පළගැටි උවදුරක්:වගාවන් රැසකට හානි | සිළුමිණ

පළගැටි උවදුරක්:වගාවන් රැසකට හානි

කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පළගැටි විශේෂයක් අධික ලෙස ව්‍යාප්තවීම හේතුවෙන් බෝග රැසකට හානි සිදුව තිබේ.

රංචු වශයෙන් සැරිසරන මෙම පළගැටි විශේෂය බඩ ඉරිඟු, කෙසෙල්, පේර, අඹ වැනි සෑම බෝගයකම දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

මෙම පළගැටියන් දින දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වූ බව ප්‍රදේශවාසීන් පැවසීය.

Comments