ළහිරු මඩල | සිළුමිණ

ළහිරු මඩල

අම්මයි - තාත්තයි
 

දස­මස් කුස­දරා මා බිහි කළ අම්මේ
ලේ කිරි­කර පොවා මා දැඩි කළ අම්මේ
මා දුටු දෙවි­යන් ඔබ­මය අම්මේ
බුදුන් දැක නිවන් දකිනු මැන අම්මේ

යහ­මග යව­න්නට ඔව­දන් දෙමින්නේ
දහ­ඩිය හෙළා කුස පිරු පියා­ණනේ
පුංචි මගේ ලෝකයෙ වීර­යා­ණනේ
බුදුන් දැක නිවන් දකිනු මැන පියා­ණනේ

ඩිෂ්මිත මතිෂ
7 ශ්‍රේණිය,
ශාස්ත්‍ර­වේන්ද්‍ර පිරි­වෙන,
පොල්ගොල්ල

--------------

වැසි දව­සක්

පාසල අව­ස­න්වී­මට සීනුව නාද විය. මම පොත් බෑගය රැගෙන එළි­යට පැමි­ණි­යෙමි. මට දකි­න්නට ලැබුණේ කළු පැහැති වලා­කු­ළින් පිරි අහ­සයි.
ගස්වල අතු සොල­ව­මින් සුළං හම­න්නට විය. ගස්වල කොළ සුළ­ඟට හැලිණි. වැහි වතුර පාර­දිගේ කානු දිගේ ගලා යයි. කුඩය ඉහ­ළා­ගෙන සිටිය ද වැහි­පොද මගේ ඇඟට වැටෙයි.
මට වතුර පාරේ බෝට්ටු යව­න්නට සිතෙයි. ඒත් මා සිටින්නේ පාර අයි­නේය. මා රැගෙන යන්නට අම්මා එනවා දුටු විට මට සතු­ටක් දැනිණි.

නදින්‍යා දිනාදි වීර­ව­ර්ධන
4 ශ්‍රේණිය,
ගයි­ඩන්ස් ජාත්‍ය­න්තර විද්‍යා­ලය,
කැස්බෑව

-------------

අපගේ ගෙවත්ත අපිම වවමු
 

පුංචි ඉඩ කඩක් වෙන්කර ගන්නේ
ඒ වට කර පොඩි වැටක් තනන්නේ
පොඩි පැළ පේලි­ය­කට සිට­වන්නේ
ඒ පැළ තෙමෙන්න වතුර දමන්නේ
අයියා වල් පැළ මට්ටු කරන්නේ
අක්කා ගානට පොහොර යොදන්නේ
මල්ලී නංගී වතුර දමන්නේ
පොඩි පොඩි පැළ හනි­කට ලොකු වෙන්නේ
තාත්තා නිත­රම උදව් කරන්නේ
අම්මා ඇවි­දින් උප­දෙස් දෙන්නේ
පවුලේ සියල්ලෝ එක­මුතු වෙන්නේ
මුද­ලුත් කාලෙත් ඉති­රිය වන්නේ
වස විස තොර ආහ­රයි බුදින්නේ
එනිසා නිරෝගි සුව­යෙන් ඉන්නේ
පවුලේ සාමය නිබඳ රැකෙන්නේ
ගහ­වැල ඇසුරේ දවස ගෙවෙන්නේ

දුලාන් හසන්ත හෙට්ටි­ආ­රච්චි
13 ශ්‍රේණිය,
ආනන්ද විද්‍යා­ලය,
කොළඹ 10
 

--------------

දේදුන්න
 

සුවඳ සුවඳ මල් පිපිලා
හිමි­දි­රියේ මිදුල පුරා
පුංචි පුංචි සම­න­ල­යන්
රෑන් පිටින් පිය­ඹ­නවා
ඈත අහසේ වලා­කුළේ
දේදු­න්නක් පායලා
පුංචි පුංචි ළම­යින් දැක
හරි සතු­ටින් හිනා­වෙයි

තිනුලි නිසල්මා
වීර­ක්කොඩි
5 වන ශ්‍රේණිය ‘ඩී’,
කීණ­දෙ­ණිය ප්‍රා.වි.
අඹේ­පුස්ස

-----------

මඟ දී දුටු බලු පැටියා

මම එදින පාන්දර අවදි වී වෙන­දා­ටත් වඩා කළින් පාස­ලට යාම සඳහා පිටත් වුණෙමි. බදාදා දින­යක් වීම නිසාත්, පන්තිය පිරි­සිදු කිරීමේ කට­යුතු සඳහා එදි­නට සහ­භාගී විය යුතු නිසාත් මම ගමන ඉක්මන් කළෙමි.
පාස­ලට යාමට බස­යෙන් ගොස් අත­ර­මඟ බැස එතැන් සිට ටික දුරක් යා යුත්තේ පයිනි. හදි­සි­යේම පරි­ස­රය අඳුරු වනු බසයේ දී දක්නට ලැබුණු නිසා බෑගයේ තිබූ කුඩ­යත් රැගෙන මම බසෙ­යන් බැස්සෙමි. පාස­ලට ආස­න්නයේ තිබූ අඹ ගස අස­ළින් මට අසන්න ලැබුණේ බුහ්... බුහ්... බුහ්... යන හඬකි. මම ඒ දෙස බැලීමි. එවිට මට දැක ගත හැකි වූයේ ලස්සන පුංචි බලු පැටි­යෙකි. බලු පැටියා මගේ මුහුණ දෙස බලා සිටි­යේය. මම ඌ හා කතා කළෙමි.
යාළුවේ ඔයා කොහො­මද මෙත­නට ආවේ?
බලු පැටියා - මම හිටපු ගෙදර නැන්දලා මාමලා මාව මෙත­නට ගෙනත් දැම්මා. මං එයා­ලව ආරක්ෂා කළා. ඒත් එයාලා හරිම නපු­රුයි. ඒ වුණාට එදා ඉඳන් මං ඉන්නේ මෙතන තමයි. මට හරිම දුකයි. බුහ්.. බුහ්.. බුහ්...
ආ යාළුවේ, ඔයාට මම පාන් කෑල්ලක් දෙන්නම්. ඔයා ඒක කන්න. වැස්සට තෙමෙන්න එපා. පාසලේ සීනුව නාද වූ නිසා මං යනවා. ඔයා ගැන මටත් හරිම දුකයි.
මාව ඔයාගේ ගෙරද අරන් යන්න පුළු­වන්ද? බුහ්... බුහ්... බුහ්... පුංචි බලු පැටියා මගෙන් ඇසු­වේය.
හා හා, හරි යාළු... අපි හව­සට ගෙදර යමු. මම බලු පැටි­යාගේ හිස අත ගා පන්ති­යට ගියෙමි.

සශ්මික ප්‍රභා­ෂ්වර
6 ශ්‍රේණිය ‘ඊ’,
නාලන්දා විද්‍යා­ලය,
කොළඹ 10

-----------

අප පරි­ස­රය වර්ත­මා­නය

වන විට අපේ ලොව විනා­ශයේ මූල­යට ම හසුවී අව­සන්ය. මෙම පරි­සර විනා­යට මූලික හේතුව වී ඇත්තේ පොලි­තීන් ඉලෙ­ක්ට්‍රෝ­නික අප­ද්‍රව්‍ය, කෘත්‍රිම අප­ද්‍රව්‍ය හා ප්ලාස්ටික් ය. මෙම අප­ද්‍රව්‍ය අප­හට නැති කිරී­මට හැකි­යා­වක් නැතැයි කියාය මගේ මතය. ඒවා නැති කිරී­මට නොහැකි වුවත් අවම කළ හැක. මේ සඳහා පොලි­තින් හා ප්ලාස්ටික් යන මිතුරු ලෙසින් එන සතුරා ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කළ හැකිය. මේ ද්‍රව්‍ය පරි­ස­ර­යට මුදා හැරී­මෙන් මිනි­සාගේ සෞඛ්‍ය­යට තර්ජ­න­යක් එල්ල­වෙන අතර අනෙ­කුත් ජීවීන්ගේ පැවැ­ත්මට ඍජුව බල­පෑම් ඇත­විය හැක. කුඩා ළම­යෙකු ලෙස මා ප්‍රාර්ථනා කර­නුයේ අපි අවි­ධි­මත් ලෙස අප­ද්‍රව්‍ය බැහැර කිරීම නතර කරමු කියාය. එවිට පැහැ­දිලි අනා­ග­ත­යක් උදා වෙනවා නොඅ­නු­මා­නය.

එම්.ජී. පිනිදු සාරංග
8 ශ්‍රේණිය,
රාජ­කීය මධ්‍ය මහා විද්‍යා­ලය,
පොළො­න්න­රුව

------------

සාමය උදා­වේවා

රටට සාමය උදා­වේවා
දැහැමි සිත් සැම­තැන දිනේවා
දහම් ගුණ කඳ පැතිර යේවා
සාමය උදා­වේවා!
මෙත්ව­ඩන සිත් පහළ වේවා
දැහැමි ගුණ දස අත දිනේවා
සිත් පියුම් හැම­තැන පිපේවා
ලොවට සාමය උදා­වේවා

පී.ටී. මොනාලි
9 ශ්‍රේණිය ‘ඒ’,
ආඬි­අ­ම්බ­ලම මහ විද්‍යා­ලය,
ආඬි­අ­ම්බ­ලම
 

-----------

මත් රකු­සා­ගෙන් ඈත් වෙමු

වර්ත­මාන සමා­ජ­යම මහත් විප­තට ඇද දම­මින් මත්ද්‍රව්‍ය පිළි­ල­යක් සේ ඔඩු දුවන ආකා­රය අපට දැකිය හැකිය.
කවර ක්‍රම­ය­කින් හෝ ලාභය පෙර­දැරි කර­ගෙන මුදල් ඉප­යීමේ චේත­නා­වෙන් මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් උත්සාහ ගන්නා ආකා­රය පැහැ­දි­ලිව පෙනේ.
පාසල් යන වයසේ පසු­වෙන දරු­වන් මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ගේ ප්‍රධාන ඉල­ක්කය බවට පත්වී ඇත. විවිධ අත්හදා බැලී­ම්ව­ලට වැඩි කැමැ­ත්තක් දක්වන දරු­වන් යොමු කරවා ගැනීම පහ­සුය. බොහෝ­විට දරු­වන් වැරැදි මාර්ග­යට යොමු වන්නේ ඔවුන් දෙමා­පි­ය­න්ගෙන් ඈත් වන විටය. දෙමා­පියන් නිතර තම දරු­වන් ගැන සොයා බැලිය යුතුය. ආරක්ෂා කළ යුතුය.
ඒ නිසා රටේ අනා­ග­තය භාර ගැනී­මට දරු­වන් වශ­යෙන් අපි සිය­ලු­දෙ­නාම මත් රකු­සා­ගෙන් ඈත්ව ජීවිත බේරා ගැනී­මට ඉටා ගත යුතුය.

නය­නජ කුමා­ර­සිංහ
9 ශ්‍රේණිය,
උඩ­ල­මත්ත මහා විදු­හල,
උඩ­ල­මත්ත,
ගාල්ල

-----------

මහ වැස්සට පළමු
 

ගුවන් තලය කළු රෙද්දක් පොර­වන්නේ
හිරු හෙමි­හිට අඳුරේ නොපෙනී යන්නේ
පරි­ස­රය ම අඳුරු වෙමින් පව­තින‍්නේ
මහ වැස්සක් අත ළඟ බව වැට­හෙන්නේ

කුරුලු රංච කැදලි කරා පියඹා යන්නේ
මෙරුවො ඇවිත් හැම තැන­කම ඉගි­ළෙන්නේ
කූඹි රංචු පේළි ගැසී ගුල් වෙත යන්නේ
මම බෝට්ටු සාද­න්නට සිහින මවන්නේ

වැහි­ළි­හි­ණියො අහස පුරා ඉගි­ළෙන්නේ
ගෙම්බන්ගේ බක බක හඬ රැව් දෙන්නේ
අපෙ අම්මා රෙදි ටික ගෙට ගෙනි­යන්නේ
මහ වැස්සට හැම දෙනාම සැර­සෙන්නේ

මෙත්මිණි පියුමී කුමා­ර­සිංහ
7 ශ්‍රේණිය ‘ඊ’,
මලි­ය­දේව බාලිකා විද්‍යා­ලය,
කුරු­ණෑ­ගල

Comments