අග­මැ­ති­ව­රයා දිවු­රුම් දුන් දින මහර ජල කප්පා­දුව ගැන පරී­ක්ෂ­ණ­යක් ඉල්ලති | සිළුමිණ

අග­මැ­ති­ව­රයා දිවු­රුම් දුන් දින මහර ජල කප්පා­දුව ගැන පරී­ක්ෂ­ණ­යක් ඉල්ලති

 

ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ගෝඨා­භය රාජ­පක්ෂ මහතා දිවු­රුම් දුන් දිනට පසු දින සිට අග­මැ­ති­ව­රයා දිවු­රුම් දුන් බ්‍රහ­ස්ප­තින්දා රාත්‍රිය වන තුරු මහර ආස­නයේ බොහෝ ප්‍රදේ­ශ­ව­ලට ජල සැප­යුම අඛ­ණ්ඩව කපා දැමීම පිටු­පස රාජ්‍ය විරෝධී ක්‍රියා­වක් හෝ යම් කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා­වක් හෝ අනි­වා­ර්යෙන්ම සිදුව තිබෙන බැවින් ඒ සම්බ­න්ධව විශේෂ විම­ර්ශ­න­යක්

පව­ත්වන ලෙස මහර ජන­තාව විසින් මේ වන විටත් ජනා­ධි­පති ලේක­ම්ව­රයා වෙත ලිඛි­තව දැනුම් දී ඇත.

දින 3කට ආසන්න කාල­යක් මෙසේ පූර්ණ ජල කප්පා­දු­වක් සිදු කර ඇති අතර ඒ සම්බ­න්ධව මහර ප්‍රාදේ­ශීය කාර්යා­ලයේ දුර­ක­තන අංක 0112911228 හා 0114886815 ඔස්සේ පාරි­භො­ගි­ක­යින් විම­ස­න්නට උත්සාහ කළද දුර­ක­තන විසන්ධි කිරී­මට ජල කළ­ම­නා­ක­රණ ප්‍රාදේ­ශීය මධ්‍ය­ස්ථා­නය විසින් කට­යුතු කර තිබේ. පසුව බිය­ගම කලාප ඉංජි­නේ­රු­ව­ර­යා­ගෙන් විම­සී­ම­කදී ඔහු පැව­සුවේ එය ට්‍රාන්ස්ෆෝ­ම­ර­යක් අක්‍රිය වීම නිසා සිදු­වූ­වක් බවයි. දින 3කට ආසන්න කාල­යක් ට්‍රාන්ස්ෆෝ­ම­ර­යක් පිලිස්සී තිබුණේ කෙසේද යන්න ගැට­ලු­වක් වන අතර මේ පිළි­බ­ඳව ජන­තාව දැනු­වත් කිරී­මට හෝ පිය­වර නොගැ­නීම පිටු­ප­සම යම් කිසි කඩා­ක­ප්ප­ල්කාරී හෝ රාජ්‍ය විරෝධී ක්‍රියා­වක් සිදුව ඇති බවට ජනා­ධි­පති ලේක­ම්ව­ර­යාට යවන ලද ලිපියේ දක්වා ඇත.

Comments