සක්වළ නිවේවා තුන් බිය දුරුව අද | සිළුමිණ

සක්වළ නිවේවා තුන් බිය දුරුව අද

මිහින්තලා වන අරණේ අඹ                උයනේ
අඹ පැන පිළිතුරෙන් නැණෙ ලිය මතු  කැරුණේ
මිහිඳු රහත් හිමි මුළු දුන් හෙළ            දෙරණේ
පියතිස් රජු සමයෙ නව යුගයකි           සැදුණේ
 
සිංහල බොදු උරුමයෙහි සැකැසිය        වැඩුණේ
නව සිප් කලා පෙළහර දහමින්            පිරුණේ
බෝසත් ගුණ නුවණ ජනහද සරි         කැරුණේ
තෙරුවන් සරණ අනුබුදු හිමිගෙනි        ලැබුණේ
 
මුළු සත්වගට සෙත්සිරි දෙන අඳුර              බිඳ
මෙත් කුළුණින් සුව සහනය ගෙනෙන         සඳ
පොසොන් වසන්තයෙ හිරු සඳු කිරණ        වැද
සක්වළ නිවේවා තුන් බිය දුරුව                  අද
 
සංකල්පනාව- මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සිතුවම- ජගත් හේවාපන්න

Comments