සිංගර් වෙතින් ස්ටාර්ට් ඉන්ව­ර්ටර් ශීත­ක­රණ මාදිලි හයක් | සිළුමිණ

සිංගර් වෙතින් ස්ටාර්ට් ඉන්ව­ර්ටර් ශීත­ක­රණ මාදිලි හයක්

සිංගර් ශ්‍රී ලංකා සමා­ගම, නව­තම ශීත­ක­රණ මාදිලි හයක්, කිංස්බරි හෝට­ල­යේදී පසු­ගි­යදා එළි දැක්විය. එළි­දැ­ක්වීමේ උලෙළ, සිංගර් ශ්‍රී ලංකා සමා­ගමේ සභා­පති මොහාන් පණ්ඩි­තගේ මහ­තාගේ හා සිංගර් ශ්‍රී ලංකා‍ ­ස­මා­ගමේ ප්‍රධාන විධා­යක නිල­ධාරී මහේෂ් විජේ­ව­ර්ධන, සිංගර් ශ්‍රී ලංකා සමා­ගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සම­ර­සිංහ යන මහ­ත්ව­රුන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්විණි. අලු­තෙන්ම හඳුන්වා දුන් මාදි­ලි­වල විශේ­ෂ­ත්වය නම්, ඒවා ලීටර් 260 සිට ලීටර් 300 දක්වා ඉහළ ධාරි­තා­ව­ය­කින් යුක්ත වීමයි. R600a ශක්තිය ඉතිරි කරන, ඉන්ව­ර්ටර් තාක්ෂ­ණ­යෙන් යුත් මෙම ශීත­ක­රණ, වැඩි ශක්ති­යක් වැය වන අනෙ­කුත් ශීත­ක­රණ අතර සුවි­ශේෂී වෙයි.

2013 වස­රේදී, ශක්තිය ඉතිරි කරන අංග ඇතු­ළත් කෙටි කාල­ය­කින් ජන­ප්‍රිය R600a තාක්ෂ­ණය දකුණු ආසි­යා­වට හඳුන්වා දීමේ පුරෝ­ගා­මියා සිංගර් ශ්‍රී ලංකා සමා­ගම විය. ශ්‍රී ලංකාවේ ශීත­ක­රණ වෙළෙ­ඳ­පො­ළෙන් 50%කට වැඩි වෙළෙ­ඳ­පො­ළක් අඛ­ණ්ඩව අත්පත් කර ගෙන සිටීමේ හැකි­යා­වද සිංගර් ශ්‍රී ලංකා සමා­ගම සතුව තිබේ. ඒ හැරුණු විට, 2017 අග භාග­යේදී මුල්ව­රට ශ්‍රී ලංකාවේ නිෂ්පා­ද­නය කළ Geo Smart intelligent ශීත­ක­ර­ණ­යද සිංගර් ශ්‍රී ලංකා සමා­ගම වෙතින් වෙළෙ­ඳ­පො­ළට නිකුත් කෙරිණි.

හඳුන්වා දුන් නව­තම සිංගර් ශීත­ක­රණ සම­ඟින් ඩෝ සෙන්ට්‍රි, ලෝඩ් ඩිටෙ­ක්ෂන්, ඇම්බි­යන්ට් ටෙම්ප්‍රෙ­ෂර් ඩිටෙ­ක්ටර්, ස්මාර්ට් එනර්ජි සේවර්, හියු­මි­ඩිටි කන්ට්‍රෝ­ලර්, ඩිජි­ටල් ඉන්ව­ර්ටර් ආදී වි‍ෙශ්ෂාං­ගද, දස වස­රක් සඳහා පිරි­නැ­මෙන, වටිනා සිංගර් වග­කීම් සහ­ති­ක­යද හිමි වේ.

Comments