දිවයින වටා පිහිටා ඇති සුන්දර වෙරළ තීරය ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ වටිනාකම කිහිප ගුණයකින් වැඩි කරයි. ඒ සොඳුරු බව මධ්‍යයේ ඉදි වුණු හෝටල් පද්ධතිය සංචාරක ආකර්ෂණය වඩාත් ග්‍රහණය කරගන්නා සොඳුරු පාරාදීස වේ.
සුමුදු වැලි තීරයත්, දෙපයට සුව සදන මුදු පෙණ නැඟෙන බිඳෙන රළ පෙළත් Pegasus Reef හෝටල් භූමිය එවන් සුන්දරත්වයෙන් අනූන පාරාදීසයක් බව හඟවන මඟ ලකුණු ය. ශ්‍රී ලංකාවේ වෙනත් හෝටලයකට වඩා වෙරළක ඇති ස්වභාව සෞන්දර්ය සහ සුව පහසු බව වැඩි වශයෙන් අත්විඳින්නට Pegasus Reef හෝටලයේ දී හැකියාව ලැබේ.
දශක හතරකට වඩා වැඩි සංචාරක කර්මාන්තයේ පුරෝගාමියකු වන Pegasus Reef හෝටලය අමුත්තන් සඳහා නැවුම් අත්දැකීම් ලබා දීමට අඛණ්ඩව ක්‍රියා කරන තරු ශ්‍රේණිගත කළ වෙරළ තීරයේ හෝටල් සමූහයෙන් එකකි. සුවපහසු වායු සමීකරණය කළ කාමර දෙස් විදෙස් රසවත් ආහාරපාන Pegasus Reef හි ලැගුම් ගන්නා ඔබට අමතක නොවන මතක ගොන්නක් එක් කරයි.
බණ්ඩාරනායක ගුවන් තොටුපළට සහ කොළඹ නගරයට සමීපව පිහිටා ඇතත් නාගරික බවින් තොර නිස්කලංක හා සන්සුන් වටපිටාවක පිහිටා ඇති එම සංචාරක නිකේතනය විවේකය සඳහා කදිම තෝතැන්නකි. කාමර130කට වඩා වැඩි ප්‍රමාණයක්, පැය 24 පුරාම ආහාර පාන කාමරයට ගෙන්වා ගැනීමේ සේවාවක්, ආරක්ෂිත ලොකර්, බැල්කනියක්, පිහිනුම් තටාකයක්, කායවර්ධන මධ්‍යස්ථානයක්( Gym), සහා Tennis Court ආදි තවත් බොහෝ පහසුකම් Pegasus Reef හි දී අත්විඳින්නට හැකිය.
Pegasus Reef හෝටලයේ නවාතැන් ගන්නා ඔබට සෑම විටම රසවත් ආහාරවලින් රස නහර පිනවා ගත හැකිය. එළිමහන් අවන්හල තුළ දී ආහාර පිසීමේ ක්‍රියාවලියේ සිට සියල්ල අත්විඳිමින් ආහාර ගන්නට හැකි අතර ඔබට අවශ්‍ය කරන ඕනෑම වර්ගයක ආහාරයක් සකසා දීමට අති දක්ෂ සූපවේදීන් සැදි පැහැදී සිටියි. Pegasus Reef හි මුහුදු ආහාර සඳහා වෙනම අවන්හලක් පිහිටා තිබීම විශේෂත්වයකි. පිහිනුම් තටාක තීරුවේ පිහිටා ඇති එම අවන්හලේ සිට මුහුදු වෙරළේ සුන්දරත්වය සේම සුළඟේ පහස විඳිමින් එම ආහාරවල රස විඳිය හැකිය. ආසන දෙසීයකට අධික සංඛ්‍යාවක් සහිතව පිහිටා ඇති එළිමහන් අවන්හල උදෑසන 7 සිට රාත්‍රී 11.30 දක්වා විවෘත වේ.
1971 වර්ෂයේදී ආරැඹි එම හෝටලය වසර ගණනාවක් පුරා දිවයිනේ හොඳම වෙරළ හෝටල් සමූහයේ එකක් ලෙස සංචාරක ආකර්ෂණය අත්කරගෙන සිටියි. සැප පහසුවට නිදහසේ සිය විවේකය ගත කිරීමට අදහස් කරන ඕනෑම කෙනකුට Pegasus Reef හොඳ තෝරාගැනීමකි.
ජීවිතයේ ඉතා සුවිශේෂී වූ විවාහ මංගල දිනය ඉතාම උත්කර්ෂවත් සහ අලංකාරව සිදු කිරීමට අවශ්‍ය කරන සියලු පහසුකම් ද Pegasus Reef හෝටලය සතුය. ඔබට අවශ්‍ය ගෘහස්ථ විවාහ මංගල්‍යයක්, එළිමහන් විවාහ මංගල්‍යයක් හෝ වෙරළ ආසන්නයේ විවාහ මංගල්‍යයක් නම් ඒ සියල්ල ඔබට අවශ්‍ය අයුරින් සකසා දීමට Pegasus Reef සූදානමින් සිටී. ඔබට පිරිවැයට සරිලන විවාහ මංගල පැකේජ සහ ඒ ආශ්රිත සුව පහසු සේවා රාශියක් මෙහිදී අත්විඳින්න ලැබෙන නිසාම ජීවිතයේ අලුත් පිටුවක් පෙරළන දිනය ඉන්දියන් සාගරයේ වෙරළ තීරයක සොඳුරු මතක ගොන්නක් එක් කරමින් සමරන්නට ඔබට හැකිවනු ඇත.
මංගල දිනය හැරුණු විට සම්මන්ත්රණ, පුවත්පත් සාකච්ඡා, වැඩමුළු ආදී විවිධ උත්සව සඳහා ද ආසන 40 සහ 75කින් යුක්ත සම්මන්ත්රණ ශාලා දෙකකින් Pegasus Reef හෝටලය සමන්විතය. එළිමහන් උත්සවයක් හෝ සම්භාෂණයක් සංවිධානය කරන්නේ නම් එයට අවශ්‍ය කරන ඉතාම දර්ශනීය පසුතල සහිත උද්‍යානයකින් Pegasus Reef සමන්විතය. විනෝදජනක පවුල් නිවාඩුවක් හෝ ආයතනික ප්‍රිය සම්භාෂණයක් සඳහා වූවද තෝරාගැනීමට Pegasus Reef කදිම ස්ථානයකි. විනෝදය සහ පහසුකම් සඳහා වැඩි අවස්ථා ලබා දෙන Pegasus Reef හෝටලය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට http://www.pegasusreefhotel.com/ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට හැකියාව ලැබේ.