝ වෙඩි තිබ්බද? නෑ. මේ ප්‍රශ්නෙ හරි­යට අධ්‍ය­ය­නය කරන කෙනෙ­කුට පේනවා මුල ඉඳ­ලම රජය කට­යුතු කළේ ජන­තා­වට සහ­න­යක් සල­සන අර­මු­ණ­කින් නොවෙයි. ගජ­මි­තුරු කොටි­ප­ති­යන්ගේ ව්‍යාපා­රික ඕනෑ එපා­කම් වෙනු­වෙන්. ජන­තාව පාරට බැහැල මාස එක­හ­මා­ර­කට වැඩිය කාල­යක් මේ පරි­සර විනා­ශ­කාරී ආය­ත­නය ගමෙන් ඉවත් කරන්න කියන සාධා­රණ ඉල්ලීම වෙනු­වෙන් සටන් කෙරුවේ.

ඒ සිද්ධිය වන වේලාවෙ මම හිටියෙ ගම්වා­සීන් එක්ක ඒ කර්මාන්ත ශාලාවේ ගේට්ටුව ළඟ. මම අඳු­නන උසස් පොලිස් නිල­ධාරි මහ­ත්ත­යෙක් ඇවිත් මට කිව්වා මෙතැ­නින් මේ පිරිස අයින් කර­ගන්න කියලා. තේරෙන භාෂා­වෙන් එතුමා මට වෙන්න යන දේ පැහැ­දිලි කරලා දුන්නා. මම ඒ දේ තේරුම් අර­ගෙන එතැන හිටපු ගම්වැ­සි­යන් පෙළ­පා­ළි­ය­කින් වෙනත් තැන­කට එක්ක­ගෙන ගියා. එදා ඒ පොලිස් නිල­ධා­රි­තු­මන් කියපු දේ මම නො ඇසුවා නම් මීට වැඩිය ලොකු මිනිස් ජීවිත ගණ­නක් අහිමි වෙන්න තිබුණා.

උන්ව­හ­න්සේ­ගෙන් සමු­ගෙන වැලි­වේ­රිය කිතුනු දේව­ස්ථා­නය සොයා ගියේ එම සිදු වීමේ එක් මර­ණ­යක් එම ස්ථානයේ සිදුවූ හෙයිනි. එදින සිද්ධි­යට මුහුණ දුන් මැදි­වියේ ව්‍යාපා­රික මහ­තෙකු පැව­සූයේ මෙවැ­න්නකි.

“හමු­දා­වයි පොලී­සි­යයි පිස්සු බල්ලො වාගේ මිනි­ස්සුන්ට ගහන්ඩ පට­න්ගත්තා. වෙඩි තියන්ඩ පට­න්ගත්තා. යුද්දෙ දිනපු ත‍්‍රිවිධ හමු­දාව ගැන මට තිබුණේ අසී­මිත ගෞර­ව­යක්. ගෙද­රට බඩු ටික ගන්න වගේ එදි­නෙදා අව­ශ්‍යතා වෙනු­වෙන් නග­රෙට ආපු අහිං­සක මිනිස්සු ගෑනු හමු­දා­වෙන් පොලී­සි­යෙන් ගුටි කෑවා. පල්ලිය ළඟත් එක් කෙනෙක් මැරිලා වැටිලා හිටියා. මෙහෙම හතර අතේ මිනි­ස්සුන්ට ගහන්ඩ වෙඩි තියන්ඩ කවුද අව­සර දෙන්නෙ. මැරිලා වෙඩි වැදිලා තිබුණෙ මේ කිසිම දේකට සම්බන්ධ නැති අහිං­ස­කයෝ.”

ඊළඟ තත්ප­රයේ ඔහු බැණ වදි­න්නට වූවේ වෙඩි තැබූ පහ­ර­දුන් ආර­ක්ෂක අංශ වෙතය. මේ ලියන මොහොත වන විට එම සිදු වීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගාර ගත වී සිටින්නේ අණ ඉටු කළ ආර­ක්ෂක අංශ සාමා­ජි­කයෝ පිරි­සකි. එය එසේ වුව ද පඩි ගෙවා ගිනි අවි අතට දී වෙඩි උණ්ඩ මුදා­හ­රි­න්නට මිනි­සුන් මරා­ද­ම­න්නට අණ කළ අණ දුන් පිරිස් මැති­ව­රණ වේදි­කා­වල ය.

අනෙක් වේද­නා­ත්මක කාර­ණාව වන්නේ රතු­ප­ස්වල වතුර සම්බ­න්ධව ඇත්ත කතාව හෙළි වීමය. වසන් කළ වාර්තා හෙළි වූ විට තහ­වුරු වූයේ ඒ ජල­යට රසා­ය­නික විෂ මිශ්‍ර වී ඇති බව ය.

 

ඡායා­රුප- ඒ. එම්. අර්ෂාද්

Comments