වර්ධනය වුන ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා LAUGFS ගෑස් පී.එල්.සී සමාගම, පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් එහි LP ගෑස් සැපයුම දෙගුණයකින් වැඩි කරන ලදි. Saudi Aramco තෙල් සැකසුම් පහසුකම් වෙත සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස ලෝක LPG සැපයුම පහත වැටීම හේතුවෙන් කෙටිකාලයක් සඳහා LAUGFS ගෑස් පී.එල්.සී සමාගමේ LPG සැපයුම සීමා වන ලදි. ඒ අනුව ඔක්තෝම්බර් 21 සිට 24 දක්වා වූ කෙටි කාලය තුළ LPG සැපයුම අඩවූ අතර ඔක්තෝම්බර් 26 වන විට සැපයුම දෙගුණයකින් වැඩි කිරීමට නැවතත් සමාගමට හැකි විය. සමාගමටම අයත් විශාල නෞකා තුන සහ හම්බන්තොට පිහිටි පර්යන්ත පහසුකම් උපයෝගී කර ගනිමින් LAUGFS සමාගම මැදපෙරදිග රටවල් මෙන්ම අනෙකුත් කලාපීය රටවල්වලින් අවශ්‍ය ගෑස් ප්‍රමාණය ලබා ගැනීමට ක්‍රියා කරන ලදි. ඉදිරි මාස හතර සඳහා වන පාරිභෝගික ගෑස් ඉල්ලුම හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට සමාගම කටයුතු සැලසුම් කර ඇත.
වැඩිවුණ ඉල්ලුම සපුරාලීම සඳහා සැපයුම දෙගුණයකින් වැඩි කිරීමට LAUGFS සමත් වුවද තරඟකාරී ආයතනයන්හී ඇති වූ හිඟයද ඛඡඨ සඳහා වූ පාරිභෝගික ඉල්ලුම තවත් වැඩි කිරීමට හේතු විය. පාරිභෝගික ඉල්ලුම අඛණ්ඩව හිඟයකින් තොරව සැපයීමෙහිලා LAUGFS ගෑස් පී.එල්.සී සමාගම වෙහෙස නොබලා පැය 24 පුරාම ක්‍රියා කරයි.