වසරේ දෙවන චන්ද්‍රග‍්‍රහණය හෙට | සිළුමිණ

වසරේ දෙවන චන්ද්‍රග‍්‍රහණය හෙට

මෙම වසරේ දෙවන චන්ද්‍රග‍්‍රහණය හෙටට (05) යෙදෙන පොසොන් පුර පසලොස්වක දින රාත‍්‍රියේදී දැක ගැනීමට ශී‍්‍ර ලාංකිකයින්ට අවස්ථාව උදාවෙයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ මෙම ග‍්‍රහණය, ඡායා චන්ද්‍රග‍්‍රහණයක් බවයි.

හෙට රාත‍්‍රී 11.15 ට චන්ද්‍රයා, පෘථිවියේ උප ඡායාවට ඇතුළුවීමත් සමග ග‍්‍රහණය ආරම්භ වෙයි.

එය අවසන් වන්නේ පසුදා (06) අළුයම 2.34ටයි.

ඡායා චන්ද්‍රග‍්‍රහණයක් ඇති වන්නේ සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සරල රේඛාවක නොපිහිටා, අසම්පූර්ණ ලෙස පෙලගැසී ඇති අවස්ථාවක බවයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ.

ශ‍්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග‍්‍රහණය යුරෝපයේ සහ ආසියාවේ රටවලටත් ඕස්ටේ‍්‍රලියාව, අප‍්‍රිකාව, දකුණු ඇමරිකාව, වැනි රටවලටත් දිස්වනු ඇති.

මෙම වසරේ ග‍්‍රහණ 06ක් සිදුවීමට නියමිත බවයි මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් පැවසුවේ. ඒ, ඡායා චන්ද්‍රග‍්‍රහණ 4 ක්, වළයාකාර සූර්යග‍්‍රහණයක් සහ පූර්ණ සූර්යග‍්‍රහණයක් ලෙසයි.

ඉන් ශ‍්‍රී ලංකාවාසීන්ට පැහැදිලිව දැක බලා ගත හැකි වන්නේ ජුනි 21 වන දින ඇතිවන වළයාකාර සූර්යග‍්‍රහණය පමණයි.

Comments