නිහඬ කාලය අව­භා­විත කර­මින් අව­සන් මොහොතේ කූට සැලැ­ස්මක් තිස්ස අත්ත­නා­යක හෙළි කරයි | සිළුමිණ

නිහඬ කාලය අව­භා­විත කර­මින් අව­සන් මොහොතේ කූට සැලැ­ස්මක් තිස්ස අත්ත­නා­යක හෙළි කරයි

නා­ධි­ප­ති­ව­ර­ණයේ නිහඬ කාලය අව­භා­විත කර­මින් සහ රටේ අධි­ක­රණ ක්‍රියා­ව­ලිය ප්‍රයෝ­ග­කාරී ලෙස භාවිත කර­මින් අව­සන් මොහොතේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහතා සම්බ­න්ධ­යෙන් සිංහල ජන­තාව අතර දුර්ම­ත­යක් ඇති කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කීරීමේ උත්සාහයක් පැවති බව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ මාධ්‍ය ප්‍රකා­ශක තිස්ස අත්ත­නා­යක මහතා පව­සයි.

මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමු විය යුතු බව පවසන අත්තනායක මහතා නීතිය ඉදි­රියේ හෝ යථා­ර්ථ­යක් නොවන මෙම කරුණ සම්බ­න්ධ­යෙන් මේ මොහොතේ අනිසි ප්‍රචා­ර­යක් ලබා ගැනී­මට යම් අයකු හෝ යම් මාධ්‍ය ආය­ත­න­යක් පෙළඹේ නම් ඔවුන් සම්බ­න්ධ­යෙන් නෛතික මෙන්ම දේශ­පා­ල­නික පිය­වර ද ගන්නා බවත් ප්‍රකාශ කරන අත්ත­නා­යක මහතා මේ පද­නම් විර­හිත දීන උත්සා­හ­යන් පරා­ජය කිරී­මට මෙරට සිය­ලුම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී බල­වේග එක්වන ලෙසත් ඉල්ලා සිටි­යේය.

පසු­ගිය සිකු­රාදා මාධය ඇමතූ තිස්ස අත්ත­නා­යක මහතා ට අනුව ජනා­ධි­පති මැති­ව­ර­ණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරී­මට නිය­මිත දින­යට පෙරා­තුව නිසල කාල­යක් මැති­ව­රණ නීතිය මඟින්ම බලා­ත්මක කොට ඇත්තේ පුර­වැ­සි­යාට එලඹි සිහි­යෙන් යුතුව සිය අපේ­ක්ෂ­ක­ව­ර­ණය පිළි­බ­ඳව තීර­ණ­යක් ගැනීම පහසු කරනු සඳ­හාය.

නමුත් නොවැ­ම්බර් 14 දා මධ්‍යම රාත්‍රි­යෙන් එල­ඹුණු එකී නිසල කාලය විවිධ දේශ­පා­ල­නික ප්‍රයෝ­ග­කාරි ක්‍රියා­කා­රි­ත්ව­යන් මගින් උල්ලං­ඝ­ණය කිරී­ම­ටත් එම ප්‍රයෝ­ග­කාරී ක්‍රියා­වන් සඳහා මාධ්‍ය ප්‍රචා­ර­යන් ලබා­ගැ­නීමේ ප්‍රව­ණ­තා­වය පසු­ගිය පැය විසි­හ­තර තුළ උත්ස­න්නවී ඇත. මෙකී තත්ත්වය පිළි­බ­ඳව මැති­ව­රණ කොමි­සමේ අව­ධා­නය කඩි­න­මින් යොමු­විය යුතු බවට අව­ධා­ර­ණය කරන තිස්ස අත්ත­නා­යක මහතා

“මේ වන­විට අප වෙත වාර්තාවී ඇති නව­තම ප්‍රයෝ­ගය වී ඇත්තේ රටේ පව­තින අධි­ක­රණ ක්‍රියා­ව­ලිය භාවිතා කර­මින් ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහතා පිළි­බ­ඳව බහු­ත­ර­යක් වන සිංහල ජන­තාව තුළ දුර්ම­ත­යක් ඇති කිරිමේ අපේ­ක්ෂා­වෙන් නඩු­වක් ගොනු කොට එකී නඩු කරය සඳහා අනිසි මෙන්ම අනී­තික මාධ්‍ය ප්‍රචා­ර­යක් ලබා දීමට කට­යුතු කිරී­මයි.

සජිත් ප්‍රේම­දාස මහතා සහ දෙමළ ජාතික සංධා­නය අතර ඇති­කර ගෙන ඇතැයි කියන රහස් ගිවි­සු­මක් මත ක්‍රියා­ක­ර­මින් අනා­ග­තයේ දී උතුරු පළාතේ පදිංචි සිංහ­ල­යන් සිය ගම්බිම් වලින් ඉවත් කිරී­මට කට­යුතු කරනු ඇති බවත් එවැනි ක්‍රියා­වක් වළක්වා ගැනීම සඳහා අධි­ක­ර­ණයේ මැදි­හ­ත්වී­මක් සඳහා අයැද සිටීම මෙම නඩු නිමිත්ත බවට අප වෙත වාර්තා වී ඇත. අප මෙවැනි කිසිදු රහස් ගිවි­සු­මක පැවැත්ම ප්‍රති­ක්ෂේප කරනු ලබයි.එම නිසා මෙම ප්‍රලා­පය එයට උරුම වන පිළි­කු­ළෙන් යුතුව අපි ප්‍රති­ක්ෂේප කොට සිටි­න්නෙමු.

මෙවැනි පසු­බි­මක එවැනි නඩු­ක­ර­යක් පැව­රීම පවා හාස්‍ය දන­වන අතර එවැ­න්න­කට පෙල­ඹීම තුළින් අපගේ දේශ­පා­ල­නික ප්‍රති­වා­දීන් වැටී ඇති සදා­චා­රා­ත්මක අගා­ධයේ තරම මනා ලෙස තේරුම් ගන්නා ලෙස අප මෙරට පුර­වැ­සි­යන්ට ආයා­ච­නය කර සිටි­න්නෙමු.

එසේම එවැනි නඩු නිමි­ත්තක් මත අධි­ක­ර­ණය ඉදි­රි­යට යන්නේ නම් එන­යින්ම අධි­ක­රණ ක්‍රියා­ව­ලිය අප­යෝ­ජ­න­යට ලක් කිරී­මකි. නිතිය ඉදි­රියේ මෙන්ම යථා­ර්ථය ඉදි­රියේ නොමැති කරු­ණක් මත නඩු පව­ර­මින් ඒ මත අයුතු මාධ්‍ය ප්‍රචා­ර­ණ­යක් ගැනී­මට යමෙක් පෙලඹේ නම් සහ යම් මාධ්‍ය ආය­ත­න­යක් කට­යුතු කරන්නේ නම් එවැනි දීන උත්සා­හ­ය­කට එරෙ­හිව නෛති­කව මෙන්ම දේශ­පා­ල­නි­ක­වද කට­යුතු කර­මින් එය පරා­ජය කිරී­මට කට­යුතු කළ යුතුය.“

Comments