මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු එදත් අදත් මෙසේ සිදු­විය | Page 2 | සිළුමිණ

මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු එදත් අදත් මෙසේ සිදු­විය

පාඨක රස­වි­න්ද­නය උදෙසා එදා  මැති­ව­රණ ප්‍රචා­රය පද්‍ය සාහි­ත්‍ය­යෙන්

2 වැනි මැති­ව­ර­ණය, පුරා දින 11ක් තිස්සේ.  ප්‍රචා­රක මාධ්‍ය වුණේ  කවි කොළය

1952 දී පාට ඡන්ද පෙට්ටි  ඉවත් වී හැමෝ­ටම එක පෙට්ටි­යක්

පක්ෂ ලකුණ වෙනු­වට පාට යෙදුවේ ජන­තා­වගේ පහ­සු­වට

එදා අපේ­ක්ෂ­ක­යන්ට ඡන්ද පොළට නොමිලේ ප්‍රවා­හන පහ­සු­කම්

ප්‍රථම ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­ට­වත් පුව­ත්පත් දැන්වීම් නැහැ

 මෙදා ෆේස්බුක්, ට්විටර්, යූටි­යුබ්, ඉන්ස්ට­ර්ග්‍රෑම්

“හිටපු මන්ත්‍රී­තුමා ගමේ ගොඩේ ගෙයක් පාසා ඇවි­දී­මට නියම වූයේ ඊළඟ ඉරි­දා­ටය. සෙන­සු­රාදා සවස් වන විට මහ­පාර දිග­ටම රතු කොඩි­වැල් ඇද තිබුණි. වමට ඡන්දය දීමට කැමැ­ත්තක් නොදැක්වූ ගෙවල් ඉදිරි පස වුව, එදි­නට පම­ණ­ක්වත් මන්ත්‍රී­තු­මාට පෙනෙන පරිදි කොඩි­යක් ඔසවා තැබී­මට ජේමිස් මැම්බර්ට සහ ඔහුගේ සග­යන්ට පුළු­වන් විය. තාර පාර දිගේ යන්නෙ­කුට මුළු හෙයි­ය­ම්මා­රු­වම එක හෙළා වමට ඡන්දය දෙන සැටි­යක් පෙනී යනු ඇත...”

මැති­ව­ර­ණ­ය­කට පෙර ගෙයක් ගෙයක් පාසා ඇවි­දි­මින් පාර සරසා කඩ­ම­ණ්ඩියේ රැස්වීම් පව­ත්ව­මින් සිදු කෙරෙන මැති­ව­රණ ප්‍රචා­ර­යන් පිළි­බ­ඳව ඉහ­තින් දක්වා ඇති ආකා­ර­යට විස්තර කර තිබෙන්නේ මහා­චාර්ය ඒ. වී. සුර­වී­රගේ හෙයි­ය­ම්මා­රුව නව­ක­තා­වෙ­හිය. 1971 දී ප්‍රථම වරට ප්‍රකා­ශ­යට පත් කෙරුණු මෙම නව­ක­තා­වට බොහෝ විට 1970 දී මහ මැති­ව­ර­ණ­යෙන් සමඟි පෙර­මුණු රජය බල­යට පත්වීමේ සිද්ධිය පාදක වූවා විය හැකිය. 70 දශ­කය වන විට මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු සිදු වූයේ ගම් මට්ට­මින් බව අපට පෙනේ.

එනම් ආස­න­යක් වෙනු­වෙන් තරග වදින ඡන්ද අපේ­ක්ෂ­යින් සිය වැයි­ක්කියේ ගෙයින් ගෙට ගොස් ඉදි­රි­යේදී සිදු කිරී­මට නිය­මිත වැඩ­පි­ළි­වෙළ ගැන දැනු­වත් කිරී­මත් ප්‍රාදේ­ශීය මට්ට­මෙන් ඡන්ද රැස්වීම් පැවැ­ත්වී­මත් විස්තර ඇතු­ළත් අත් පත්‍රිකා බෙදා හැරී­මත් එකල මැති­ව­රණ ප්‍රචා­රක මාධ්‍ය වශ­යෙන් යොදා ගැනිණි.

රූප­වා­හිනි මාධ්‍ය­යක් නොති­බුණු එදා දවසේ මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු සඳහා පුව­ත්පත් හෝ ගුව­න්වි­දු­ලිය හෝ භාවිත වූයේ නැත. එහෙත් ශ්‍රී ලංකා මැති­ව­රණ ඉති­හා­සය විමසා බැලී­මේදී ප්‍රථම මැති­ව­ර­ණයේ පටන් ප්‍රචා­ර­ණය සඳහා විවිධ උප­ක්‍රම භාවිත කර ඇති බවට තහ­වුරු කර ගත හැකිය.

1931 දී ශ්‍රී ලංකා­වට සර්ව­ජන ඡන්ද බලය හිමි වීමත් සමඟ 1931 ජුනි 13 වැනි දින පව­ත්වනු ලැබුවේ කවු­න්සි­ල­යට නියෝ­ජි­ත­යන් තෝරා පත් කර ගැනීමේ මැති­ව­ර­ණ­යයි. මෙහිදී එක් එක් ජාතීන් සඳහා වෙන් වෙන් වශ­යෙන් වාර්ගික නියෝ­ජන ක්‍රම­යක් දක්නට ලැබිණි. 1931 දී පුද්ග­ල­යන්ගේ වත්කම්, අධ්‍යා­පන සුදු­සු­කම් නොස­ලකා සමස්ත ජන සමූ­හ­ය­ටම හිමි වූ සර්ව­ජන ඡන්ද බලය නිවැ­රදි ආකා­ර­යට පාවිච්චි කළ යුතු ආකා­රය සම්බ­න්ධ­යෙන් දැනු­වත් කිරීමේ ලිපි එදා පුව­ත්පත් පළ විය. එදා පුව­ත්ප­ත්ව­ලින් සිදු කළේ මන්ත්‍රීන්ගේ ප්‍රචා­රක කට­යු­තු­ නොව ඔවුන් තෝරා­ගත යුතු ආකා­රය පිළි­බ­ඳව පාඨ­ක­යන්ට අව­බෝ­ධ­යක් ලබා දීමයි. “සිංහල ජාතිය” පුව­ත්පතේ කර්තෘ පිය­දාස සිරි­සේන 1931 අප්‍රේල් 21 වැනි දින පත්‍රයේ 8 වැනි පිටුවේ විශේෂ ලිපි­යක ඒ පිළි­බ­ඳව මෙසේ දක්වා තිබේ.

 

එදා අපේ­ක්ෂ­ක­යින් තේරීම

“ආවාට ගියාට - තමාගේ කමට - කේන්ති­යට - පලි­ගැ­නී­මට - ලාභ­යට - මිත්‍ර­ක­මට - කුල ගෝත්‍ර වෙනු­වට - කලින් පොරොන්දු වුණාට - කෙනෙකු පැර­ද­වී­මට යන වැරදි ආක­ල්ප­යන් පෙර­දැරි කර­ගෙන මන්ත්‍රීන් තේරු­වොත් අභි­නව ආණ්ඩු ක්‍රමය සම්පූ­ර්ණ­යෙන්ම අත්හැර දමා ලක්දිව තව වරක් භාර වෙන්නට ඉඩ තිබේ. ඉන් නිසා අප විසින් තෝරන මන්ත්‍රීන් 50 දෙනාම ඉතා­මත් ප්‍රවේ­ස­මෙන් සහ සතර අග­ති­යෙන් තොර වූ නුව­ණින්ම කල්පනා කොට තෝරා ගත යුත්තාහ.

ඉතා­මත් හොඳ විශා­රද ඉගෙ­නී­මක් ඇති පොදු වැඩ කරලා පුරු­ද්දක් ඇති වුව­මනා කරන විවා­ද­යක් ඒ වෙලේම එතැ­න­දීම කළ හැකි, ධනය ඇති, නිර්භීත, අනුන්ගේ වැඩ කිරී­මට කැමැ­ත්තක් ඇති, ශරීර ශක්ති­යෙන් හා ඥාන ශක්ති­යෙන් වැඩි ගිය උසස් මහ­ත්තැන්ගේ ගෞර­වා­දය ලැබී­මට හේතු සම්පන්න මහ­තුන් ම මේ මන්ත්‍රණ සභා­වට තෝරා ගත යුත්තා­හුය.”

1931 මැති­ව­ර­ණට 15, 76, 706 ක් ඡන්දය දීමට සුදු­සු­කම් ලබා තිබූ අතර 57.96% ක් ඡන්දය ලබා දී තිබුණි. මෙම ඡන්දය දින 7ක් පුරා පැවැ­ත්විණි. සර්ව­ජන ඡන්ද බල­යට රටේ ධන­වත් බල­වත් පංතිය එරෙ­හි­ වන විට එය පොදු ජන­තාව ලැබූ වර­මක් ලෙස සැලකූ පුව­ත්පත් කර්තෘ­ව­රුන් පොදු ජන­තාව වෙනු­වෙන් සිය පෑන මෙහෙ­ය­වූයේ එය ජාතික වග­කී­මක් ලෙස සල­ක­මිනි.

 

කවි කොළය

කෙසේ හෝ 1931 වන විට රටේ සාක්ෂ­ර­තාව අඩු මට්ට­මක පැවැ­තුණු නිසාත් කියවා රස විඳින ජන­තා­වට වඩා අසා රස විඳින පාඨක සමා­ජ­යක් නිර්මා­ණය වී තිබූ නිසාත් මැති­ව­රණ ප්‍රචා­ර­ණය සඳහා යොදා ගනු ලැබුවේ ගද්‍ය සාහි­ත්‍යය නොව පද්‍ය සාහි­ත්‍ය­යයි. එදා ගමේ කඩ­ම­ණ්ඩිය වැනි ජනා­කීර්ණ ස්ථාන­වල ගැව­සුණු ජන­තාව අමතා කවි කොළ සාහි­ත්‍ය­යක් බිහි වූණේ එබැ­විනි.

1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෑගල්ල ආස­න­යට තරග වැදුණු ඩබ්ලිව්.ඊ. බැස්ටි­යන් මහ­තාට ආධාර පිණිස පළ කළ කවි කොළ­යක ඔහු කුල­භේ­දය, ජාති භේදය නොත­කන අයකු බව දක්වා තිබුණේ මෙසේය.

නොමැති කුල ‍භේ දය

නොක­රන සමය වා දය

මෙතු­මාට පෑ දය

දෙමළ මුස්ලි­ම්ව­රුද හා දය

ගාල්ල උඩු­ගම ආස­නය වෙනු­වෙන් තරග කළ එච්.ඩබ්ලිව්. අම­ර­සූ­රිය මහතා වෙනු­වෙන් ප්‍රකා­ශ­යට පත් කළ කවි කොළ­යක ඔහු ගැන වර්ණනා කර තිබ‍ුණේ මේ ආකා­ර­යට ය.

“ගුණ දම බැතින් සුර­කින දිවි මෙන් නෑර

ලොව සැම පතළ කිත් සිරු­රැති සරු සාර

මැති­තුම අම­ර­සූ­රිය හට ගුණ දීර

උඩු­ගම අසුන පුද කර­මුව මෙම වාර”

මෙම වක­වා­නු­වේදී ඡන්ද පත්‍රි­කාව කියවා ගැනී­මට තරම් සාක්ෂ­ර­තාව ඉහළ මට්ට­මක නොති­බුණු නිසා එක් එක් අපේ­ක්ෂ­ක­යන්ට පක්ෂ ලකුණ වෙනු­වට පාට වෙන් කර තිබිණි. ඒ ඒ පාට­ව­ලට අයත් ඡන්ද පෙට්ටි වෙන් වෙන්ව තබා තිබුණු අතර ඡන්දදාය­ක­යන්ට තිබුණේ තමුන් කැමති අපේ­ක්ෂ­ක­යාගේ පෙට්ටි­යට ඡන්ද කොළය දැමී­මට පමණි. එමනිසාම එදා මැති­ව­රණ ප්‍රචා­රණ කට­යු­තු­ව­ලදී ඡන්ද අපේ­ක්ෂ­කයා ගැන මෙන් ම පාට ගැන ද සඳ­හන් කිරී­මට අම­තක කළේ නැත.

“මතු දියු­ණුව පිණිස නොයෙක් වැඩ කර දුන් සව් සාරම

සිතු­මිණ වන් රොබට් සොයිසා ගරු මැති­ඳුන් අත නෑරම

යුතු­කම හා කෙළෙ­හි­ගු­ණය සිහි කර­මින් එක පාරම

රතු පෙට්ටි­ය­ටයි දමන්නේ අපේ ඡන්ද කොළ සේරම”

“මහරු ලෙනෝරා මැති ලැබු මනා­වන්

දුඹුරු පාට පෙට්ටිය වාස­නා­වන්”

යන කවි­ව­ලින් ඒ බව මනාව තහ­වුරු වේ.

ශ්‍රී ලංකා මැති­ව­රණ ඉති­හා­සයේ දෙවැනි මැති­ව­ර­ණය පැවැ­ත්වූයේ 1936 පෙබ­ර­වාරි 22 දාය. එයද කවු­න්සි­ල­යට මන්ත්‍රීන් තෝරා ගැනී­මට පැවැත්වූ ඡන්ද­යක් වූ අතර පුරා දින 11ක් තිස්සේ ඡන්දය පවත්වා ඇත. මේ කාලය වන විට ද පක්ෂ ලාංඡ­නය වෙනු­වට පාට වෙන් වී තිබිණි. ප්‍රචා­රක මාධ්‍ය වූයේ කවි කොළ­යයි.

ජාතීන් අතර සැක­යෙන්, බියෙන් හා වෛර­යෙන් බැලී­මට ඉඩ­කඩ ඇතිවේ. යැයි සිතූ ඩොන­මෝර් කොම­සා­රි­ස්වරු 1936 දී ජාතීන් අතර සම­ගිය උදෙසා (වාර්ගික නියෝ­ජන ක්‍රමය වෙනු­වට) ප්‍රාදේ­ශීය නියෝ­ජන ක්‍රම­යක් හඳුන්වා දුන්හ. ද්‍රවිඩ නාය­කයෝ ඊට විරුද්ධ වූහ. 1936 වන විට ලංකා සම­ස­මාජ පක්ෂ ඇතුළු පක්ෂ බිහි වූ බැවින් එම පක්ෂ­ව­ලින් ද නියෝ­ජි­තයෝ තරග බිමට පිවි­සි­යහ. කම්කරු පක්ෂයේ ඒ. ඊ. ගුණ­සිංහ මහතා වෙනු­වෙන්

“කළ ගුණ දත් අපි සැමා

සඳ පත අප හට උරුමා

රතු පෙට්ටිය තුළ‍ට දමා

එමුව ප්‍රීති­යෙන්”

වැනි කවි පබැ­ඳුණේ ඡන්ද ප්‍රචා­රක මාධ්‍ය‍යක් වශ­යෙනි. එහෙත් බොහෝ දෙනකු ලංකා සම­ස­මාජ පක්ෂය කෙරෙහි එත­රම් කැමැ­ත්තක් තිබුණේ නැත. ඊට කවි­යෙන්ම පහර ගැසුවේ එබැ­විනි.

එය මතු දැක්වෙන කවි­යෙන් දෙස් දෙයි.

“යම ද කාල වායු මුර්තු යන හිංසක රද

නම ගහාදි වට කර ඇඳ කී ලෙස නිව­රද

තම තමාගේ ඇති නම් උණ ගිනි­යම් ඉස­රද

සම සමාජ මේ බලි­යෙන් දුරු­වෙයි නොව­රද”

මේ අත­ර­වා­ර­යේදී 1934 -1935 කාලයේ පැතිර ගිය මැලේ­රියා වසං­ග­තය හේතු­වෙන් සමාජ සත්කා­රයේ යෙදුණු තැනැ­ත්තන් සිය ඡන්ද ව්‍යාපා­රය සඳහා එය යොදා ගත් ආකා­රය පහත දැක්වෙන කවි­යෙන් පැහැ­දිලි වේ.

“උණ තද වසං­ග­ත­යෙහි පසු කලැ දහ­සක්

දන ලද හිරි­හැ­රෙහි වන ලෙස පිහිට උදක්

ඔබ හිඳ නොගත් නොම­ගිය ගම් පැලක් ගොඩක්

නැහැ අද බලං­ගොඩ දෙසැ විම­සු­වොත් ටිකක්”

1936 දී 24,51,323 දෙනකු ඡන්දය සඳහා ලියා­ප­දිංචි වූ අතර 54.69% ක් ඡන්දය පාවිච්චි කළහ. ලංකාවේ ප්‍රථම පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය පැවැ­ත්වුයේ 1947 අගෝස්තු 23 වැනි දිනය. එය දින 19ක් පුරා පැවැ­ත්විණි. 1952 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය දින 4ක් මුළුල්ලේ ද 1956 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය දින 3ක් මුළුල්ලේ ද පැවැ­ත්විණි. එක් දින­ය­කදී ලංකාව පුරා පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය පැවැ­ත්වීම ආරම්භ වුණේ 1960 මාර්තු 19 වැනි දින පැවැත්වූ මැති­ව­ර­ණ­යක් සම­ඟය.

 

පාට පෙට්ටි ඉව­ත්වෙයි

ඡන්ද අපේ­ක්ෂ­ක­යන්ට අයත් පාට පෙට්ටි­යට ඡන්ද දැමීමේ ක්‍රමය 1952 වන විට ඉවත් වී එකම ඡන්ද පෙට්ටි­ය­කට ඡන්ද දැමීමේ ක්‍රමය ස්ථාපිත වූ අතර කවි කොළ සාහි­ත්‍ය­යද ඉබේ­ටම අහෝසි වී ගියේය. ඒ වෙනු­වට කවීන් දේශ­පා­ල­ඥ­යින්ගේ මැති­ව­රණ වේදි­කා­ව­ලට නැඟ කවි ගායනා කිරීම ආරම්භ විය. මේ අත­ර­වා­ර­යේදී ඡන්දය පැවැ­ත්වෙන දවසේ ඡන්දය පාවිච්චි කිරී­මට යන අයව පක්ෂ­යට අයත් කාර්ව­ලින් ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට රැගෙන යෑමේ ක්‍රම­යක් ඡන්ද ප්‍රචා­රය සඳහා භාවිත කර ඇත. ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට වාහ­න­යෙන් ගෙන යන අත­ර­තු­රේදී සිය පක්ෂයේ ලකු­ණට ඡන්දය දමන ලෙස ඔවුන්ට දැනුම් දීමට රිය­දු­රන් අම­තක කළේ නැත. එම වාහන සිය පක්ෂ කාර්යා­ල­යට රැගෙන ගොස් බාර්ලි බෝතල් විවෘත කර සංග්‍රහ කර­මින් ඡන්දය ලබා දෙන ලෙස ඇවි­ටිලි කර තිබේ. “මම අම­ර­සූ­රිය මහ­ත්ත­යාගේ කාර් එකේ ගිහින් බාර්ලි බීලා දහ­නා­යක මහ­ත්ත­යාට කති­රය ගැහුවා” යනු­වෙන් අම්බ­ල­න්ගොඩ ප්‍රදේ­ශයේ පැරැ­න්නෙක් යට ගියාව මා සමඟ පැව­සුවේ සිනා­සෙ­මිනි.

 

ස්පීකර් මගින් ප්‍රචා­රය

කෙසේ නමුදු 1977 මහ මැති­ව­ර­ණය දක්වාම පුව­ත්පත් සහ ගුව­න්වි­දුලි යන මාධ්‍ය­යන් ඡන්ද අපේ­ක්ෂ­ක­යන්ගේ ප්‍රචා­රක මාධ්‍ය වූයේ නැත. මේ වන විට ඡන්ද ප්‍රචා­රක කට­යුතු සිදු කළේ ගෙයින් ගෙට ‍ගොස් අත්ප­ත්‍රිකා බෙදා හැරී­මෙනි. පෝස්ටර් ද දක්නට ලැබු‍ණත් වර්ත­මා­නයේ මෙන් දැවැන්ත බැනර්, නාම පුවරු යන කිසි­වක් දක්නට ලැබුණේ නැත. ප්‍රාදේ­ශීය මට්ට­මෙන් රැස්වීම් පැවැ­ත්වෙන විට පක්ෂයේ කොඩි­වැල් ඇද සරසා තිබිණි. ස්පීකර් බැඳ ගත් රථ­යක් ගමට ගොස් සෙනඟ ගැව­සෙන ස්ථාන­යක නවතා ගීත වාද­නය කරන විට ඒ වටා රොක් වන ජන­තාව අමතා කතා කිරීමේ ප්‍රචා­රක කලා­වක් ද ගම් මට්ට­මින් දක්නට ලැබිණි.

1977 පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණයේ ප්‍රචා­රක කට­යු­තු­ව­ලදී “රටට වෙච්ච දේ” නමින් පොත් පිංචක් ගෙයක් පාසා බෙදා තිබුණේ එක්සත් ජාතික පක්ෂය විසිනි. ඊට අම­ත­රව 1977 මහ මැති­ව­ර­ණ­යේදී ජන­ප්‍රිය ගායක ගායි­කා­වන් දේශ­පා­ලන වේදි­කා­ව­ලට නැඟීම නිසා ඔවුන් බැලී­මට එන පිරි­ස­ටද දේශ­පා­ලන කතා අස­න්නට සිදු වූ අතර එය ඉතා සාර්ථක වූ ප්‍රචා­රක උප­ක්‍ර­ම­යක් විය. 1977 මැති­ව­ර­ණ­ය­ටද පුව­ත්පත් සහ ගුව­න්වි­දු­ලිය ප්‍රචා­රක කට­යුතු සඳහා යොදා ගත්තේ නැත. එකල සිදු වූයේ ඒ ඒ පක්ෂ­ව­ලට හිත­වත් පුව­ත්පත් සමා­ගම් දේශ­පා­ලන කතා ඔවුන්ගේ කැමැත්ත පරිදි හොඳින් පෙනෙන ආකා­ර­යට පළ කිරීම පමණි.

1977 න් පසු 1982 ඔක්තෝ­බර් 20 දින ලංකාවේ ප්‍රථම ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්විණි. මෙම අව­ස්ථා­වේදී පවා පෝස්ටර්, අත්ප­ත්‍රිකා වැනි ප්‍රචා­රක මාධ්‍ය­යන් මිස පුව­ත්පත් දැන්වීම් දක්නට ලැබුණේ නැත. එහෙත් 1982 ශ්‍රී ලංකා­වට රූප­වා­හි­නිය පැමිණ තිබූ බැවින් එක් එක් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන්ට රූප­වා­හි­නි­යෙන් ජන­තාව අමතා කතා කිරී­මට ඉඩ ප්‍රස්තා සැල­සිණි. එය ගුවන් විදු­ලි­යෙන් ද සිදු කෙරිණි. පුව­ත්ප­ත්වල ද දේශ­පා­ල­න­ඥ­යන්ගේ කතා පළ කෙරිණි. 1982 ජනා­ධි­පති අපේ­ක්ෂක හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව ඡන්ද ප්‍රචා­රක ක්‍රම­යක් ලෙස ආදර්ශ හාල් පොතක් මුද්‍ර­ණය කර බෙදා හැරීම නිසා ඔහුට විරු­ද්ධව කොළඹ මහා­ධි­ක­ර­ණයේ නඩු පැව­රිණි.

ඉන් අන­තු­රුව 1982 දෙසැ­ම්බර් 22 වැනි දින පව­ත්වනු ලැබුවේ ජන­මත විචා­ර­ණ­යයි. දෙවැනි ජනා­ධි­ප­ති­ව­ර­ණය 1988 දෙසැ­ම්බර් 19 වැනි දින පැවැ­ත්වුණු අතර ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන්ගේ පුව­ත්පත් දැන්වීම් ප්‍රථම වරට දක්නට ලැබුණේ මෙම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී බව සඳ­හන් කළ යුතුය. එව­කට අග­මැති ධූරය හෙබවූ ආර්. ප්‍රේම­දාස මහ­තාගේ ජනා­ධි­පති අපෙ­ක්ෂක දැන්වීම් සම්පූර්ණ පිටු වශ­යෙන් පළ වූ අතර ජාතික සේවක සංග­මය, සුච­රිත ව්‍යාපා­රය වැනි ආය­තන ඊට අනු­ග්‍ර­හය දක්වා තිබුණි. ජනා­ධි­පති අපේ­ක්ෂක ඔසී අබේ­ගු­ණ­සේ­කර පළ කර තිබුණේ රූප­වා­හිනි සහ ගුව­න්වි­දුලි කතා විකා­ශය වන වේලාව සට­හන් කළ කුඩා ප්‍රමා­ණයේ දැන්වීම්ය.

1989 පෙබ­ර­වාරි 05 වැනි දින මහ මැති­ව­ර­ණය පැවැ­ත්වුණු අතර ඒ සඳහා පුව­ත්පත් දැන්වීම් පළ කළ බවට තොර­තුරු සොයා ගැනී­මට අසීරු වන්නේ කරුණු කීප­යක් නිසාය. ඉන් ප්‍රධා­නම කරුණ වූයේ 88 – 89 කාලයේ පැවැති භීෂ­ණ­යයි. අනෙක, මේ වන විට මනාප ක්‍රමය අපේ රටට අලුත් දෙයක් වූ බැවින් ඒ කාලයේ මනාප පොර­යක් උග්‍ර අන්ද­මට දක්නට නොලැ­බී­මයි. එමනිසාම කවු­රුත් සුපු­රුදු ආකා­ර­යට බැනර්, පෝස්ටර්, අත් පත්‍රිකා බෙදා හරි­මින් පරණ පුරුදු ආකා­ර­යට ප්‍රචා­රක කට­යුතු සිදු කළහ.

 

රූප­වා­හිනි විකා­ශන

1994 අගෝස්තු 16 වැනි දින පැවැත්වූ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී එක්සත් ජාතික පක්ෂ‍යත් පොදු ජන පෙර­මු‍ණත් කරට කර ප්‍රචා­රක තර­ග­යක නිරත විය. මේ වන විට පුව­ත්පත් දැන්වීම් පිටු පුරා පළ කෙරිණි. එහෙත් ගුව­න්වි­දු­ලිය සහ රූප­වා­හි­නිය ජන­තාව අමතා කරනු ලබන කතා­ව­ලට පම­ණක් යොදා ගැනී­මට පරි­ස්සම් වූහ. මැති­ව­රණ ප්‍රචා­රක දැන්වීම් රූප­වා­හි­නි­යෙන් විකා­ශය කිරීම ආරම්භ වූයේ නව සහ­ස්‍ර­යක් සම­ඟය. එනම් 2000 ඔක්තෝ­බර් මාසයේ පැවැත්වූ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය සහ 2001 දෙසැ­ම්බර් මාසයේ පැවැත්වූ මහ මැති­ව­රණ වලටය. ඒ සදහා පුව­ත්පත්, ගුව­න්වි­දුලි සහ රූප­වා­හිනි වෙළෙඳ දැන්වීම් ප්‍රචා­රය විය. මේ වන විට පෞද්ග­ලික රූප­වා­හිනි සහ පෞද්ග­ලික ගුව­න්වි­දුලි නාලිකා ආරම්භ වී තිබීම නිසා ඔවුන් වාණිජ අර­මුණු අපේ­ක්ෂා­වෙන් මැති­ව­රණ දැන්වීම් ප්‍රචා­රය ආරම්භ කළ බව සිතිය හැකිය.

2001 වන විට නිවෙ­ස්වල ඇති ස්ථාවර දුර­ක­ථ­න­ව­ලට කතා කර එක් එක් අපේ­ක්ෂ­ක­යන්ගේ ඡන්ද පොරොන්දු සහ මනාප අංක ප්‍රකාශ කර ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටීමේ අලුත් ප්‍රචා­රක කලා­වක්ද බිහි විය. ප්‍රවීණ සින­මා­වේදී ජයන්ත චන්ද්‍ර­සිරි විසින් ජෝර්ජ් මහා­දි­කා­රම්ගේ ජනපතිවරණ ඡන්ද ප්‍රචා­රක දැන්වීම් සඳහා වෙළෙඳ ප්‍රචා­රක ආය­ත­න­යක තිසර දිසා­නා­යක ඡායා­රූප ගැනී­මට වෙහෙස වන ආකා­ර­යක් ඡන්ද ප්‍රචා­රක උප­ක්‍ර­ම­යක් වශ­යෙන් කට­කතා නිර්මා­ණය කරන ආකා­ර­යත් “ගරිල්ලා මාකටිං” චිත්‍ර­ප­ටය තුළින් පිළි­බිඹු කර තිබෙන්නේ 2005 වන විට මැති­ව­රණ ප්‍රචා­රක කලා­වට රටේ ප්‍රමු­ඛ­ස්ථා­න­යක් ලැබුණු නිසාය.

2015 මෙන්ම මෙවර පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රචා­රක කට­යුතු ද ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ට­ර්ග්‍රෑම් සහ යූටි­යුබ් යන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන අතර පුව­ත්පත්, ගුව­න්වි­දුලි සහ රූප­වා­හිනි දැන්වීම් මගින් ද පෝස්ටර්, බැනර්, කට­වුට්, පත්‍රිකා සහ පොත් පිංච මගින් ද සිදු කෙරෙන ආකා­රය අපට හොඳින් පෙනේ. ඒ කෙසේ වුවද, මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නාගේ සති 2කට ප්‍රචා­රක විය­දම රුපි­යල් කෝටි 100ක් බව මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍ය­ස්ථා­නය සඳ­හන් කරන්නේ මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ පළමු වරට කෙරෙන ප්‍රචා­රණ විය­දම් ගණ­නය කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළට අනු­වය.

 

Comments