රට ම ඉල්ලූ පොදු­ජන නාය­කයා තෙවැ­නි­ ව­ර­ටත් අග­මැති වූ හැටි | සිළුමිණ

රට ම ඉල්ලූ පොදු­ජන නාය­කයා තෙවැ­නි­ ව­ර­ටත් අග­මැති වූ හැටි

 “මහින්ද මහ­ත්තයා හිටියා නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ.“ මේ පසු­ගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහා­රය එල්ල වු මොහොතේ ජන­තා­වගේ මුවග රැව් පිළි­රැව් දුන් වච­න­යයි. 2015 ජන­වාරි 8 වැනිදා පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් මේ රටේ පස්වන විධා­යක ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා පරා­ජ­යට පත් වු පසුව මේ රටේ ජන­තා­වට එහෙම හිතුණ අවස්ථා ගැනිය නොහැ­කිය. ඒ තර­ම­ටම මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ වටි­නා­කම මේ රටේ ජන­තා­වට නිර­තුරු දැනුණේ ය.

2015 ජන­වාරි 8 ජනා­ධි­ප­ති­ව­රණ පරා­ජ­යට පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳ­වුරේ සිටි හිටපු ජන­ප­තිනී චන්ද්‍රිකා කුමා­ර­ණ­තුංග, පාඨලී චම්පික රණ­වක , රාජිත සේනා­රත්න , මංගල සම­ර­වීර ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ දේශ­පා­ල­ක­යන් සහ දේශ­පා­ලන අත්දැ­කීම් අතින් මුහු­කුරා නොගිය චතුර සේනා­රත්න සහ හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර ඇතුළු සියලු දෙනා කීවේ මහින්ද රාජ­පක්ෂ කද­වුරේ දේශ­පා­ල­නය හමාර බව ය. එහෙත් ඊට වඩා ඉහ­ළින් මේ රටේ ජන­තා­වට මහින්ද රාජ­පක්ෂ නම් පොදු­ජන නාය­ක­යාගේ අව­ශ්‍ය­තාව තදින් දැනු­ණේය.

අද වන විට ඒ පොදු­ජන අව­ශ්‍ය­තාව ඉටුව තිබේ. ඒ පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා පස්­වරු 1.08 ට යෙදුණ සුබ මොහො­තින් මේ රටේ 23 වැනි අග්‍රා­මා­ත්‍ය­ව­රයා ලෙස එතුමා දිවු­රුම් දීමත් සමඟ ය. මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ දෙවන දේශ­පා­ලන පුන­රා­ග­ම­නය හේතු­වෙන් අද ලාංකීය දේශ­පා­ලන ඉති­හා­සය අලු­තින් ලිවී­මට සිදුව තිබේ.

ඒ වාර්තා රැසක් එතු­මාගේ නම ඉදි­රියේ ලියැ­වෙන බැවිනි. ලාංකේය දේශ­පා­ලන ඉති­හා­සයේ රටේ විධා­යක ජනා­ධි­පති ධුරය දෙව­රක් හොබවා ඊට පසු රටේ අග්‍රා­මාත්‍ය ධුරයට දෙව­රක් පත් වු කිසිදු දේශ­පා­ලන නාය­ක­යකු දක්නට නැත. රටේ විධා­යක ජනා­ධි­පති ධුරය දෙව­රක් හොබවා රටේ විපක්ෂ නායක ධුර­යට පත් වු දේශ­පා­ලන නාය­ක­යකු ද දක්නට නැත. එප­ම­ණක් නොව මෙරට විධා­යක ජනා­ධි­පති ධුරය දෙව­රක් දැරූ , දෙව­රක් විපක්ෂ නායක ධුර­යට පත් වු තෙව­රක් රටේ අග­මැති ධුර­යට පත් වු එක ම දේශ­පා­ලන නාය­කයා වන්නේ ද මහින්ද රාජ­පක්ෂ මහතා පමණි.

මහින්ද රාජ­පක්ෂ මහතා මෙවර අග්‍රා­මාත්‍ය ධුරයේ දිවු­රුම් දෙන්නේ සිය සහෝ­ද­රයා වන ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඉදි­රි­යේය. එය ද විරල සිදු වීමකි. මෙරට රාජ්‍ය නාය­ක­ත්ව­යට පත් වු පසුව දේශ­පා­ලන පරා­ජ­යක් ලබා යළිත් මහ­ජ­න­තා­වගේ බල­වත් ඉල්ලීම මත දේශ­පා­ල­න­යට පැමිණ ජනතා ඡන්ද­යෙන් පාර්ලි­මේ­න්තු­වට ගිය වෙනත් ජන නාය­ක­යකු අපට දක්නට නැත.

1945 නොවැ­ම්බර් 18 මෙලොව එළිය දුටු මහින්ද රාජ­පක්ෂ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යා­ලය, කොළඹ නාලන්දා විද්‍යා­ලය සහ තර්ස්ටන් විද්‍යා­ල­යෙන් අධ්‍යා­ප­නය හදාරා තිබේ. කොළඹ නීති විද්‍යා­ල­යෙන් නීති උපා­ධිය ලබා ඇති එතුමා පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වන්නේ වයස අවු­රුදු 24 දී හම්බ­න්තොට බෙලි­අත්ත මැති­ව­රණ කොට්ඨා­ශය නියෝ­ජ­නය කර­මිනි.

ඒ පාර්ලි­මේ­න්තුවේ ළාබා­ලම මන්ත්‍රී­ව­රයා ලෙසිනි. 1994 වස­රේදී මෙරට කම්කරු ඇමැ­ති­ව­රයා ලෙසත් ඉන් පසුව ධීවර ඇම­ති­ව­රයා ලෙසත් කට­යුතු කළ එතුමා 2001 වස­රේදී විපක්ෂ නායක ධුර­යට පත් වීය. 2004 වස­රේදී පැවැති මහා මැති­ව­ර­ණ­යට පසුව එතුමා මෙරට අග්‍රා­මාත්‍ය ධුර­යට පත් වීය.

ජේ.ආර් ජය­ව­ර්ධන, ආර්. ප්‍රේම­දාස, ඩී.බී විජේ­තුංග, චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක යන විධා­යක ජනා­ධි­ප­ති­ව­රුන්ට පසු පස්වන විධා­යක ජනා­ධි­පති ධුර­යට පත් වන මහින්ද රාජ­පක්ෂ මහතා ධුරයේ දිවු­රුම් දෙන්නේ සිය 60 වන ඡන්ම දින­යේ­දීය. ඡන්ම දින­යට රටක රාජ්‍ය නාය­ක­ත්වය උපන් දින තෑග්ග ලෙස ලැබුණ ලොව අන් කිසිදු නාය­ක­යකු දක්නට නැත. පොදු­ජන හද­ව­ත්වල රිද්මය හොඳින් හඳු­නන දේශී­ය­ත්වය අග­යන, උපන් රටට පණ මෙන් ආද­රය කරන මහින්ද රාජ­පක්ෂ නාමය මෙරට ජන හද­ව­ත්වල කිදා බැස ඇත්තේ එතුමා සතු උත්තුංග ගුණාංග රැසක් නිසා­වෙනි. නිද­හ­සින් පසු මෙරට ඉති­හා­සයේ මේ තරම් මහ­ජන ආක­ර්ෂ­ණය දිනා ගත්, ජන මුල නාය­ක­යකු අපට හමු නොවෙයි. එය සැබෑ­වට ම ආශ්ච­ර්යක් බව පැව­සීම මුසා­වක් නොවේ.

2005 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහින්ද රාජ­පක්ෂ මහ­තා­ගෙන් ජන­තාව ඉල්ලා සිටියේ රට බිහි­සුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්ත­ය­න්ගෙන් මුදා දෙන ලෙස ය. දෙස් විදෙස් බල­වේග හමුවේ නොබි­යව තීන්දු තීරණ ගෙන රට කොටි­යා­ගෙන් වසර දෙක­හ­මා­රක් වැනි කෙටි කාල­ය­කදී ගලවා ගන්නට එතු­මාට සේනා­ධි­නා­ය­කයා ලෙස හැකි විය. ඒ සඳහා ත්‍රිවිධ හමු­දා­වට අණ දුන්නේ වත්මන් ජනා­ධි­පති එව­කට ආර­ක්ෂක ලේකම් ගෝඪා­භය රාජ­පක්ෂ මහතා ය. ඉන්දි­යාවේ අත පෙවීම් වළක්වා ගැනීම සිදු කළේ එව­කට ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක බැසිල් රාජ­පක්ෂ මහතා ය.

රටේ ආර­ක්ෂාව තහ­වුරු කිරී­මට මහින්ද රාජ­පක්ෂ මහතා දක්ෂ­ය­න්ගෙන් වැඩ ගත්තේ ය. පසුව 2010 ජනා­ධි­ප­ති­ව­ර­ණය අති විශිෂ්ට ලෙස ජය­ග්‍ර­හ­ණය කර එතුමා මහින්ද චින්තන වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­පත් කර මුළු රට ම ආසි­යාවේ ආශ්චර්ය කරා ගෙන යෑමේ සංව­ර්ධන සංග්‍රා­මය ආරම්භ කළේ ය.

එය ඉවසා දරා ගත නොහැ­කිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශ­ද්‍රෝහි කණ්ඩා­යම් රත්ත­රන් අශ්ව­යන්, ලැබ්බෝ­ගිනි , ඉඩ­ක­ඩම් ඈදා­ගෙන කප්ප­රක් බොරු කියා 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහින්ද රාජ­පක්ෂ මහතා පරා­ජ­යට පත් කිරීම රට ආප­ස්සට ගමන් කිරී­මට හේතු­වක් වීය.

එ් පරා­ජය පාක්ෂි­ක­යන්ට අදහා ගත නොහැකි විය. පරා­ජය පිළි­ගෙන එතුමා සිනා­මුසු මුහු­ණින් ජන­වාරි 9 වැනිදා උදෑ­සන ම අර­ලි­ය­ගහ මැදුරේ සිට මැද­මු­ලන මහ­ගෙ­ද­රට යන දර්ශන රූප­වා­හිනී තිර­යෙන් බලා සිටි බොහෝ දෙනා හැඟු­ම්බර වුහ. 2015 ජන­වාරි 8 පත් වු යහ­පා­ලන ආණ්ඩුව දින සියයේ වැඩ­ස­ට­හන යටතේ සිදු කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදු­ම්කර වංචාව මඟින් රුපි­යල් මිලි­යන ගණ­නක් කොල්ල කෑම ය. දින සියය නිමා වන විට රටේ ජන­තා­වට මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ අගය දැනෙ­න්නට විය. ඒ අගය වැඩි කිරී­මට මහින්ද සුළඟ ගෙන විමල් වීර­වංශ, උදය ගම්ම­න්පිල, වාසු­දේව නානා­ය­ක්කාර සහ දිනේෂ් ගුණ­ව­ර්ධන රට වටා ගියේය. ප්‍රසන්න රණ­තුංග , ඩලස් අල­හ­ප්පෙ­රුම ඇතුළු එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ මන්ත්‍රී­වරු ඊට යෝධ ශක්ති­යක් ලබා දුන්හ.

2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති මහා මැති­ව­ර­ණ­යෙන් කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් යළිත් මහින්ද රාජ­පක්ෂ මහතා පාර්ලි­මේ­න්තු­වට පැමි­ණීම එතු­මාගේ දෙවන දේශ­පා­ලන පුන­රා­ග­ම­නයේ ආර­ම්භය බව කිව යුතුය. ඒ මෙරට සුව­හ­සක් ජන­තා­වගේ දැඩි ඉල්ලීම මත ය.

පසුව පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු 51 කගේ මුලි­ක­ත්ව­යෙන් ආරම්භ වු ඒකා­බද්ධ විප­ක්ෂ­යට මහින්ද රාජ­පක්ෂ මහතා නාය­ක­ත්වය දීම රටේ ජන­තා­වට අස්වැ­සි­ල්ලක් වීය. යහ­පා­ලන ආණ්ඩුව රණ­වි­රු­වන් සිර­ගත කර­මින්, භික්ෂුන් වහන්සේ සිර­ගත කර­මින්, සම­ලිං­ගික විවාහ නීති ගත කිරී­මට උත්සාහය ගනි­මින්, වී ගොවියා, ධීව­ර­යන් ඇතු­ළුව රටේ සියලු ක්ෂේත්‍ර විනාශ කර­මින් රට ආර්ථික අගා­ධ­යට ගෙන යෑමේ වැඩ­පි­ළි­වෙළ ගැන ඒකා­බද්ධ විප­ක්ෂය රට දැනු­ම්වත් කිරීම නිසා යහ­පා­ලන ආණ්ඩු­වට එරෙහි ජන­ම­තය නිර්මා­ණය කිරීම පහසු විය. මේ සියලු දේශ­පා­ලන කට­යුතු සඳහා මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ අස­ම­සම නාය­ක­ත්වය වැද­ගත් වු බව රහ­සක් නොවේ.

2018 වසරේ පැවැති පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී මෙරට ජන­තාව රටට අලුත් පාරක් කියා දුන්නේ ය. ඒ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නම් නැවුම් දේශ­පා­ලන පක්ෂය හරහා ය. මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ජනතා ආක­ර්ෂ­ණය දේශ­පා­ලන පක්ෂ­යක් බවට පත් කිරීමේ ගෞර­වය හිමි විය යුත්තේ ශ්‍රීලංකා පොදු­ජන පෙර­මුණේ නිර්මාතෘ බැසිල් රාජ­පක්ෂ මහ­තාට ය.

බැසිල් රාජ­පක්ෂ මහ­තාගේ අස­ම­සම සංවි­ධාන ශක්තිය හේතු­වෙන් පළාත් පාලන ආය­තන 340 න් ආය­තන 239 ක ජය­ග්‍ර­හ­ණය මහින්ද රාජ­පක්ෂ මහතා නාය­ක­ත්වය දුන් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට දිනා ගැනී­මට හැකි වීම වර්ත­මාන සියලු දේශ­පා­ලන ජය­ග්‍ර­හ­ණ­යන්හි මුල් අඩි­තා­ලම බව කිව යුතුය.

2018 වසර අග භාගය වන විට මේ රටේ මුළු මහත් ජන­තා­වට ම මෙන්ම එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ මැති ඇමැ­ති­ව­රුන්ට පවා මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ අගය දැනීම සතු­ටට කරු­ණකි.

එහි ප්‍රථි­ඵ­ලය වුයේ 2018 ඔක්තෝ­ම්බර් මස 26 වැනිදා දෙවන වර­ටත් මහින්ද රාජ­පක්ෂ මහතා අග­මැති ධුර­යට පත් වීම ය. එය දින 51 කට සීමා වුව ද යළිත් මහින්ද රාජ­පක්ෂ යුග­යක රිදී රේඛා­වක් දක්නට ලැබීම මෙරට ජන­තා­වට අස්වැ­සි­ල්ලක් වන්නට ඇත.

2019 වසර ආරම්භ වුයේ යළිත් වරක් මහින්ද රාජ­පක්ෂ මහතා දෙවන වර­ටත් විපක්ෂ නායක ධුර­යට පත් වීමෙනි. සැබ­වින්ම එය පොදු­ජන හද­ව­ත්වල බලා­පො­රොත්තු තවත් වැඩි කළේය.

2019 ජනා­ධි­ප­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­පති ආපේ­ක්ෂ­කයා, ගෝඨා­භය රාජ­පක්ෂ මහතා බව සුග­ත­දාස ගෘහස්ථ ක්‍රිඩාං­ග­න­යේදී පැවැති මහ­ජන සමු­ළු­වේදී මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කිරී­මත් සමඟ මුළු රටේ ම ජන­තා­වට නව යුග­යක පෙර­නි­මිති දක්නට ලැබිණි.

සැබ­වින් ම ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට මහින්ද රාජ­පක්ෂ මහතා නාය­ක­ත්වය නොදෙ­න්නට අද රටට අලුත් ජනා­ධි­ප­ති­ව­ර­යකු හෝ ආණ්ඩු­වක් ලැබෙන්නේ නැත.

නාමල් රාජ­පක්ෂ, යෝෂිත රාජ­පක්ෂ පුතුන් සිර­ගත කරද්දී , ශිරන්ති රාජ­පක්ෂ මැති­නිය සිර­ගත කිරී­මට යහ­පා­ලන ආණ්ඩුව උත්සාහ කරද්දී මහින්ද රාජ­පක්ෂ මැති­තුමා ආප­ස්සට හැරුණේ නම් අනා­ග­තයේ රටේ ඉර­ණම ඛේද­ජ­නක වනු නොඅ­නු­මාන ය. රටට ශක්ති­මත් දේශ­පා­ලන නාය­ක­ත්ව­යක් අවැසි මොහො­තක මේ රටේ අග­මැ­ති­ව­රයා ලෙස මහින්ද රාජ­පක්ෂ මහතා වැඩ බාර ගැනීම සියලු ශ්‍රීලාං­කි­ක­යන්ට සතු­ටට කරු­ණක් විය. රතිඤ්ඤා දල්ව­මින්, ප්‍රීති ඝෝෂා නඟ­මින්, කිරි­බත් කමින් ජන­තාව ඒ සතුට සම­රනු දක්නට ලැබිණ.

එතු­මාගේ දේශ­පා­ලන නාය­ක­ත්වය රටේ ජාති­වා­ද­යට අක­මැති, සංහි­ඳි­යා­වට කැමැති සුව­හ­සක් පොදු ජන­තා­වගේ බලා­පො­රොත්තු මල්ඵල ගැන්වී­මකි.

රණ­වි­රු­වන්ට සල­කන, රටේ බුද්ධි අංශ ශක්ති­මත් කරන, ස්වාමී­න්ව­හන්සේ සිර­ගත නොක­රන, රටේ සම්පත් විදේ­ශි­ක­යන්ට විකුණා නොද­මන, මිලේ­නි­යම් කෝප­රේ­ෂන් වැනි රටට අහි­ත­කර ගිවි­සු­ම්ව­ලට එරෙහි, රටේ සියලු ක්ෂේත්‍ර නඟා සිටු­වන, දුෂ­ණය පිටු දකින නව රජ­යක් බිහිව තිබේ.

තිස් වස­රක ශාප­ලත් යුද්ධය අව­සන් කළා සේ “සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගොඩ­නැ­ගී­මට“ නව අග­මැ­ති­තුමා සහ ජනා­ධි­ප­ති­තුමා ප්‍රමුඛ ආණ්ඩු­වට සියලු රට­වැ­සි­යන්ගේ සහ­යෝ­ගය ලැබිය යුතු ම මොහොත මෙය වේ.

Comments