අපේ ජන­ප­ති­ව­රුන් දිවු­රුම් දුන් හැටි | සිළුමිණ

අපේ ජන­ප­ති­ව­රුන් දිවු­රුම් දුන් හැටි

 

 

ශ්‍රී ලංකාව ඉංග්‍රීසි අධි­රා­ජ්‍ය­වා­දී­න්ගෙන් නිද­හස ලබා තිස් වස­රක් සම්පූර්ණ වූයේ 1978 පෙබ­ර­වාරි 04 වැනිදා ය. විජා­ති­ක­ය­න්ගෙන් මිදී දිනා­ගත් නිද­හස අභි­මා­න­යෙන් සම­රන එම අව­ස්ථාවේ තවත් සුවි­ශේෂි සිද්ධි­යක් ශ්‍රී ලාංකේය ඉති­හා­ස­යට එකතු විය. ඒ, එම ඓති­හා­සික මොහොතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධා­යක ජනා­ධි­පති ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා ජනා­ධි­පති ලෙස දිව්රුම් දීමයි.

 

ගාලු මුව­දොර පිටි­යේදී අති උත්ක­ර්ෂ­වත් අන්ද­මින් පැවැති නිද­හස් උලෙළේ විශේෂ වේදි­කා­වක සිටි ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා එව­කට අග විනි­සුරු ලෙස කට­යුතු කළ නෙවිල් සම­ර­කෝන් මහතා ඉදි­රියේ දිව්රුම් දුන්නේ පෙර­වරු 8.58ට යෙදුණු සුබ නැක­ත­ටය. ඊට පෙර එදින උදෑ­සන කොල්ලු­පි­ටියේ ශ්‍රී ධර්ම­කීර්ති ආරා­මයේ පැවැත්වූ ආග­මික උත්ස­ව­ය­කට සහ­භාගි වී ආග­මික වතා­ව­ත්වල යෙදී සංඝ රත්නයේ ආශී­ර්වා­දය ලබා­ගැ­නී­මට ද එව­කට අග­මැති වූ ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා අම­තක කළේ නැත.

30 වැනි නිද­හස් උලෙ­ළට සහ­භාගි වී සිටි සම්භා­ව­නීය ආරා­ධි­ත­යන් රැසක් මැද හමුදා උත්ත­මා­චාර, හමුදා පෙළ­පාළි මැද දිව්රුම් දුන් ප්‍රථම විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මංගල නිල කාර්ය වූයේ ජනා­ධි­පති විද්‍යා­ලය විවෘත කිරී­මයි. ඉන් අන­තු­රුව එදි­නම දහ­වල් 12.55ට යෙදුණු සුබ මොහො­තින් ජන­පති මන්දි­ර­යට සැපත් වූ ජනා­ධි­ප­ති­තු­මාට ත්‍රිවිධ හමුදා බළ­ඇ­ණියේ උත්ත­මා­චා­රය සමඟ වෙඩි­මුර 21ක් පිරි­නැ­මිණි.

ජනා­ධි­පති පදවි ප්‍රාප්තිය නිමි­ත්තෙන් පෙබ­ර­වාරි 05 වැනි දින ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා මහ­නු­වර ශ්‍රී දළදා මාලි­ගා­වට “කඩොල්” නමැති ඇත් පැටවා පූජා කළ අතර ඇත් පැට­වාව භාර ගනු ලැබුවේ සිරි­ම­ල්වත්තේ ආනන්ද මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමි­යන් සහ පලි­පාන ශ්‍රී චන්දා­නන්ද අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමි­යන් ඇතුළු සංඝ­ර­ත්නය විසිනි. එදින විශේෂ දළදා ප්‍රද­ර්ශ­න­යක් ද පවත්වා තිබෙන්නේ ජන­පති පදවි ප්‍රාප්තිය නිමි­ත්තෙනි.

ජන­පති, අග­මැති ඇතුළු මැති ඇම­ති­ව­රුන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැති විශේෂ දළදා ප්‍රද­ර්ශ­න­යට ඉන්දියා රජයේ විශේෂ නියෝ­ජිත, ස්වදේශ ඇමති චරාන් සිං සහ ඇමෙ­රිකා ජනා­ධි­පති ජිමී කාටර්ගේ විශේෂ නියෝ­ජි­ත­ව­රි­යක වූ කැරල් ලෙයිස් යන අයද සහ­භාගි වූහ. එදා දිය­ව­ඩන නිලමේ ලෙස කට­යුතු කළේ නිශ්ශංක විජේ­ර­ත්නය. එදින ලංකාවේ ප්‍රථම විධා­යක ජනා­ධි­පති ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා ජාතිය ඇම­තුවේ දළදා මාලි­ගාවේ පත්ති­රි­ප්පුවේ සිට ය.

එදා ප්‍රථම ජන­පති පදවි ප්‍රාප්තිය වෙනු­වෙන් රට පුරා උත්සව සංවි­ධා­නය කෙරිණි. එම උත්සව අව­ස්ථා­ව­ලට සහ­භාගි වීම සඳහා පෙබ­ර­වාරි 06 වැනි සඳුදා රජයේ සහ බැංකු නිවාඩු දින­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කර තිබේ.

ජේ.ආර්. ජය­ව­ර්ධන මහ­තාගේ ප්‍රථම ජන­පති පදවි ප්‍රාප්තිය මහ ඉහ­ළින් සම­රනු ලැබූව ද දෙවැනි ජන­පති පදවි ප්‍රාප්තිය සිදු වූයේ නිහ­ඬ­ව­මය. අඩුව වශ­යෙන් ඒ සම්බ­න්ධ­යෙන් ඡායා­රූ­ප­ය­ක්වත් පුව­ත්ප­ත්වල පළ වී නැත. වාර්තා වී තිබෙන එකම සිද්ධිය වන්නේ ජය­ග්‍ර­හ­ණ­යෙන් පසු කොළඹ නගර සභාවේ සිට ජන­තාව අමතා කතා කිරී­මය.

ඔහුගේ දෙවැනි පදවි ප්‍රාප්තිය සිදු වූයේ 1982 ඔක්තෝ­බර් 20 වැනි දින පැවැති ලංකාවේ ප්‍රථම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසු­වය. 1982 ඔක්තෝ­බර් 20 වැනි දින පැවැත්වූ ජනා­ධි­ප­ති­ව­ර­ණය ලංකාවේ ප්‍රථම ජනා­ධි­ප­ති­ව­ර­ණය ලෙස ඉති­හා­ස­ගත වී තිබෙන්නේ 1978 දී විධා­යක ජනා­ධි­පති බල­යට පත් වූයේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කින් නොවන නිසාය. එදා ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා ලංකාවේ පළමු විධා­යක ජනා­ධි­පති ලෙස පත් වූයේ 1977 ජූලි 21 වැනි දින පැවැත්වූ මහ මැති­ව­ර­ණ­යෙන් 5/6 ක බලය සහි­තව අත්පත් කර­ගත් විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ ඒක­ඡ­න්ද­යෙනි. එහෙත් 1982 පැවැත්වූ ප්‍රථම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී එක්සත් ජාතික පක්ෂය නියෝ­ජ­නය කර­මින් තරග වැදුණු ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා එයින් ජය­ග්‍ර­හ­ණය කළේ 52.91%ක් හිමි කර­ග­නි­මිනි.

ජේ.ආර්. ජය­ව­ර්ධන මහ­තාගේ ධුර කාලය අව­සන් වීමත් සමඟ ලංකාවේ දෙවැනි විධා­යක ජනා­ධි­පති ලෙස බල­යට පත් වූයේ ‍ආර්. ප්‍රේම­දාස මහ­තාය. ඒ 1989 ජන­වාරි 02 වැනිදා ය. එක්සත් ජාතික පක්ෂය නියෝ­ජ­නය කර­මින් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අග­මැති ආර්. ප්‍රේම­දාස මහතා ජය­ග්‍ර­හ­ණය සඳහා ලබා­ගත් ඡන්ද ප්‍රති­ශ­තය 50.43%ක් විය. 1989 ජන­වාරි 02 වැනිදා ඔහු අග විනි­සුරු පාරින්ද රණ­සිංහ ඉදි­රියේ දිව්රුම් දුන්නේ මහ­නු­වර දළදා මාලි­ගයේ ඓති­හා­සික පත්ති­රි­ප්පුවේ සිට ය. එම උත්සව අව­ස්ථා­වට ත්‍රිවිධ හමු­දා­ප­ති­වරු, පොලි­ස්පති, දිය­ව­ඩන නිලමේ නෙරං­ජන් විජේ­රත්න සමඟ ජන­පති ආර්යාව හේමා ප්‍රේම­දාස, එකම පුතු සජිත් ප්‍රේම­දාස හා එකම දිය­ණිය දුලාං­ජලි ප්‍රේම­දාස යන අය ද සහ­භාගි වූහ.

මහ­නු­වර දළදා මාළි­ගාව ඉදි­රි­පිට ජන­ග­ඟක් ගලා තිබිණි. ඔවුන‍්ගේ ප්‍රීති ඝෝෂා හඬ නැඟුණේ මංගල බෙර වාදන පර­ය­මිනි. ත්‍රිවිධ හමුදා උත්ත­මා­චාර පුද කිරී­මෙන් පසුව ආර්. ප්‍රේම­දාස මහතා “නාලක” නමැති ඇත් පැට­වාව පූජා කළේ ජන­පති පදවි ප්‍රාප්තිය නිමි­ත්තෙනි. ඉන් අන­තු­රුව පර­වි­යන් අහ­සට මුදා­හළ ජනා­ධි­පති ආර්. ප්‍රේම­දාස මහතා මඟ දෙපස සිටි ජන­තාව සමඟ සුහද කතා­බ­හක යෙදෙ­මින් ක්වින්ස් හෝට­ලය දක්වා පයින් ඇවිද ගියේය.

මෙරට තෙවැනි විධා­යක ජනා­ධි­පති ලෙස පත් වූයේ ඩී.බී. විජේ­තුංග මහතා ය. එහෙත් ඔහු එම ධුර­යට පත් වූයේ ජන­ප­ති­ව­ර­ණ­ය­කින් නොවේ. ජන­පති ආර්. ප්‍රේම­දාස මහ­තාගේ හදිසි අභා­ව­යත් සම­ඟිනි. 1993 මැයි 01 වැනි දින මැයි පෙළ­පා­ළියේ ගමන් කර­මින් සිටි ජන­පති ආර්. ප්‍රේම­දාස මහතා ඇතුව පිරි­සක් බෝම්බ ප්‍රහා­ර­ය­කට ගොදුරු වීමෙන් ජීවි­ත­ක්ෂ­යට පත් වූහ. එයින් පුර­ප්පාඩු වූ ජනා­ධි­පති ධුරයේ වැඩ බැලීම සඳහා එව­කට අග­මැති ලෙස කට­යුතු කළ ඩී.බී. විජේ­තුංග මහ­තාව පත් කරනු ලැබීය.

නිල කාලය අව­සන් වීමට පෙර ඇබෑ­ර්තු­වක් ඇති වූ විට මසක් ඇතු­ළත පාර්ලි­මේ­න්තුව රැස් වී රහස් ඡන්ද­ය­කින් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ජනා­ධි­පති ධුර­යට පත් කර ගත යුතු බව ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදි ජන­ර­ජයේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 40 (1) (අ) සහ (ආ) වග­න්ති­ව­ලින් දක්වා තිබේ. ඒ අනුව නව ජනා­ධි­පති තේරීමේ පාර්ලි­මේන්තු ඡන්දය සඳහා එක්සත් ජාතික පක්ෂ­යෙන් ඩී.බී. විජේ­තුංග මහතා ඉදි­රි­පත් කිරීම සුදුසු යැයි එක්සත් ජාතික පක්ෂයේ සභා­පති දොස්තර එම්.සී.එම්. කලීල්ගේ අද­හ­සට අනුව නම යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සිරි­සේන කුරේ විසිනි. එව­කට උසස් අධ්‍යා­පන ඇමති ඒ.සී.එස්. හමීඩ් මහතා එම යෝජ­නාව ස්ථිර කළේය.

මේ අත­ර­වා­රයේ දී විප­ක්ෂ­යෙන් සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ නම ‍යෝජනා කිරී­මට අද­හස් කරන බව ගාමිණි දිසා­නා­යක මහතා පැව­සීය. එහෙත් ජන­පති අභා­ව­ය­කදී ජනා­ධි­පති ධුරය සඳහා තරග වැදීම නුසු­දුසු බව ශ්‍රී ලංකා නිද­හස් පාක්ෂි­ක­ය­න්ගෙන් මතු වූ බැවින් 1993 මැයි 07 වැනි දින පාර්ලි­මේ­න්තුවේ ඒක­ඡ­න්ද­යෙන් ඩී.බී. විජේ­තුංග මහතා ජනා­ධි­පති ධුර­යට පත්විය. ඩී.බී. විජේ­තුංග මහතා කොළඹ කොටුවේ පිහිටි ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ දී අග විනි­සුරු ජී.පී. ඇස් ද සිල්වා ඉදි­රියේ මැයි 07 වැනි දින දිව්රුම් දුන්නේ කිසිදු උත්ස­ව­කින් තොර­ව­මය. ඊට සහ­භාගි වූයේ ත්‍රිවිද හමු­දා­ප­ති­ව­රුන්, පොලි­ස්පති සහ ජනා­ධි­පති ලේකම් කේ.එච්.ජේ. විජ­ය­දාස යන අය පමණි.

තෙවැනි ජනා­ධි­පති ධුර කාලය 1994 දී අව­සන් වීමට නිය­මිත වූ අතර 1994 නොවැ­ම්බර් පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඩී.බී. විජේ­තුංග මහතා තරග වැදුණේ නැත. මේ වන විට 1977 සිට මෙරට ක්‍රියා­ත්මක වූ එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය බලය බිඳ වැටී තිබිණි. 1994 අගෝස්තු සිට මෙරට තහ­වුරු වූයේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙර­මුණු රජයේ බල­යයි. 1994 නොවැ­ම්බර් මස පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා පොදු ජන එක්සත් පෙර­මුණේ චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය (එව­කට අග­මැ­ති­නිය) තරග වැදුණු අතර එක්සත් ජාතික පක්ෂ­යෙන් තරග වැදුණේ ගාමිණි දිසා­නා­යක මහතා ය.

එහෙත් 1994 ඔක්තෝ­බර් 23 වැනි දින තොට­ළඟ බෝම්බ­යෙන් ගාමිණි දිසා­නා­යක මහතා මර­ණ­යට පත් වූ බැවින් එක්සත් ජාතික පක්ෂ­යෙන් තරග වැදුණේ ඔහුගේ බිරිඳ වන ශ්‍රීමා දිසා­නා­යක මහ­ත්මි­යයි. එබැ­වින් මෙම ජනා­ධි­ප­ති­ව­ර­ණය කාන්තා­වන් දෙදෙ­නකු අතර තිබෙන තර­ග­යක් ම විය. මෙයින් 62.28%ක් ලබා විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ්‍යක් හිමි කර ගත්තේ චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මි­යයි.

ඇගේ ජනා­ධි­පති ‍දිව්රුම් දීමේ උත්ස­වය තිබුණේ කොළඹ ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ය. ඒ 1994 නොවැ­ම්බර් 12 වැනි සෙන­සු­රාදා උදෑ­සන 10.30ටය. අග විනි­සුරු ජී.පී.ඇස්. ද සිල්වා මහතා ඉදි­රියේ දිව්රුම් දුන් එම අව­ස්ථා­වට ජනා­ධි­පති ලේකම් කේ.එච්.ජේ. විජේ­දාස, ත්‍රිවිධ හමු­දා­ප­ති­ව­රුන් සහ පොලි­ස්පති ඇතුළු මැති ඇම­ති­ව­රුන් රැසක් සහ­භාගි වී තිබේ. චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මැති­නි­යගේ දිය­ණිය යසෝ­දරා සහ පුත් විමුක්ති ද සහ­භාගි වුණා. දිව්රුම් දීමෙන් පසුව හමුදා උත්ත­මා­චාර පෙළ­පා­ළිය පිළි­ගත් ඈ, අන­තු­රුව රොස්මිඩ් පෙදෙසේ පිහිටි නිව­සට ගොස් සිය මෑණි­යන් වන ලොව ප්‍රථම අග­මැ­ති­නිය සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මහ­ත්මි­යට වැඳ හොර­ගොල්ලේ පිහිටි බණ්ඩා­ර­නා­යක සමා­ධි­යට පුෂ්පෝ­ප­හාර දැක්වී­මට අම­තක නොක­ළාය.

ඇගේ ජනා­ධි­පති ධුරයේ කාලය ඉදි­රි­යට තිබි­යදී 1999 දෙසැ­ම්බර් 21 වැනි දින නැව­තත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් කැඳ­වූවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත­වා­දය පරා­ජය කිරී­මට තව­දු­ර­ටත් කාලය අවශ්‍ය බවට දන්ව­මිනි. මේ අනුව චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය දෙවැනි වතා­ව­ටත් තරග වැදු­ණාය. දෙසැ­ම්බර් 21 වැනි දින ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබි­යදී දෙසැ­ම්බර් 19 වැනිදා කොළඹ මහ නගර සභා පිටියේ පැවැති අව­සන් මහ රැලියේ දී බෝම්බ­යක් පිපි­රී­මෙන් ඈ තුවාල ලැබු­වාය. එහෙත් ජනා­ධි­ප­ති­ව­ර­ණය නිය­මිත දින­යේම පැවැ­ත්විණි.

චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මි­යගේ දකුණු ඇස තුවාල ලබා තිබූ නිසා මැති­ව­රණ කොම­සා­රිස්ගේ විශේෂ අව­ස­රය මැද ඈ අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී ඡන්දය ප්‍රකාශ කළාය. එම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් 51.12%ක ප්‍රති­ශ­ත­යක් ලබා ඈ ජය­ග්‍ර­හ­ණය කළ අතර අර­ලි­ය­ගහ මන්දි­රයේ පැවති චාම් උත්ස­ව­ය­කදී අග විනි­සුරු සරත් එන්. සිල්වා ඉදි­රියේ දිව්රුම් දුන්නාය. දෙසැ­ම්බර් 22 වැනි දින දිව්රුම් දීමෙන් අන­තු­රුව ඈ එදි­නම විදෙ­ස්ගත වූයේ වෛද්‍ය ප්‍රති­කාර ලබා ගැනී­ම­ටය.

ඉන් අන­තු­රුව මෙරට 5 වැනි විධා­යක ජනා­ධි­පති ලෙස පත් වූයේ මහින්ද රාජ­පක්ෂ මහතා ය. චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මි­යගේ ධුර කාලය අව­සන් වීමත් සමඟ ම 2005 නොවැ­ම්බර් මාසයේ ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්විණි. ඉන් එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යෙන් තරග වැදුණු මහින්ද රාජ­පක්ෂ මහතා 50.29%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගෙන ජය­ග්‍ර­හ­ණය ලැබීය. 2005 නොවැ­ම්බර් 19 වැනි දින කොළඹ ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ පැවැති ජනා­ධි­පති පදවි ප්‍රාප්ති උත්ස­ව­යේදි ඔහු දිව්රුම් දුන්නේ අග­වි­නි­සුරු සරත් එන්. සිල්වා ඉදි­රි­පි­ට­දීය. ත්‍රිවිධ හමු­දා­ප­ති­ව­රුන්, පොලි­ස්පති, ජනා­ධි­පති ලේකම් ඩබ්ලිව්.ජේ.එස්. කරු­ණා­රත්න යන අය ද එම උත්සව අව­ස්ථා­වට සහ­භාගි වූහ.

තවද ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිඳ ශිරන්ති රාජ­පක්ෂ ආර්යාව සහ පුතුන් තිදෙනා ද මැති ඇම­ති­වරු රැසක් ද එම අව­ස්ථා­වට එක්වූහ. දිව්රුම් දීමෙන් අන­තු­රුව ත්‍රිවිධ හමුදා නිල­ධා­රින්ගේ උත්ත­මා­චා­රය පිළි­ගත් මහින්ද රාජ­පක්ෂ මහතා පර­වි­යකු අහ­සට මුදා හැරියේ රටට සාමය කැඳ­වීමේ අපේ­ක්ෂා­වෙනි.

ඉන්ප­සුව 2010 ජන­වාරි මාසයේ නැව­තත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැවැ­ත්වුණු අතර ඊට මහින්ද රාජ­පක්ෂ මහතා නැව­තත් තරග වැදු­ණේය. 2009 මැයි මාසයේ යුද්ධය අව­සාන කර, ත්‍රස්ත­වා­දය පරා­ජය කර, රට තුළ සාමය ස්ථාපිත කිරීම නිසා ම එවර මහින්ද රාජ­පක්ෂ මහ­තාට 57.88%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලැබිණි. සාමා­න්‍ය­යෙන් 2 වැනි වරට තරග වැදෙන අපේ­ක්ෂ­ක­ය­කුට 1 වැනි අව­ස්ථාවේ තරම් ඡන්ද ප්‍රමා­ණ­යක් නොලැ­බු­ණත් මහින්ද රාජ­පක්ෂ මහ­තාට ප්‍රථම අව­ස්ථා­වට වඩා දෙවැනි අව­ස්ථාවේ වැඩි ඡන්ද ප්‍රමා­ණ­යක් ලැබුණේ යුද ජය­ග්‍ර­හ­ණය නිසා­මය. 2010 ජන­වාරි 27 වැනි දින මහින්ද රාජ­පක්ෂ මහතා 2 වැනි වර­ටත් මෙරට විධා­යක ජනා­ධි­පති ලෙස පත් විය. ඔහුගේ ජය­ග්‍ර­හ­ණය උදෙස් රටේ නන් දෙසින් කිරි­බත් පිස සතුට සැම­රීමේ උත්සව සංවි­ධා­නය විය.

මහින්ද රාජ­පක්ෂ මහතා 2 වැනි වරට ජනා­ධි­පති ධුර­යට පත් වීමෙන් පසුව 2015 දී නැව­තත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් කැඳ­වූවේ සිය ධුර කාලය අව­සාන වීමට කාලය තිබි­යදී ය. ව්‍යව­ස්ථා­වට අනුව ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට එම ධුරය දැරිය හැක්කේ දෙව­රකි. එසේ වුවද මහින්ද රාජ­පක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය කළ අතර එකී 18 වැනි ව්‍යව­ස්ථා­වට අනුව තෙව­රක් ජනා­ධි­පති ධුරය දැරී­මට හැකි­යාව ලැබෙයි. ඒ අනුව 2015 දී මහින්ද රාජ­පක්ෂ මහතා තෙවැනි වර­ටත් ජන­පති වීම සඳහා තරග කළේය. එහෙත් එක්සත් ජාතික පෙර­මු­ණෙන් පොදු අපේ­ක්ෂ­කයා ලෙස තරග කළ මෛත්‍රී­පාල සිරි­සේන මහතා 2015 ජන­වාරි 08 වැනි දන පැවැත්වූ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කළේ ඡන්ද 51.28%ක් ලබා ගනි­මිනි. 2015 ජන­වාරි 09 වැනි දින පස්ව­රුවේ යෙදුණු සුබ මොහො­තින් මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජනා­ධි­පති ලෙස දිව්රුම් දුන්නේ එබැ­විනි.

කොළඹ නිද­හස් චතු­ර­ස්‍රයේ පැවැති එම දිව්රුම් දීමේ අව­ස්ථා­වට ජනා­ධි­පති ලේකම් ලලිත් වීර­තුංග, ත්‍රිවිධ හමු­දා­ප­ති­ව­රුන්, පොලි­ස්පති, ජයන්ති සිරි­සේන මහ­ත්මිය සහ දූ පුතුන් සහ­භාගි වූ අතර නව ජන­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා දිව්රුම් දෙනු ලැබුවේ නව අග විනි­සුරු කේ. ශ්‍රී පවන් ඉදි­රි­යේදී වීම විශේ­ෂ­ත්ව­යකි.

ඒ වන විට අග විනි­සුරු වශ­යෙන් කට­යුතු කළ මොහාන් පීරිස්ගේ පත් වීම නීත්‍ය­නු­කූල නොවන බැවින් නව අග විනි­සු­රු­ව­ර­යකු පත් කිරීම ඊට හේතු­වයි. මෛත්‍රී­පාල සිරි­සේන ජන­ප­ති­ව­ර­යාගේ දිව්රුම් දීමේ උත්ස­වය ඉතා චාම් අන්ද­මින් පැවැ­ත්විණි. පොදු අපේ­ක්ෂ­කයා වශ­යෙන් තරග කිරී­මේදී ඔහුට සහය ලබා දුන් චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය, රාජිත සේනා­රත්න, පාඨලි චම්පික රණ­වක, එම්.ඩී.කේ.එස්. ගුණ­ව­ර්ධන ඇතුළු සිය­ලුම පක්ෂ සහ කණ්ඩා­යම් නාය­කයෝ ද නියෝ­ජි­තයෝ ද එම අව­ස්ථා­වට සහ­භාගී වූහ.

අද වන විට මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ජනා­ධි­පති ධුර කාලය අව­සාන වී තිබේ. නව ජන­ප­ති­ව­ර­යකු තෝරා ගැනීම සඳහා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය ඊයේ (16) පැවැ­ත්විණි. දැන් එළැඹ ඇත්තේ අලුත් ජන­ප­ති­ව­ර­ය­කුගේ පදවි ප්‍රාප්ති උත්ස­ව­යයි.

 

Comments