විස්මිත වාරි සිහි­න­යක සුන්දර ආස්වා­දය | Page 2 | සිළුමිණ

විස්මිත වාරි සිහි­න­යක සුන්දර ආස්වා­දය

ශ්‍රී ලංකාවේ ශිෂ්ටා­චා­රය හා සභ්‍ය­ත්වය බැඳී පව­තින්නේ වැවත්, නිල් දිය­ව­රත් සමඟ බව ඉඳුරා පසක් කර ගත් රාජ්‍ය නාය­ක­යකු ලෙස මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­යෙන් ම සිටියි. අනු­රා­ධ­පුර, පොළො­න්නරු ඓති­හා­සික සැම­රුම් තුළින් සුපෝ­ෂ­ණය ලද සංස්කෘ­තික ආධ්‍යා­ත්ම­යත් වාරි ශිෂ්ටා­චා­ර­යත් මත පද­නම් ව මේ ස්වර්ණ භූමිය ජාත්‍ය­න්ත­ර­යට ඔසවා තැබීමේ අධි­ෂ්ඨා­න­යෙන් යුතුව ඒ සඳ­හාම කැපවූ මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ජන මෙහෙ­ව­රෙහි අග්‍ර­ඵ­ලය ලෙස මොර­ග­හ­කන්ද කළු­ගඟ වාරි ව්‍යාපෘ­තිය නම් කිරීම නිවැ­රදි ය.

දසක පහ­කට නො අඩු මහ­වැලි ඉති­හා­සයේ විස්මිත වාරි පෙළ­හ­රක සාඩ­ම්බ­රය සමග මොර­ග­හ­කන්ද කළු ගඟ යෝධ සංව­ර්ධන ක්‍රියා­න්වි­තයේ කළු­ගඟ දිය­වර මංග­ල්ල­යට එක්වල කළු­ගඟ ජලා­ශයේ සංචිත දිය දහර සුබ මොහෙ­තින්ල අදත්ල හෙටත්ල මතු­ම­තු­වත් බිහි­වන ගොවි ජන සුව සෙත උදෙ­සාම මුදා හැරීමේ පරම භාග්‍යය ද මෛත්‍රී ජපා­ධි­ප­ති­ව­ර­යාට හිමි විය. රුපි­යල් කෝටි 23ල000ක ආයෝ­ජ­න­ය­කින් පරි­පූර්ණ වූ ඒ මහා ව්‍යාපෘ­ති­යට චීනය, සෞදි අරා­බිය, ජපා­නය, කුවේට් රජය, ආසි­යානු සංව­ර්ධන බැංකුව මෙන්ම දේශීය ආය­ත­න­වල දාය­ක­ත්වය ද ලැබුණි. මොර­ග­හ­කන්ද ජලාශ ව්‍යාපෘ­ති­යට සම­ගා­මීව කළු­ගඟ ජලා­ශය නිම වන අතර එයින් කළු­ගඟ පහළ නිම්නයේ පම­ණක් පවුල් 3000කට ජල ප්‍රති­ලාභ හිමි වනු ඇත. එහි අති­රික්ත ජලය මොර­ග­හ­කන්ද ජලා­ශ­යට එක්වනු ඇත. වසර ගණ­නක් මුළුල්ලේ කිසිදු ප්‍රයෝ­ජ­න­යක් නොගෙන මුහු­දට එක්වූ ඝන­මී­ටර් දස­ලක්ෂ 818කට නොඅඩු ජල­ක­ඳක් අපේ ගම්බිම් පෝෂ­ණය කිරීම උදෙසා යොදා ගැනීම ද මේ ව්‍යාපෘ­තියේ තවත් විශේ­ෂ­ත්ව­යකි.

ශ්‍රී ලාංකික ජාතික ආර්ථි­කය, කෘෂි­ක­ර්මය හා අවි­යෝ­ජ­නීය ලෙස බැඳී තිබෙ­න්නක් බව මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා නිබ­ඳව කරනු ලබන අව­ධා­ර­ණ­යකි. මේ මහ­පො­ළො­වෙන් උපන් එයට ආද­රය කරන දේශ­පා­ලන භූමි­කා­වක පර­මා­ද­ර්ශය ලෙස මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා හැඳි­න්වීම ද අති­ශ­යෝ­ක්ති­යක් ‍ෙනාවේ. රජ­රට වැව්බැඳි ගම් දනව් මෙන් ම නිල්ල හරිත වන තීරු ඔස්සේත් දෙපය තබ­මින් ඇවිද ගිය විචිත්‍ර ගොවි උරු­ම­යක සොඳුරු මෙන්ම අඳුරු මතක සට­හන් ද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා සතු වේ. නියං සමයේ අහස දෙස බලා හඬන ගොවි නෑයන්ගේ කම්පිත ස්වර­යෙන් මෛත්‍රීගේ දෑසට ගලා ආ කඳු­ළු­වල පමණ කොප­මණ විය හැකිද? අහ­සින් වැටෙන එකම දිය බිඳ­ක්වත් පළක් නොගෙන සයු­රට ගලා යෑමට ඉඩ නොදෙ­න්නැයි ජාති­යට හඬ ගා කීවේ පොළො­න්න­රුව විජ­ය­ග්‍ර­හ­ණය කළ මහ පැර­කුම් නිරි­ඳුන් ය. ඒ ඉති­හා­සයේ හඬට සව­න්දුන්, ඒ මහ­පො­ළො­වට වැවට පෙම් බැඳි නූතන රාජ්‍ය නාය­ක­ත්ව­යක සාඩ­ම්බ­රය ද මෛත්‍රී අපට පෙන්වා දී තිබේ.

සත්ත­කින්ම අපි වැවෙන් උපන් දැයක් වන්නෙමු. ඒ වැව අනා­දි­මත් කලක් මුළුල්ලේ අපට මවක් වූ වග නිසැ­කය. වැවත්, ගමත් අම­තක කළ කෘත්‍රීම හා ව්‍යාජ දේශ­පා­ලන බලා­පො­රො­ත්තු­ව­ලට ඉඩ දෙමින් සුසුම් හෙළූ අපේ ගොවි ජන­තාව මෛත්‍රී නමැති පොදු­ජන නාය­කයා දෙස බලා සිටියේ අප්‍ර­මාණ අපේ­ක්ෂා­ව­ලින් දැල්වී ගිය දෑස් වලිනි. මොර­ග­හ­කන්ද කළු­ගඟ ලෙස ගලා බැස යන්නේ ඒ ගොවි ජන සිහි­නය මිස අන් දෙයක් නොවේ. භෞතික සංව­ර්ධ­නයේ අධි­වේගී මාර්ගල විදුලි මිණි පහන්, කම්හල්ල වෙළෙ­ඳ­සැල් පිළි­බඳ ඇසෙන සාඩ­ම්බර කථා­ව­ලින් දේශ­පා­ලන සමාජ අව­කා­ශය පිරී ගියත් ගමට, වැවට, වන­පෙ­තට, කෙතට, ඇළ දොළට උරුම වූයේ නොසැ­ල­කි­ල්ලත්, නොතකා හැරී­මත් පමණි. එහි අනි­වාර්ය විපා­කය වූයේ ගම දුක් අඳුරු වේදනා පිරි විපත් බිමක් වීමය. මේ ඉර­ණම වෙනස් කළ නොහැකි යැයි සිතූ ගම්දො­රට බලා­පො­රොත්තු රැගෙන ගිය මිනිසා මෛත්‍රී විය. ඔබේ කඳුළ මට දෙන්න - මගෙ සිනා ඔබ ගන්න’ මෛත්‍රී ඔවුන්ට ළංවී කියද්දී ඒ දෑස්ව­ලින් වැටුණේ සතුටු කඳුළු ය. ඉති­හා­සයේ අඳුරු යුග ගණන් ගෙවී බලා­පො­රො­ත්තු­වක් ඒ ගම්දො­රට ඒ ජන­තා­වට ඇති වී නම් ඒ ග්‍රාම ශක්ති වැනි මෛත්‍රීගේ අර්ථ­වත් සැල­සුම් නිසා ය.

ගමට ගොස් ගමේ අයගේ කරට අත දමා සිනා සී කොළො­ම්තො­ටට එන සුලබ දේශ­පා­ලන චරිත අතර මෛත්‍රීගේ දේශ­පා­ල­නය ද සුවි­ශේෂී විය. ඡන්ද කාල­යට බැන්ද සෙනෙ­හ­සට සීමා වූ දේශ­පා­ලන ව්‍යාපෘති මෛත්‍රීට රුචි නොවීය. මින්නේ­රිය පරා­ක්‍රම සමුද්‍ර ගොවි ජන­පද ව්‍යාපා­රය ඔස්සේ එකල ඇර­ඹුණු සංව­ර්ධන ක්‍රියා­ව­ලිය නොබිඳ නොසිඳ පෙරට ගෙන යා යුතුය යන සිති­විල්ල මෛත්‍රී තුළ පහළ වූයේ ළමා වියෙහි දීම ය. අපේ කෘෂි­ක­ර්මා­න්ත­යට ජාතික ආර්ථි­කයේ ප්‍රමු­ඛ­තා­වක් ලබා දිය යුතුය යන සිති­විල්ල ඇති වූයේ ද දේශ­පා­ල­න­යට පිවි­සෙ­න්නට ද පෙර ය. ත්‍රිකු­ණා­ම­ලය, මඩ­ක­ල­පුව,අනු­රා­ධ­පු­රය හා මාතලේ දිස්ත්‍රි­ක්ක­ව­ලට මායිම් වූ පොළො­න්න­රු­වට නව මුහු­ණු­ව­රක්, අභි­නව සංව­ර්ධ­න­යක් ලබා දුන් ‘පිබි­දෙමු පොළො­න්න­රුව‘ මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දේශ­පා­ලන සම්ප්‍රා­ප්තියේ විශිෂ්ට ඵල­යකි.

පඬු­වස් දෙව්රජ සමයේ විජි­ත­ගාම ලෙස හැඳින්වූ පොළො­න්න­රුව රාජ­ධා­නිය එදා මෙදා තෙක් ගෙවූ දිගු ගමනේ විචිත්‍ර යුගය උදා­වූයේ මෛත්‍රීගේ අප්‍ර­මාණ මැදි­හ­ත්වීම් නිසා බව ද සඳ­හන් කළ යුතුය. පොළො­න්න­රුව අද නවී­න­ත්වය මෙන්ම හරිත පුර­ව­ර­යක ආශ්ච­ර්යය ද විද­හා­පාන නග­ර­යකි. මහ­පැ­ර­කුම් අතීත සිරි­සර නූතන පොළො­න්න­රු­වට කැඳවූ මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ඒ සම­ඟම වාරි සංස්කෘ­තිය ද බල ගැන්වී­මට කැප විය. මෙරටේ මහ­වැලි වාරි තාක්ෂ­ණයේ වැඩි බර විදුලි නිෂ්පා­ද­නය වැනි ක්ෂේත්‍ර­ව­ලට යොමු විය. කෙසේ හෝ මහ­වැලි සංව­ර්ධන ව්‍යාපෘ­ති­යෙන් ගිලිහී ගිය මොහ­ර­ග­හ­කන්ද ජලාශ යෝජනා ක්‍රමය යථා­ර්ථ­යක් බවට පත් කිරීම මෛත්‍රීගේ පරම අභි­ලා­ෂය විය. කඩි­නම් මහ­වැලි ව්‍යාපෘ­ති­යට ද එය අයත් නොවීය. 1994 දී පොළො­න්න­රුව මැති­ව­රණ වේදි­කා­වට නැඟුණු චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­ය­කගේ මුවින් මොර­ග­හ­කන්ද යෝජනා ක්‍රමය ගැන ප්‍රකා­ශ­යට පත්වු­වත්, එයද කඩ­දා­සි­යෙන් ඔබ්බට නොගිය සැල­සු­මක් ලෙසම ඉතිරි විය.

මෛත්‍රී මහ­වැලි ඇම­ති­ව­රයා ලෙස තම හද බැඳි මොර­ග­හ­කන්ද ව්‍යාපෘ­ති­යට මුල්ගල තැබූ­වද තවත් වසර කීප­යක් එය පෙර පරි­දිම නත­රවී තිබුණි. 2015 දී රාජ්‍ය නාය­ක­ත්ව­යට පත්වන මෛත්‍රී තම මොර­ග­හ­කන්ද සිහි­න­යට පණ දුන්නේ අප්‍ර­මාණ අධි­ෂ්ඨා­න­යෙන් හා සොම්න­සින් යුතු­වය. ඉංජි­නේරු කුල­සිංහ සමඟ එදා මහ වනය මැදින් පා නගා යද්දී දෙපයේ ලූ පාව­හන් විනි­විද ඇනුණු උල්ක­ටු­ව­ලින් රිදුම් දුන් සිරුර පම­ණක් නොව ආධ්‍යා­ත්මය ද සුව­පත් වූයේ මොග­ර­හ­කන්ද මහා දිය­වර හා එයින් පිබි­දෙන ගොවි­ජන අපේ­ක්ෂා­ව­නුත් පිළි­බඳ සිතින් ඇඳ දුන් කුල­සිංහ ඉංජි­නේ­රු­ව­රයා නිසාය. එනි­සාම ඒ ජලා­ශය කුල­සිංහ නමින් පුද­න්නට ද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට වුව­මනා විය. මොර­ග­හ­කන්ද ජලා­ශය පරා­ක්‍රම සමු­ද්‍රයේ ජල ධාරි­තාව මෙන් හය ගුණ­ය­කින් යුතුය.

සත්ත­කින්ම මෙරටේ විස්මිත වාරි­ක­ර්මා­න්තයේ සනා­තන සිහි­ව­ට­නය ලෙස ඉති­හා­ස­යට එක්වන්නේ ද මොර­ග­හ­කන්ද කළු­ගඟ ව්‍යාපෘ­ති­යයි. මොර­ග­හ­කන්ද කළු­ගඟ ව්‍යාපෘ­තිය රන් දිය­වර මේ මහ­පො­ළව නිව­මින් සන­හා­ල­මින් හෙටත් ගලා බසිනු ඇත. දෑතින් පොළව කැන වැව් බැඳි රජ­රට ගොවි­යාත්, ඒ සොඳු­රුම දෑතින් කළු­ග­ල්ව­ලට ශාන්තිය, සමාධි සුවය කවා බුදු­ගුණ අප දෑසට ළං කළ රජ­රට කලා­ක­රු­වාත් මෛත්‍රීගේ නෑයෝය. ඒ නෑ පර­පු­රට ඒ ගම්බි­ම්ව­ලට අලුත් ජීවි­ත­යක් ලබා දෙන්නට නූතන තාක්ෂ­ණය දැනුම හා බුද්ධිය ද සිය අධි­ෂ්ඨා­නය සමග මුසු කළ මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට ද ඉති­හා­සය ආචාර කරනු ඇත. පරා­ක්‍රම සමු­ද්‍රය දෙස බලා මේ මගේත් මගේ ජන­තා­ව­ගේත් පරම ධන­යයි. කී පැර­කුම් නිරි­ඳුන්ට මෙන්ම මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට ද මොර­ග­හ­කන්ද කළු­ගඟ දිය­වර දෙස බලා‘රජ­රට මගේ නෑයිනි, ශ්‍රී ලංකා­වාසී මගේ ජන­තා­වනි, මේ මගේ මෙන්ම ඔබගේ ද ධනය වේ” යනු­වෙන් උදම් විය හැකිය. වියළි මුඩු බිම් සරු­බි­ම්වල සරු පසෙහි සිනා­සෙන ගහ­කොළ ද, ඒ නිල් දියට ලොල්ව ඇළ දොළ ගඟෙහි කෙළින සතා සිව්පා­වුන් ද හෙට පර­පු­රට කියනු ඇත්තේ ආද­රය, දයාව, කරු­ණාව, මෛත්‍රිය සිය දේශ­පා­ල­න­යට මුසු­කළ නිර­හං­කාර ජනතා පුත්‍ර­ය­කුගේ අභි­මා­නය නොවේද?

Comments