දැරිය හැකි මිලකට වාහන දෙන්න මහින්ද්‍රා සූදානම් | Page 2 | සිළුමිණ

දැරිය හැකි මිලකට වාහන දෙන්න මහින්ද්‍රා සූදානම්

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මා­න්තයේ විප්ල­වීය වෙන­සක් සිදු කළ ඉන්දි­යානු මහින්ද්‍රා සමා­ගම, ගෝලීය සමා­ග­මක් ලෙස පුළුල් පිය­වර ගණ­නා­වක් තබා තිබේ.

ඒ අත­රින්, ඇමෙ­රි­කානු ඩොලර් මිලි­යන 50 ක් වැය­කොට, වැලි­පැන්නේ ඉදි­කළ මෝටර් රථ එක­ලස් කිරීමේ අංග­ණය, රටක් හැටි­යට ශ්‍රී ලංකා­වට සාධ­නීය අග­යක් එක්කොට තිබේ.

ඇමෙ­රි­කානු ඩොලර් බිලි­යන 20.7 ක වත්ක­මක් හිමි ඉන්දි­යානු ම‍හින්ද්‍රා සමූ­හය අද වන­විට ලොව රට­වල් 100 ක් පුරා ව්‍යාප්ත වී තිබේ. එසේ ම, ලොව පුරා 250,000 ක ශ්‍රම බල­කා­යක් හිමි, කර්මා­න්ත­ශාලා 63 කින් සම­න්විත, ඉන්දි­යා­වෙන් පිටත 49% ක ආදා­ය­මක් ලබා­දෙන, දැවැන්ත ව්‍යාපා­රික සමූ­හ­යකි.

සමා­ගමේ ගෝලීය වර්ධන උපා­ය­මා­ර්ග­යන්ට අනුව, ශ්‍රී ලංකාව ඉතා හොඳ වෙළෙ­ඳ­පො­ළක් බව හඳු­නා­ගෙන ඇති අතර, සිය ශ්‍රී ලාංකික විශ්වා­ස­නීය හවු­ල්කරු වන අයි­ඩි­යල් මෝටර්ස් හා එක්ව, මෙම පරි­ව­ර්ත­නය ශ්‍රී ලංකා­වට ගෙන ඒමට ප‍ූර්ණ දාය­ක­ත්වය ලබා­දෙන බව, මහින්ද්‍රා සහ මහි­න්ද්‍රාහි ජාත්‍ය­න්තර මෙහෙ­යුම් ප්‍රධානී, අර­වින්ද මැතිව් සහ ජාත්‍ය­න්තර මෙහෙ­යුම් දකුණු ආසි­යාවේ උප­ස­භා­පති, සංජේ ජාදෙව් මහ­ත්වරු මුම්බා­යි­හිදී ශ්‍රී ලංකා මාධ්‍ය­වේ­දීන් අමතා ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා රජයේ ප්‍රති­ප­ත්ති­ව­ලට සිය රට ගරු කරන නමුත්, කාලෝ­චිත ලෙස මූල්‍ය සහ ආර්ථික ප්‍රති­පත්ති සම්පා­ද­නය විය යුතු බවත් දැරිය හැකි මිල­කට වාහන මිලදී ගත හැකි වෙළෙ­ඳ­පොළ හිත­කර ප්‍රති­පත්ති රාමු­වක්‍. ලාංකේය වාහන කර්මා­න්තය තුළ ඇති කළ යුතු බවත් ඔහු පෙන්වා දුන් අතර, එම ප්‍රති­පත්ති කෙටි­කා­ලීන සහ මධ්‍ය­කා­ලීන ලෙස අනු­කූ­ල­තාව මත වෙනස් කළ හැකි පරි­ස­ර­යක් නිර්මා­ණය කිරීමේ වැද­ග­ත්කම ද ඔවුහු අව­ධා­ර­ණය කළහ.

75,000 කට අධික සිය පාරි‍භෝ­ගි­ක­යන් සහ පරි­ශී­ල­ක­යන් සිටින අතර, මහින්ද්‍රා නාම­යට සහ ට්‍රැක්ටර් සඳහා අධික ඉල්ලු­මක් පැව­තීම හේතු­වෙන් වෙළෙ­ඳ­පොළ ප්‍රමු­ඛයා වීමට ද ඔවුන්ට හැකිව තිබේ. ඉදිරි වසර පහ තුළ අනෙ­කුත් නිෂ්පා­දන කාණ්ඩ­යන්හි ප්‍රමු­ඛයා වීමට ද ඔවුන් කට­යුතු කරයි.

පරි­සර හිත­කාමී නවීන තාක්ෂ­ණ­යෙන් යුත් රථ­වා­හන මෙර­ටට හඳු­න්වා­දීම සඳහා පුරෝ­ගා­මීවූ ආය­ත­න­යක් ලෙස, සම්පූ­ර්ණ­යෙන් විදු­ලි­යෙන් ධාව­නය වන ‘මහින්ද්‍රා TREO’ ත්‍රිරෝද රථය හඳුන්වා දුන් ප්‍රථම සමා­ග­ම­වීමේ ගෞර­වය ද ඔවුන් හිමි­ක­ර­ගෙන සිටියි.

එසේම ‘පිකප්’ මාදි­ලියේ රථ­වා­හන සඳහා ද වෙළෙ­ඳ­පොළ නාය­ක­ත්ව­යට හිමි­කම් කියන මහින්ද්‍රා හි MAXXIMO HEAVY DUTY සහ Bolero Pick Up කුඩා ප්‍රමා­ණයේ වාණි­ජ­මය රථ­වා­හන පෙළ නියෝ­ජ­නය කර­මින් පෙර­මුණේ සිටියි. බර­වා­හන වෙළෙඳ ක්ෂේත්‍ර­යට මෑත­කදී එක්වූ Blazo x ට්‍රක් රථය ද මේ වන­විට, වෙළෙ­ඳ­පොළේ ඉතා සාර්ථක ඉල්ලු­මක් දිනා­ග­නි­මින් සිටියි. ට්‍රැක්ටර් සඳහා වූ දේශීය වෙළෙඳ පොළ තුළ 18% කට වැඩි කොට­ස­කට උරු­ම­කම් කියන්නේ ද මහින්ද්‍රා සන්නා­ම­යයි. එසේ ම, සමා­ගමේ නිෂ්පා­දිත 7 KVA සිට 1000KVA අග­යෙන් යුතු විදු­ලි­ජ­නක යන්ත්‍ර, රෝඩ් මාස්ටර් G90 සහ අර්ත් මාස්ටර් VX90 වැනි ඉදි­කි­රීම් උප­ක­රණ සමූ­හ­යක් ද මහින්ද්‍රා යටතේ වෙළෙ­ඳ­පො­ළට එක්වේ.‍

එසේම, නොබෝදා වැලි­පැන්නේ ආරම්භ කළ මෝටර් රථ එක­ලස් කිරීමේ කර්මා­න්ත­ශා­ලාව ආරම්භ කිරී­මත් සමඟ 30% ක එකතු කළ අග­යක් සම­ඟින් දේශීය වාහන වෙළෙ­ඳ­පොළ අව­ශ්‍ය­තා­වන් සපු­රා­ලී­මට තමන් සූදා­නම් බවත් ඔවුහු ප්‍රකාශ කළහ. එමෙන් ම වාහන ආසන සහ තවත් කොටස් ගණ­නා­වක් ශ්‍රී ලංකාවේ නිප­ද­වන අතර, අප­න­යන කොටස් සඳහා ශ්‍රී ලංකා සමා­ග­ම්ව­ලට වැඩි අව­ස්ථා­වන් හිමි­වනු ඇත.

අයි­ඩි­යල් පෞද්ග­ලික සමා­ගම යටතේ ඇති නව එක­ලස් කිරීමේ කර්මා­න්ත­ශා­ලාව හරහා වස­ර­කට ඒකක 5000 ක ධාරි­තා­ව­කින් වාහන දේශීය වෙළෙ­ඳ­පො­ළට එක්වන අතර, KUV100 සහ පෙට්‍රල් K6 වැනි රථ­වා­හන පෙළක් ඒ අත­රවේ. ඒ අනුව, Made in Sri Lanka ලෙස ඉදි­රියේ ශ්‍රී ලංකා නාමය වාහන ලොව ප්‍රච­ලිත කිරී­මට ඔවුන් සිය හවු­ල්කාර සමා­ගම වන අයි­ඩි­යල් මෝටර්ස් වෙත, පූර්ණ සහය ලබාදේ.

එසේම, ඒ හරහා උසස් තාක්ෂ­ණික ක්‍රියා­දා­ම­යන්, මහා පරි­මාණ එක­ලස් කිරීම් සහ පරි­සර හිත­කාමී නිෂ්පා­දන ගත කරණා කෙරෙහි දැඩි අව­ධා­ර­ණ­යක් යොමු කිරී­මත් සමඟ රටේ කාර්මික සංව­ර්ධ­න­යට මෙන් ම රැකියා උත්පා­ද­න­යට ද අවස්ථා සල­සයි. එය මහින්ද්‍රා සේව­ක­යන් අර­භයා මෙන් ම, සිය ගනු­දෙ­නු­ක­රු­වන් අර­භයා ද ඇති සබ­ඳතා වඩාත් ශක්ති­මත් කරන, මහින්ද්‍රා දර්ශ­න­යයි.

Comments