මේෂ
ක්‍රියාශීලිව වැඩකටයුතු කරන සතියක්
ලග්නාධිපති කුජ, බුධ හත්වැන්නේ සිටිමින් ලග්නාධිපති රවි, සිකුරු 8, ගුරු, ශනි, කේතු 9, සඳු, රාහු 3 ගෝචරය වේ. එම ග්‍රහ පිහිටීම් අනුව සැලකීමේදී තම කටයුතු කරගෙන යෑමේ දී ක්‍රියාශීලී ද වේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී සිය උත්සාහය තුළ සාර්ථක කර ගනී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සැලකීමේදී ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කටයතුවල දී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතුවලදී මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වන්න. විටෙක සමඟිය සාමයට බාධා එල්ල විය හැකිය. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශවල යම් යම් ප්‍රමාදතා ඇතත් සිය උත්සාහය තුළ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනී. උෂ්ණාධික රෝග, මුත්‍ර දෝෂ, ඇස්වල දුර්වලතා ඉස්මතු වනු ඇත.
ජය වර්ණය- රතු, අංකය 09, දිනය- සඳුදා
වෘෂභ
වියදම් පාලනය අසීරුයි
ලග්නාධිපති සිකුරු රවි හතේ වේ. ගුරු, ශනි, කේතු 8 වැන්නේ ය. කුජ, බුධ 6 සිටී. මෙය ලග්නාධි යෝගයයි. බුධ 6, සිකුරු 7, ගුරු 8 වීමෙන්ය. එම කාල සීමාව තුළ තමාගේ වැඩකටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමේදී බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන තරමට නොලැබේ. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී බුද්ධිමත් වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ද එතරම්ම යහපත් නොවේ. විටෙක සමඟියට සාමයට බාධා එල්ල වනු ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට තාක්ෂණික සහ ඉංජිනේරු ක්ෂේත්රයන්ට අදාළ විෂයයන් තුළින් සාර්ථක වේ. ලේ දූෂ්‍යාබාධ, උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, උෂ්ණාධික රෝග, වාතාබධවලින් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
නිෂ්ඵල ගමන්බිමන්
ලග්නාධිපති බුධ, කුජ සමග පූර්ව පුණ්‍යස්ථානයේය. රවි, සිකුරු 6 ද, සඳු, රාහු ලග්නයේ ද, ගුරු, ශනි, කේතු 7 ගමන් ගනී. එම පිහිටීම් ගැන සැලකීමේදී රාජකාරි කටයුතු සම්බන්ධයෙන් නිෂ්ඵල ගමන්බිමන් ඇති වේ. වෘත්තීය සහ රැකියා අංශවලදී උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තාක්ෂණික අංශවලට ශුභදායකයි.
ආදායම් ලැබීම අතින් යහපත් වුවත් මිල මුදල් වියදම් අධිකවීම පෙන්වයි. විටෙක අලාභ හානි ඇති වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල දී තාක්ෂණික, පර්යේෂණ කටයුතුවලට ශුභයි. චර්මාශ්‍රිත පීඩා, ඉකිලි, කිසිලි කැසීම්, ලේ දූෂ්යාබාධවල දී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දවස- බදාදා
කටක
වියදම් අධිකයි
ලග්නාධිපති සඳු, රාහු 12 ද, ශනි, ගුරු, කේතු 06 ද, රවි, සිකුරු 5 ද, කුජ, බුධ 4 ගමන්ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. නිකරුණේ මුදල් නාස්ති කිරීම්වලට ඉඩ මතු කළ හැකිය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලට පවතින උනන්දුව ධෛර්යය තරමක් අඩු වේ. උත්සාහය අවශ්‍යයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යෑමේ දී ඉතා ඉවසීමෙන් ද කල්පනාකාරීව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. බඩවැල් ආශ්‍රිත පීඩා, පීනස් ගති, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ද ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
තම තත්ත්වය උසස් වේ
ලග්නාධිපති රවි, සිකුරු සමඟ 4 ය. කුජ, බුධ 3 ද, ගුරු, ශනි, කේතු 5 ද, සඳු, රාහු 11 ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය සැලකීමේදී අලුත් මිතුරන් හඳුනාගැනීමට පුළුවන. බලාපොරොත්තු කිහිපයක් ඉෂ්ට සිද්ධ කරගනී. වෘත්තීය සහ රැකීරක්ෂා අංශවලදී යහපත් සාර්ථක ප්‍රතිඵල ලබයි. බාධා අවහිරතා ඇති වේ. විටෙක සිතට බයක් වේ. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශයන්ට යොමු වීමෙන් සාර්ථක වාසි ගෙන දේ. ආදායම් ලැබුණ ද මිල මුදල් වියදම් අධික වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානයෙන් සිටින්න. අධ්‍යාපන ක්ෂේත්රවල දී පර්යේෂණ කටයුතුවලට යහපත්ය. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යාබාධ, තුවාල පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
දරුවන්ගේ කටයුතුවල දියුණුවක්
ලග්නාධිපතිබුධ, කුජ සමග 2 ද, රවි, සිකුරු 3, ශනි, ගුරු, කේතු 4, සඳු, රාහු 10 සිටි. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී යම් යම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු වුව ද සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. බලාපොරොත්තු ඉටු වේ. සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. බලාපොරොත්තු ඉටු වේ. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ලැබේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලැබේ. අධ්‍යාපන ක්ෂේත්රවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. හෘදගත පීඩා, රුධිර පීඩනය, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය-- 05, දිනය- බදාදා
තුලා
බාධා ඇත
ලග්නාධිපති සිකුරු, රවි 2 ද, කුජ, බුධ ලග්නයේ ද, ගුරු, ශනි, කේතු 3 ද, සඳු, රාහු 9 ද ගමන්ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී තමාගේ කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය.
වෘත්තීය සහ රැකියා අංශවල වෙනස්කම් ඇති වේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් නාස්තිවීම්වලට ඉඩ පවතී. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී සුළු බාධා ඉස්මතු වුව ද සාර්ථක ප්‍රතිඵල ලබයි. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ඇති වේ. ඉගෙනීම්වල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උදරගත පීඩා, බඩවැල් ආශ්‍රිත රෝග ඇති කරයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
ගෙදර දොර වැඩකටයුතු හොඳින්
ලග්නාධිපති කුජ, බුධ සමග 12 සිටී. සඳු, රාහු 8 ද, ගුරු- ශනි, කේතු 2 ද, රවි, සිකුරු ලග්නයේ ද සිටී. එම ග්‍රහ පිහිටීම් තුළ සැලකීමේ දී තමාගේ වැඩකටයුතුවලට බාධා ප්‍රමාදතා ඇතත් සිය උත්සාහය සහ කැපවීමෙන් වෘත්තීය සහ රැකියා කටයුතුවල සාර්ථක ප්‍රතිඵල ලබයි.
මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශයන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඉගෙනීමේ කටයුතුවල දී උත්සාහය සහ කැපවීම අවශ්‍යයි. ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝග, බඩවැල් ආශ්‍රිත පීඩාවලින් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
පර්යේෂණවලට ශුභයි
ලග්නාධිපති ගුරු, ශනි, කේතු ලග්නයේය. ගුරු ලග්නයේ වීම හංස යෝගයයි. රවි, සිකුරු 12 ද, කුජ, බුධ අයස්ථානයේ ද, සඳු, රාහු 7 ද ගෝචරය වේ.
එම පිහිටීම තුළ වෘත්තීය සහ රැකියා අංශවලදී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළත් සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් විවිධ අංශයන්ට යොමු වීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය.
සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලූත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. උදරගත පීඩා, බඩවැල් ආශ්‍රිත පීඩා, අර්ශස් වැනි රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
ආර්ථික වාසි
ලග්නාධිපති ගුරු, ශනි, කේතු 12 ද, රවි, සිකුරු අයස්ථානයේ ද, කුජ, බුධ 10 ද, සඳු, රාහු 6 ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී බාධා අවහිරතා ප්‍රමාදතා එල්ල වුවත් සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. අන්‍යයන්ගේ සහයෝගය උදා වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබේ. ගෙදරදොර කටයුතු මෙන්ම මවුපියන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩා බලපායි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
කුම්භ
වියදම් අධිකයි
ලග්නාධිපති ශනි, ගුරු, කේතු අයස්ථානයේය. රවි, සිකුරු 10 ද, කුජ, බුධ 9 ද සිටී. එම කරුණු සියල්ල ගැන සැලකීත්ම් දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සුළු සුළු බාධා අවහිරතා ඇතත් ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කර ගනී. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් ඔබට මුදල් ඉතිරි කරගැනීම අපහසුයි. වියදම් අධිකයි.
ගෙදරදොර කටයුතු ද යුගදිවිය සම්බන්ධ කටයුතු ද යහපත්ය. දරුවන්ගේ කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු උදෙසා කාලය යොමු වේ. ශරීර විඩාව ඇති වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට පර්යේෂණ කටයුතුවලට ශුභයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝග ඇති වේ.
ජය වර්ණය-- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
මීන
ඉක්මන් කෝප ගති පෙන්වයි
ලග්නාධිපති ගුරු, ශනි, කේතු 10 ද, සඳු, රාහු 4 ද. කුජ, බුධ 8 ද, රවි, සිකුරු 9 ද ගෝචරය වේ. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ගැටලු මධ්‍යයේ තමාගේ කටයුතු කරගැනීමට සිදු වේ. ඉක්මනට කෝපයට පත් වේ. සිත් තැවුල්, සිත් පීඩා වේ. ආර්ථික වශයෙන් කිසියම් සාර්ථක බවක් පෙන්නුව ද වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. නොඑසේ නම් ආකූලතා මතු කළ හැක. සමගියට බාධා එල්ල විය හැකිය. දරුවන්ගේ වැඩකටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවලදී ඉතා උනන්දු වන්න. රුධිර පීඩනය, වාතාබාධ, අනතුරු පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා