තාත්තා මගේ ගම­නට හොඳ මග ­පෙ­න්ව­න්නෙක් | සිළුමිණ

තාත්තා මගේ ගම­නට හොඳ මග ­පෙ­න්ව­න්නෙක්

ඇය හිරුණි විජේ­සිං­හයි. යක්කල ලයි­සි­යම්   ජාත්‍ය­න්තර පාස­ලෙන්  අධ්‍යා­ප­නය හැදෑරු ඇය  පුංචි කා ලේ සිට කලා­වට  යොමු වෙන්න සිහින  මව­න්නි­යක්.

 හිරුණි දැන් අධ්‍යා­පන කට­යුතු අව­සන්ද?

ඔව්. මම පාසල් අධ්‍යා­ප­නය අව­සන් කරලා දැන් උපා­ධි­යක් හදා­ර­මි­නුයි ඉන්නේ.

හිරුණිගේ පාසල් සමයේ කලා කට­යුතු ගැන කතා කළොත්?

පුංචි කාලේ ඉඳ­ලම මම කලා­වට හරිම කැමැ­තියි. වැඩි­යම කැමැති වුණේ විලා­සිතා හා මෝස්තර නිරූ­ප­ණ­යට. කලාව තුළ ඒ පැත්තෙන් ඉදි­රි­යට යන්නයි මම හීන දැක්කේ. පාස­ලේදී මම වාණිජ විෂය ධාරා­වක් යටතේ තමයි අධ්‍යා­ප­නය හැදෑ­රුවේ. ක්‍රීඩා­වෙ­නුත් දස්කම් දක්වන්න මට හැකි වුණා. නමුත් පාසල් කාලේ කලා­වට සම්බන්ධ දේව­ල්ව­ලට සහ­භාගී වුණේ නැහැ. පාසල් වේදි­කාවේ ගොඩක් නිරූ­ප­ණය වුණේ සාම්ප්‍ර­ධා­යික සාහි­ත්‍ය­මය ගුණ­යෙන් යුතු නාට්‍ය කලා­වක්. මම ඒවාට එත­රම් ප්‍රිය­තා­වක් දැක්වූවේ නැහැ. මම කැමැති වුණේ විනෝ­දා­ත්මක ලෙස කලාවේ නිරතවීමට.

ඔබේ හීනෙට ගෙද­රින් ලැබුණු සහ­යෝ­ගය?

ගෙද­රින් කිසිම බාධා­වක් තිබුණේ නැහැ. ගොඩක් උදව් කළා. විශේ­ෂ­යෙන්ම මගේ තාත්තා මාත් එක්ක මම යන හැම දේක­ටම සහ­භාගි වෙනවා. මගේ තාත්තා හරිම කලා­කාමී පුද්ග­ල­යෙක්. නමුත් ඔහුට ඒ හැකි­යාව දියුණු කර­ගන්න හෝ ඉදි­රි­යට එන්න ඔහුගේ පවු­ලෙන් ඉඩක් ලැබී නැහැ. නමුත් මගේ තාත්තා මගේ ගම­නට හොඳ මග­ පෙ­න්ව­න්නෙක්.

දැන් ඒ හීනේ හැබෑ වුණාද?

පහුගිය කාලේ ‘Miss Intercontinental Sri Lanka 2019‘ තර­ග­යට සහ­භාගී වෙලා හොඳම 16 දෙනා අත­රට තේරුණා. ඉන්පසු අව­සන් 5 අත­රට එන්න මට හැකි වුණා.

කොහො­මද ඒ තර­ගා­ව­ලි­යට ඉදි­රි­පත් වුණේ?

මගේ යාළු­ව­කුගේ මාර්ග­යෙන් දැන ගෙන අය­දුම් කළා. මට අවශ්‍ය වුණේ ඒ තර­ග­යට සම්බන්ධ වී මගේ හැකි­යාව පෙන්වා මගේ හීනෙට ළං වෙන්න වගේම ඒ හරහා ජන­ප්‍රි­ය­ත්ව­යක් ගොඩ­නඟා ගන්න.

ඒ බලා­පො­රො­ත්තුව ඉටු වුණාද?

ඔව්. ජීවි­ත­යට අවශ්‍ය බොහෝ දේවල් ඉගෙන ගන්නත් අව­ස්ථාව ලැබුණා. පෞරුෂ වර්ධ­නය, ජීවි­තය මනාව හසු­රුවා ගන්න උප­දේ­ශන, අභි­යෝග වලට නොබි­යව මුහුණ දෙන්න සහ ඒ ගැන ප්‍රායෝ­ගික හදා­රන්න අව­ස්ථා ලැබුණා. මේ තර­ගා­ව­ලි­යෙන් මගේ ජීවි­තේට ලබා ගත් වටි­නාම දේ තමන් කළ යුතු දේ හැකි උප­රි­ම­යෙන්ම කරන්න කියන උප­දෙසයි. එය මගේ ඉදිරි ගමන් මග හදා­ගන්න ධෛර්යක් වුණා.

මෝස්තර නිරූ­ප­ණ­යට තවම යොමු වුණේ නැද්ද?

තවම මෝස්තර නිරූ­ප­ණ­යට යොමු වී නැහැ. මගේ උපා­ධිය සම්පූර්ණ කළාට පස්සේ මෝස්තර නිරූ­ප­ණ­යට යොමු වෙන්නයි අද­හස.

මෝස්තර නිරූ­ප­ණය ගැන හැදෑ­රී­මක් තිබෙ­න­වාද?

තවම හදාරා නැහැ. නමුත් ඒ විෂය වැඩි­දුර ගැන ඉගෙන ගන්න බලා­පො­රො­ත්තු­වක් තියෙ­නවා.


හිරුණි තමන්ගේ වෘත්තීය ලෙස කලාව තෝරා ගනී­විද?


මම මිනි­සුන් හඳුනා ගන්න ඔවුන්ගේ ගැට­ලු­ව­ලට හැකි උප­රි­ම­යෙන් උදව් කරන්න කැමැ­තියි. ඒ නිසා නීති­වේ­දි­නියක් වෙන්න බලා­පො­රො­ත්තු­වක් තියෙ­නවා. නමුත් වෘත්තිය වශ­යෙන් මම බොහෝ විට සංචා­රක කර්මා­න්තය ආශ්‍රි­ත හෝ රැකි­යා­වක් තෝරා ගනීවි. ලංකාව කියන්නේ සංචා­රක ආක­ර්ෂ­ණය ඉහ­ළින්ම දිනා ගත් රටක්. මට අවශ්‍ය ලංකාවේ නම ලෝක­යට රැගෙන ගොස් කීර්ති­යක් අත්කර දෙන්න. කලාවේ නිරත වීමෙන් ලබා ගන්න අද­හස් කරන ජන­ප්‍රි­ය­ත්ව­යත් මගේ ඒ සඳහා යොදා ගනි­මින් හැකි උප­රි­ම­යෙන් මගේ රට ලෝක­යට ගෙන යන්න උත්සා­හ­යක් දර­නවා.


මෝස්තර නිරූ­ප­ණය කියන්නේ මගේ විනෝ­දාංශ අත­රින් එකක්. නිරූ­ප­ණය හැරුණු විට රංග­න­ය­ටත් ඉදි­රි­යේදී අව­ස්ථා­වක් ලැබු­ණොත් යොමු වෙන්න කැමැ­තියි. ආර­ම්භයේ දී කිසි දෙයක් සර්ව සම්පූ­ර්ණව නිම කරන්න බැහැ. නමුත් මම උත්සාහ දර­නවා දව­සක මේ සියලු සිහින හැබෑ කර­ගෙන මගේ රටට හා මිනි­ස්සුන්ට මට හැකි උප­රිම ලෙස උදව් කරන්න.

සේයාරූ
ටෙනි­සන් එදි­රි­සිංහ

Comments