එක්කෝටි තිස් දෙලක්ෂයකගේ කතිර බලය බෙදුණු හැටි | සිළුමිණ

එක්කෝටි තිස් දෙලක්ෂයකගේ කතිර බලය බෙදුණු හැටි

නා­ධි­ප­ති­ව­ර­ණය අව­සන්ව ඇත. නව ජනා­ධි­පති ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහතා දිවු­රුම් දී සිය රාජ­කාරි වැඩ ආරම්භ කර ඇත්තේය. හිටපු අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සිය තන­තු­රින් ඉවත් වීමෙන් අන­තු­රුව පසු­ගි­යදා නව අග­මැ­ති­ව­රයා ලෙස හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා දිවු­රුම් දී රාජ­කාරි ආරම්භ කළේය.

පසු­ගි­යදා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉති­හා­සයේ පැවති සුවි­ශේෂ මැති­ව­ර­ණ­යක් වන්නේය. විශේ­ෂ­යෙන්ම මෙය ජාතික වශ­යෙන් වැඩි වැද­ග­ත්ක­මක් ලබා දුන් මැති­ව­ර­ණ­යක් වන අතර ලංකාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කට වැඩිම අපේ­ක්ෂ­ක­යන් පිරි­සක් පෙනී සිටි මැති­ව­ර­ණ­යක්ද වන්නේය. එසේම පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු හෝ නොවි විධා­යක ජනා­ධි­පති තන­තු­රට පත් පළමු වැන්නා වන්නේද වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාය.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අඩි දෙක­ක­ටත් වඩා දිගු ඡන්ද පත්‍රි­කා­වක සිය මනා­පය සල­කුණු කර­න්නට වීම ඡන්ද දාය­ක­යන්ට ලැබුණු සුවි­ශේෂ අත්දැ­කීකි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යන් 35 දෙනෙකු ඉදි­රි­පත් වුවද සත්‍ය වශ­යෙන්ම තර­ගය පැවැ­තියේ ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නකු අතර විම සුවි­ශේෂ කරු­ණකි. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණෙන් තරග කළ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා හා නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පෙර­මු­ණෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේම­දාස මහතා අත­රය. මේ ද්වන්ධ සට­නට මෙවර ජනතා විමුක්ති පෙර­මු­ණට එක් වන්නට නොහැකි වූයේ ජනතා විමුක්ති පෙර­මු­ණට සිය අපේක්ෂා භංග කර­මින් දැඩි පරා­ජ­යක්ද හිමි කර­මිනි. මැති­ව­රණ සමයේ ජනතා විමුක්ති පෙර­මුණු රැස්වී­ම්වල කැපී පෙනුණු ජන­කාය ඡන්ද ප්‍රති­ඵ­ල­ව­ලින් දිස් නොවීම බොහෝ දෙන­කුගේ මවි­ත­යට පවා හේතු­වක් ගෙන දුනි.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට 1,59,92 096ක ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­යන් පිරි­සක් ඇතු­ළත් වුවද, එයින් ප්‍රකාශ වී තිබුණේ 1,33,87,951ක ඡන්ද ප්‍රමා­න­යකි. එයි­නුත් වලංගු ඡන්ද ප්‍රමා­ණය වූයේ ඡන්ද 1,32,52,449ක් වන අතර, එයින් 1,35,452ක ඡන්ද ප්‍රති­ක්ෂේප වී තිබිම විශේෂ කරු­ණකි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී වැඩිම ඡන්ද ප්‍රමා­ණ­යක් හිමි කර­ගැ­නී­මට වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට හැකි වූ අතර, ඒ ප්‍රමා­ණය ඡන්ද 69,24,225කි. ප්‍රති­ශ­ත­යක් ලෙස එය 52.25%කි. දෙවැ­නි­වට වැඩිම මනාප ප්‍රමා­ණ­යක් සජිත් ප්‍රේම­දාස මහතා ලබා­ගත් අතර එම ප්‍රමා­ණය 55,64,239කි. ඒ ප්‍රමා­ණය 41.99%කි. අනුර කුමාර දිසා­නා­යක මහතා මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ලබා­ගෙන ඇත්තේ ඡන්ද 3,45,402කි. එය 3.16%ක ප්‍රති­ශ­ත­යකි. මේ අනුව ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යින් 35 දෙනො­ගෙන් 33 දෙන­කු­ටම සිය ඇප මුදල් නොලැබී ගොස් ඇත්තේය. ඒ අත­රට ජනතා විමුක්ති පෙර­මුණු අපේ­ක්ෂ­ක­යාද ඇතු­ළත් වන්නේ ඔහුට වත් 5%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගැ­නී­මට නොහැකි වීම හේතු­වෙනි.

පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා දිස්ත්‍රික්ක 22න් දිස්ත්‍රික්ක 16කින් විශිෂ්ට ජයත් අත් කර­ගෙන ඇත. ඒ කොළඹ, ගම්පහ, කළු­තර, මහ­නු­වර, මාතලේ, ගාල්ල, මාතර, හම්බ­න්තොට, රත්න­පුර, කෑගල්ල, මොන­රා­ගල, බදුල්ල, අනු­රා­ධ­පුර, පොලො­න්න­රුව, කුරු­ණෑ­ගල හා පුත්ත­ල­මයි. මේ අතර සජිත් ප්‍රෙම­දාස මහ­තාට සිට ඡන්ද ප්‍රමා­ණය වැඩි කර­ගත හැකි වූයේ උතුරු, නැගෙ­න­හිර පළා­ත්ව­ලිනි. ඒ උතුරු පළාතේ යාප­නය හා වන්නි දිස්ත්‍රික්ක දෙකෙන්ද, නැගෙ­න­හිර පළාතේ ත්‍රිකු­ණා­ම­ලය, මඩ­ක­ල­පුව හා දිගා­ම­ඩුල්ල යන් දිස්ත්‍රික්ක තුනෙන් හා මධ්‍යම පළාතේ නුව­ර­එ­ළිය යන දිස්ත්‍රි­ක්ක­යෙනි. මේ අතර හංස­යාට සමාන සල­කු­ණක් නිසාදෝ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් වන ආරි­ය­වංශ දිසා­නා­ය­කට හා එස් අම­ර­සිංහ යන අය­ටද විශාල ඡන්ද ප්‍රමා­ණ­යක් ලැබී ඇති අතර දෙමළ ජාති­ක­යකු වූ සිවා­ජි­ලිං­ගම්ට ලැබී ඇත්තේ එය­ටත් අඩු ඡන්ද ප්‍රමා­ණ­යකි!

මෙවර පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදි ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වැඩි ඡන්ද ප්‍රමා­ණ­යක් ඉදි­රි­යෙන් සිටීම කැපී පෙනුණු සිදු­වී­මකි. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වැඩි ඡන්ද ප්‍රමා­ණ­යක් ලබා­ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙනි. එය ඓති­හා­සික ජය­ග්‍ර­හ­ණ­යක් වන අතර, ඒ දිස්ත්‍රි­ක්ක­යෙන් වැඩි ඡන්ද 3,61 199ක් ලබා­ගැ­නී­මට හැකි විය. එසේම ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට වැඩි ඡන්ද ප්‍රති­ශ­ත­යක් හිමි කර දී ඇත්තේ මාතර දිස්ත්‍රි­ක්ක­යෙන් වන අතර, එය 67.25%කි. මේ අනුව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වැඩි ඡන්ද 13,60,000ක් ලබා ගෙන ශ්‍රී ලංකාවේ 8 වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් 7 වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා ලෙස තේරී පත් විය. එදා එක්සත් ජාතික පක්ෂ­යට වැඩි වාසි­දා­යක දිස්ත්‍රික්ක වූ මහ­නු­වර, කොළඹ, බදුල්ල හා පුත්ත­ලම යන දිස්ත්‍රි­ක්ක­වල ජය­ග්‍ර­හ­ණය මෙදා ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට හිමි වීම විශේ­ෂ­ත්ව­යකි.

විදේ­ශීය මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යන් රැසක් සහ­භාගි වූ මේ මැති­ව­ර­ණ­යේදී ඔවුන්ගේ වැඩි අව­ධා­න­යක් යොමුව පැවැ­තියේ මෙම ජනා­ධි­ප­ති­ව­රණ ක්‍රියා­ව­ලිය පැවැ­ත්වෙන පෙර හා පසු තත්ත්ව­යන් නිරී­ක්ෂ­ණ­ය­ටය. එහිදී සිය නිරී­ක්ෂණ පෙන්වා දෙමින් ඔවුහු පවසා ඇත්තේ මෙම ජනා­ධි­ප­ති­ව­ර­ණය නිද­හස් හා සාධා­රණ මැති­ව­ර­ණ­යක් වී ඇති බවයි. විශේ­ෂ­යෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම 83% ඉක්මවා තිබීම අති­සු­වි­ශේෂි සිදු­වී­මක් වනවා සේම නව පාල­න­යක්, නව වෙන­සක් කෙරේ මෙවර ජන­තා­වගේ අපේක්ෂා පිළි­බිඹු වන්නකි. විශේ­ෂ­යෙන් මෙවර විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් සිය ඡන්දය භාවිතා කිරීම සඳහා ඒ දින කිහි­පයේ මෙර­ටට ඇදී ඒමෙන්ම පිළි­බිඹු වන්නේ මෙවර ඡන්ද­යට ඔවුන් දී ඇති වටි­නා­ක­මයි.

මේ පිළි­බඳ අද­හස් දක්වන විය­තුන් ප්‍රකාශ කරන්නේ මෑත කාලය වන විට ශ්‍රී ලංකාවේ ජන­තාව තම­න්ටත් නව නාය­ක­යකු අපේක්ෂා කළ බවකි. ඒ සිහි­නය වෙනු­වෙන් ඔවුහු සිය වටිනා ඡන්දය භාවිතා කළහ. රටේ වැඩි පිරි­සක් ගෝඨා­භය රාජ­පක්ෂ චරි­තය හඳු­නා­ගත්තේ දේශ­පා­ල­න­ඥ­ය­කුට වඩා හොඳ කළ­ම­නා­ක­රු­වකු වශ­යෙනි. විශේ­ෂ­යෙන් උතුරු නැගෙ­න­හිර යුද්ධ­යට නාය­ක­ත්වය දීම මෙන්ම කොළඹ හා තදා­සන්න ප්‍රදේ­ශ­වල නගර නිර්මා­ණය බොහෝ දෙන­කුගේ සිත් බැඳ­ගත් මත­ක­යන්ය. එසේම නව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණ­යෙන් මනාව පිළි­බිඹු වන්නේ සනී­පා­ර­ක්ෂා­වට වඩා ජාතික ආර­ක්ෂාව ජන­තා­වට කොත­රම් වැද­ගත්ද යන්නය. උතුරු නැගෙ­න­හිර සුළු ජාතික පද­න­මින් නව ප්‍රජා­ත­න්ත්‍ර­වදී පෙර­මු­ණත්, දකුණේ සිංහල පද­න­මින් ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණත් අර­මුණු කර­ගෙන මෙවර ඡන්ද දාය­ක­යන් සිය ඡන්දය යම් වෙනස් මුහු­ණු­ව­ර­කින් භාවිත කර ඇති බව පෙනෙ­න්නට තිබිණි. විශේ­ෂ­යෙන් අප්‍රේල් මාසයේ ලංකා­වට එල්ල වූ දරුණු බෝම්බ ප්‍රහාර මාලාව මෙවර ඡන්ද­වල තීර­ණා­ත්මක වෙන­ස්කම් සිදු කර­න්නට බල­පෑ­වේ­යැයි බොහෝ දෙන­කුගේ මතය වී තිබිණි. විශේ­ෂ­යෙන් ජා-ඇළ හා කටාන යන ඡන්ද බල ප්‍රදේ­ශ­වල වෙනස්ම ආකා­රයේ විශිෂ්ට ජයක් ලබ­න්නට ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට හැකි වීම බොහෝ දේ කියා පන්නකි.

Comments