යහපාලන රජය ට්‍රිලියන 6ක් ණය අරන් | සිළුමිණ

යහපාලන රජය ට්‍රිලියන 6ක් ණය අරන්

හපාලන රජය පසුගිය වසර හතර ඇතුළත රුපියල් ට්‍රිලියන 6ක රාජ්‍ය ණය ලබාගෙන ඇති නමුත් කිසිදු විශාල සංවර්ධන ව්‍යපෘතියක් ඇති නොකළ බවත්, රාජ්‍ය ණය සම්පූර්ණයෙන් ගෙවා නැති බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

2005 සිට 2015 දක්වා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේදී වසර 10කදී ලබාගත් ණය ප්‍රමාණය ට්‍රිලියන 5ක් පමණක් බවත් එමඟින් හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග, මත්තල ගුවන් තොටුපොළ, නොරච්චෝල සහ කොත්මලේ විදුලි බලාගාර දැදුරු ඔය, වෙහෙර ගල, රඹකැන් ඔය, උමා ඔය වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බවත් ඇමතිවරයා පවසයි.

මේ අතර පසුගිය රජය කාලයේ කළ කොන්ත්‍රාත් වැඩ වෙනුවෙන් සහ සැපයූ සේවා වෙනුවෙන් නොගෙවා තිබූ බිල්පත්වලට අදාළ රුපියල් කෝටි 24,700ක මුදලින් රුපියල් කෝටි 19,660ක් වත්මන් රජය මගින් ආර්ථික ගැටලු මධ්‍යයේ වුවද ගෙවා ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැනුම් දුන් බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඉතිරි මුදල වූ රුපියල් කෝටි 4,700ක මුදලද ළඟදීම ගෙවීමට සැලසුම් සකස් කර ඇත.

Comments