රටේ උත්ක­ර්ෂය සංකේ­ත­වත් කරන ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡ­නයේ අතීත පවත | සිළුමිණ

රටේ උත්ක­ර්ෂය සංකේ­ත­වත් කරන ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡ­නයේ අතීත පවත

ආචාර්ය කුසු­ම්සිරි කොඩි­තු­වක්කු  කෞතු­කා­ගාර පාලක, ජේත­වන කෞතු­කා­ගා­රය, බාහිර කථි­කා­චාර්ය, පුරා­විද්‍යා හා  උරුම කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන අංශය,  ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලය මිිහි­න්තලේ

රාජ්‍ය ආය­තන තුළ තම ඡායා­රූ­පය ප්‍රද­ර්ශ­නය නොකොට රාජ්‍ය ලාංඡ­නය ප්‍රද­ර්ශ­නය කරන ලෙස නව ජනා­ධි­ප­ති­තු­මන් විසින් පසු­ගි­යදා කරන ලද ඉල්ලීම කාගෙත් පැස­සු­මට ලක් විය. වරින් වර බල­යට පත් වන රාජ්‍ය නාය­ක­යන්ගේ ඡායා­රූප රාජ්‍ය ආය­ත­න­වල ප්‍රද­ර්ශ­නය කිරීමේ කාර්ය ඒ සම­ඟම අහෝසි වී රාජ්‍ය ලාංඡ­න­යට ප්‍රමු­ඛ­ත්ව­යක් ලැබිණි. එවන් පසු­බි­මක් හමුවේ අපගේ රාජ්‍ය ලාංඡ­නයේ ඓති­හා­සික ගම­න්මඟ පිළි­බඳ විමසා බැලීම මේ ලිපියේ අර­මුණු වේ.

 

රාජ්‍ය ලංඡ­නය වූ කලී අන්ත­ර්ජා­තික වශ­යෙන් රටක් හඳු­නා­ගැ­නීමේ සංකේ­ත­යයි. අද ලොව සෑම රට­කම පාහේ රාජ්‍ය ලාංඡ­න­යක් ඇත. ඒ සෑම ලාංඡ­න­යක්ම සැකසී ඇත්තේ එම රටේ අන­න්‍ය­තාව මනාව සංකේ­ත­වත් වන නිර්මා­ණ­ය­කින් හෝ නිර්මාණ එක­තු­ව­කිනි. සිය­වස් ගණ­නා­වක් මුළුල්ලේ එකම රාජ්‍ය ලාංඡ­නය භාවිතා වන රට­වල් ද ඒ අතර වේ. එහෙත් කලක් යට­ත්වි­ජිත වශ­යෙන් පැවති රට­වල වත්මන් රාජ්‍ය ලාංඡන බොහෝ­ම­යක්ම නිද­හස ලබා­ගත් පසුව නිර්මා­ණය කරන ලද ඒවා වේ.

සිය­වස් හත­ර­කට අධික කාල­යක් පෘතු­ගීසී, ලන්දේසී හා ඉංග්‍රීසී ජාති­ක­යන්ගේ යට­ත්වි­ජි­ත­යක් වී පැවති ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡ­න­යට ඇත්තේ වසර 30ක පමණ ඉති­හා­ස­යකි. එහෙත් යට­ත්වි­ජිත පාලන යුග­වල ද එම පාල­ක­යන් විසින් සිය මවු රට­වල රාජ්‍ය ලාංඡ­නය හෝ ඔවුන් විසින් නිර්මා­ණය කරන ලද ලාංඡන භාවි­ත­යට ගෙන ඇති බවට සාධක ඇත. යට­ත්වි­ජිත යුග­යට පෙර ශ්‍රී ලංකාවේ භාවි­ත­යට ගැනුණු රාජ්‍ය ලාංඡන පිළි­බඳ පැහැ­දිලි තොර­තු­රක් අනා­ව­ර­ණය කර­ගත නොහැකි වූවත් එවැ­න්නක් භාවි­තයේ නොපැ­ව­තියේ යැයි සිතිය නොහැ­කිය.

අනා­දි­මත් කාල­යක සිට සිංහ රූපය අපගේ ජාතික සංකේ­ත­යක් ලෙස භාවි­ත­යට ගෙන තිබුණ ද, පැහැ­දිලි ලාංඡ­න­යක් ලෙස එය භාවි­ත­යට ගෙන ඇති බවට යම් ඉඟි­යක් හෝ ලැබෙන්නේ දැනට නෙද­ර්ල­න්තයේ ඈම්ස්ට­ර්ඩෑම්හි ත්‍රෝපන් කෞතු­කා­ගා­රයේ (Tropen Museum) ඇති 18 වන සිය­ව­සට අයත් කන්ද­උ­ඩ­රට මහ­වා­ස­ලින් නිකුත් කරන ලද තල්ප­තක කව­රයේ යොදා ඇති නිල මුද්‍රා­වෙනි. ශ්‍රී ලංකාව, ලන්දේ­සීන්ගේ යට­ත්වි­ජි­ත­යක් වී පැවති කාල පරි­ච්ඡේ­දයේ දී වුව සිංහල රජ­ව­රුන්ගේ ආධි­ප­ත්‍යය යටතේ පැවති කන්ද උඩ­රට පාල­න­යට අයත් එම නිල මුද්‍රා­වෙන් සිංහල රජ­ව­රුන්ගේ රාජ්‍ය ලාංඡ­න­යක සැකැස්ම පිළි­බඳ අව­බෝ­ධ­යක් ලද හැකි වේ.

වට­කුරු හැඩැති එම මුද්‍රාව වටා ගල් බිංදුව (එක පෙළට එකි­නෙ­කට යා කොට ඇති වෘත්ත) රටාව සහිත බෝඩ­ර­යකි. ඊට ඇතු­ළ­තින් ලිය­වැල් රටා­වකි. මධ්‍ය­යයේ මුඛ­යෙන් ලිය­වැ­ලක් විහි­දෙන ශෛලී­ගත සිංහ රුවකි. සිංහ රුවට ඉහ­ළින් “මහවා” යන අක්ෂ­රද පහ­ළින් “සල” යන අක්ෂ­රද දක්වා තිබේ. එනම් “මහ වාසල” යන්නයි.

16 වන සිය­වසේ දී ශ්‍රී ලංකාව පෘතු­ගී­සීන්ගේ යට­ත්වි­ජි­ත­යක් බවට පත් වීමෙන් අන­තු­රුව ඔවුන් විසින් සිය මවු රට වූ පෘතු­ගා­ලයේ රාජ්‍ය ලාංඡ­න­යම ශ්‍රී ලංකාව සඳහා ද භාවි­ත­යට ගන්නා ලදී. පලි­හක (Shield) හැඩ­යට නිර්මා­ණය වූ එම ලාංඡ­නය මුදුනේ (Crest) කුරු­සිය සහිත ඔටු­න්නක් විය. පලිහ වටා, බළ­කොටු 07ක් සංකේ­ත­වත් කර තිබූ අතර, මැද තවත් කුඩා පලිස් 05ක් දක්වා තිබේ. පිහිටි ගලක කෙටූ පෘතු­ගීසි ලාංඡ­න­යක් කොළඹ කොටුවේ ගෝර්ඩන් උද්‍යා­නයේ (ජනා­ධි­පති මන්දි­ර­යට සමී­පව) අදද දැකිය හැකි වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලන්දේ­සීන්ට යටත්ව පැවති 17 සහ 18 සිය­ව­ස්වල දී මුල් වරට ශ්‍රී ලංකාවේ සම­කා­ලීන අන­න්‍ය­තාව සංකේ­ත­වත් වන පරිදි නිර්මා­ණය වූ රාජ්‍ය ලාංඡ­න­යක් භාවි­ත­යට ගෙන තිබේ. එහෙත් එය සුල­භව භාවි­ත­යට ගැනු­ණක් බවට සාධක නැත. සංකේ­ත­ව­ලට වඩා තාත්ත්වික දර්ශ­න­යක් පසු­බිම් කර­ගත් එම ලාංඡ­නය ද පලි­හක හැඩැ­තිය. ඒ මත කුරු­සිය සහිත ඔටු­න්නකි. පලිහ මධ්‍යයේ ඉදි­රි­යට හැරී හොඬ­වැල මදක් ඔසවා සිටින හස්ති­යකි. හොඬ­වැ­ලෙන් කොළ සහිත කුරුඳු වත්තක් දරා සිටින අතර හොඬ­වැල දෙප­සින් තවත් කුඩා පලිස් දෙකක් එල්ලෙයි. එම පලිස් වලින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලන්දේසී බළ­කොටු 08ක් සංකේ­ත­වත් වෙයි.

එක් පලි­හක් කොටස් 04 කට බැගින් බෙදූ ඒ ඒ බල­කො­ටු­වල ලාංඡන (Coats of arms) කුඩා­වට නිරූ­ප­ණය කර තිබේ. ඒ අනුව දකුණු පස පලි­හෙන් කොළඹ, ගාල්ල, යාප­නය, මන්නා­රම යන බළ­කොටු ද වම් පස පලි­හෙන් ත්‍රිකු­ණා­ම­ලය, මන්නා­රම, මඩ­ක­ල­පුව, කල්පි­ටිය යන බළ­කොටු ද සංකේ­ත­වත් වේ. හස්තියා ඉදි­රි­යෙහි බිම කුරුඳු මිටි 03කි. පසු­බිමේ කඳු වැටි­යක් සහ පොල් ගස් කීප­යක් ද දැකිය හැකිය.

ලන්දේ­සීන් විසින් පොදුවේ ශ්‍රී ලංකාව සඳහා ඉහත ලාංඡ­නය භාවි­ත­යට ගත් අතර ඒ වන විට පැවති ප්‍රධාන පරි­පා­ලන ප්‍රදේශ හෙවත් දිසා­වනි. (Commandements) තුන සඳහා සහ බළ­කොටු සඳහා ද වෙන් වෙන් වශ­යෙන් ලාංඡන භාවි­තයේ පැව­තිණි. දිසා­වනි තුනේ ලාංඡන ද පලිස් හැඩ­යෙන්ම යුක්ත වූ අතර, ප්‍රධාන දිසා­ව­නිය වූ කොළඹ ලාංඡ­නයේ පම­ණක් මුදුනේ ඔටු­න්නක් දැකිය හැකි විය. සෙසු දිසා­වනි දෙක වූ ගාල්ල සහ යාප­නයේ ලාංඡ­න­වල ඔටුන්න වෙනු­වට යොදා තිබුණේ වෙනත් හිස් පල­ඳ­නා­වකි. (Barred Helmut)

යථෝක්ත ලාංඡ­න­වල සංකේත ඒ ඒ දිසා­ව­නි­වල අන­න්‍ය­තාව ඉස්මතු වන අයු­රින් නිර්මා­ණය කර තිබිණි. ඒ අනුව කොළඹ ලාංඡ­නය සඳහා අඹ ගසක්ද (ගෙඩි හට නොගන්නා අඹ ගසක් හේතු­වෙන් කොළූ අඹ කොළඹ වී යැයි මත­යකි. අඹ ගසින් එම මතය සංකේ­ත­වත් වේ.) යාප­නය ලාංඡ­නය සඳහා තල් ගසක් ද ගාල්ල ලාංඡ­නය සඳහා ගල් පර්ව­ත­යක් මත සිටින කුකු­ළෙකු ද යොදා තිබිණි.

ලොරෙ­න්සෝද අල්මේදා ගාලු වරා­යට අහ­ම්බෙන් ගොඩ බසින ලද්දේ උදෑ­සන කුකු­ළෙකු හඬ­ලන ශබ්ද­යක් නාවි­ක­යන්ට ඇසීම නිසා බව පැවසේ. එසේම ලතින් බසින් (Gallus) යනු­වෙන්ද පෘතු­ගීසි බසින් (Galo) යනු­වෙන්ද හැඳි­න්වෙන්නේ කුකු­ළාය. “ගාල්ල”යන්න එම වචන අනුව සැකසී ඇතැයි ද මත­යකි. ඒ අනුව ගාල්ල ලාංඡ­න­යට කුකුළා යොදා­ගෙන තිබේ.

බළ­කොටු සඳහා භාවි­ත­යට ගැනුණු ලාංඡන ද පලිස් හැඩ­යෙන්ම යුක්ත වූවත් ඒවා හැඩ­යෙන් යටකී ලාංඡ­න­ව­ලට වඩා වෙනස් විය. එසේම ඒවායේ මුදු­න්වල කිසිදු ලක්ෂ­ණ­යක් (ශිඛා­වක්/ Crest ) දැකිය නොහැකි විය. එම ලාංඡන සඳහා ද විවිධ රූප භාවි­ත­යට ගෙන තිබූ අතර ඒවා ද එම ප්‍රදේ­ශ­වල සම­කා­ලීන අන­න්‍ය­තාව පිළි­බිඹු වන පරිදි යොදා­ගෙන ඇති බව පෙනෙයි.

ඒ අනුව ත්‍රිකු­ණා­ම­ලය ලාංඡ­නය සඳහා හෙල්ලක් අතින් ගත් සොල්දා­දු­වෙක් ද, මන්නා­රම් ලාංඡ­නය සඳහා එම සමාන මල් ගස් තුනක්ද, මාතර ලාංඡ­නය සඳහා ලී පාල­මක් (නිල්වලා ගඟ හරහා වූ) සහ වෙරළ ආර­ක්ෂක බළ­කොටු කුලු­නක් (Martello) ද, මඩ­ක­ල­පුව ලාංඡ­නය සඳහා එක හා සමාන (ඉරිඟු) ගස් තුනක් ද, කල්පි­ටිය ලාංඡ­නය සඳහා රුවල් නැව් දෙකක් ද, හලා­වත ලාංඡ­නය සඳහා රුවල් නැවක් ද, මීග­මුව ලාංඡ­නය සඳහා බර­ණි­යක් ද, කොට්ටි­යාර් ලාංඡ­නය සඳහා පොල් ගසක් ද යොදා­ගෙන තිබිණි. කෙසේ වෙතත් කළු­තර හා හංවැල්ල බළ­කො­ටු­වල ලාංඡන පිළි­බඳ තොර­තු­රක් අනා­ව­ර­ණය කර­ගත නොහැකි අතර කොළඹ නග­රය සහ බළ­කො­ටුව සඳහා වෙන­මම ලාංඡ­න­යක් භාවි­ත­යට ගැනිණි.

වට­කුරු හැඩ­යක් ගත් කොළඹ නග­රයේ සහ බල­කො­ටුවේ ලාංඡ­නය වටා මුදු­නේදී එකි­නෙක ඡේද­නය වන වී කරල් රටා­වකි. මධ්‍යයේ පැත්ත­කට හැරී සිටින ඇතෙකි. ඇත් රුව මධ්‍යයේ වූ පලි­හක “කොළ අඹ” ගසක් හා ඒ මත වූ කුරු­ල්ලෙකු ද නිරූ­ප­ණය කර තිබේ. පලිහ මුදුනේ එක්සත් පෙර­දිග ඉන්දීය සමා­ගම සංකේ­ත­වත් කරන ‘‘VOC’’ ලාංඡ­නය දක්වා තිබේ. ඇත් රුව පාමුල කුරුඳු මිටි දෙකකි.

කෙසේ වෙතත් ඕලන්ද යුගයේ දී ශ්‍රී ලංකාව තුළ වඩාත් ප්‍රච­ලි­තව පැව­තියේ එක්සත් පෙර­දිග ඉන්දීය සමා­ගමේ ‘VOC’ අක්ෂර සහිත ලාංඡ­න­යයි. ‘VOC’ යනු “එක්සත් පෙර­දිග ඉන්දීය සමා­ගම” යන්න අර්ථ­වත් වන ‘VEREENIDGE OOST-INDISCHE COMPAGNIE’ යන නාම­යෙහි මුල් අක්ෂ­රය. අන් කවර ලාංඡ­න­යක් භාවි­තයේ පැව­තිය ද ඕලන්ද යුගයේ අන­න්‍ය­තාව සංකේ­ත­වත් කර­න්නක් බවට පත් වී ඇත්තේ යථෝක්ත VOC ලාංඡ­න­යයි.

ඕලන්ද යුග­යෙන් අන­තු­රුව 1796 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ආධි­ප­ත්‍ය­යට යටත් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡ­නය ලෙස භාවි­ත­යට ගන්නා ලද්දේ සිංහයා හා කඟ­වේනා සහිත බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡ­න­යයි. 1948 පෙබ­ර­වාරි 04 වන දින ශ්‍රී ලංකා­වට නිද­හස ලැබෙන තෙක්ම එම ලාංඡ­නය භාවි­ත­යට ගැනිණි. සම­කා­ලී­නව පහ­ත­රට ප්‍රදේ­ශ­වල බොහෝ විහා­ර­ස්ථා­න­වල තොර­ණ­වල ද එම ලාංඡ­නය මූර්ති­යට නැඟුණු අතර ප්‍රති­මා­ඝ­ර­වල මකර තොර­ණ­ව­ලට යටින් (වික්ටෝ­රියා රැජි­නගේ රුව සහි­තව) සිතු­ව­ම­ටද නැඟිණි. (උදා: කර­ග­ම්පි­ටිය සුබෝ­ධා­රා­මය, කත­ළුව පූර්වා­රා­මය)

1948 දී ශ්‍රී ලංකා­වට නිද­හස ලැබුණු පසුව බ්‍රිතාන්‍ය ලාංඡ­නය වෙනු­වට ශ්‍රී ලංකාව සඳහා නිර්මා­ණය කරන ලද නව රාජ්‍ය ලාංඡ­න­යක් භාවි­ත­යට ගැනිණි. එම ලාංඡ­නය මධ්‍යයේ කඩු­වක් අතින් ගත් සිංහ රුවකි. එය වටා සරල පලා­පෙති රටා­වකි. මුදුනේ ශ්‍රී ලංකාවේ අව­සාන රජ වූ ශ්‍රී වික්‍රම රාජ­සිංහ රජුගේ ඔටු­න්නට සමාන ඔටු­න්නකි. ලාංඡ­නය පාමුල, ඇකි­ළිය හැකි ලිය­වි­ල්ලකි (Scroll). එහි මධ්‍යයේ “ලංකා” යන්නත්, දෙප­සින් ‘Ceylon’ හා “ඉලං­කයි” (දෙමළ බසින්) යන්නත් සඳ­හන් කර තිබේ. මෙම ලාංඡ­නය 1972 වර්ෂය තෙක්ම භාවි­තයේ පැව­තිණි.

1972 මැයි 22 වන දින ශ්‍රී ලංකාව ජන­ර­ජ­යක් බවට පත් වූ තැන් පටන් වර්ත­මාන රාජ්‍ය ලාංඡ­නය භාවි­ත­යට එක් විය. සාක­ල්‍ය­යෙන්ම දේශීය අන­න්‍ය­තාව සංකේ­ත­වත් වී ඇති මෙහි මධ්‍යයේ පෙර ලාංඡ­නයේ පරි­ද්දෙන්ම කඩු­වක් අතින් ගත් සිංහ රුවකි. ඒ වටා පලා­පෙති රටා­වකි. ඊට පිට­තින් වී කරල් දෙකකි. සිංහ රුවට පහ­ළින් සෞභාග්‍ය සංකේ­ත­වත් කරන පුන්ක­ල­සකි. ඒ දෙපස හිරු හා සඳු නිර්මා­ණය කර තිබේ. ලාංඡ­නය මුදුනේ ධර්ම චක්‍ර­යකි.

මෙම ලාංඡ­නය නිර්මා­ණය කිරීම සඳහා එව­කට සංස්කෘ­තික අමා­ත්‍යාං­ශයේ ලේකම් ධුරය දැරූ නිශ්ශංක විජේ­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කමි­ටු­වක් ද පත් කෙරුණු අතර ඊට සෙන­රත් පර­ණ­වි­තාන, රොලන්ඩ් ද සිල්වා, එච්.ආර්. ප්‍රේම­රත්න, මැකී රත්වත්ත, නන්ද­දේව විජේ­සේ­කර යන විද්වත්හු ඇතු­ළත් වූහ. එම කමි­ටුවේ උප­දෙස් පරිදි වර්ත­මාන රාජ්‍ය ලාංඡ­නය නිර්මා­ණය කිරීමේ ගෞර­වය හිමි­වන්න‍ෙ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ සිටි ප්‍රවීණ සැල­සුම් ශිල්පි­යෙකු වූ එස්.එම්. සෙන­වි­රත්න මහ­තා­ටය.

Comments