ජෝසෆ් ෆ්‍රේසර් අනු­ස්ම­රණ රෝහල නව මුහු­ණු­ව­ර­කින් | සිළුමිණ

ජෝසෆ් ෆ්‍රේසර් අනු­ස්ම­රණ රෝහල නව මුහු­ණු­ව­ර­කින්

ජෝසෆ් ෆ්‍රේසර් අනු­ස්ම­රණ රෝහල සිය­ව­ස­කට ආසන්න කාල­යක් පුරා කාන්තා හා ළමා සෞඛ්‍ය වෙනු­වෙන් ඇප­කැප වූ ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම රෝහ­ලකි. මෙම කීර්ති­මත් ඉති­හා­ස­ය­කින් යුත් රෝහල අංග­ස­ම්පූර්ණ නවී­ක­ර­ණ­ය­කින් පසු නව මුහු­ණු­ව­ර­කින් නැවත දියත් කිරී­මට රෝහලේ කළ­ම­නා­කා­රී­ත්වය වර්ත­මා­න­යේදී මෙහෙ­ය­වන මෙල්ස්ටා හෙල්ත් සමා­ගම විසින් පිය­වර ගෙන ඇත. මේ අනුව නවී­න­තම තාක්‍ෂ­ණික උපාංගÓ පහ­සු­කම් මෙන්ම පුළුල් පරා­ස­යක පැති­රුණු විශේ­ෂඥ වෛද්‍යÓ වෛද්‍ය උප­දේ­ශක හා සාත්තු සේවය යන අංග­ය­න්ගෙන් ජෝසෆ් ෆ්‍රේසර් අනු­ස්ම­රණ රෝහල සම­න්වි­තය. ජෝසෆ් ෆ්‍රේසර් මැති­තු­මන්ට උප­හාර පිණිස එතු­මන්ගේ බිරිඳ වූ ක්‍රිසී ෆ්‍රේසර් මහ­ත්මිය විසින් ශ්‍රී ලංකා වැවි­ලි­ක­රු­වන්ගේ සංග­ම­යේද සහ­යෝ­ගය ඇතිව (Planters’ Association of Ceylon) 1923 දී ජෝසෆ් ෆ්‍රේසර් අනු­ස්ම­රණ රෝහල ආරම්භ කරන ලදී.

 

Comments