මුදල් අමාත්‍යාංශයේ නව ලේක­ම්ව­රයා පිළි­බඳ සැක­වින් | සිළුමිණ

මුදල් අමාත්‍යාංශයේ නව ලේක­ම්ව­රයා පිළි­බඳ සැක­වින්

වෘත්ති­යෙන් බැංකු­ක­රු­වකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධි­පති එස්.ආර්. ආටි­ගල මහතා මුදල් අමා­ත්‍යාංශ ලේකම් ධුරයේ වැඩ භාර­ග­ත්තේය. මහ බැංකුවේ විධා­යක නිල­ධා­රි­යකු වන ආටි­ගල මහතා මහ බැංකු­වෙන් නිද­හස් වී වසර දහ­ය­කට අධික කාල­යක් මහා­භා­ණ්ඩා­ගාර නියෝජ්‍ය ලේක­ම්ව­ර­යෙකු ලෙස කට­යුතු කර­මින් සිටි අතර කෙටි කලක් මුදල් හා ආර්ථික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් වශ­යෙන්ද කට­යුතු කළේය.

එක්සත් රාජ­ධා­නියේ වෝවික් විශ්ව­වි­ද්‍යා­ලයේ සංඛ්‍යා­ත්මක සංව­ර්ධන ආර්ථි­කය පිළි­බඳ පශ්චාත් උපා­ධි­ධා­රි­යෙක් (M.Sc.) වන ඒ මහතා ‍කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ භෞතික විද්‍යාව පිළි­බඳ උපා­ධි­ධා­රි­යෙක්ද වේ. මුදල් අමා­ත්‍යාං­ශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රති­පත්ති සහ රාජ්‍ය ව්‍යාපාර යන දෙපා­ර්ත­මේ­න්තු­වල අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා ලෙස කට­යුතු කර ඇති ආටි­ගල මහතා රාජ්‍ය මූල්‍ය ඒකා­ග්‍රතා ක්‍රියා­ව­ලිය සඳහා දාය­ක­ත්වය දැක්වූ නිල­ධා­රි­යෙකි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වැඩ­බ­ලන අධ්‍යක්ෂ සහ සභා­පති යන තන­තුරු හොබවා ඇති ආටි­ගල මහතා භාණ්ඩා­ගා­රය නියෝ­ජ­නය කර­මින් ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය ඇතුළු රාජ්‍ය ආය­තන රැසක අධ්‍යක්ෂ මණ්ඩල නියෝ­ජ­නය කර තිබේ.

Comments