ඉන්දි­යානු ශිෂ්‍යත්ව සඳහා අය­දු­ම්පත් කැඳ­වයි | සිළුමිණ

ඉන්දි­යානු ශිෂ්‍යත්ව සඳහා අය­දු­ම්පත් කැඳ­වයි

ඉන්දි­යානු මහ කොම­සා­රිස් කාර්යා­ලය මඟින් 2020-2021 අධ්‍ය­යන සැසි සඳහා ශිෂ්‍යත්ව සඳහා අය­දු­ම්පත් කැඳවා ඇත. ඒ යටතේ පශ්චාත් හා ආචාර්ය උපාධි සඳහා අයැ­දුම් කළ හැකිය.

ඉංජි­නේරු, විද්‍යා, ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, වාණිජ, මානව ශාස්ත්‍ර හා කලා ‘තොර­තුරු තාක්ෂණ’ ඇතුළු බෙහෝ උපාධි පාඨ­මාලා සඳහා අයැ­දුම් කළ හැකිය. මෙම ශිෂ්‍යත්ව ප්‍රදා­නය කිරීම සඳහා ඉන්දීය රජය දක්ෂ ශ්‍රී ලාංකි­ක­යන් තෝරා ගන්නා අතර ශ්‍රී ලංකා රජයේ උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සමඟ සාකච්ඡා කර ඉන්දි­යාවේ ඉහ­ළම පෙළේ විශ්ව විද්‍යාල කිහි­ප­යක උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි ලබා ගැනීම සඳහා සිදු කෙරේ. සිය­ලුම ශිෂ්‍යත්ව ලාභී­නට මාසික ආහාර දීම­නාව සහ පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදා­න­යන් සිදු කෙරේ. සම්පූර්ණ උප­කා­රක ගාස්තු ආව­ර­ණය කරනු ලබන අතර තෝරා­ගත් අපේ­ක්ෂ­ක­යින්ට නේවා­සි­කා­ගාර පහ­සු­කම් ද ලබා දෙනු ඇත. පූර්ණ සෞඛළු පහ­සු­කම්, ගුවන් ගාස්තු සහ දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­ව­ලට අධ්‍යා­පන චාරිකා සඳහා වාර්ෂික ප්‍රදා­න­යක් ලබා දෙනු ඇත. සියලු විස්තර www.mohe.gov.lk වෙබ් අඩ­වි­යෙන් ලබා ගත හැකිය.

Comments