සර්වෝ­දය සහ COEXIST ව්‍යව­සා­ය­ක වර්ධ­න වැඩ­මු­ළු­වක් | Page 2 | සිළුමිණ

සර්වෝ­දය සහ COEXIST ව්‍යව­සා­ය­ක වර්ධ­න වැඩ­මු­ළු­වක්

සර්වෝ­දය සංව­ර්ධන මූල්‍ය (SDF) ආය­ත­නය ශී% ලංකා මහ බැංකුවේ අනු­මත බල­ප­ත්‍ර­ලාභී මූල්‍ය ආය­ත­න­යක් වන අතර මේ වසරේ මුල් භාගයේ දී ග්‍රාමීය ව්‍යාව­සා­ය­ක­යන් නගා සිටු­වීම උදෙසා දිගින් දිග­ටම සිදු­කළ කැප­වීම් ක්‍රියා­ව­ලියේ වැඩ­ස­ට­හ­න්වල දෙවන අදි­යර ලෙස සංවි­ධා­නය කළ Village Biz උත්ස­වය ඉතා­මත් සාර්ථක අන්ද­මින් පැවැ­ත්වී­මට සම­ත්විය.

‘වටි­නා­කම් නිර්මා­ණය කරන වැඩ­මුළු’ යන මැයෙන් COEXIST පද­නම සහ SDF ඒකා­බ­ද්ධවී බණ්ඩා­ර­ගම සර්වෝ­දය පුහුණු මධ්‍ය­ස්ථා­නයේ දී 2019 සැප්තැ­ම්බර් 23 සහ 24 යන දෙදින නේවා­සික පුහුණු සැසි­යක් පැවැ­ත්වීය.

ඉහළ සහ­භා­ගී­ත්ව­යක් පැවැති මෙම වැඩ­ස­ට­හනේ දී 150ක් පම­ණ­වන සමාජ ව්‍යව­සා­ය­ක­යන්ට වර්ත­මාන කාලයේ පව­තින ව්‍යාපාර අවස්ථා වැඩි­දි­යුණු කර­ග­නි­මින් ඉදි­රි­යට යාමේ අවස්ථා පිළි­බඳ මූලික අව­ධා­නය යොමු­ක‍ළේය.

මෙම පුහුණු වැඩ­මු­ළුව පැවති දෙදින තුළ මූලික මාතෘකා යටතේ විවිධ ක්ෂේත්‍ර­ව­ලට අයත් විශේ­ෂ­ඥ­යන් විසින් පුහුණු සැසි­යට පැමිණ සිටි කණ්ඩා­යම සමඟ තම විශේ­ෂඥ දැනුම බෙදා­ග­ත්තේය. එහිදී, වර්ත­මාන ව්‍යාපාර අවස්ථා හඳු­නා­ගැ­නීම සහ වර්ධ­නය කර­ගැ­නීම යන මැයෙන් කළ­ම­නා­ක­රණ පශ්චාත් උපාධි ආය­ත­නයේ (PIM) ආචාර්ය සමන්ත රත්නා­යක සහ රවී බමු­ලු­සිංහ යන මහ­ත්ව­රුන් දේශන පැවැ­ත්වීය.

අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ (EDB) කේතකී පැල්පොල මහ­ත්මිය අප­න­යන අවස්ථා යන මැයෙන් දේශ­න­යක් පැවැ­ත්වීය. විවිධ මාදි­ලියේ ඇසු­රුම් වර්ග සහ ඇසු­රුම් කිරීමේ වැද­ග­ත්කම පිළි­බ­ඳව ශී% ලංකා ඇසු­රු­ම්ක­රණ ආය­ත­නයේ (SLIP) තුෂාන්ත කරු­ණා­නා­යක මහතා අද­හස් දැක්වීය.

Comments