මැති­ව­රණ පිටියේ අම­න­කම් තුනක් | සිළුමිණ

මැති­ව­රණ පිටියේ අම­න­කම් තුනක්

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් උණු­සුම් වන දේශ­පා­ලන පිටියේ පසු­ගිය සති­යේද අපගේ සිහි­යට ගත යුතු සිදු වීම් කිහි­ප­යක්ම විය. යළි යළි සිතා බැලිය යුතු විශේ­ෂිත සිදු වීම් කිහි­ප­යක් මෙසේ ඔබේ අව­ධා­න­යට යොමු කරමු.

 

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ශ්‍රි ලංකා නිද­හස් පක්ෂයේ මහ­ලේ­කම් ඇතුළු ප්‍රධා­නීහු මධ්‍යම කාරක සභාවේ අනු­මැ­ති­යද සහි­තව පොදු­ජන පෙර­මුණේ සහාය පිණිස එක් වුහ. දයා­සිරි ජය­සේ­කර, එස්.බී දිසා­නා­යක, දුමින්ද දිසා­නා­යක මහින්ද අම­ර­වීර, නිමල් සිරි­පාල ද සිල්වා වැනි නාය­කයෝ පොහොට්ටු වේදි­කා­වට ගොඩ වූහ. ඔවුන්ට හූ හඬ වැදු­ණත් යළි පොහොට්ටු වේදි­කා­වෙන් බැස්සේ නැත. මේ අතරේ පසු­ගිය කාලය තුළ රැඩි­කල් ගම­නක් ගිය කුමාර වෙල්ගම මන්ත්‍රී­ව­රයා දිගින් දිග­ටම කියා සිටියේ ශ්‍රි ලංකා නිද­හස් පක්ෂය පොහො­ට්ටුව සමඟ දිය කළ නොහැකි බව පව­ස­මිනි. ඔහු කල් මර­මින් සිටියේ විදේශ ගතව සිටි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුම­ර­තුංග හිටපු ජන­ප­ති­ව­රිය පැමි­ණෙන තෙක්ය.

ඒ දෙප­ළගේ මූලි­ක­ත්ව­යෙන් අපි ශ්‍රි ලංකා නමින් වූ සංවි­ධා­නය පසු­ගි­යදා සුග­ත­දාස ක්‍රිඩාං­ග­ණ­යට පැමි­ණියේ ශ්‍රි ලංකා නිද­හස් පක්ෂය පොහො­ට්ටු­වෙන් බේරා­ගැ­නීම වෙනු­වෙනි. කවු­රුත් වික්ෂිප්ත වූයේ ශ්‍රී ලංකා නිද­හස් පාක්ෂි­ක­යන් අට දහ­ස­කට ආසන්න ප්‍රමා­ණ­යක් මේ රැස්වී­මට පැමි­ණී­මය. එය ශ්‍රි ලංකා නිද­හස් පාක්ෂි­ක­යන්ට ලැබුණු දිරි­ගැ­න්වී­මක් වු අතර එයින් ලද දේශ­පා­ලන පණි­වි­ඩය වූයේ ශ්‍රි ලංකා නිද­හස් පක්ෂයේ සාමා­ජි­ක­ත්ව­යෙන් බහු­ත­ර­යක් පොදු ජන පෙර­මුණ අපේ­ක්ෂ­ක­යාට සහය නොද­ක්වන බවය. එයින් කල­බ­ල­යට පත්වූ ශ්‍රි ලංකා නිද­හස් පක්ෂ­යෙන් පොදු­ජන පෙර­මු­ණට සම්බන්ධ වුණු පිරිස මෙන්ම එම පෙර­මුණේ නාය­ක­යන්ද දැන් උත්සාහ ගනි­මින් සිටින්නේ මේ රැල්ල අනෙක් පැත්තට හැර­වීමේ මඟ සෙවී­ම­ටය.

 

“හිරු“ පැත්තක් ගත්තැයි විරෝ­ධ­යක්

 

හිරු මාධ්‍ය නාලි­කාව සම්බ­න්ධ­යෙන් පසු­ගිය දින­වල දැඩි විවේ­ච­න­යක් එල්ල වූයේ රජයේ පාර්ශ්ව­යෙනි. එයට හේතු වූයේ හිරු මාධ්‍ය නාලි­කාව පක්ෂ­පාතී ලෙස තම ප්‍රවෘත්ති විකා­ශ­ය­න්හිදි කට­යුතු කරන ආකා­රය නිසාය. ඒ නිසා එම නාලි­කාව විසින් සංවි­ධා­නය කරනු ලබන කිසිදු දේශ­පා­ලන වැඩ­ස­ට­හ­න­කට සහ­භාගී නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරි­ය­ව­සම් මහතා මාධ්‍ය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රකාශ කළේ එවැනි පක්ෂ­පාතී අස­ම­තු­ලිත වාර්තා­ක­රණ පසු­බි­මක් තුළ එක්සත් ජාතික පක්ෂයේ කිසිදු පුද්ග­ල­යකු තම පක්ෂය නියෝ­ජ­නය කර­මින් හිරු ටිවී හෝ ඊට සම්බන්ධ වෙනත් කිසිදු නාලි­කා­වක ට සහ­භාගී නොවන බවය.

ඒ සිදු­වී­මෙන් දින දෙක­කට පසුව ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය උදෙසා මාධ්‍ය­වේ­දියෝ සංවි­ධා­න­යද පසු­ගිය කාලය තුළ එක් එක් විද්‍යුත් මාධ්‍ය ආය­ත­න­වල මැති­ව­ර­ණය ආශ්‍රිත පුවත් වාර්තා­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් සකස් කරන ලද වාර්තා­වක් පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා විදුලි සංදේශ නියා­මන කොමි­සම වෙත වාර්තා­වක් බාර දුන් අතර එහිදී එම මාධ්‍ය සංවි­ධා­නය පෙන්වා දුන්නේ මේ සම්බ­න්ධ­යෙන් වහා මැදි­හත් වන ලෙසය. එහිදී මැති­ව­රණ කොමි­සම සහ ජන­මාධ්‍ය ලේක­ම්ව­ර­යාගේ මැදි­හත් වීමෙන් එම මාධ්‍ය පක්ෂ­පාති වාර්තා­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් යම් පිය­ව­රක් ගැනී­මට සාකච්ඡා කෙරු­ණද එය සිකු­රාදා රාත්‍රිය වන තුරුත් ක්‍රියා­ත්මක වුයේ නැත.

 

මැති­ව­රණ පිටියේ අම­න­කම් තුනක්

 

පොදු ජන පෙර­මුණේ ප්‍රචා­රණ ව්‍යාපා­ර­යට ප්‍රච­ණ්ඩ­ත්ව­යෙන් තොරව ගෙන යෑමට එහි නාය­ක­යන් විශාල පරි­ශ්‍ර­ම­යක් දැරු බව ප්‍රකට කරු­ණකි. එහි නිය­මු­වකු වන බැසිල් රාජ­පක්ෂ මහතා ඒ සම්බ­න්ධ­යෙන් ඕනෑ­ව­ටත් වඩා උනන්දු වුවෙකි. එසේ වුවද එම පක්ෂයේ කීර්තිය වන­සන සිදු­වීම් තුනක් වාර්තා විය. එයට මුල පිරුවේ පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්.බී දිසා­නා­යක මහ­තාගේ මන්ත්‍රී ආර­ක්ෂ­ක­යන් කළ වෙඩි තැබී­මකි. ගිනි­ග­ත්හේන පොල්පි­ටිය ප්‍රදේ­ශ­යේදී සිදුවූ එම සිදු­වී­මට බල­පෑවේ මන්ත්‍රී­ව­ර­යාගේ ආර­ක්ෂ­ක­යන් ගමන් ගත් රිය එම ප්‍රදේ­ශයේ තරු­ණ­යන් පිරි­සක් ගමන් ගත් වාහ­න­යක ගැටී­මය.

සුළු අන­තුර සම්බ­න්ධ­යෙන් වූ බහි­න්බස් වීම එස්.බී දිසා­නා­යක මහ­තා­ගේද මැදි­හත් වීමෙන් සම­ථ­ය­කට පත් විය. එසේ තිබි­ය­දීත් ඔහුගේ ආර­ක්ෂ­ක­යන්, එම තරු­ණ­යන් ගමන් ගත් වාහ­න­යට වෙඩි තබා ඇති බව පොලි­සිය පව­සයි. ඒ නිසා තරු­ණ­යන් දෙදෙ­නකු රෝහල් ගත කළ අතර ඒ සිදු වීම හමුවේ පොදු ජන පෙර­මු­ණට මේ සම්බ­න්ධ­යෙන් ප්‍රසි­ද්ධියේ සමාව ගැනී­මට සිදු විය. කෙසේ වුද මේ සිදු වීම වී දින දෙකක් යන්නට මත්තෙන් පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා කෑගල්ලේ හෙම්මා­ත­ගම ප්‍රදේ­ශයේ මාන­සික ආබාධ සහිත තරු­ණි­යක පොදු ජන පෙර­මුණ රැලි­ය­කට සහ­භාගී වී යන අත­ර­තු­රදී දුෂ­ණ­යට ලක් වී ඇත. මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන් එම පෙර­මුණේ ආධා­ර­ක­රු­වකු වන 23 හැවි­රිදි තරු­ණ­යෙක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

එදි­නම දිඹු­ලා­ගල ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­පති ජගත් සම­ර­වි­ක්‍රම පොලිස් අත්අ­ඩං­ගු­වට පත් වන්නේ පොදු ජන පෙර­මුණ රැලි­ය­කට සහ­භාගී වීම සම්බ­න්ධ­යෙන් විරෝ­ධය පළ කළ සූරි­ය­දේව රජ­මහා විහා­රයේ විහා­රා­ධි­පති කිඹු­ල්වානේ සීලා­නන්ද හිමි­යන්ට පහර දීම සම්බ­න්ධ­යෙනි. ඒ සියල්ල ඔවුන්ගේ නිති­ග­රුක සමා­ජ­යක් සම්බ­න්ධ­යෙන් වූ මැති­ව­රණ ප්‍රචා­ර­ණ­යට බල­වත් පහ­රක් එල්ල කළේය.

එදි­නම උප­වා­සය අත්හැ­රී­මට උන්ව­හන්සේ කට­යුතු කළහ. ඒ උප­වා­සය අත්හැ­රී­මද ඇතැ­මකු 2 නොරිස්සූ බව සැල­විය.

 

පොහොර සහ­න­යට ජන­පති විරෝ­ධය

 

මේ දින­වල නිහඬ ප්‍රති­ප­ත්ති­යක පසු වන ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පසු­ගි­යදා යළිත් කාගේත් අව­ධා­න­යට ලක් වූයේ ඔහු පොහොර සහ­නා­ධා­රය සම්බ­න්ධ­යෙන් තම මතය දැක්වීම නිසාය. ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නාම නොමිලේ පොහාර ලබා දීමේ මැති­ව­රණ පොරොන්දු ලබා දීම විවේ­ච­නය කළේය. එයට ඔහු එකඟ නොවන බව ප්‍රකාශ කළේ අධික පොහොර භාවි­තය ගොවි ජන­තාව අතර වකු­ගඩු ආබාධ බහුල වීම කෙරෙහි සහ පාරි­ස­රික අස­ම­තු­ලිත බව ඇති කිරී­මට හේතු වන බව පැව­සී­මෙනි. මේ මතය ඇතැම් ගෙවි ජන­තාව පවා පිළි­ගන්නා කරු­ණක් බවට පත්ව ඇති හෙයින් ඉදි­රි­යේදී මේ සම්බ­න්ධ­යෙන් පත් වන ජනා­ධි­ප­ති­ව­ර­යාට යළිත් සිත­න්නට සිදු වනු ඇත.

මෙරට සය­වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත් වූ මෛත්‍රී­පාල සිරි­සේන මහතා තම නිල කාලයේ අව­සන් සති­යට එල­ඹෙන අතර ලබන අඟ­හ­රු­වාදා ඔහු තම අව­සන් කැබි­නට් රැස්වී­මට සහ­භාගී වනු ඇති බව දේශ­පා­ලන ආරංචි මාර්ග ඉඟි කරයි. එදි­නට පසුව විශේ­ෂිත කැබි­නට් රැස්වී­මක් නොපැ­වැ­ත්වු­ණ­හොත් බොහෝ විට එය මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අව­සන් කැබි­නට් රැස්වීම වනු ඇත. මේ අතර ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කාර්ය මණ්ඩ­ලය ලබන බ්‍රහ­ස්ප­තින්දා කැඳවා ඇති අතර එදින තම කාර්ය මණ්ඩ­ලය වෙනු­වෙන් විශේෂ සංග්‍ර­හ­යක්ද සංවි­ධා­නය කර ඇති බව වාර්තා වෙයි. බොහෝ විට එය ජනා­ධි­ප­ති­ව­රයා සංකේ­තා­ත්මක තම කාර්ය මණ්ඩ­ල­යට සමු­දී­මක් වනු ඇතැ­යිද එම දේශ­පා­ලන ආරංචි මාර්ග සඳ­හන් කරයි.

 

කාශ්‍යප හිමි­යන්ගේ “මිලේ­නි­යම් සිටි“ විරෝ­ධය

 

මිලේ­නි­යම් චැලේන්ජ් කෝප­රේ­ෂන් ගිවි­සු­මට විරෝ­ධය දක්ව­මින් උඩු­දු­ම්බර කාශ්‍යප හිමි­යන් නිද­හස් චතු­ර­ශ්‍රයේ මාරා­න්තික උප­වා­ස­යක් ආරම්භ කිරීම දේශ­පා­ලන ලෝකයේ ආන්දෝ­ල­න­යක් ඇති කළ සිද්ධි­යක් වූයේ එහි තිබූ එක් පුව­රු­වක ‘මිලේ­නි­යම් සිටි‘ ගිවි­සුම යනු­වෙන් සඳ­හන් වීමය. මිලේ­නි­යම් සිටි යනු අතු­රු­ගි­රියේ පිහිටි නිවාස සංකී­ර්ණ­යක් වන අතර එයින්ම මෙය අන­ව­බෝ­ධ­යෙන් යුතුව කළ වැඩක් බවට කතා­බහ පැති­රිණි. සුපේ­ශීල ශික්ෂා­කාමී හිමි නමක ලෙස කීර්ති­යක් දිනා­ගත් කාශ්‍යප හිමි­යන් මෙතෙක් කිසිදු දේශ­පා­ල­නික කට­යු­ත්ත­කට මැදි­හත් නොවූ අතර යම් දේශ­පා­ලන බල­වේ­ග­යක් උන්ව­හන්සේ නොමඟ යැවු­වාද යන්නද කතා බහට ලක් විය. කෙසේ වුවද සජිත් ප්‍රේම­දාස මහ­තා­ටද ඒ ගැන ආරං­චිය ලැබිණි.

"මේ ගැන මගේ ස්ථාව­රය හාමු­දු­රු­වන්ට දැනුම් දෙන්න. ඒකට අවශ්‍ය වැඩ යොදන්න“ ප්‍රේම­දාස මහතා තිස්සට දැනුම් දුන්නේය.

අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තා­ටද ට දුර­ක­ථන ඇම­තු­මක් දුන් සජිත් ප්‍රේම­දාස මහතා මිලේ­නි­යම් චැලේන්ජ් කෝප­රේ­ෂන් ගිවි­සුම මැති­ව­ර­ණය අව­සන් වන තුරු අස්සන් නොක­රන ලෙස ඉල්ලීය. එයට අග­මැ­ති­ව­ර­යා­ගෙන්ද ලැබුණේ සුබ­වාදී ප්‍රති­චා­ර­යකි.

තිස්ස අත්ත­නා­යක ඇතුළු පිරි­සක් මේ ලිපිය සකස් කොට හිමි­යන්ට බාර දුන්නේය. මේ අතර අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාද අග්‍රා­මාත්‍ය ලේකම් සමන් ඒක­නා­යක අත ලිපි­යක් එවා තිබූ අතර පොදු ජන පෙර­මුණු අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාද කාශ්‍යප හිමි­යන් වෙත ලිපි­යක් එවා තිබිණි.

 

අගමැති සමන්තුරේදී කී කතාව

 

අග්‍ර­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා පසු­ගිය සති­යේම කාර්ය බහුල කාල­ස­ට­හ­න­කට අව­තීර්ණ වී සිටියේ සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙනි. එහිදි ඔහු නැඟෙ­න­හිර ප්‍රදේ­ශයේ කළ සංචා­රය සහ එහිදී කී කතා දේශ­පා­ල­නය තුළ යම් කතා බහක් අැති කළේය.

ඔහු එහිදී කීවේ පාස්කු ප්‍රහා­රය සිදු වූ අව­ස්ථාවේ ආණ්ඩු පක්‍ෂයේ මුස්ලිම් අමා­ත්‍ය­ව­රුන්ට දොස් පැවරූ රාජ­ප­ක්‍ෂ­ව­රුන් ප්‍රධාන පොදු­ජන පෙර­මුණ, අයි.එස්.අයි.එස්. නාය­කයා ඝාත­න­යට ලක් වීම ගැන මුනි­වත රකින බවය.

ආණ්ඩුවේ මුස්ලිම් අමා­ත්‍ය­ව­රුන්ට දොස් නැඟී­මට පසු­බට නොවන ඔවුන් අයි.එස්.අයි.එස්. සංවි­ධා­න­යට හෝ එහි නාය­ක­ත්ව­යට හෝ දොස් පැව­රී­මට බිය වන්නේ ඇයි­දැයි වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් ප්‍රශ්න කළේය.

අම්පාර, සම­න්තුරේ, අබ්දුල් මජීඩ් ශාලාවේ පැවැති යොවුන් හමු­වක් අම­ත­මින් වික්‍ර­ම­සිංහ මහතා තව­දු­ර­ටත් පැව­සූයේ සජිත් ප්‍රේම­දාස මහතා ඇතුළු කණ්ඩා­යම ශ්‍රී ලාංකේය අන­න්‍ය­තාව පෙර­දැරි කර ගෙන රටම එකතු කිරී­මට උත්සාහ දරන අතර රාජ­පක්‍ෂ කණ්ඩා­යම ජාති­වා­දය හා අන්ත­වා­දය පෙර­දැරි කර­ගෙන රටම බෙදා වෙන් කර දේශ­පා­ලන බලය ලබා­ගැ­නී­මට තැත් දරන බවය.

Comments